pali_text stringlengths 7 23.7k | sinhala_text stringlengths 1 333k |
|---|---|
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං (ඉත්ථිකථං පුරිසකථං කුමාරකථං කුමාරිකථං (ක.)) සූර... | “එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ ... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි, මිච්ඡා පටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො, සහිතං මෙ, අසහිතං තෙ, පුරෙ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනී... | “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි’ ‘ඔබ මේ ධර්ම විනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’. ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ ක... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්‍යපහිණගමනානුයොගං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං - රඤ්ඤං, රාජමහාමත්තානං, ඛත්තියානං, බ්‍රාහ්මණානං, ගහපතිකානං, කුමාරානං - ‘ඉධ ගච්ඡ, අමුත්‍රාගච්ඡ, ඉදං හර, අමුත්‍ර ඉදං ආහරා’ති ඉති වා ඉති එවරූපා දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො හොති. ඉදම්පිස... | “එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහිඑව, මෙය ගෙණයව, එතැනින් අසවල් දෙය ගෙණෙවයි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහියෙදී වෙසෙත්. මෙබඳු දූත භාවය, හසුන් ගෙණ යෑම යන මෙයින් වැළැක්කේ නම් මෙය... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච ලාභෙන ලාභං නිජිගීංසිතාරො ච. ඉති එවරූපා කුහනලපනා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං’’. | “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිවුපසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.” |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූත... | “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙන ගැසීම ආදී මහ නිමිති බලා කියනශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය, බලාකියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං සත්ථලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහි... | “එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය ස්ත්‍රීලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑණුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසිලක්ෂණය, ඇත් ලක්ෂණය. අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුක... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - රඤ්ඤං නිය්‍යානං භවිස්සති, රඤ්ඤං අනිය්‍යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවි... | “එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරා... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - චන්දග්ගාහො භවිස්සති, සූරියග්ගාහො භවිස්සති, නක්ඛත්තග්ගාහො භවිස්සති, චන්දිමසූරියානං පථගමනං භවිස්සති, චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, නක්ඛත්තානං පථගමනං භවිස්සති, නක්ඛත්තානං උප්පථගම... | “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්ග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම්... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - සුවුට්ඨිකා භවිස්සති, දුබ්බුට්ඨිකා භවිස්සති, සුභික්ඛං භවිස්සති, දුබ්භික්ඛං භවිස්සති, ඛෙමං භවිස්සති, භයං භවිස්සති, රොගො භවිස්සති, ආරොග්‍යං භවිස්සති, මුද්දා, ගණනා, සඞ්ඛානං, කාවෙය්‍යං,... | “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගි බව ඇතිවන්නේයයි කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත්... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - ආවාහනං විවාහනං සංවරණං විවරණං සඞ්කිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිබන්ධනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්ච... | “එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇති කිරීමය, දුර්ගර්භ කරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය... |
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති . සෙය්‍යථිදං - සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකම්මං ආචමනං න්හාපනං ජුහනං වමනං විරෙචනං උද්ධංවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්... | “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, ය... |
‘‘ස ඛො සො, මහාරාජ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති, යදිදං සීලසංවරතො. සෙය්‍යථාපි - මහාරාජ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති, යදිදං පච්චත්ථිකතො; එවමෙව ඛො, මහාරාජ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති, යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්... | “මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හේතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදන්නේ. කුමක් මෙන්ද යත්: මහරජ, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් ... |
‘‘කථඤ්ච, මහාරාජ, භික්ඛු ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ, මහාරාජ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද... | “මහරජ, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? මහරජ, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැ... |
‘‘කථඤ්ච , මහාරාජ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ, මහාරාජ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ... | “මහරජ, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද? “මහරජ, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා න... |
‘‘කථඤ්ච, මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ, මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන . සො යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති. සෙය්‍යථාපි, මහාරාජ, පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති. එවමෙව ඛො, මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන.... | “මහරජ, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද? “මහරජ, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත් ඇත්තේවේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. මහරජ, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, මහරජ, ... |
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො, විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්... | “උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත්... |
‘‘සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්‍යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී, සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති, අජ්ඣත්තං වූපසන්ත... | “ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසයකරයි. ක්‍රොධ දෝෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟී... |
