pali_text
stringlengths
7
23.7k
sinhala_text
stringlengths
1
333k
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි.
“මහණෙනි, යම්කිසි මහණ බමුණෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකය) පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෝ වෙද්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන කරුණු හැටදෙකකින් නොයෙක් ආකාර මත දක්වන වචන කියති. ඒ සියල්ලෝ මේ කරුණු හැටදෙකින් හෝ එයින් අනිකකින් කියති. මෙයින් පිටත කරුණක් ...
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා පුබ්බන්තකප්පිකා වා අපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වාසට්ඨියා වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා.
102
‘‘තයිදං, භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛ...
“මහණෙනි, ඒ පිළිබඳ තථාගතයෝ දනිති. මේ මත ඇත්තෝ මෙසේ ගන්නා ලද්දෝය, මෙසේ තීරණය කරණ ලද්දෝය. මෙවැනි ගති මෙවැනි පරලොව ඇත්තෝ වෙති යන කරුණද ඊට ඈත්වූ (ගැඹුරු) දේද තථාගතයෝ දනිති. ඒ දැනීම (තෘෂ්ණාවෙන්) තීරණය නොකරති. (තෘෂ්ණා සහිත) තීරණය නොකරන්නාවූ තථාගතයන් විසින් තමන්ගේම ඥානයෙන් නිර්වාණය අවබෝධ කරණලදී. මහණෙනි, තථාගතයෝ වේදනා ඉපදීමද, බ...
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ ඒ ධර්මයන් කරණකොටගෙන එසේ කියති.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි , තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, මේ කාරණයෙහි මත හැටදෙක අතුරෙන් යමකින් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝ කරුණු හතරකින් ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, එයද තත්වූ පරිදි නොදන්නාවූ නොදක්නාවූ හැඟීමෙකි. ඒ පින්වත් මහණ බමුණන්ගේ තණ්හාවන්ගේ තැතිගැනීමෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, මේ කාරණයෙහි, යම් මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව කරුණු සතරකින් ආත්මයද ලෝකයද කොටසක් සදාකාලිකයයිද කොටසක් සදාකාලික නොවේයයිද ප්‍රකාශ කරත්ද එයද ඇති සැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, ඒ කාරණයෙහි යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත නිමක් නැත’ යන මතය ඇත්තෝව කරුණු හතරකින් ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්ද එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, ඒ මතයන්හි යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දාහු කරුණු හතරකින් වචනයන්ගේ වියවුල් ගතියට කෙළවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ මේ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ අහේතුකව උපන්නේය යනමත ඇත්තෝව කරුණු දෙකකින් ආත්මයද ලෝකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද, එයද ඇති සැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව කරුණු දහඅටකින් අවසානය ගැන මත ප්‍රකාශ කරත් ද, එයද නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් යයි මත ඇත්තෝව කරුණු දහසයකින් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරද්ද, එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරද්ද එයද නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැණ (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඇතිසැටි නොදන්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු හතකින් සත්ත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරද්ද, එයද ඇතිසැටි නොදන්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් මහණ බමුණෝ මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව කරුණු පහකින් සත්ත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරද්ද, එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව (ලොක) අවසානය ගැන මත ඇත්තෝව කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඇතිසැටි නොදන්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්‍රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙව.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද, (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෝව කරුණු හැටදෙකකින් (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාස...
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව කරුණු හතරකින් ලෝකයද ආත්මයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝව කරුණු හතරකින් ආත්මයද ලෝකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත නිමක් නැත’ යන මතය ඇත්තෝව කරුණු සතරකින් ලෝකයේ නිමක් ඇත නිමක් නැතයයි ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දාහු කරුණු හතරකින් වචනයන්ගේ වියවුල් ගතියට කෙළවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආත්මයද ලෝකයද) අහේතුකව උපන්නේය, යන මතය ඇත්තෝව කරුණු දෙකකින් ආත්මය ලෝකයද අහේතුකව උපන්නක් කොට ප්‍රකාශ කරද්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කර (ලොක) අවසානය ගැන මත ඇත්තෝව කරුණු දහඅටකින් ලොක අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ, මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව කරුණු දහසයකින් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරද්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් මහණ බමුණෝ, මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආත්මය පිළිබඳ) මරණින් මතු (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද එය ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආත්මය ගැන) සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු හතකින් සත්ත්වයාගේ (ජීවිතයෙන්) කපාදැමීම, විනාශය, භවය නැති වීම ප්‍රකාශ කරද්ද එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව කරුණු පහකින් සත්ත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව (ලොක) අවසානය ගැන මත ඇත්තෝව කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි, තදපි ඵස්සපච්චයා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෝව කරුණු හැට දෙකකින් (ලෝකයේ) පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව කරුණු හතරකින් ලෝකයද ආත්මයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්ච අසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝව, කරුණු හතරකින් ආත්මයද ලෝකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත, නිමක් නැත’ යන මතය ඇත්තෝව කරුණු හතරකින් ලෝකයේ නිමක් ඇත නිමක් නැත කියා ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම් ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දාහු කරුණු හතරකින් වචනයන්ගේ වියවුල් ගතියට කෙළවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ අහේතුකව උපන්නේය යන මත ඇත්තෝව කරුණු දෙකකින් ආත්මයද ලෝකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව කරුණු දහඅටකින් අවසානය ගැන මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව කරුණු දහසයකින් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරද්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා, උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවුවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැන (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු හතකින් සත්ත්වයාගේ (ජීවිතයෙන්) කපාදැමීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද? ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව කරුණු පහකින් සත්ත්වයාගේ මේ ජාතියේම නිවන අත්වීම ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර , භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව (ලෝකය) අවසානය ගැන මත ඇත්තෝව කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය ගැන කරුණු හැට දෙකකින් (ලෝකය) පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර, මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.
‘‘තත්‍ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, යෙපි තෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා...පෙ.... යෙපි තෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා... යෙපි තෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා... යෙපි තෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා... යෙපි තෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා......
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව කරුණු හතරකින් ලෝකයද ආත්මයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, යම් ඒ මහණ බමුණෝ කොටසක් සදාකාලිකය කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝ වෙද්ද යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත නිමක් නැත’ යන මතය ඇත්තෝ වෙද්ද, යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ (ආත්මයද ලෝකයද) අ...
‘‘යතො ඛො, භික්ඛවෙ, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, අයං ඉමෙහි සබ්බෙහෙව උත්තරිතරං පජානාති.
“මහණෙනි, යම් කලක මහණෙක් හය ආකාර, ස්පර්ශ (ස්පර්ශායතනයන්ගේ) උත්පත්තියද, බැහීමද, භුක්තිවිඳීමද ප්‍රතිඵලද මිදීමද තතුලෙස දනීද ඔහු මේ සියල්ලටම වඩා ඉතා උසස් ධර්මයන් දනී.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා පුබ්බන්තකප්පිකා වා අපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වාසට්ඨියා වත්ථූහි අන්තොජාලීකතා, එත්ථ සිතාව උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති, එත්ථ පරියාපන්නා අන්තොජාලීකතාව උම්මුජ්ජම...
“මහණෙනි, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරන්නෝව හෝ (ලෝක) අවසානය කල්පනා කරන්නෝව හෝ (ලෝකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරන්නෝව හෝ පටන්ගැන්ම ගැන මත ඇත්තෝව පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝ මේ කරුණු හැටදෙකෙන් (මිථ්‍යා) දැලෙහි ඇතුළත් කරණ අය එහිම මතුවෙන්නාහුය. පාවෙන්නාහුය-එහි ඇ...
‘‘උච්ඡින්නභවනෙත්තිකො, භික්ඛවෙ, තථාගතස්ස කායො තිට්ඨති. යාවස්ස කායො ඨස්සති, තාව නං දක්ඛන්ති දෙවමනුස්සා. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා න නං දක්ඛන්ති දෙවමනුස්සා. ‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, අම්බපිණ්ඩියා වණ්ටච්ඡින්නාය යානි කානිචි අම්බානි වණ්ටපටිබන්ධානි (වණ්ටූපනිබන්ධනානි (සී. පී.), වණ්ඩපටිබද්ධානි (ක.)), සබ්බානි තානි තදන්වයානි ...
“මහණෙනි, භවයට ඇති ආසාව සිඳින ලද තථාගතයන්ගේ ශරීරය පවතී. යම්තාක් ශරීරය පවතීද ඒතාක් දෙවි මිනිසුන් (එය) තථාගතයන් දකිති. ශරීරයේ බිඳී වෙන්වීමෙන් පසු ජීවිතය (ප්‍රතිසන්ධි රහිතව) පිරිහුන බැවින් දෙවිමිනිස්සු තථාගතයන් නොදකිත්. “මහණෙනි, යම්සේ අඹවල්ලේ නටුව කැපුන කල නටුවේ බැඳුන සියලු අඹගෙඩි නටුව අනුව යන්නේද, මහණෙනි, එලෙසම භවයට ඇති ආ...
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ, කො නාමො අයං, භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘තස්මාතිහ ත්වං, ආනන්ද, ඉමං ධම්මපරියායං අත්ථජාලන්තිපි නං ධාරෙහි, ධම්මජාලන්තිපි නං ධාරෙහි, බ්‍රහ්මජාලන්තිපි නං ධාරෙහි, දිට්ඨිජාලන්තිපි නං ධාරෙහි, අනුත්තරො සඞ්ගාමවිජයොතිපි නං ධාරෙහී’’ති. ඉදමවොච භගවා.
“මෙසේ වදාළ කල ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියෝය. ‘ස්වාමීනි, පුදුමයි ‘ස්වාමීනි, බොහෝ පුදුමයි. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමයට මොනයම් නමක් විය යුතුද?” ආනන්දය, එසේ වීනම්, මේ ධර්ම ක්‍රමය ‘අර්ථ ජාල’යයි (නම) දරව, ‘ධර්ම ජාල’යයිද එය දරව. ‘දෘෂ්ටි ජාල’යයිද එය දරව, නිරුත්තර සංඝග්‍රාමවිජය’යයිද එය දරවැය...
අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ දසසහස්සී (සහස්සී (කත්ථචි)) ලොකධාතු අකම්පිත්ථාති.
සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මයට පැසසූහ. මේ ගාථා නැති සූත්‍රය (වෙය්‍යාකරණ ධර්මය)දේසනා කරණ කල දශදහසක් ලොකධාතුව කම්පාවිය.
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තදහුපොසථෙ පන්නරසෙ කොමුදියා චාතුමාසිනියා පුණ්ණාය පුණ්ණමාය රත්තියා රාජාමච්චපරිවුතො උපරිපාසාදවරගතො නිසින්නො හොති. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්ත...
මාගේ ඇසීම මෙසේය. (මා විසින් මෙසේ අසන ලදී.) එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කොමාර භච්ච ජීවකයන්ගේ අඹවනෙහි මහා භික්ෂු සංඝයාවූ භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් සමග වාසය කෙළේය. ඒ කාලයේදී විදෙහදේවීගේ පුත්‍රයාවූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ හොඳාකාර පිපිනු සුදු පියුම් (කුමුදු) ඇත්තාවූ (අවුරුද්දේ) ම...
එවං වුත්තෙ, අඤ්ඤතරො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො පූරණං කස්සපං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස පූරණං කස්සපං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්ත...
මෙසේ කී කල එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: ‘දේවයන් වහන්ස, මේ පූරණ කාශ්‍යපයන්ට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන...
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, මක්ඛලි ගොසාලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො මක්ඛලිං ගොසාලං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස මක්ඛලිං ගොසාලං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්තෙ,...
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය. “දේවයන් වහන්ස, මේ මක්ඛලිගොසාලටද (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. පැවිදිව බොහෝ කල් ඇත්තේය. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණ...
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, අජිතො කෙසකම්බලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො අජිතං කෙසකම්බලං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස අජිතං කෙසකම්බලං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත...
තවද එක්තරා රජ ඇමතියෙක් විදේහදෙවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ අජිත කෙසකම්බලට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝකල් ග...
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, පකුධො (පකුද්ධො (සී.)) කච්චායනො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො පකුධං කච්චායනං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස පකුධං කච්චායනං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා...
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ පකුධකච්චායනට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගත...
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, සඤ්චයො (සඤ්ජයො (සී. ස්‍යා.)) බෙලට්ඨපුත්තො (බෙල්ලට්ඨිපුත්තො (සී.), වෙලට්ඨපුත්තො (ස්‍යා.)) සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො සඤ්චයං බෙලට්ඨපුත්තං පයිරුපාසතු...
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර, මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ සඤ්ජය බෙලට්ඨ පුත්තට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහ...
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, නිගණ්ඨො නාටපුත්තො (නාථපුත්තො (සී.), නාතපුත්තො (පී.)) සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො නිගණ්ඨං නාටපුත්තං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස නිගණ්ඨං නාටපුත්තං ...