‘‘සෙය්‍යථාපි , මහාරාජ, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්‍ය. තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්‍යුං. සො යානි ච පොරාණානි ඉණමූලානි, තානි ච බ්‍යන්තිං කරෙය්‍ය (බ්‍යන්තීකරෙය්‍ය (සී. ස්‍යා. කං.)), සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ තෙ කම්මන්තා සමිජ්ඣිංසු. සොහං යානි ච ප... | “මහරජ, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹුදරුවන් ප... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො; භත්තඤ්චස්ස නච්ඡාදෙය්‍ය, න චස්ස කායෙ බලමත්තා. සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්‍ය; භත්තං චස්ස ඡාදෙය්‍ය, සියා චස්ස කායෙ බලමත්තා. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො; භත්තඤ්ච මෙ නච්ඡාදෙසි, න ච මෙ ආසි (න චස්ස මෙ (ක.)) කායෙ බලමත්ත... | “මහරජ, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, ද... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස. සො අපරෙන සමයෙන තම්හා බන්ධනාගාරා මුච්චෙය්‍ය සොත්ථිනා අබ්භයෙන (උබ්බයෙන (සී. ක.)), න චස්ස කිඤ්චි භොගානං වයො. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං, සොම්හි එතරහි තම්හා බන්ධනාගාරා මුත්තො සොත්ථිනා අබ්භයෙන. නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො’ති. සො තතොනිදානං ලභෙථ පා... | “මහරජ, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිම... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමංගමො. සො අපරෙන සමයෙන තම්හා දාසබ්‍යා මුච්චෙය්‍ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමංගමො. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමංගමො. සොම්හි එතරහි තම්හා දාසබ්‍යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමංගමො’ති. සො තතොනිදානං ලභ... | “මහරජ, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහ... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්‍ය දුබ්භික්ඛං සප්පටිභයං. සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්‍ය සොත්ථිනා, ගාමන්තං අනුපාපුණෙය්‍ය ඛෙමං අප්පටිභයං. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සොම්හි එතරහි තං කන්තාරං නිත්ථිණ්ණො සොත්ථිනා, ගාමන්තං ... | “මහරජ, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොරසතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්: මම පෙර ධනවත් වූයෙම්. භොග සම්පත් සහිත වූයෙම්. දුර්ලභ භික්ෂා ඇති භය සහිතවූ... |
‘‘එවමෙව ඛො, මහාරාජ, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්‍යං යථා කන්තාරද්ධානමග්ගං, එවං ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති. | “මහරජ ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වලක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී. |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, යථා ආණණ්‍යං යථා ආරොග්‍යං යථා බන්ධනාමොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං; එවමෙව ඛො, මහාරාජ, භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සති. | මහරජ, ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම මහරජ, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ ලා දක්නේය. |
‘‘තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. | “පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වුවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි. |
‘‘සො විවිච්චෙව කාමෙහි, විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. | “ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාම යන්ගෙන් වෙන් වූයෙමි, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණෙවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදීම් වසයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ (ස... |
‘‘සෙය්‍යථාපි , මහාරාජ, දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්‍ය, සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන, න ච පග්ඝරණී; එවමෙව ඛො, මහාරාජ, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්... | “මහරජ, යම්සේ දක්ෂවූ ස්නාන ද්‍රව්‍ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලොහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩුගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද. “මහරජ, එපරිද්... |
‘‘පුන චපරං, මහාරාජ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. | “මහරජ, නැවතද භික්ෂු තෙමේ අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, සම්පූ... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, උදකරහදො ගම්භීරො උබ්භිදොදකො (උබ්භිතොදකො (ස්‍යා. කං. ක.)) තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, දෙවො ච න කාලෙනකාලං සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්‍ය. අථ ඛො තම්හාව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උද... | “මහරජ, යම්සේ ඇතුළතම හටගත් ජලය ඇති දියවිලක් වේද ඒ විල පිළිබඳ පෙර දිගින්ද, අපර දිගින්ද, උතුරු දිගින්ද, දකුණු දිගින්ද, දිය එන මගක් නැත්තේ වේද වැස්සද කලින් කල මනාසේ වැසි වැසීම් නොකරන්නේද, එසේවූ ඒ විලෙන් සිහිල් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුලු විලම සිහිල් දියෙන් පතුරුවයි, හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. එහි හැම තැන දි... |
‘‘පුන චපරං, මහාරාජ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. | “නැවතද මහරජ, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නො ඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේ, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂු තෙමේ මේ සියලු තැන පැතිර පවත... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි (අභිසන්දානි පරිසන්දානි (ක.)) පරිපූරානි පරිප්ඵුටානි (පරිප්ඵුට්ඨානි (පී.)), නාස්ස ක... | “මහරජ, යමසේ නිල්මානෙල් විලක හෝ සුදු නෙලුම් විලක හෝ රතු නෙලුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුනු දියෙන් උඩට නොනැගුනු, දියතුළම ගැලී වැඩෙන්නාවූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙලුම් හෝ සමහර රත් නෙලුම් හෝ වෙද්ද, ඒ නිල් මානෙල් ආදීහු අග දක්වාත්, මුල දක්වාත්, සිහිල් ජලයෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, සම්පූර්ණයෙන් වැගුරුණාහ... |
‘‘පුන චපරං, මහාරාජ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. | “නැවතද මහරජ, ඒ මහණ තෙමේ සැප දුරුකිරීමෙන්, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහණ තෙමේ මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂූහුගේ සම්... |
‘‘සෙය්‍යථාපි , මහාරාජ, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස; එවමෙව ඛො, මහාරාජ, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. ඉදම්පි ඛො, මහාරාජ, සන්දිට්ඨික... | “මහරජ, යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදුවූ සුදු ඇඳුමකින් හිස සිට පොරවා උන්නේ වේද, ඔහුගේ මුලු ශරීරයෙහි එකම තැනකුදු සුදුවතින් නොවසන ලද්දේ නොවේ. මහරජ, එපරිද්දෙන්ම ධ්‍යානලාභී භික්ෂු තෙමේ මේ සියලු ශරීරයම පිරිසිදුවූ, අතිශයින්ම බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පතුරවා හුන්නේ වේ. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි පිරිසිදුවූ, බබලන්නාවූ... |
‘‘සො (පුන චපරං මහාරාජ භික්ඛු සො (ක.)) එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති - ‘අයං ඛො මෙ කායො රූපී චාතුමහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදන-පරිමද්දන-භෙදන-විද්ධංසන-ධම්මො; ඉදඤ්ච පන ම... | “නැවතද, මහරජ, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැනගණි. ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය. *සතර මහාභූතයන්ගේ හ... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො. තත්‍රාස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා (පීතකං වා ලොහිතකං වා (ක.)) ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය - ‘අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච... | “මහරජ, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ, අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ විශේෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේ, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ ම... |