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ නිගණ්ඨනාථ පුත්‍රට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්ම දේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ ...
තෙන ඛො පන සමයෙන ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස අවිදූරෙ තුණ්හීභූතො නිසින්නො හොති. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො ජීවකං කොමාරභච්චං එතදවොච - ‘‘ත්වං පන, සම්ම ජීවක, කිං තුණ්හී’’ති? ‘‘අයං, දෙව, භගවා අරහං සම්මාසම්බුද්ධො අම්හාකං අම්බවනෙ විහරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහ...
එකල්හි කොමාරභච්ච ජීවක නිශ්ශබ්දව අජාසත් රජ සමීපයෙහි උන්නේවිය. එවිට අජාසත් රජ, “යහලු ජීවකය, ඔබ කුමක් නිසා නිශ්ශබ්දව සිටින්නාහුදැයි” කොමාරභච්ච ජීවකයාගෙන් ඇසීය. “දේවයන් වහන්ස, මේ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ මහා භික්ෂු සංඝයාවූ එක්දහස් දෙසිය පණහක් පමණ භික්ෂූන්වහන්සේ සමග අපගේ අඹවනයෙහි වාසය කෙරෙත්. ඒ ගෞතම භාග්‍යවතුන...
‘‘තෙන හි, සම්ම ජීවක, හත්ථියානානි කප්පාපෙහී’’ති. ‘‘එවං, දෙවා’’ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිස්සුණිත්වා පඤ්චමත්තානි හත්ථිනිකාසතානි කප්පාපෙත්වා රඤ්ඤො ච ආරොහණීයං නාගං, රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිවෙදෙසි - ‘‘කප්පිතානි ඛො තෙ, දෙව, හත්ථියානානි, යස්සදානි කාලං මඤ්ඤසී’’ති.
“යහලු ජීවකය, එසේ නම් ඇත් යානාවක් සරසව” “එහෙමයි, දේවයන් වහන්ස” කියා කොමාරභච්ච ජීවක, විදෙහදේවිගේ පුත්‍ර මගධරට අජාසත් රජුට උත්තර දී, ඇතින්නියන් පන්සියයක් සහ රජුට නැගීමට ඇතෙකුද සරසවා, “දේවයන් වහන්ස, ඇත් යානා පිළියෙළ කෙරුවේය. ගමනට කාලයයි සලකන්නේ නම් කැමැත්තක් කළ මැනව”යි විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට දැන්විය.
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පඤ්චසු හත්ථිනිකාසතෙසු පච්චෙකා ඉත්ථියො ආරොපෙත්වා ආරොහණීයං නාගං අභිරුහිත්වා උක්කාසු ධාරියමානාසු රාජගහම්හා නිය්‍යාසි මහච්චරාජානුභාවෙන, යෙන ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනං තෙන පායාසි. අථ ඛො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස අවිදූරෙ අම්බවනස්ස අහුදෙව භයං, අහු ඡම්භිතත්තං, අහු ලොමහං...
එවිට විදෙහදේවිගේ පුත්‍ර මගධරට අජාසත් රජ පන්සියයක් ඇතිනි යානායන්හි එක් එක් ස්ත්‍රිය බැගින් නංවා තමන්ට සුදුසු ඇතුපිට නැගී පන්දම් දැල්වූ කල මහත්වූ රාජානුභාවයෙන් යුක්තව රජගහනුවරින් පිටත්ව කොමාරභච්ච ජීවකයාගේ අඹවනය යම් තැනකද එතැනට ගියේය. එකල විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට අඹවනයට නුදුරු තැනකදී හිතට ලොකු බයක් ඇතිවිය තිග...
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො යාවතිකා නාගස්ස භූමි නාගෙන ගන්ත්වා, නාගා පච්චොරොහිත්වා, පත්තිකොව (පදිකොව (ස්‍යා.)) යෙන මණ්ඩලමාළස්ස ද්වාරං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච - ‘‘කහං පන, සම්ම ජීවක, භගවා’’ති? ‘‘එසො, මහාරාජ, භගවා; එසො, මහාරාජ, භගවා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසින්නො පුරක්ඛතො...
එවිට විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ ඇතුපිටින් යන්ට හැකිතාක් දුර ගොස්, ඇතුපිටින් බැස පයින්ම චක්‍රාකාර ශාලාවේ දොර ලඟට පැමිණියේය. එසේ පැමිණ, ‘යහළු ජීවකය, භාග්‍යවතුන්වහන්සේ කොතැනදැ’යි කොමාරභච්ච ජීවකයාගෙන් ඇසුවේය. “ඒ භාග්‍යවතුන් වහන්සේය, මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේය, මහරජ, මැද කණුව සමීපයෙහි නැගෙනහිර දෙස බලා භික්ෂු සංඝයා ...
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා රහදමිව විප්පසන්නං උදානං උදානෙසි - ‘‘ඉමිනා මෙ උපසමෙන උදයභද්දො (උදායිභද්දො (සී. පී.)) කුමාරො සමන්නාගතො හොතු, යෙනෙතරහි උපසමෙන භික්ඛුස...
එවිට විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳින තැනට පැමිණියේය. පැමිණ එක පැත්තකට වී සිටියේය. හැම පැත්තෙන් සන්සුන්වූ නිශ්ශබ්දවූ පිරිසිදු විලක් මෙන් සතුටු ඉන්ද්‍රියයන් ඇති භික්ෂු සංඝයා නැවත නැවත බලා, “දැන් මේ භික්ෂු සංඝයා යම් ආකාර සංසිඳීමකින් යුක්තද මාගේ උදයභද්ද කුමාරයාද ඒ ඉන්ද්‍රිය මැඩපවත්වා ගැනීමෙන්...
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං අභිවාදෙත්වා, භික්ඛුසඞ්ඝස්ස අඤ්ජලිං පණාමෙත්වා , එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච - ‘‘පුච්ඡෙය්‍යාමහං, භන්තෙ, භගවන්තං කිඤ්චිදෙව දෙසං (කිඤ්චිදෙව දෙසං ලෙසමත්තං (ස්‍යා. කං. ක.)); සචෙ මෙ භගවා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්‍යාකරණායා’’...
එවිට විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ මනාකොට වැඳ, භික්ෂු සංඝයාට දෑත එකතු කොට වැඳ, එකපැත්තකට වී උන්නේය. එසේ උන්නාවූ විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත්රජ, “ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, දැන් ප්‍රශ්නයක් ඇසීමට අවසර දෙන්නේ නම්, භාග්‍යවතුන්වහන්සේගෙන් කිසියම් ප්‍රශ්නයක් අසමි”යි කීයේය. “මහරජ, තොපට යමක් කැමති නම...
‘‘යථා නු ඛො ඉමානි, භන්තෙ, පුථුසිප්පායතනානි, සෙය්‍යථිදං - හත්ථාරොහා අස්සාරොහා රථිකා ධනුග්ගහා චෙලකා චලකා පිණ්ඩදායකා උග්ගා රාජපුත්තා පක්ඛන්දිනො මහානාගා සූරා චම්මයොධිනො දාසිකපුත්තා ආළාරිකා කප්පකා න්හාපකා (නහාපිකා (සී.), න්හාපිකා (ස්‍යා.)) සූදා මාලාකාරා රජකා පෙසකාරා නළකාරා කුම්භකාරා ගණකා මුද්දිකා, යානි වා පනඤ්ඤානිපි එවංගතාන...
“ස්වාමීනි, ඒ ඒ අයගේ ජීවත්වීමට හේතුවූ බොහෝ ශිල්පවෙත්. එනම්: ඇතුන්පිට යෑම් ආදියේ ශිල්පය, අශ්ව ශිල්පය, රථ ශිල්පය, දුනු ශිල්පය, යුද්ධයෙහි ජයකොඩි ගෙන පෙරටුව යන්නෝය. සේනාවේ ස්ථාන නියමාදිය කරන්නෝය, යුද්ධයට යන මහා යෝධයෝය. යුද්ධකරන ක්ෂත්‍රියයෝය, (ඔට්ටු අල්ලා) සතුරන්ගේ හිස් ආදිය ගෙන එන්නෝය, ඇතෙකුට වුවත් පසුනොබානා මහා යෝධයෝය, සංග...
‘‘අභිජානාසි නො ත්වං, මහාරාජ, ඉමං පඤ්හං අඤ්ඤෙ සමණබ්‍රාහ්මණෙ පුච්ඡිතා’’ති ? ‘‘අභිජානාමහං, භන්තෙ, ඉමං පඤ්හං අඤ්ඤෙ සමණබ්‍රාහ්මණෙ පුච්ඡිතා’’ති. ‘‘යථා කථං පන තෙ, මහාරාජ, බ්‍යාකරිංසු, සචෙ තෙ අගරු භාසස්සූ’’ති. ‘‘න ඛො මෙ, භන්තෙ, ගරු, යත්ථස්ස භගවා නිසින්නො, භගවන්තරූපො වා’’ති (චාති (සී. ක.)). ‘‘තෙන හි, මහාරාජ, භාසස්සූ’’ති.
“මහරජ, ඔබ මේ ප්‍රශ්නය අන් මහණ බමුණන් ගෙනුත් ඇසූ බව නොදන්නෙහිද?” “ස්වාමීනි, මේ ප්‍රශ්නය වෙනත් මහණ බමුණන්ගෙන් මම ඇසූ බව දනිමි.” “මහරජ ඔවුහු එය කෙසේ විසඳුවාදැයි ඔබට අපහසු නොවේ නම් කියව” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ බඳු අන්‍යයෝ හෝ යම් තැනක වෙත්ද එතුමන් ඉදිරියෙහි කියන්නට අපහසු නොවේ.” “මහරජ, එසේ නම් කි...
‘‘එකමිදාහං, භන්තෙ, සමයං යෙන පූරණො කස්සපො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පූරණෙන කස්සපෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං, භන්තෙ, පූරණං කස්සපං එතදවොචං - ‘යථා නු ඛො ඉමානි, භො කස්සප, පුථුසිප්පායතනානි, සෙය්‍යථිදං - හත්ථාරොහා අස්සාරොහා රථිකා ධනුග්ගහා චෙලකා චලකා පිණ්ඩදාය...
“ස්වාමීනි, මම එක් දිනෙක පූරණ කාශ්‍යපයන් යම් තැනෙකද එතැනට පැමිණ, ඔහු සමග සතුටුසාමීචි කථා කෙළෙමි. සතුටු උපදවන්නාවූ, සිහිකටයුතු කථා නිමකොට එකත්පස්ව උන්නෙමි. ස්වාමීනි. එසේ උන් මම පූරණ කාශ්‍යපයන්ට මෙසේ කීවෙමි. පින්වත, කාශ්‍යපය, යම් අය ඒ ඒ ශිල්ප නිසා ජීවත් වෙත්ද, ඇතුන්පිට යාම ආදී බොහෝ ශිල්පිහු වෙත්ද, මෙයින් අන්‍යවූත් මෙසේම ප...
‘‘එවං වුත්තෙ, භන්තෙ, පූරණො කස්සපො මං එතදවොච - ‘කරොතො ඛො, මහාරාජ, කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචාපයතො සොචයතො, සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතාපයතො, අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො, නිල්ලොපං හරතො, එකාගාරිකං කරොතො, පරිපන්ථෙ තිට්ඨතො, පරදාරං ගච්ඡතො, මුසා භණතො, කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙප...
“ස්වාමීනි, මා මෙසේ කී කල පූරණකාශ්‍යපයා මට මෙසේ කීය: කෙසේදයත්: මහරජ, සිය අතින් කරන්නාහටද අණදී කරවන්නාහටද, කපන්නාහටද, කප්පවන්නාහටද, අනුන් දඬුවමින් පෙළන්නා හටද, එසේ පරපීඩා කරවන්නා හටද තමන්ම ශොක ඇතිකරන්නා හටද, අනුන් ලවා ශොක කරවන්නා හටද, අනුන් කම්පා කරන්නාහටද, එසේම අනුන් කම්පා කරවන්නාහටද, ප්‍රාණ හිංසා කරන්නාහටද, එසේ කරවන්නා...
‘‘එකමිදාහං, භන්තෙ, සමයං යෙන මක්ඛලි ගොසාලො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා මක්ඛලිනා ගොසාලෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං, භන්තෙ, මක්ඛලිං ගොසාලං එතදවොචං - ‘යථා නු ඛො ඉමානි, භො ගොසාල, පුථුසිප්පායතනානි...පෙ.... සක්කා නු ඛො, භො ගොසාල, එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨික...
“ස්වාමීනි, මම එක් දිනෙක මක්ඛලිගොසාලයන් වෙතට පැමිණ ඔහු සමග සතුටු සාමීචියෙහි යෙදී සතුටු උපදවන සිහිකටයුතු කථා නිමකොට එකපැත්තකටවී හුන්නෙමි ‘ස්වාමීන් වහන්ස, එසේ හුන් මම මක්ඛලිගොසාලයන්ට මෙසේ කීවෙමි. කෙසේද යත්: ‘භවත් ගොසාලය, යම්සේ ඇතුන් පිට යන්නෝ ආදී ශිල්පියෝ ඒ ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින්ම දැක්ක හැකි ශිල්ප ඵලය නිසා...