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මානාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්‍රියං. | “ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අව... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, පුරිසො මුඤ්ජම්හා ඊසිකං පවාහෙය්‍ය (පබ්බාහෙය්‍ය (ස්‍යා. ක.)). තස්ස එවමස්ස - ‘අයං මුඤ්ජො, අයං ඊසිකා, අඤ්ඤො මුඤ්ජො, අඤ්ඤා ඊසිකා, මුඤ්ජම්හා ත්වෙව ඊසිකා පවාළ්හා’ති (පබ්බාළ්හාති (ස්‍යා. ක.)). සෙය්‍යථා වා පන, මහාරාජ, පුරිසො අසිං කොසියා පවාහෙය්‍ය. තස්ස එවමස්ස - ‘අයං අසි, අයං කොසි, අඤ්ඤො අසි, අඤ්ඤා කොසි, කො... | “මහරජ, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක, තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහල වන්නේය. “මහරජ, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ... |
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති . සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං තිරොභාවං තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ. ... | “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්‍ය, තං තදෙව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය. සෙය්‍යථා වා පන, මහාරාජ, දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්‍ය, තං තදෙව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය. සෙය්‍යථා වා පන, මහාර... | “මහරජ, දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත් සේ පදම්කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, මහරජ, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, මහරජ, දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අ... |
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච. | ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන... |
‘‘සෙය්‍යථාපි , මහාරාජ, පුරිසො අද්ධානමග්ගප්පටිපන්නො. සො සුණෙය්‍ය භෙරිසද්දම්පි මුදිඞ්ගසද්දම්පි (මුතිඞ්ගසද්දම්පි (සී. පී.)) සඞ්ඛපණවදින්දිමසද්දම්පි (සඞ්ඛපණවදෙණ්ඩිමසද්දම්පි (සී. පී.), සඞ්ඛසද්දංපි පණවසද්දංපි දෙන්දිමසද්දංපි (ස්‍යා. කං.)). තස්ස එවමස්ස - ‘භෙරිසද්දො’ ඉතිපි, ‘මුදිඞ්ගසද්දො’ ඉතිපි, ‘සඞ්ඛපණවදින්දිමසද්දො’ ඉතිපි (සඞ්ඛ... | “මහරජ, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර කඩද මහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬ යයිද, මිහිඟු බෙරහඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද සිතෙන්නේය. මහරජ, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්... |
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති - සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානාති, වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්ත’න්ති පජානාති, සදොසං වා චිත්තං ‘සදොසං චිත්... | “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් ... |
‘‘සෙය්‍යථාපි , මහාරාජ, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා ‘සකණික’න්ති ජානෙය්‍ය, අකණිකං වා ‘අකණික’න්ති ජානෙය්‍ය; එවමෙව ඛො, මහාරාජ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්... | “මහරජ, සැරසෙන ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ලමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනියිද කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනියිද, “මහරජ, එසේම භික්ෂුතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්... |
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි... | “හේ තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙර... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය, තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය. සො තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගච්ඡෙය්‍ය. තස්ස එවමස්ස - ‘අහං ඛො සකම්හා ගාමා අමුං ගාමං අගච්ඡිං (අගඤ්ඡිං (ස්‍යා. කං.)), තත්‍රාපි එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අභාසිං, එවං තුණ්හී අහොසිං, තම්හාපි ගාමා අමුං ගාමං අගච්ඡිං, තත්‍ර... | “මහරජ, පුරුෂයෙක් යම්සේ තම ගමන් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් ස... |
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්... | “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දි... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, මජ්ඣෙ සිඞ්ඝාටකෙ පාසාදො. තත්ථ චක්ඛුමා පුරිසො ඨිතො පස්සෙය්‍ය මනුස්සෙ ගෙහං පවිසන්තෙපි නික්ඛමන්තෙපි රථිකායපි වීථිං සඤ්චරන්තෙ (රථියාපී රථිං සඤ්චරන්තෙ (සී.), රථියාය විථිං සඤ්චරන්තෙපි (ස්‍යා.)) මජ්ඣෙ සිඞ්ඝාටකෙ නිසින්නෙපි. තස්ස එවමස්ස - ‘එතෙ මනුස්සා ගෙහං පවිසන්ති, එතෙ නික්ඛමන්ති, එතෙ රථිකාය වීථිං සඤ්චරන්ත... | “මහරජ, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි: ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති. මොහු නික්මෙති. මොහු වීථියෙහි හැසිරෙති, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. මහරජ, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප... |
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති , අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූත... | “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදු කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවය... |
‘‘සෙය්‍යථාපි, මහාරාජ, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි සක්ඛරකථලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස - ‘අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්‍රිමෙ සිප්පිසම්බුකාපි සක්ඛරකථලාපි මච්ඡගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපී’ති. එවමෙව ඛො, මහ... | “මහරජ, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙ... |
එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ. සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං, භන්තෙ, භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො... | මෙසේ වදාළ කල්හි මගධ රට රජවූ වෙදෙහි පුත්‍රවූ අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය, “ස්වාමීනි, ඉතාම යහපති, ස්වාමීනි, ඉතාම යහපති ස්වාමීනි, (යමෙක්) යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහ... |
‘‘තග්ඝ ත්වං, මහාරාජ, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යං ත්වං පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා වොරොපෙසි. යතො ච ඛො ත්වං, මහාරාජ, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පටිග්ගණ්හාම. වුද්ධිහෙසා, මහාරාජ, අරියස්ස විනයෙ, යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජතී’’ති. | “මහරජ, ඒකාන්තයෙන් බාලයකු මෙන්ද, අනුවණයෙකු මෙන්ද, අදක්ෂයෙකු මෙන්ද, වරද ඔබ ඉක්මවා ගියේය. ඒ වරද නම්, ධාර්මිකවූ ධර්මයෙන් යුත් රජෙකුවූ පියා සම්පත් ලෝභ හේතුවෙන් ජීවිතයෙන් තොර කෙළෙහිය. මහරජ, ඔබ යම් හෙයකින් වරද වරද වසයෙන් දැක ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරෙහි නම් ඔබේ ඒ වරද අපි ඉවසමු. යමෙක් වරද වරද වශයෙන් දැක මත්තෙහි සංවරණයට පැමිණ... |
එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච - ‘‘හන්ද ච දානි මයං, භන්තෙ, ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයා’’ති. ‘‘යස්සදානි ත්වං, මහාරාජ, කාලං මඤ්ඤසී’’ති. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. | මෙසේ වදාළ කල්හි මගධරට රජවූ වෙදෙහි පුත්‍රවූ අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, දැන් ඉතින් අපියමු. අපි බොහෝ වැඩකටයුතු ඇත්තෝ වෙමු. “මහරජ, එසේ නම්, ඔබට යාමට සුදුසු කාලය නම් ඒ බව දනුව.” එකල්හි මගධරට රජවූ වෙදෙහි පුත්‍ර රජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව, ඒ ගැණ ප්‍රීතිව අස්නෙන් නැගිට ... |
අථ ඛො භගවා අචිරපක්කන්තස්ස රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස භික්ඛූ ආමන්තෙසි - ‘‘ඛතායං, භික්ඛවෙ, රාජා. උපහතායං, භික්ඛවෙ, රාජා. සචායං, භික්ඛවෙ, රාජා පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා න වොරොපෙස්සථ, ඉමස්මිඤ්ඤෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උප්පජ්ජිස්සථා’’ති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. | එවිට භාග්‍යවත් තෙමේ මගධරට රජවූ වෙදෙහි පුත්‍ර අජාසත් රජ බැහැර ගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “මහණෙනි, මේ රජ තමන්ම වැනසුනේය, මහණෙනි, මේ රජ තමන්ම නැහුනේය. ඉදින් මේ රජ ධාර්මිකවූ ධර්මයෙන් යුක්ත රජෙකුවූ පියා දිවියෙන් තොර නොකළේ නම් මේ හුනස්නෙහිදීම පිරිසිදුවූ කෙලෙස් මල පහවූ ධර්ම ඇස (සෝවාන් මග) ඔහුට උපදින්නේය.” ... |
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන ඉච්ඡානඞ්ගලං නාම කොසලානං බ්‍රාහ්මණගාමො තදවසරි. තත්‍ර සුදං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. | මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේයි) එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා වහන්සේ සමග කොසොල් රටෙහි ඇවිදීමෙන් හැසිරෙනසේක් කොසොල් රට වැස්සන්ගේ ඉච්ඡානංගල නම් බමුණුගම යම් තැනෙක්හිද එහි වැඩියේය. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ඡානංගල වනයෙහි වාසය කෙළේය, |
තෙන ඛො පන සමයෙන බ්‍රාහ්මණො පොක්ඛරසාති උක්කට්ඨං (පොක්ඛරසාතී (සී.), පොක්ඛරසාදි (පී.)) අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්‍රහ්මදෙය්‍යං. අස්සොසි ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධ... | එකල පොක්ඛරසාති බමුණු තෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා බොහෝ සතුන්ගෙන් ගහනවූ, තණ, දැවදඬු, දිය හා ධාන්‍ය ඇත්තාවූ, රජුන්ගෙන් ලබන ලද්දාවූ පසේනදී කොසොල් රජු විසින් දුන් හෙයින් රාජ දායාදයක්වූ උතුම් කොට දෙන ලද්දක්වූ උක්කට්ඨා නුවර වෙසෙයි. ‘එකල්හි පොක්ඛරසාති බමුණු තෙමේ (මේ පුවත) ඇසී, ශාක්‍යපුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ... |
තෙන ඛො පන සමයෙන බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස අම්බට්ඨො නාම මාණවො අන්තෙවාසී හොති අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං (බෙදානං (ක.)) පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො අනුඤ්ඤාතපටිඤ්ඤාතො සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පාවචනෙ - ‘‘යමහං ජානාමි, තං ත්වං ජානාසි; යං ත්වං ජානාසි තමහ... | එකල පොක්ඛරසාති බමුණහට සිටි අම්බට්ඨ නම් තරුණ ශිෂ්‍යයා (තමා වෙතින්) මන්ත්‍ර කටපාඩමේ කියන්නාවූ, වේදමන්ත්‍ර දන්නාවූ, නාමනිඝණ්ටු යාග ආදී කටයුතු පිළිවෙළ ශික්ෂානිරුක්ති නම් වේදයෙහි කොටස යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නාවූ *විතණ්ඩශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස... |
අථ ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති අම්බට්ඨං මාණවං ආමන්තෙසි - ‘‘අයං, තාත අම්බට්ඨ, සමණො ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි ඉච්ඡානඞ්ගලං අනුප්පත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භග... | ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙමේ අම්බට්ඨ තරුණයා කැඳවා මෙසේ කීය. “දරුව අම්බට්ඨය, යව ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණගෞතමයන් වහන්සේ පන්සීයක් පමණවූ මහාභික්ෂු සමූහයක් සමග කොසල ජනපදයෙහි ඇවිදිමින් හැසිරෙන සේක් ඉච්ඡානංගලයට පැමිණි ඉච්ඡානංගල වනාන්තරයෙහි වාසය කරයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්තිරාව... |
‘‘යථා කථං පනාහං, භො, තං භවන්තං ගොතමං ජානිස්සාමි - ‘යදි වා තං භවන්තං ගොතමං තථාසන්තංයෙව සද්දො අබ්භුග්ගතො, යදි වා නො තථා. යදි වා සො භවං ගොතමො තාදිසො, යදි වා න තාදිසො’’’ති? ‘‘ආගතානි ඛො, තාත අම්බට්ඨ, අම්හාකං මන්තෙසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙයෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රා... | “පින්වත, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇත්තාවූ ගුණයන් නිසාම මේ කීර්තිරාවය පැතිර ගියේ ද, ඉදින් එසේ නොවේද, ඉදින් ඒ භවත් ගෞතමයෝ එබඳුද, ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැනගන්නෙම්ද?” “දරුව අම්බට්ඨය, අපගේ වෙද මන්ත්‍රයන්හි දෙතිස් මහපුරිස් ලකුණු සඳහන්වේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් ... |
‘‘එවං, භො’’ති ඛො අම්බට්ඨො මාණවො බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස පටිස්සුත්වා උට්ඨායාසනා බ්‍රාහ්මණං පොක්ඛරසාතිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා වළවාරථමාරුය්හ සම්බහුලෙහි මාණවකෙහි සද්ධිං යෙන ඉච්ඡානඞ්ගලවනසණ්ඩො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව ආරාමං පාවිසි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භො... | “එසේය ස්වාමීනි”යි අම්බට්ඨ මාණවකයා පොක්ඛරසාති බමුණුහට උත්තරදී, හුනස්නෙන් නැගී, පොක්ඛරසාති බමුණා වැඳ දකුණුපැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරවයෙන් ගොස්, වෙළඹුන් යෙදූ, රථයකට නැඟී, බොහෝ -තරුණයන් සමග ඉච්ඡානංගල වනාන්තරය ‘යම්තැනෙක්හි -නම් එහි පිටත්ව ගියේය. රථයෙන් යාහැකි බිම යම්තාක් -නම් ඒතාක් රථයෙන් ගොස් රථයෙන් බැස පයින්ම ආරාමයට -ඇතු... |
අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි - ‘‘අයං ඛො අම්බට්ඨො මාණවො අභිඤ්ඤාතකොලඤ්ඤො චෙව අභිඤ්ඤාතස්ස ච බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස අන්තෙවාසී. අගරු ඛො පන භගවතො එවරූපෙහි කුලපුත්තෙහි සද්ධිං කථාසල්ලාපො හොතී’’ති. තෙ අම්බට්ඨං මාණවං එතදවොචුං - ‘‘එසො අම්බට්ඨ විහාරො සංවුතද්වාරො, තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආළින්දං පවිසිත්වා උක්කාසිත්වා ... | එකල ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් පහළ විය. ‘මේ අම්බට්ඨ මාණවක තෙමේ ප්‍රසිද්ධකුලයේ උපන්නේම ප්‍රකටවූ පොක්ඛරසාති බමුණහට අතවැසිද වෙයි. මෙබඳු කුල පුත්‍රයන් සමග කරන කථා බස භාග්‍යවතුන් වහන්සේට බරෙක් නොවේමය’ යනුයි. ඒ භික්ෂුහු අම්බට්ඨ මානවකයාහට මෙසේ කීහ: “අම්බට්ඨය, එතැන ගන්ධකුටිය වසනලද දොර ඇත්තේය. ශබ්ද නොකොට එහි ගොස් සෙමින් පිලට ඇතුලු... |
අථ ඛො අම්බට්ඨො මාණවො යෙන සො විහාරො සංවුතද්වාරො, තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආළින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙසි. විවරි භගවා ද්වාරං. පාවිසි අම්බට්ඨො මාණවො. මාණවකාපි පවිසිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අම්බට්ඨො පන මාණවො චඞ්කමන්තොපි නිසින්නෙන භගවතා කඤ්ච... | එවිට අම්බට්ඨ මාණවක තෙමේ වසනලද දොර ඇත්තාවූ ගන්ධකුටිය යම්තැනෙක නම් එහි ශබ්ද නොකර පැමිණියේය. සෙමින් පිලට ඇතුළුව, කාරා අගුළ නියපිටින් තට්ටු කෙලේය. භාග්‍යවතුන්වහන්සේ දොර හැරියේය. අම්බට්ඨ නම් තරුණයා ඇතුළුවූයේය. සෙසු තරුණයෝත් ඇතුළුව භාග්‍යවතුන් වහන්සේ සමග සුවදුක් විචාරීම් ආදියෙන් සතුටු වූහ. ඔවුහු සන්තෝෂ ගෙනදෙන සිහිකටයුතු කථාව... |
අථ ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච - ‘‘එවං නු තෙ, අම්බට්ඨ, බ්‍රාහ්මණෙහි වුද්ධෙහි මහල්ලකෙහි ආචරියපාචරියෙහි සද්ධිං කථාසල්ලාපො හොති, යථයිදං චරං තිට්ඨං නිසින්නෙන මයා කිඤ්චි කිඤ්චි කථං සාරණීයං වීතිසාරෙතී’’ති? | එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය: “අම්බට්ඨය, ඔබ යම්සේ සක්මන් කරමිනුත් නැවතී සිටිමිනුත් හුන්නාවූ මා සමග යම් යම් නොවැදගත් කරුණු කථාව කරයිද, වයසින් වැඩිවූ මහලුවූ බ්‍රාහ්මණයන් හා ගුරුවරුන්, ගුරුවරුන්ගේ ගුරුවරුන් සමග ඔබගේ කථාව මෙබඳු වේද? |
‘‘නො හිදං, භො ගොතම. ගච්ඡන්තො වා හි, භො ගොතම, ගච්ඡන්තෙන බ්‍රාහ්මණො බ්‍රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති, ඨිතො වා හි, භො ගොතම, ඨිතෙන බ්‍රාහ්මණො බ්‍රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති, නිසින්නො වා හි, භො ගොතම, නිසින්නෙන බ්‍රාහ්මණො බ්‍රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති, සයානො වා හි, භො ගොතම, සයානෙන බ්‍රාහ්මණො බ්‍රාහ්මණෙන සද්ධිං සල්ලපිතුම... | “‘නැත, භවත් ගෞතමය, යන්නාවූ බමුණු තෙමේ යන්නාවූ බමුණකු සමග කථා කරන්ට සුදුසුය. භවත් ගෞතමය, සිටින්නාවූ බමුණුතෙමේ සිටින්නාවූ බමුණකු සමග කථාකරන්නට සුදුසුය. භවත් ගෞතමය, හිඳින්නාවූ බමුණු තෙමේ හිඳින්නාවූ බමුණකු සමග කථාකරන්නට සුදුසුය. භවත් ගෞතමය, නිදන්නාවූ බමුණු තෙමේ නිදන්නාවූ බමුණකු සමග කථාකරන්නට සුදුසුය. එහෙත්, භවත් ගෞතමය, පිළ... |
අථ ඛො අම්බට්ඨො මාණවො භගවතා අවුසිතවාදෙන වුච්චමානො කුපිතො අනත්තමනො භගවන්තංයෙව ඛුංසෙන්තො භගවන්තංයෙව වම්භෙන්තො භගවන්තංයෙව උපවදමානො - ‘‘සමණො ච මෙ, භො, ගොතමො පාපිතො භවිස්සතී’’ති භගවන්තං එතදවොච - ‘‘චණ්ඩා, භො ගොතම, සක්‍යජාති; ඵරුසා, භො ගොතම, සක්‍යජාති; ලහුසා, භො ගොතම, සක්‍යජාති; භස්සා, භො ගොතම, සක්‍යජාති; ඉබ්භා සන්තා ඉබ්භා සමා... | එකල භාග්‍යවතුන් වහන්සේ විසින් නොවැඩුනෙක නොහික්මුනෙක යන කථාවෙන් හඳුන්වන ලද අම්බට්ඨ තරුණයා කිපුණේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේටම ගටා බනින්නේ, භාග්‍යවතුන් වහන්සේටම පහත් කොට කථා කරන්නේ, භාග්‍යවතුන් වහන්සේටම නින්දාකරන්නේ, “මට නම් ශ්‍රමණ භවත් ගෞතමයාම පාපියෙක් වන්නේය”යි මෙසේ කීය: “භවත් ගෞතමය, ශාක්‍ය ජාතිය චණ්ඩය. භවත්... |
‘‘කිං පන තෙ, අම්බට්ඨ, සක්‍යා අපරද්ධු’’න්ති? ‘‘එකමිදාහං, භො ගොතම, සමයං ආචරියස්ස බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස කෙනචිදෙව කරණීයෙන කපිලවත්ථුං අගමාසිං. යෙන සක්‍යානං සන්ධාගාරං තෙනුපසඞ්කමිං. තෙන ඛො පන සමයෙන සම්බහුලා සක්‍යා චෙව සක්‍යකුමාරා ච සන්ධාගාරෙ (සන්ථාගාරෙ (සී. පී.)) උච්චෙසු ආසනෙසු නිසින්නා හොන්ති අඤ්ඤමඤ්ඤං අඞ්ගුලිපතොදකෙහි (... | “කිමෙක්ද? අම්බට්ඨය, නුඹට ශාක්‍යයෝ අපරාධයක් කළාහුද?’ “භවත් ගෞතමය, මම එක් කලෙක මාගේ ගුරුවූ පොක්ඛරසාති බමුණාගේ යම් කටයුත්තක් හේතුකොට කපිලවස්තු නුවරට ගියෙමි. යම් තැනෙක ශාක්‍යයන්ගේ රැස්වී විවේක ගන්නා ශාලාව වේද එහි ගියෙමි. එකල බොහෝවූ ශාක්‍යයෝත් ශාක්‍ය කුමාරවරුත් ඒ රැස්වී විවේක ගන්නා ශාලාවෙහි මහා ආසනයන්හි ඔවුනොවුන් ඇඟිල්ලෙන් ... |
‘‘ලටුකිකාපි ඛො, අම්බට්ඨ, සකුණිකා සකෙ කුලාවකෙ කාමලාපිනී හොති. සකං ඛො පනෙතං, අම්බට්ඨ, සක්‍යානං යදිදං කපිලවත්ථුං, නාරහතායස්මා අම්බට්ඨො ඉමාය අප්පමත්තාය අභිසජ්ජිතු’’න්ති. ‘‘චත්තාරොමෙ, භො ගොතම, වණ්ණා - ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසඤ්හි, භො ගොතම, චතුන්නං වණ්ණානං තයො වණ්ණා - ඛත්තියා ච වෙස්සා ච සුද්දා ච - අඤ්ඤදත්ථු බ්... | “අම්බට්ඨය, කැටකිරිල්ලිත් තමාගේ කූඩුවෙහි කැමති යමක් කියන්නීය, අම්බට්ඨය, යම් මේ කපිලවස්තුපුරයක් වෙයි නම් එය ශාක්‍යයන්ගේ ස්වකීය නුවර වේ. ආයුෂ ඇති අම්බට්ඨය, මෙවැනි සුළු කරුණකින් කිපෙන්නට නුසුදුසුය.” “භවත් ගෞතමය, මේ ජාති සතරෙකි-ක්ෂත්‍රියය බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියායි. මේ ජාති සතරින් ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන ජාති ... |
අථ ඛො භගවතො එතදහොසි - ‘‘අතිබාළ්හං ඛො අයං අම්බට්ඨො මාණවො සක්‍යෙසු ඉබ්භවාදෙන නිම්මාදෙති, යංනූනාහං ගොත්තං පුච්ඡෙය්‍ය’’න්ති. අථ ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච - ‘‘කථං ගොත්තොසි, අම්බට්ඨා’’ති? ‘‘කණ්හායනොහමස්මි, භො ගොතමා’’ති. පොරාණං ඛො පන තෙ අම්බට්ඨ මාතාපෙත්තිකං නාමගොත්තං අනුස්සරතො අය්‍යපුත්තා සක්‍යා භවන්ති; දාසිපුත්තො ත්වමසි ... | එවිට භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. මේ අම්බට්ඨ තරුණයා ඉතා දැඩිසේම ශාක්‍යයන් කෙරෙහි දාස වාදයෙන් නින්දාකරයි. මම (ඔහුගේ) ගොත්‍රය විචාරන්නෙම් නම් ඉතා යෙහෙක’ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය: “අම්බට්ඨය, නුඹ කවර ගොත්‍රයක වූයෙහිද?” “භවත් ගෞතමය, මම කණ්භායන වෙමි.” “අම්බට්ඨය, පුරාණවූ මව්පියන්ට අයිති නාමගොත්‍රය... |
එවං වුත්තෙ, තෙ මාණවකා භගවන්තං එතදවොචුං - ‘‘මා භවං ගොතමො අම්බට්ඨං අතිබාළ්හං දාසිපුත්තවාදෙන නිම්මාදෙසි. සුජාතො ච, භො ගොතම අම්බට්ඨො මාණවො, කුලපුත්තො ච අම්බට්ඨො මාණවො, බහුස්සුතො ච අම්බට්ඨො මාණවො, කල්‍යාණවාක්කරණො ච අම්බට්ඨො මාණවො, පණ්ඩිතො ච අම්බට්ඨො මාණවො, පහොති ච අම්බට්ඨො මාණවො භොතා ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතු’’න්... | මෙසේ කී කල්හි ඒ මාණවකයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය: “භවත් ගෞතම තෙමේ ඉතා දැඩිසේ අම්බට්ඨ මාණවකයා දාසි පුත්‍ර වාදයෙන් නිග්‍රහ නොකෙරේවා. අම්බට්ඨය මාණවක තෙමේ වංසවත්ය, අම්බට්ඨ මාණවක තෙමේ උතුම් ගති ඇති පුතෙකි. අම්බට්ඨ තරුණ තෙමේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නෙකි. අම්බට්ඨ තරුණ තෙමේ යහපත් වචන ඇත්තෙකි. අම්බට්ඨ තරුණ තෙමේ පණ්ඩිතය, ... |
අථ ඛො භගවා තෙ මාණවකෙ එතදවොච - ‘‘සචෙ ඛො තුම්හාකං මාණවකානං එවං හොති - ‘දුජ්ජාතො ච අම්බට්ඨො මාණවො, අකුලපුත්තො ච අම්බට්ඨො මාණවො, අප්පස්සුතො ච අම්බට්ඨො මාණවො, අකල්‍යාණවාක්කරණො ච අම්බට්ඨො මාණවො, දුප්පඤ්ඤො ච අම්බට්ඨො මාණවො, න ච පහොති අම්බට්ඨො මාණවො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතු’න්ති, තිට්ඨතු අම්බට්ඨො මාණවො, තුම්හ... | එකල්හි භාග්‍යවතුන්වහන්සේ ඒ මාණවකයන්ට මෙසේ කීසේක: ‘තරුණයෙනි’ ඉදින් නුඹලාට අම්බට්ඨ තරුණයා වංශවත් නොවේය, පහත් ගති ඇති පුතෙකි, සුළු වසයෙන් ශිල්ප ශාස්ත්‍ර දත්තෙකි, නපුරු වචන ඇත්තේය අපණ්ඩිතය, අම්බට්ඨ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයේලා පිළිතුරු දෙන්නට අසමර්ථයැයි සිතේ නම්, අම්බට්ඨ තරුණයා පැත්තකටවී සිටීවා. නුඹලා මා සමග මේ (දාසව... |
අථ ඛො භගවා අම්බට්ඨං මාණවං එතදවොච - ‘‘අයං ඛො පන තෙ, අම්බට්ඨ, සහධම්මිකො පඤ්හො ආගච්ඡති, අකාමා බ්‍යාකාතබ්බො. සචෙ ත්වං න බ්‍යාකරිස්සසි, අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සසි, තුණ්හී වා භවිස්සසි, පක්කමිස්සසි වා එත්ථෙව තෙ සත්තධා මුද්ධා ඵලිස්සති. තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, කින්ති තෙ සුතං බ්‍රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමා... | එවිට භාග්‍යවතුන්වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය: “අම්බට්ඨය, නුඹ ඉදිරියෙහි කරුණු සහිතවූ ප්‍රශ්නයක් මතුවිය. නොකැමැත්තෙන් නමුදු ඒ විසඳිය යුතුය. ඉදින් නුඹ නොවිසඳන්නෙහි නම්, වෙන කරුණකින් හෝ ඒ යටපත් කරන්නෙහි නම්, නිශ්ශබ්ද හෝ වන්නෙහි නම්, නැගිට හෝ යන්නෙහි නම් මෙහිම නුඹගේ හිස සත්කඩව පැළෙන්නේය. අම්බට්ඨය, ඒ කුමකැයි හඟිනෙහිද? ක... |
තෙන ඛො පන සමයෙන වජිරපාණී යක්ඛො මහන්තං අයොකූටං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං (සඤ්ජොතිභූතං (ස්‍යා.)) අම්බට්ඨස්ස මාණවස්ස උපරි වෙහාසං ඨිතො හොති - ‘‘සචායං අම්බට්ඨො මාණවො භගවතා යාවතතියකං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්‍යාකරිස්සති, එත්ථෙවස්ස සත්තධා මුද්ධං ඵාලෙස්සාමී’’ති. තං ඛො පන වජිරපාණිං යක්ඛං භගවා චෙව පස්සති අම්බට්ඨො ච මා... | එකල වජ්‍රපාණියක්ෂ තෙමේ (සක්දෙව් රජතෙමේ) ගිනිපාටවූ, දිලිසෙන්නාවූ එකම ගිනිගොඩක් මෙන්වූ මහත්වූ යහුලක් ගෙණ, අම්බට්ඨ තරුණයාට කෙලින් ආකාශයෙහි සිටියේය. “මේ අම්බට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වැනි වර දක්වා ප්‍රශ්නයක් අසනලදුව උත්තර නොදෙන්නේ නම් මෙහිදීම ඔහුගේ හිස සත්කඩකොට පළමි” කියායි. ඒ වජ්‍රපාණි යක්ෂයා වනාහි භාග්‍යවත... |