‘‘එවං වුත්තෙ, භන්තෙ, මක්ඛලි ගොසාලො මං එතදවොච - ‘නත්ථි මහාරාජ හෙතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය, අහෙතූ (අහෙතු (කත්ථචි)) අපච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා, අහෙතූ අපච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි අත්තකාරෙ, නත්ථි පරකාරෙ, නත්ථි පුරිසකාරෙ, නත්ථි බලං, නත්ථි වීරියං, නත්ථි පුරිසථාමො, නත්...
“ස්වාමීනි, මා මෙසේ කී කල මක්ඛලිගොසාල මට මෙය කීවේය. එනම්:- ‘මහරජ, සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගෙ පිරිසිදුවීමට හේතු, ප්‍රත්‍යය නැත. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදුවෙත්. තමා කළ කර්මයෙහි විපාක නැත. අනුන්ගේ අවවාදානු ශාසනා පරිදි කළ කර්මයෙහි ඵලය නැත. බල...
‘‘ඉත්ථං ඛො මෙ, භන්තෙ, මක්ඛලි ගොසාලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො සංසාරසුද්ධිං බ්‍යාකාසි. සෙය්‍යථාපි, භන්තෙ, අම්බං වා පුට්ඨො ලබුජං බ්‍යාකරෙය්‍ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්‍යාකරෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ, මක්ඛලි ගොසාලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො සංසාරසුද්ධිං බ්‍යාකාසි. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘කථඤ්හි නාම ...
“ස්වාමීනි, මෙසේ මා විසින් ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූකල මක්ඛලිගොසාල භවයෙන් භවයට යාමෙන් සත්වයා පිරිසිදුවන බව ප්‍රකාශකෙළේය. ස්වාමීන් වහන්ස, අඹරුක කෙසේදැයි ඇසූකල දෙල්ගස මෙබඳුයයි කියන්නේ හෝ දෙල්ගස කෙසේදැයි ඇසූකල අඹ රුක මෙබඳුයයි කියන්නේ හෝ යම්සේද, ස්වාමීන් වහන්ස, එපරිද්දෙන් මා විසින් මේආත්ම භාවයෙහි දැක...
‘‘එකමිදාහං, භන්තෙ, සමයං යෙන අජිතො කෙසකම්බලො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා අජිතෙන කෙසකම්බලෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං, භන්තෙ, අජිතං කෙසකම්බලං එතදවොචං - ‘යථා නු ඛො ඉමානි, භො අජිත, පුථුසිප්පායතනානි...පෙ.... සක්කා නු ඛො, භො අජිත, එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨ...
“ස්වාමීනි, දිනක් මම කෙස කම්බලධාරීවූ අජිතයන් වෙත පැමිණ ඔහු හා සතුටු සාමීචි පවත්වා සතුටු උපදවන සිහි කටයුතු කථා නිම කොට එකපැත්තකට හුන්නෙමි. ස්වාමීනි, එසේ හුන් මම කෙසලකම්බල අජිතයාට මෙසේ කීවෙමි. කෙසේදයත්: ‘භවත් අජිතයෙනි, යමෙක් ඒ ඒ ශිල්පයන් නිසා ජීවත්වෙත්ද යම් සේ ඇතුන්පිට යෑම ආදී ශිල්පය..... යනාදී ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම...
‘‘එවං වුත්තෙ, භන්තෙ, අජිතො කෙසකම්බලො මං එතදවොච - ‘නත්ථි, මහාරාජ, දින්නං , නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො (පරලොකො (ස්‍යා.)), නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා (සමග්ගතා (ක.), සමග්ගතා (ස්‍යා.)) සම්මාපටිපන්නා, ය...
“ස්වාමීනි, මා මෙසේ කී කල කෙසකම්බල අජිත මට මෙය කීයේය. මහරජ, දානයක් නැත, යාගයක් නැත, ගරු බුහුමන් කිරීමක් නැත, කුශලාකුල කර්මයන්ගේ ඵලයක් නැත, විපාකයක් නැත, මෙලෝ නැත, පරලොව නැත, මවෙක් නැත, පියෙක් නැත, මැරී උපදින සත්වයෝ නැත. යමෙක් මෙලෝ පරලෝ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙත්ද එබඳු ආර්යමාර්ගයට පැමිණි හොඳින් පිළිපැද්ද ...
‘‘ඉත්ථං ඛො මෙ, භන්තෙ, අජිතො කෙසකම්බලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො උච්ඡෙදං බ්‍යාකාසි. සෙය්‍යථාපි, භන්තෙ, අම්බං වා පුට්ඨො ලබුජං බ්‍යාකරෙය්‍ය , ලබුජං වා පුට්ඨො අම්බං බ්‍යාකරෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ, අජිතො කෙසකම්බලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො උච්ඡෙදං බ්‍යාකාසි. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘කථඤ්හි නාම මාදිස...
“ස්වාමීන් වහන්ස, මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූ කල අජිත තෙමේ උච්ඡේද වාදය* පැවසීය. ‘ස්වාමීනි අඹගස කෙසේදැයි ඇසූ කල දෙල්ගස මෙසේ යයිද, දෙල්ගස කෙසේදැයි ඇසූ කල අඹගස මෙසේ යයිද යම්සේ කියාද එසේම මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූකල ස්වාමීනි, ඒ කෙසකම්බල අජිත තෙමේ උච්ඡේද වාදය...
‘‘එකමිදාහං, භන්තෙ, සමයං යෙන පකුධො කච්චායනො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා පකුධෙන කච්චායනෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං, භන්තෙ, පකුධං කච්චායනං එතදවොචං - ‘යථා නු ඛො ඉමානි, භො කච්චායන, පුථුසිප්පායතනානි...පෙ.... සක්කා නු ඛො, භො කච්චායන, එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දි...
“ස්වාමීන් වහන්ස, මම එක් දිනක් කච්චායන ගොත්‍රයෙහිවූ පකුධයන් වෙත ගියෙමි. ඔහු සමග සතුටු සාමීචි පවත්වා සතුටු උපදවන සිහිකටයුතු කථා නිමකොට එක පැත්තකටවී ඉඳ ඒ කාත්‍යායන ගොත්‍රික පකුධයන්ට මෙසේ කීවෙමි. කෙසේද යත්: ‘භවත් කච්චායනය, ඇතුන් පිට යන්නෝ ආදී ශිල්පියෝ ඒ ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත්...
‘‘එවං වුත්තෙ, භන්තෙ, පකුධො කච්චායනො මං එතදවොච - ‘සත්තිමෙ, මහාරාජ, කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති , න විපරිණමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත? පථවිකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක්ඛෙ, ජීවෙ සත්තම...
“ස්වාමීනි, මා මෙසේ කී කල පකුධකච්චායන මට මෙසේ කීය:- ‘මහරජ, නොකරණ ලද්දාහුද, මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලද්දාවුද, නොමවන ලද්දාවූ වඳවූ හෙවත් කිසිවකු නූපදවන්නාවූ, පර්වතයක් මෙන් නොසෙලවී සිටියාවූ, තදින් පිහිටුවන ලද කණුවක් මෙන් නිශ්චලවූ (සමූහයෝ) සත් දෙනෙක් වෙත්. ඔවුහු කම්පා නොවෙත්, නොපෙරළෙත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පි...
‘‘ඉත්ථං ඛො මෙ, භන්තෙ, පකුධො කච්චායනො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අඤ්ඤෙන අඤ්ඤං බ්‍යාකාසි. සෙය්‍යථාපි, භන්තෙ, අම්බං වා පුට්ඨො ලබුජං බ්‍යාකරෙය්‍ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්‍යාකරෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ, පකුධො කච්චායනො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අඤ්ඤෙන අඤ්ඤං බ්‍යාකාසි. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘කථඤ්හි නා...
“ස්වාමීනි, මා මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ගඵලයක් ඇසූ කල කසයින් ගොත්හිවූ පකුධ තෙමේ අනිකකින් අනිකක් පැවසීය. ස්වාමීනි, අඹගස කෙසේ දැයි ඇසූ කල දෙල්ගස මෙසේ යයිද, දෙල්ගස කෙසේදැයි ඇසූ කල අඹගස මෙසේයයිද, යම්සේ ප්‍රකාශ කෙරේද, ස්වාමීන් වහන්ස, එපරිද්දෙන් මා විසින් මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇස...
‘‘එකමිදාහං, භන්තෙ, සමයං යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කමිං ; උපසඞ්කමිත්වා නිගණ්ඨෙන නාටපුත්තෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං, භන්තෙ, නිගණ්ඨං නාටපුත්තං එතදවොචං - ‘යථා නු ඛො ඉමානි, භො අග්ගිවෙස්සන, පුථුසිප්පායතනානි...පෙ.... සක්කා නු ඛො, භො අග්ගිවෙස්සන, එවමෙව ද...
“ස්වාමීන් වහන්ස, මම එක්කලෙක නිගණ්ඨනාථ පුත්‍රයන් යම් තැනකද එතැනට ගියෙමි. ඔහු සමග සතුටු සාමීචි පවත්වා, සතුටු උපදවන සිහි කටයුතු කථා නිමකොට එකපැත්තකටවී හිඳ ඒ නිගණ්ඨනාථ පුත්‍රයාට මෙසේ කීවෙමි. කෙසේද යත්: භවත් අග්ගිවෙස්සනය, ඇතුන්පිට යන්නෝ ආදී ශිල්පියෝ යමෙක් ඒ ඒ ශිල්පයන් නිසා ජීවත් වෙත්ද ඔවුහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්ත...
‘‘එවං වුත්තෙ, භන්තෙ, නිගණ්ඨො නාටපුත්තො මං එතදවොච - ‘ඉධ, මහාරාජ, නිගණ්ඨො චාතුයාමසංවරසංවුතො හොති. කථඤ්ච, මහාරාජ, නිගණ්ඨො චාතුයාමසංවරසංවුතො හොති? ඉධ, මහාරාජ, නිගණ්ඨො සබ්බවාරිවාරිතො ච හොති, සබ්බවාරියුත්තො ච, සබ්බවාරිධුතො ච, සබ්බවාරිඵුටො ච. එවං ඛො, මහාරාජ, නිගණ්ඨො චාතුයාමසංවරසංවුතො හොති . යතො ඛො, මහාරාජ, නිගණ්ඨො එවං චාතුයාම...
“ස්වාමීනි, මා මෙසේ කී කල ඒ අග්ගිවෙස්සන තෙමේ මෙසේ කීය:- “මහරජ, මේ ලෝකයෙහි නිගණ්ඨ තෙමේ හතර කොටසින් යුත් සංවරයෙන් යුක්ත වේ. මහරජ කෙසේ නම් නිගණ්ඨ තෙමේ හතර කොටසෙන් යුත් සංවරයෙන් යුක්තද? මහරජ, මේ ලෝකයෙහි නිගණ්ඨ තෙමේ සියලු සිහිල් ජලයෙන් වැළකෙන්නේ සියලු පවින් වැළකීමෙන් යුක්ත වූයේ සියලු පව් පිඹ හැරියේ සියලු පව් වැළැක්මෙන් ස්පර්...
‘‘ඉත්ථං ඛො මෙ, භන්තෙ, නිගණ්ඨො නාටපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො චාතුයාමසංවරං බ්‍යාකාසි. සෙය්‍යථාපි, භන්තෙ, අම්බං වා පුට්ඨො ලබුජං බ්‍යාකරෙය්‍ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්‍යාකරෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ, නිගණ්ඨො නාටපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො චාතුයාමසංවරං බ්‍යාකාසි. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘කථඤ...
“ස්වාමීනි, මා විසින් මෙසේ මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල නිගණ්ඨනාථ පුත්‍ර තෙමේ හතර කොටසින් යුත් සංවරය ප්‍රකාශ කෙළේය. ස්වාමීනි, යම්සේ අඹරුක කෙසේදැයි ඇසූ කල දෙල් ගහ මෙසේයයිද, දෙල්ගහ කෙසේදැයි ඇසූ කල අඹගහ මෙසේයයි කියාද, ස්වාමීනි, එමෙන් මා විසින් මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල නිග...
‘‘එකමිදාහං, භන්තෙ, සමයං යෙන සඤ්චයො බෙලට්ඨපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා සඤ්චයෙන බෙලට්ඨපුත්තෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං භන්තෙ, සඤ්චයං බෙලට්ඨපුත්තං එතදවොචං - ‘යථා නු ඛො ඉමානි, භො සඤ්චය, පුථුසිප්පායතනානි...පෙ.... සක්කා නු ඛො, භො සඤ්චය, එවමෙව දිට්ඨෙව ධ...