අථ ඛො අම්බට්ඨො මාණවො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො භගවන්තංයෙව තාණං ගවෙසී භගවන්තංයෙව ලෙණං ගවෙසී භගවන්තංයෙව සරණං ගවෙසී - උපනිසීදිත්වා භගවන්තං එතදවොච - ‘‘කිමෙතං (කිං මෙ තං (ක.)) භවං ගොතමො ආහ? පුනභවං ගොතමො බ්‍රවිතූ’’ති (බ්‍රූතු (ස්‍යා.)). ‘‘තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, කින්ති තෙ සුතං බ්‍රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භ... | ඉක්බිති අම්බට්ඨ තරුණයා භයවී සංවේගයට පැමිණියේ, මයිල් කෙලින්වී භාග්‍යවතුන් වහන්සේගේම ආරක්ෂාව සොයන්නේ, භාග්‍යවතුන් වහන්සේගේම පිහිට සොයන්නේ, භාග්‍යවතුන් වහන්සේගේම සරණ සොයන්නේ, ළඟට එළඹ, නිවාසනයෙක්හි හිඳ මෙසේ කීය: “මේ කුමක් භවත් ගෞතමයන් වහන්සේ මට කීසේක්ද? භවත් ගෞතමයන් වහන්සේ නැවතත් කියනසේක්වා.” “අම්බට්ඨය, තෝ ඒ කුමකැයි හිතන්න... |
එවං වුත්තෙ, තෙ මාණවකා උන්නාදිනො උච්චාසද්දමහාසද්දා අහෙසුං - ‘‘දුජ්ජාතො කිර, භො, අම්බට්ඨො මාණවො; අකුලපුත්තො කිර, භො, අම්බට්ඨො මාණවො; දාසිපුත්තො කිර, භො, අම්බට්ඨො මාණවො සක්‍යානං. අය්‍යපුත්තා කිර, භො, අම්බට්ඨස්ස මාණවස්ස සක්‍යා භවන්ති. ධම්මවාදිංයෙව කිර මයං සමණං ගොතමං අපසාදෙතබ්බං අමඤ්ඤිම්හා’’ති. | මෙසේ කී කල්හි ඒ තරුණයෝ “පින්වත්නි, අම්බට්ඨ තරුණයා වංශවත් නොවේ, අම්බට්ඨ තරුණයා පහත් ගති ඇති පුත්‍රයෙකි, අම්බට්ඨ තරුණයා ශාක්‍යයන්ගේ දාසියගේ පුත්‍රයාය. ශාක්‍යයෝ අම්බට්ඨ තරුණයාගේ ස්වාමිදරුවෝය. ධර්මවාදීවූ (ඇත්ත කියන්නාවූ) ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපි විශ්වාස නොකොට යුත්තෙකු සේ සිතීමු”යි උස්හඬින් මහ හඬින් ශබ්දනගා කීහ. |
අථ ඛො භගවතො එතදහොසි - ‘‘අතිබාළ්හං ඛො ඉමෙ මාණවකා අම්බට්ඨං මාණවං දාසිපුත්තවාදෙන නිම්මාදෙන්ති, යංනූනාහං පරිමොචෙය්‍ය’’න්ති. අථ ඛො භගවා තෙ මාණවකෙ එතදවොච - ‘‘මා ඛො තුම්හෙ, මාණවකා, අම්බට්ඨං මාණවං අතිබාළ්හං දාසිපුත්තවාදෙන නිම්මාදෙථ. උළාරො සො කණ්හො ඉසි අහොසි. සො දක්ඛිණජනපදං ගන්ත්වා බ්‍රහ්මමන්තෙ අධීයිත්වා රාජානං ඔක්කාකං උපසඞ්කමි... | එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ‘ඉතා දරුණු සේ අම්බට්ඨ තරුණයාට මේ තරුණයෝ දාසි පුත්‍ර වාදයෙන් අවනම්බු කෙරෙත්. ඔහු එයින් මුදවන්නෙම් නම් යෙහෙකැ’යි කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයන්ට මෙසේ කීයේය. “තෙපි අම්බට්ඨ තරුණයාට මෙසේ ඉතා දරුණු සේ දාසිපුත්‍ර වාදයෙන් අවනම්බු නොකරව්. ඒ කෘෂ්ණතෙම ශ්‍රේෂ්ඨවූ ඍෂිවරය... |
අථ ඛො භගවා අම්බට්ඨං මාණවං ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, ඉධ ඛත්තියකුමාරො බ්‍රාහ්මණකඤ්ඤාය සද්ධිං සංවාසං කප්පෙය්‍ය, තෙසං සංවාසමන්වාය පුත්තො ජායෙථ. යො සො ඛත්තියකුමාරෙන බ්‍රාහ්මණකඤ්ඤාය පුත්තො උප්පන්නො, අපි නු සො ලභෙථ බ්‍රාහ්මණෙසු ආසනං වා උදකං වා’’ති? ‘‘ලභෙථ, භො ගොතම’’. ‘‘අපිනු නං බ්‍රාහ්මණා භොජෙය්‍යුං සද්ධෙ වා ථාලිපා... | එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය. “අම්බට්ඨය, මේ කාරණා ගැණ කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි ක්ෂත්‍රිය කුමාරයෙක් බ්‍රාහ්මණ ස්ත්‍රියක් සමග සහවාසය කරන්නේය. ඔවුන්ගේ සංවාසයෙන් පුත්‍රයෙක් උපදින්නේය. ක්ෂත්‍රිය කුමාරයකු කරණකොට බ්‍රාහ්මණ කන්‍යාවගෙන් උපන් යම් ඒ පුත්‍රයෙක් වේ නම් ඔහු බ්‍රාහ්මණයන් අතුරෙන් අග්‍රාසනය හෝ... |
‘‘ඉති ඛො, අම්බට්ඨ, ඉත්ථියා වා ඉත්ථිං කරිත්වා පුරිසෙන වා පුරිසං කරිත්වා ඛත්තියාව සෙට්ඨා, හීනා බ්‍රාහ්මණා. තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, ඉධ බ්‍රාහ්මණා බ්‍රාහ්මණං කිස්මිඤ්චිදෙව පකරණෙ ඛුරමුණ්ඩං කරිත්වා භස්සපුටෙන වධිත්වා රට්ඨා වා නගරා වා පබ්බාජෙය්‍යුං. අපිනු සො ලභෙථ බ්‍රාහ්මණෙසු ආසනං වා උදකං වා’’ති? ‘‘නො හිදං, භො ගොතම’’ . ‘‘අපිනු... | “මෙසේ, අම්බට්ඨය, (බ්‍රාහ්මණ) ස්ත්‍රියක් (ක්ෂත්‍රිය) පුරුෂයෙක් හා සහවාසවූවාද, (බ්‍රාහ්මණ) පුරුෂයෙක් (ක්ෂත්‍රිය) ස්ත්‍රියක් හා සහවාසවූයේද, ක්ෂත්‍රියයෝම උසස් වෙත්. බ්‍රාහ්මණයෝ හීනයහ. “අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතෙන්නෙහිද? මෙහි බ්‍රාහ්මණයෝ යම් වරදක් නිසා බමුණකු හිසමුඩුකොට අමුඩයක් ගස්වා පහරදී රටින් හෝ නගරයෙන් හෝ පිට කරන... |
‘‘එත්තාවතා ඛො, අම්බට්ඨ, ඛත්තියො පරමනිහීනතං පත්තො හොති, යදෙව නං ඛත්තියා ඛුරමුණ්ඩං කරිත්වා භස්සපුටෙන වධිත්වා රට්ඨා වා නගරා වා පබ්බාජෙන්ති. ඉති ඛො, අම්බට්ඨ, යදා ඛත්තියො පරමනිහීනතං පත්තො හොති, තදාපි ඛත්තියාව සෙට්ඨා, හීනා බ්‍රාහ්මණා. බ්‍රහ්මුනා පෙසා, අම්බට්ඨ (බ්‍රහ්මුනාපි අම්බට්ඨ (ක.), බ්‍රහ්මුනාපි එසො අම්බට්ඨ (පී.)), සනඞ්ක... | “අම්බට්ඨය, ක්ෂත්‍රියයෝ යම් ක්ෂත්‍රියකු හිස මුඩුකොට හිසේ අළු වත්කොට රටින් හෝ නගරයෙන් හෝ පිට කරත්ද, මෙපමණකින්ම ඒ ක්ෂත්‍රිය තෙමේ ඉතා පහත් බවට පැමිණියේ වෙයි. අම්බට්ඨය, මෙසේ වූකලී ක්ෂත්‍රිය තෙමේ යම් කලෙක ඉතා පහත් බවට පැමිණියේ වෙයිද, එකල්හිත් ක්ෂත්‍රියයෝ උතුම්හ. බ්‍රාහ්මණයෝ පහත්ය. “අම්බට්ඨය, සනංකුමාර නම් බ්‍රහ්මයා විසින්ද ගා... |
‘‘කතමං පන තං, භො ගොතම, චරණං, කතමා ච පන සා විජ්ජා’’ති? ‘‘න ඛො, අම්බට්ඨ, අනුත්තරාය විජ්ජාචරණසම්පදාය ජාතිවාදො වා වුච්චති, ගොත්තවාදො වා වුච්චති, මානවාදො වා වුච්චති - ‘අරහසි වා මං ත්වං, න වා මං ත්වං අරහසී’ති. යත්ථ ඛො, අම්බට්ඨ, ආවාහො වා හොති, විවාහො වා හොති, ආවාහවිවාහො වා හොති, එත්ථෙතං වුච්චති ජාතිවාදො වා ඉතිපි ගොත්තවාදො වා ... | “භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීල ධර්ම කවරේද? ඒ (විද්‍යාව) නුවණ කවරේද?” “අම්බට්ඨය, අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තියට ජාතිවාදය කියා හෝ ගෝත්‍ර වාදය කියා හෝ මාන්නවාදය කියා හෝ නොකියනු ලැබේ. නුඹ මට සුදුසුවෙයි කියා හෝ නුඹ මට සුදුසු නොවෙහි කියා හෝ යමක් එහි නැත අම්බට්ඨය, ස්ත්‍රියක් සරණපාවා ගැනීම හෝ සරණපාවාදීම හෝ පාවා ගැනීම් දීම් ... |
‘‘කතමං පන තං, භො ගොතම, චරණං, කතමා ච සා විජ්ජා’’ති? ‘‘ඉධ, අම්බට්ඨ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල... | “භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීලධර්මය කවරේද? ඒ (විද්‍යාව) නුවණ කවරේද?” “අම්බට්ඨය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ට විද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු ... |
‘‘ඉමාය ඛො, අම්බට්ඨ, අනුත්තරාය විජ්ජාචරණසම්පදාය චත්තාරි අපායමුඛානි භවන්ති. කතමානි චත්තාරි? ඉධ, අම්බට්ඨ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ඉමඤ්ඤෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො ඛාරිවිධමාදාය (ඛාරිවිවිධමාදාය (සී. ස්‍යා. පී.)) අරඤ්ඤායතනං අජ්ඣොගාහති - ‘පවත්තඵලභොජනො භවිස්සාමී’ති. සො අඤ්ඤදත්ථු විජ්ජාචරණසම්පන්නස්සෙව පරිචාර... | “අම්බට්ඨය ඉතා උතුම්වූ මේ විද්‍යාචරණ සම්පත්තියට විනාශ දොරටු සතරක් වෙත්. කවර සතරක්ද? අම්බට්ඨය, මෙහි ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවට නොපැමිණෙනුයේ, තපස් පිරිකර ආදිය ගෙණ ගස්වලින් වැටුණු ගෙඩිම කන්නෙක් වන්නෙමි’යි ආරණ්‍යයෙහි වනයකට පැමිණෙයි. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණධර්මයෙන් යුක්තවුවහුගේ සේවය (ව... |
‘‘තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, අපිනු ත්වං ඉමාය අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සන්දිස්සසි සාචරියකො’’ති? ‘‘නො හිදං, භො ගොතම’’. ‘කොචාහං, භො ගොතම, සාචරියකො, කා ච අනුත්තරා විජ්ජාචරණසම්පදා? ආරකාහං, භො ගොතම, අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සාචරියකො’’ති. ‘‘තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, අපිනු ත්වං ඉමඤ්චෙව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානො ඛා... | “අම්බට්ඨය, මේ කාරණය ගැණ කුමක් සිතන්නෙහිද? මේ උතුම් විද්‍යාචරණ සම්පදායෙහි ගුරුන් සහිතවූ නුඹ පැමිනෙහිද? (ඔවුන් විසින් නුඹ) හික්මවන ලද්දෙහිද?” “භවත් ගෞතමයන් වහන්ස, එබන්දක් නම් නැත, භවත් ගෞතමයන් වහන්ස, ආචාර්යයන් සහිතවූ මම, කවර නම් ඉතා උතුම් විද්‍යාචරණසම්පත්ති තොමෝ කවරීද?, භවත් ගෞතමයන් වහන්ස, ගුරුවරයෙක් සහිතවූ මම ඉතා උතුම් ... |
‘‘ඉති ඛො, අම්බට්ඨ, ඉමාය චෙව ත්වං අනුත්තරාය විජ්ජාචරණසම්පදාය පරිහීනො සාචරියකො. යෙ චිමෙ අනුත්තරාය විජ්ජාචරණසම්පදාය චත්තාරි අපායමුඛානි භවන්ති , තතො ච ත්වං පරිහීනො සාචරියකො. භාසිතා ඛො පන තෙ එසා, අම්බට්ඨ, ආචරියෙන බ්‍රාහ්මණෙන පොක්ඛරසාතිනා වාචා - ‘කෙ ච මුණ්ඩකා සමණකා ඉබ්භා කණ්හා බන්ධුපාදාපච්චා, කා ච තෙවිජ්ජානං බ්‍රාහ්මණානං සාක... | “අම්බට්ඨය, මෙසේ ගුරුන් සහිතවූ නුඹ මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවෙන් පිරිහුණෙහිය. ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවන්ගේ යම් මේ විනාශ දොරටු හතරක් වෙත්ද එයින්ද ගුරුන් සහිතවූ නුඹ පිරිහුණෙහිය. අම්බට්ඨය, නුඹේ ගුරුවර පොක්ඛරසාති බමුණා විසින් තමන් විද්‍යාචරණ සම්පදාව අඩු තරමින් වත් සම්පූර්ණ නොකරණුයේ “මේ පිළිකුල් කළයුතුවූ මුඩුවෝත් මහණ... |
‘‘බ්‍රාහ්මණො ඛො පන, අම්බට්ඨ, පොක්ඛරසාති රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස දත්තිකං භුඤ්ජති. තස්ස රාජා පසෙනදි කොසලො සම්මුඛීභාවම්පි න දදාති. යදාපි තෙන මන්තෙති, තිරොදුස්සන්තෙන මන්තෙති. යස්ස ඛො පන, අම්බට්ඨ, ධම්මිකං පයාතං භික්ඛං පටිග්ගණ්හෙය්‍ය, කථං තස්ස රාජා පසෙනදි කොසලො සම්මුඛීභාවම්පි න දදෙය්‍ය. පස්ස, අම්බට්ඨ, යාව අපරද්ධඤ්ච තෙ ඉදං ආච... | “අම්බට්ඨය, පොක්ඛරසාති බමුණුතෙමේ පසේනදී කොසොල් රජු විසින් දුන් දෙය අනුභව කරයි. එහෙත් කොසොල් රජ ඔහුට හමුවීමක් පවා නොදෙයි. රජු යම් කලෙක ඔහු හා යම් කරුණු ගැණ කතාකරයිද මුවහවූ රෙදිපට අතුරින් කථාකරයි. “අම්බට්ඨය, පසෙනදී කොසොල් රජ ධාර්මිකවූ සිය කැමැත්තෙන් පවරා දෙනු ලබන දන් යමෙකුට පිළිගන්වාද එසේවූ පොක්ඛරසාති බමුණුහට කෙසේ නම් තමා... |
‘‘තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, ඉධ රාජා පසෙනදි කොසලො හත්ථිගීවාය වා නිසින්නො අස්සපිට්ඨෙ වා නිසින්නො රථූපත්ථරෙ වා ඨිතො උග්ගෙහි වා රාජඤ්ඤෙහි වා කිඤ්චිදෙව මන්තනං මන්තෙය්‍ය. සො තම්හා පදෙසා අපක්කම්ම එකමන්තං තිට්ඨෙය්‍ය. අථ ආගච්ඡෙය්‍ය සුද්දො වා සුද්දදාසො වා, තස්මිං පදෙසෙ ඨිතො තදෙව මන්තනං මන්තෙය්‍ය - ‘එවම්පි රාජා පසෙනදි කොසලො ආහ, එවම... | “අම්බට්ඨය, මේ කාරණය ගැණ කුමක් සිතන්නෙහිද? මේ පසේනදී කෝශල රජ ඇතෙකු පිට හෝ අසකු පිට හෝ රථාසනයෙහි හෝ හුන්නේ උසස් අමාත්‍යයන් සමග හෝ රාජකුමාරයන් සමග හෝ කිසියම් සාකච්ඡාවෙක් කරන්නේය. ඒ බමුණු තෙමේ ඒ ප්‍රදේශයෙන් පිට ගොස් එක් පෙදෙසක සිටින්නේය. ඉක්බිති ශුද්‍රයෙක් හෝ ශුද්‍රදාසයෙක් හෝ එන්නේය. ඒ බමුණු තෙමේ එහි සිටියේ එවැනිවූම මන්ත්... |
‘‘එවමෙව ඛො ත්වං, අම්බට්ඨ, යෙ තෙ අහෙසුං බ්‍රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්‍රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං, තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්‍යථිදං - අට්ඨකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි (යමදග්ගි (ක.)) අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්... | “අම්බට්ඨය, එපරිද්දෙන්ම බමුණන්ගේ මුල් ඍෂීහු වූ මන්ත්‍ර කර්තෘහුවූ මන්ත්‍ර පැවැත්වූවා වූ යම් මුල්ගුරුවරයෝ වූවාහුද, වර්තමානයෙහි බමුණෝ යම් කෙනෙකුගේ පුරාණ වෙදමන්ත්‍රයන් (ඔවුන් විසින්) කටපාඩමේ කීම කරණලද සේ කටපාඩමේ කීම කරත්ද, කියවනලද සේ කියවත්ද, රැස්කොට තබන ලදසේ තබද්ද, ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අංගීරසය,... |
‘‘තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, කින්ති තෙ සුතං බ්‍රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං - යෙ තෙ අහෙසුං බ්‍රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්‍රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං, තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්‍යථිදං - අට්ඨකො වාමකො ව... | “අම්බට්ඨය, මේ ගැණ නුඹ කුමකැයි සිතන්නෙහිද? මන්ත්‍රකර්තෘහුවූ මන්ත්‍ර පැවැත්වූවාවූ, බමුණන්ගේ මුල්වූ ඍෂීහු වූහ. මේ කාලයෙහි බමුණෝ යම් කෙනෙකුන් වෙද මන්ත්‍රයන් කටපාඩමේ කීම කළාසේ කටපාඩමේ කීම කරත්ද? කියවනලද සේ කියවත්ද, රැස්කොට තබනලදසේ තබද්ද? ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, ... |
අථ ඛො භගවා විහාරා නික්ඛම්ම චඞ්කමං අබ්භුට්ඨාසි. අම්බට්ඨොපි මාණවො විහාරා නික්ඛම්ම චඞ්කමං අබ්භුට්ඨාසි. අථ ඛො අම්බට්ඨො මාණවො භගවන්තං චඞ්කමන්තං අනුචඞ්කමමානො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දසා ඛො අම්බට්ඨො මාණවො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්‍යෙන ඨපෙත්වා ද්වෙ . ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති වි... | එවිට භාග්‍යවතුන් වහන්සේ නිවාසයෙන් නික්මී සක්මනට වැඩිසේක. අම්බට්ඨ තරුණයා තෙමේත් (ගන්ධකුටි) නිවාසයෙන් නික්ම සක්මනට ගියේය. ඉක්බිති අම්බට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන්කරණුයේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස ලකුණු පරීක්ෂාකෙළේය. අම්බට්ඨ තරුණයා තෙමේ භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරණුයේ භාග්‍යවතුන් වහන... |
අථ ඛො භගවතො එතදහොසි - ‘‘පස්සති ඛො මෙ අයං අම්බට්ඨො මාණවො ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්‍යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති - කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චා’’ති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස අම්බට්ඨො මාණවො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛ... | එකල භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතක් පහළ විය. ‘මේ අම්බට්ඨ තරුණයා ‘කොශයෙහි සැඟවුනු පුරුෂ නිමිත්ත ඇති බවය, “පුළුල් දික් මෙළෙක් දිව ඇති බවය’ යන දෙලකුණ හැර සෙසු සියලු මහා පුරුෂ ලක්ෂණයන් දකී. දැක ඒ දෙක්හි සැක කරයි, තීරණයකට නොපැමිණෙයි ඔහුගේ සිත නොපහදී යනුයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයා යම්සේ ‘කොසොහිත්ථගුය්හය” දකී... |
තෙන ඛො පන සමයෙන බ්‍රාහ්මණො පොක්ඛරසාති උක්කට්ඨාය නික්ඛමිත්වා මහතා බ්‍රාහ්මණගණෙන සද්ධිං සකෙ ආරාමෙ නිසින්නො හොති අම්බට්ඨංයෙව මාණවං පටිමානෙන්තො. අථ ඛො අම්බට්ඨො මාණවො යෙන සකො ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන බ්‍රාහ්මණො පොක්ඛරසාති තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා බ්‍රාහ්මණං පොක්ඛර... | “එකල පොක්ඛරසාති බමුණු තෙමේ උක්කට්ඨාවෙන් නික්ම මහත් බ්‍රාහ්මණ සමූහයක් සමග තමන්ගේ ආරාමයෙහි අම්බට්ඨ තරුණයා ගැන බලාපොරොත්තු වෙමින් හුන්නේය. මේ වේලෙහි අම්බට්ඨ තරුණයාත් එහි පැමිණියේය. රථයෙන් යාහැකි තෙක් රථයෙන් ගොස් බැස පා ගමනින්ම පොක්ඛරසාති බමුණු වෙත ගොස් වැඳ එක පැත්තකටව හුන්නේය. |
එකමන්තං නිසින්නං ඛො අම්බට්ඨං මාණවං බ්‍රාහ්මණො පොක්ඛරසාති එතදවොච - ‘‘කච්චි, තාත අම්බට්ඨ, අද්දස තං භවන්තං ගොතම’’න්ති? ‘‘අද්දසාම ඛො මයං, භො, තං භවන්තං ගොතම’’න්ති. ‘‘කච්චි, තාත අම්බට්ඨ, තං භවන්තං ගොතමං තථා සන්තංයෙව සද්දො අබ්භුග්ගතො නො අඤ්ඤථා; කච්චි පන සො භවං ගොතමො තාදිසො නො අඤ්ඤාදිසො’’ති ? ‘‘තථා සන්තංයෙව, භො, තං භවන්තං ගොත... | “කිම, දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන් දුටුයේද?” “ස්වාමීනි, අපි ඒ භවත් ගෞතමයන් දුටුවමු.” “කිම, දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූම කීර්ති ශබ්දයක් උස්ව නැංගේද, නැත්නම් එසේ නොවේද? ඒ භවත් ගෞතම තෙමේ එබඳුද, නැත්නම් එබඳු නොවේද?” “ස්වාමීනි, භවත් ගෞතමයන් වහන්සේගේ එබඳුවූ, ඇත්තාවූම කීර්ති ශබ්දයක් උස්ව නැංගේය. නැත්තාවූ එකක්... |