“ස්වාමීන් වහන්ස, මම එක් දිනක් බෙලට්ඨපුත්තවූ සඤ්ජය වෙත ගියෙමි. ඔහු සමග සතුටුසාමීචි පවත්වා සතුටු උපදවන සිහි කටයුතු කථා නිම කොට එක පැත්තකටව ඒ සඤ්ජය නම් බෙලට්ඨපුත්‍රයාහට මෙසේ කීවෙමි. කෙසේද යත්: ‘භවත් සඤ්ජයෙනි, ඒ ඒ ශිල්පයෙන් නිසා ජීවත්වන්නාවූ හත්ථාචාරියාදීහු වෙති. ඔව්හු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්තිමත් කෙරෙත්, මවුපියන්...
‘‘එවං වුත්තෙ, භන්තෙ, සඤ්චයො බෙලට්ඨපුත්තො මං එතදවොච - ‘අත්ථි පරො ලොකොති ඉති චෙ මං පුච්ඡසි, අත්ථි පරො ලොකොති ඉති චෙ මෙ අස්ස, අත්ථි පරො ලොකොති ඉති තෙ නං බ්‍යාකරෙය්‍යං. එවන්තිපි මෙ නො, තථාතිපි මෙ නො, අඤ්ඤථාතිපි මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නො. නත්ථි පරො ලොකො...පෙ.... අත්ථි ච නත්ථි ච පරො ලොකො...පෙ.... නෙවත්ථි න නත්ථි ප...
“ස්වාමීනි, මා මෙසේ කී කල සඤ්ජය නම් බෙලට්ඨපුත්‍ර මෙසේ කීය: ‘පරලොවක් ඇත්තේදැයි මා විචාරන්නෙහි නම් පරලොවක් ඇතැයි මෙසේ මට අදහස්වී නම්, පරලොවක් ඇතැයි මෙසේ එය ඔබට ප්‍රකාශ කරන්නෙමි. මට එසේත් අදහස් නොවෙයි, මට එපරිද්දෙනුත් නොවෙයි. මට අන් පරද්දෙකිනුත් නොවෙයි. මට එසේ නැත්තේයයිද නොවෙයි, මට නැත්තේ නොවන්නේත් නොවෙයි, පරලොවක් නැතැයි ක...
‘‘ඉත්ථං ඛො මෙ, භන්තෙ, සඤ්චයො බෙලට්ඨපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො වික්ඛෙපං බ්‍යාකාසි. සෙය්‍යථාපි, භන්තෙ, අම්බං වා පුට්ඨො ලබුජං බ්‍යාකරෙය්‍ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්‍යාකරෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ, සඤ්චයො බෙලට්ඨපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො වික්ඛෙපං බ්‍යාකාසි. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘අයඤ්ච ඉ...
“ස්වාමීන් වහන්ස, මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල බෙලට්ඨපුත්ත සඤ්ජය ප්‍රශ්නය ඉවතලෑම ඉදිරිපත් කළේය. ස්වාමීන් වහන්ස, යම්සේ අඹරුක කෙසේදැයි ඇසූ කල දෙල්ගස මෙසේයයි කියාද, දෙල්ගස කෙසේදැයි ඇසූකල අඹගස මෙසේයයි කියාද, ස්වාමීනි, එමෙන් මා විසින් මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ගඵලය ඇසූ කල...
‘‘සොහං, භන්තෙ, භගවන්තම්පි පුච්ඡාමි - ‘යථා නු ඛො ඉමානි, භන්තෙ, පුථුසිප්පායතනානි සෙය්‍යථිදං - හත්ථාරොහා අස්සාරොහා රථිකා ධනුග්ගහා චෙලකා චලකා පිණ්ඩදායකා උග්ගා රාජපුත්තා පක්ඛන්දිනො මහානාගා සූරා චම්මයොධිනො දාසිකපුත්තා ආළාරිකා කප්පකා න්හාපකා සූදා මාලාකාරා රජකා පෙසකාරා නළකාරා කුම්භකාරා ගණකා මුද්දිකා, යානි වා පනඤ්ඤානිපි එවංගතාන...
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද විචාරමි. ස්වාමීනි, යම්සේ ඇතුන් හික්මවන්නාදීහු ඒ ඒ ශිල්පයන් නිසා ජීවත්වෙත්ද ඔව්හු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්තිමත් කෙරෙත්, මවුපියන් සුවපත් කෙරෙත්, දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, මිත්‍රයින් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, මත්තෙහි ඵල දෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති ...
‘‘සක්කා, මහාරාජ. තෙන හි, මහාරාජ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධ තෙ අස්ස පුරිසො දාසො කම්මකාරො (කම්මකරො (සී. ස්‍යා. කං. පී.)) පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී මුඛුල්ලොකකො (මුඛුල්ලොකිකො (ස්‍යා. කං. ක.)). තස්ස එවමස්ස - ‘අච්ඡරියං, වත භො...
“එසේ හැක්කේය, මහරජ, එසේ නම් මහ රජ මේ කරුණෙහිලා ඔබගෙන්ම අසන්නෙමි. යම් ලෙසකින් ඔබට රුචිවන්නේද එසේ ප්‍රකාශ කරව. “මහරජ, මෙකරුණෙහි ඔබට කුමක් හැඟෙන්නේද? එනම්: ඔබට මෙහි අලස නොව කටයුතු කරණ, හැමට පළමු නින්දෙන් නැගිටින්නාවූ හැමට පසුව නිදන්නාවූ, කටයුතු සොයා කරණ ස්වාමියාට මනාප දෙයක්ම කරණ ප්‍රිය කථා ඇත්තාවූ, සතුටින් හිමියාගේ මුහුණ ...
‘‘නො හෙතං, භන්තෙ. අථ ඛො නං මයමෙව අභිවාදෙය්‍යාමපි , පච්චුට්ඨෙය්‍යාමපි, ආසනෙනපි නිමන්තෙය්‍යාම, අභිනිමන්තෙය්‍යාමපි නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකම්පිස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්‍යාමා’’ති.
“නැත, ස්වාමීනි, එබන්දක් නොවේ. එසේ ඇති කල්හි ඔහුට අපිම වැඳීමද කරන්නෙමු. ඔහු දැක (අපිම) හුනස්නෙන්ද නැගිටින්නෙමු, ආසනයෙන්ද පවරන්නෙමු. සිවුරු පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් යමක් අවශ්‍යවූ විට ඒ බව අපට කිව මැනවැයි ද විශේෂයෙන් පවරන්නෙමු. ධාර්මිකවූ ආරක්ෂාවෙන් රැකීම ද සලසන්නෙමු”
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, යදි එවං සන්තෙ හොති වා සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං නො වා’’ති? ‘‘අද්ධා ඛො, භන්තෙ, එවං සන්තෙ හොති සන්දිට්ඨිකං සාමඤ්ඤඵල’’න්ති. ‘‘ඉදං ඛො තෙ, මහාරාජ, මයා පඨමං දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤත්ත’’න්ති.