එවං වුත්තෙ, බ්‍රාහ්මණො පොක්ඛරසාති අම්බට්ඨං මාණවං එතදවොච - ‘‘අහො වත රෙ අම්හාකං පණ්ඩිතක (පණ්ඩිතකා), අහො වත රෙ අම්හාකං බහුස්සුතක (බහුස්සුතකා), අහො වත රෙ අම්හාකං තෙවිජ්ජක (තෙවිජ්ජකා), එවරූපෙන කිර, භො, පුරිසො අත්ථචරකෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය. යදෙව ඛො ත්වං, අම්බට්ඨ, තං භවන්තං ගොතමං එවං... | එසේ කී කල පොක්ඛරසාතී බමුණු තෙමේ අම්බට්ඨ තරුණයාහට මෙසේ කීයේය:- ‘අනේ හොඳයි, අපගේ පණ්ඩිත නම්බුකාරයා, බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැනීමෙහි නම්බුකාරයා ත්‍රිවිද්‍යා නම්බුකාරයා මෙබඳුවූ හිතවතෙකු යම් මිනිසකුට ඇතිවුවොත් ඒ මිනිසා ශරීරය බිඳීමෙන් මරණින් පසු අපාය නම්වූ, නපුරු ගති ඇති, දුක්වූ නිරයෙහිම උපදින්නේය. “අම්බට්ඨය, නුඹ ඒ භවත් ගෞතමයන්... |
අථ ඛො තෙ බ්‍රාහ්මණා බ්‍රාහ්මණං පොක්ඛරසාතිං එතදවොචුං - ‘‘අතිවිකාලො ඛො, භො, අජ්ජ සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. ස්වෙදානි (දානි ස්වෙ (සී. ක.)) භවං පොක්ඛරසාති සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’’ති. අථ ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා යානෙ ආරොපෙත්වා උක්කාසු ධාරියමානාසු උක්කට්ඨාය නිය්... | එවිට ඒ බමුණෝ පොක්ඛරසාති බමුණුහට මෙසේ කිවහුය:- “පින්වත, ශ්‍රමණ ගෞතමයන් දකින්ට අද කිසිසේත් කාලය නොවේ. හෙට පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීම පිණිස යන සේක්වා. එකල්හි පොක්ඛරසාති බමුණු තෙමේ ස්වකීය ගෘහයෙහි මිහිරි කෑ යුතු දේ පිළියෙල කරවා රථයක හිඳ පන්දම් එළියෙන් උක්කට්ඨාවෙන් පිටත්ව ඉච්ඡානංගල වනලැහැබට පැමිණියේ... |
එකමන්තං නිසින්නො ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති භගවන්තං එතදවොච - ‘‘ආගමා නු ඛො ඉධ, භො ගොතම, අම්හාකං අන්තෙවාසී අම්බට්ඨො මාණවො’’ති? ‘‘ආගමා ඛො තෙ (තෙධ (ස්‍යා.), තෙ ඉධ (පී.)), බ්‍රාහ්මණ, අන්තෙවාසී අම්බට්ඨො මාණවො’’ති. ‘‘අහු පන තෙ, භො ගොතම, අම්බට්ඨෙන මාණවෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො’’ති? ‘‘අහු ඛො මෙ, බ්‍රාහ්මණ, අම්බට්ඨෙන මාණවෙන සද්... | එකපැත්තකින් හුන් පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:- ‘භවත් ගෞතමයන්වහන්ස, අප යටතේ සිටින අම්බට්ඨ තරුණයා මෙහි ආවේද?” “බ්‍රාහ්මණය, නුඹ යටතේ සිටින අම්බට්ඨ තරුණයා මෙහි ආවේය.” “භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයා සමග ඔබ වහන්සේගේ කිසියම් කථා ස්වල්පයක් වීද?” “බ්‍රාහ්මණය, අම්බට්ඨ තරුණයා සමග මාගේ කිසියම් කථා ස... |
අථ ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දසා ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්‍යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති - කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය ච. | එවිට පොක්ඛරසාති බමුණුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස් ලකුණු විමසීය. පොක්ඛරසාති බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙකක් හැර සෙසු සියලු මහා පුරුෂ ලක්ෂණයන් දුටුයේය, ‘කොසොහිතවත්ථගුය්හතා’ ‘පහුතජිව්හතා’ යන ලක්ෂණ දෙකෙහි සැක කරයි, තීරණයකට නොබසී, (ඔහුගේ සිත) නොපහදී. |
අථ ඛො භගවතො එතදහොසි - ‘‘පස්සති ඛො මෙ අයං බ්‍රාහ්මණො පොක්ඛරසාති ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්‍යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති - කොසොහිතෙ ච වත්ථගුය්හෙ, පහූතජිව්හතාය චා’’ති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස බ්‍රාහ්මණො පොක්ඛරසාති භගවතො කොසොහිතං ව... | එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය, ‘මේ බමුණු තෙමේ ‘කොෂයෙහි සැඟවුනු පුරුෂනිමිත්ත ඇති බවය,’ ‘පලල් දික් මොලොක් දිව ඇති බවය’ යන ලකුණු දෙක හැර සෙසු මහා පුරුෂ ලක්ෂණ දැක ඒ දෙක ගැන සැක කරයි, තීරණයකට නොබසී, (ඔහු සිත) නොපහදී.’ එවිට භාග්‍යවතුන් වහන්සේ පොක්ඛරසාති බමුණු තෙමේ යම්සේ කොසොහිතවත්ථගුය්හය දකීද, එබඳු ඍද්ධි විශේෂය... |
අථ ඛො බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස එතදහොසි - ‘‘සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි පරිපුණ්ණෙහි නො අපරිපුණ්ණෙහී’’ති. භගවන්තං එතදවොච - ‘‘අධිවාසෙතු මෙ භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. | එකල පොක්ඛරසාති බමුණු හට මෙසේ සිතුනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්පූර්ණ දෙතිස් මහපුරිස් ලකුණින් යුක්තයහ. අසම්පූර්ණයෙන් නොවේ.” (එසේ සිතා) භාග්‍යවතුන් වහන්සේ. භික්ෂු සංඝයා සමග අද දානය පිළිගණිත්වා” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් පිළිගත්තේය. |
අථ ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති භගවතො අධිවාසනං විදිත්වා භගවතො කාලං ආරොචෙසි - ‘‘කාලො, භො ගොතම, නිට්ඨිතං භත්ත’’න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති භගවන්තං පණීතෙන ඛාදනීයෙන භ... | ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන, “භවත් ගෞතමන් වහන්ස, දානය සූදානම්ය, දැන් කාලයයි වළඳන්නට කාලය දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ උදය කාලයේ හැඳ පෙරව පාත්‍රා සිවුරු ගෙණ භික්ෂුසමූහයා සමග පොක්ඛරසාති බමුණාගේ භෝජන ස්ථානයට වැඩියේය. එහි පැමිණ, පැනවූ ආසනයෙහි වැඩ උන්නේය. එවිට පොක්ඛරසාතී බමුණු තෙමේ තමන්ගේ... |
එකමන්තං නිසින්නස්ස ඛො බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස භගවා අනුපුබ්බිං කථං කථෙසි, සෙය්‍යථිදං - දානකථං සීලකථං සග්ගකථං; කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි බ්‍රාහ්මණං පොක්ඛරසාතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි ... | භාග්‍යවතුන් වහන්සේ එසේ හුන් පොක්ඛරසාති බමුණාහට දාන කථාවය, සීලකථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ වැරැද්ද හා කෙලෙසන බවය, පහත් බවය, මහණ වීමේ උතුම්කමය, යන ධර්මදේශනා කිරීමේදී පළමුවෙන් කරන පිළිවෙළ කථාව දේශනා කළේය. භාග්‍යවතුන් වහන්සේ යම් ඇසිල්ලෙක පොක්ඛරසාති බමුණා තුළ සුදුසුවූ මෘදුවූ, බාධා නැති ප්‍රීතිය වැඩීගිය, ප්‍රසන්නවූ සිත ඇතිව... |
අථ ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම. සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය , අන්ධකාරෙ... | එවිට පොක්ඛරසාති බමුණු තෙමේ ලබාගත් ධර්ම ඇතියේ, අවබෝධකළ ධර්ම ඇතියේ, දැඩිව ගත් ධර්ම ඇතියේ, දුරුකළ සැක ඇතියේ, මහත් දැනීම් ඇතිවූයේ, වෙන අනුශාසනාවක් නොපිලිගන්නේ, භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීය: “භවත් ගෞතමයන් වහන්ස, පැහැදුනෙමි, ඉතා පැහැදුනෙමි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක වැස්ම ඉවත්... |
එවං මෙ සුතං - එකං සමයං භගවා අඞ්ගෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන චම්පා තදවසරි. තත්‍ර සුදං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. තෙන ඛො පන සමයෙන සොණදණ්ඩො බ්‍රාහ්මණො චම්පං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං රාජදායං බ්‍රහ්... | මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයාවහන්සේ සමග (අංග) අඟු රටෙහි හැසිරෙන කල චම්පා නුවරට වැඩියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරයෙහිවූ ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරති. එකල සොණදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් මගධ දෙශයෙහි රජවූ බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස රජුගෙන් ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.