“කිම මහරජ? ඉදින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙන් දැක්ක යුතු විපාක ඇති ඵලයක් වේද? නොවේද? ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?” “ස්වාමීන් වහන්ස, මෙසේ ඇති කල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඵලය වේමය.” “මහරජ, මේ වනාහි මා විසින් ඔබට දක්වන ලද මේ ආත්මයෙහි ලැබෙන පළමු වැනිවූ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයයි.”
‘‘සක්කා පන, භන්තෙ, අඤ්ඤම්පි එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤපෙතු’’න්ති? ‘‘සක්කා, මහාරාජ. තෙන හි, මහාරාජ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධ තෙ අස්ස පුරිසො කස්සකො ගහපතිකො කරකාරකො රාසිවඩ්ඪකො. තස්ස එවමස්ස - ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, පුඤ්ඤානං ගත...
“ස්වාමීනි, එපරිද්දෙන්ම මේ ආත්ම භාවයෙහි ලැබෙන අන්‍යවූද මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඵලයක් ප්‍රකාශ කළ හැක්කේද?” “හැක්කේය, මහරජ, එසේ නම් මහරජ මෙකරුණෙහිලා ඔබගෙන්ම අසන්නෙමි, යම් ලෙසකින් ඔබට රුචිවන්නේද එසේම ප්‍රකාශ කරමි. මහරජ, මතු දක්වන කරුණෙහිලා ඔබ කුමක් සිතන්නෙහිද? ඔබට සී සාන්නාවූ, ගෘහපතියෙක්ව සිටිමින් අයබදු ගෙවන්නාවූ, ...
‘‘නො හෙතං, භන්තෙ. අථ ඛො නං මයමෙව අභිවාදෙය්‍යාමපි, පච්චුට්ඨෙය්‍යාමපි, ආසනෙනපි නිමන්තෙය්‍යාම, අභිනිමන්තෙය්‍යාමපි නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකම්පිස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්‍යාමා’’ති.
“නැත ස්වාමීනි, එසේ නොකියන්නෙමි. එසේ ඇති කල්හි අපිම ඔහුට නමස්කාර කරන්නෙමු. ඔහු දැක හුනස්නෙන්ද නැගිටින්නෙමු, ආසනයෙන්ද පවරන්නෙමු, සිවුරු ආහාර ඇඳන් බෙහෙත් පිරිකර යන මෙයින් යමක් අවශ්‍යවූ කල එය අපට කිව මැනවැයිද විශේෂයෙන් ප්‍රකාශ කරන්නෙමු. ධාර්මික ආරක්ෂා ආවරණයෙන් රැකීමද සලස්වන්නෙමු.”
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ? යදි එවං සන්තෙ හොති වා සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං නො වා’’ති? ‘‘අද්ධා ඛො, භන්තෙ, එවං සන්තෙ හොති සන්දිට්ඨිකං සාමඤ්ඤඵල’’න්ති . ‘‘ඉදං ඛො තෙ, මහාරාජ, මයා දුතියං දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤත්ත’’න්ති.
“කිම, මහරජ? ඉදින් එසේ ඇති කල්හි මේ ආත්මභාවයෙහි දැක්කයුතු විපාක ඵලයක් වේද? නොවේද? මේ ගැණ ඔබ කුමක් කියන්නෙහිද?” “ස්වාමීනි, මෙසේවූ කල ඒකාන්තයෙන්ම මේ ආත්මභාවයේ දැක්ක යුතු විපාක ඵලයක් වේමය.” “මහරජ, මේ වනාහි මා විසින් ඔබට දක්වන ලද මේ ආත්මයෙහි ලැබෙන දෙවැනිවූ මේ ආත්මභාවයේ දැක්ක යුතු විපාක ඵලය වේ.”
‘‘සක්කා පන, භන්තෙ, අඤ්ඤම්පි දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤපෙතුං ඉමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්චා’’ති? ‘‘සක්කා, මහාරාජ. තෙන හි, මහාරාජ, සුණොහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පච්චස්සොසි.
ස්වාමීන් වහන්ස, මේ ආත්ම භාවයේ දැක්කයුතු විපාක ඵලයන්ට වඩා අතිශයින් හිත් පිනවන අතිශයින් උතුම්වූ මේ ආත්ම භාවයෙහි ලැබිය හැකි අන්‍යවූද විපාක ඵලයක් දක්වන්නට හැක්කේද?” “හැක්කේය මහරජ, එසේ නම් අසව මහරජ, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි.” “එසේය ස්වාමීන් වහන්සැයි මගධරට රජවූ වෙදෙහි පුත්‍රවූ අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
භගවා එතදවොච - ‘‘ඉධ, මහාරාජ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං ...
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “මහරජ අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතු...
‘‘තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති - ‘සම්බාධො ඝරාවාසො රජොපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔ...
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන්කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩාසහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහී කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු...
‘‘සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර, ස්වල්පවූ හෝ බෙහෝවූ නෑපිරිස් හැර කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ.
‘‘සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන, පරිසුද්ධාජීවො සීලසම්පන්නො, ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො (ගුත්තද්වාරො, භොජනෙ මත්තඤ්ඤූ (ක.)), සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, සන්තුට්ඨො.
මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරදනැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි...
‘‘කථඤ්ච, මහාරාජ, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ, මහාරාජ, භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පිස්ස හොති සීලස්මිං. ‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. ඉදම්පිස්ස හොති සීලස්ම...
“මහරජ, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? මහරජ, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ, මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් ව...
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං, ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කාමූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙක් වේ.
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං, ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන්, දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳ...
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූණං සොභනකං චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිංසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨි...
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟ මඩුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනි නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පො...
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලිකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානාන...
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන...
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ටිස්සං කොසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිත...
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළු ලොම් සුදු ඇතිරිය, එළු ලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළු ලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය. දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය. රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට ...
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - උච්ඡාදනං පරිමද්දනං න්හාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාගන්ධවිලෙපනං මුඛචුණ්ණං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩං නාළිකං අසිං (ඛග්ගං (සී. පී.), අසිං ඛග්ගං (ස්‍යා. කං.), ඛග්ගං අසිං (ක.)) ඡ...
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු...