pali_text stringlengths 7 23.7k | sinhala_text stringlengths 1 333k |
|---|---|
ඔකඤ්ජහං තණ්හච්ඡිදං අනෙජං, [ඉච්චායස්මා භද්‍රාවුධො] නන්දිඤ්ජහං ඔඝතිණ්ණං විමුත්තං; කප්පඤ්ජහං අභියාචෙ සුමෙධං, සුත්වාන නාගස්ස අපනමිස්සන්ති (අපගමිස්සන්ති (ක.)) ඉතො. ඔකඤ්ජහං තණ්හච්ඡිදං අනෙජන්ති. ඔකඤ්ජහන්ති රූපධාතුයා යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපායුපාදානා (උපයුපාදානා (ක.)) චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ බුද්ධස්ස භ... | (12-1) 1. “ඔක නම් වාසස්ථානය දුරු කරන්නේය, තෘෂ්ණාව සිඳින්නේය, ආශා රහිත වන්නේය,” යන්නෙහි වාසස්ථානය දුරු කරන්නේ යනු රූපධාතුවෙහි යම් ඡන්දයක් ඇද්ද, යම් රාගයක් ඇද්ද, යම් නන්දියක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, යම් උපාදානයෝ වෙද්ද, ඉටාගන්නා ලද සිතෙහි කෙලෙස් ඇතුල්වීම් ඇද්ද, ඒවා භාග්‍යවත් බුදුරජානන් වහන්සේට ප්‍රහීනය මුලින් සිඳුනේය, අ... |
නානාජනා ජනපදෙහි සඞ්ගතා, තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා; තෙසං තුවං සාධු වියාකරොහි, තථා හි තෙ විදිතො එස ධම්මො. නානාජනා ජනපදෙහි සඞ්ගතාති. නානාජනාති ඛත්තියා ච බ්‍රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච. ජනපදෙහි සඞ්ගතාති අඞ්ගා ච මගධා ච කලිඞ්ගා ච කාසියා ච කොසලා ච වජ්ජියා ච මල්ලා ච චෙතියම්හා ච (චෙතියම්හා ... | (12-2) 1. “ජනපදයන්ගෙන් පැමිණියාවූ නානා ජනයෝ” යන්නෙහි නානා ජනයෝ යනු ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද ගෘහස්ථයෝද ප්‍රව්‍රජිතයෝද දෙවියෝද මිනිස්සුද යනුයි. ජනපදයන්ගෙන් පැමිණි යනු අඟු, මගධ, කාලිංග, කාසී, කොසල, වජ්ජි මල්ල, වෙති, වංග යන රටවල්ද, කුරු පංචාල, මච්ඡ, සූරසේන, අවන්ති, යොන්, කම්බොජ, යන දෙශද යනුයි. “රැස්වූ ... |
ආදානතණ්හං විනයෙථ සබ්බං, [භද්‍රාවුධාති භගවා] උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ; යං යඤ්හි ලොකස්මිමුපාදියන්ති, තෙනෙව මාරො අන්වෙති ජන්තුං. ආදානතණ්හං විනයෙථ සබ්බන්ති ආදානතණ්හං වුච්චති රූපතණ්හා...පෙ.... ආදානතණ්හාති කිංකාරණා වුච්චති ආදානතණ්හා? තාය තණ්හාය රූපං ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති. වෙදනං...පෙ.... සඤ්ඤං... | (12-3) 1. “තදින් අල්ලාගන්නාවූ සියලු තෘෂ්ණාව හික්මව” යන්නෙහි තදින් අල්ලාගන්නාවූ තෘෂ්ණා නම් රූප තෘෂ්ණාව ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තෘෂ්ණාව යනුයි. අල්ලා ගැනීමේ තෘෂ්ණායයි යන්නෙහි කවර කරුණකින් මෙසේ කියනු ලැබේද? ඒ තෘෂ්ණාවෙන් රූපය තදින් අල්ලා ගනිත්, ඇතුලුවෙත්, වේදනාව සඤ්ඤාව සංස්කාරයෝ විඤ්ඤාණය, ගතිය, උත්පත්තිය, ප්‍රතිසන්ධි භවය, සං... |
තස්මා පජානං න උපාදියෙථ, භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ; ආදානසත්තෙ ඉති පෙක්ඛමානො, පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං. තස්මා පජානං න උපාදියෙථාති. තස්මාති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා, එතං ආදීනවං සම්පස්සමානො ආදානතණ්හායාති - තස්මා. පජානන්ති ජානන්තො පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො ‘‘සබ්බෙ සඞ්ඛාරා අනි... | (12-4) 1. “එහෙයින් දන්නාවූ පුද්ගලතෙම දැඩිව අල්ලා නොගන්නේය” යන්නෙහි “එහෙයින්” යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන්, ඒ නිදානයෙන් යනුයි. එහෙයින් දන්නාවූ යනු අවබෝධ කරන්නාවූ දැනගන්නාවූ සියලු සංස්කාරයෝ අනිත්‍යයයි දැනගන්නාවූ, අවබෝධකරගන්නාවූ, සියලු සංස්කාරයෝ දුක්යයි දැනගන්නාවූ අවබෝධ කරන්නාවූ (1-8) 3 යෙදිය යුතුයි.) යම්කිසි ... |
ඣායිං විරජමාසීනං, [ඉච්චායස්මා උදයො] කතකිච්චං අනාසවං; පාරගුං සබ්බධම්මානං, අත්ථි පඤ්හෙන ආගමං; අඤ්ඤාවිමොක්ඛං පබ්‍රූහි (සංබ්‍රූහි (ස්‍යා.)) , අවිජ්ජාය පභෙදනං. ඣායිං විරජමාසීනන්ති. ඣායින්ති ඣායී භගවා. පඨමෙනපි ඣානෙන ඣායී, දුතියෙනපි ඣානෙන ඣායී, තතියෙනපි ඣානෙන ඣායී, චතුත්ථෙනපි ඣානෙන ඣායී, සවිතක්කසවිචාරෙනපි ඣානෙන ඣායී, අවිතක්කව... | (13-1) 1. “ධ්‍යානකරණ සුළුකෙලෙස් රජස් දුරුකොට සිටියාවූ” යන්නෙහි ධ්‍යාන කරණසුළු යනු භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන කරණසේක. ප්‍රථමධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. ද්විතීයධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. තෘතීය ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. චතුර්ථ ධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. විතර්ක සහිත විචාර සහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. විතර්ක රහිත විචාර සහිත ධ්‍ය... |
පහානං කාමච්ඡන්දානං, [උදයාති භගවා] දොමනස්සාන චූභයං; ථිනස්ස (ථීනස්ස (ස්‍යා.)) ච පනූදනං, කුක්කුච්චානං නිවාරණං. පහානං කාමච්ඡන්දානන්ති. ඡන්දොති යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමසිනෙහො කාමපිපාසා කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමුපාදානං කාමච්ඡන්දනීවරණං. පහානං කාමච්ඡන්දානන්ති කාමච්ඡන්දානං පහා... | (13-2) 1. “කාමච්ඡන්දයන්ගේ ප්‍රහානය” යන්නෙහි ඡන්දය නම් කාමයන්හි යම් ඡන්දයක් ඇද්ද, කාම රාගයක් ඇද්ද, කාම බන්ධනයක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම පිපාසාවක් ඇද්ද, කාම පරිඩාහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාමයට බැස ගැන්මක්, කාමොඝයක්, කාම යොගයක් කාමූපාදානයක් කාමච්ඡන්ද නීවරණයක් ඇද්ද යනුයි. “කාමච්ඡන්දයන්ගේ ප්‍ර... |
උපෙක්ඛාසතිසංසුද්ධං , ධම්මතක්කපුරෙජවං; අඤ්ඤාවිමොක්ඛං පබ්‍රූමි, අවිජ්ජාය පභෙදනං. උපෙක්ඛාසතිසංසුද්ධන්ති. උපෙක්ඛාති යා චතුත්ථෙ ඣානෙ උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා චිත්තසමතා (චිත්තසමථො (ස්‍යා.) මහානි. 207) චිත්තප්පස්සද්ධතා මජ්ඣත්තතා චිත්තස්ස. සතීති යා චතුත්ථෙ ඣානෙ උපෙක්ඛං ආරබ්භ සති අනුස්සති...පෙ.... සම්මාසති. උපෙක්ඛාසතිසංසුද... | (13-3) 1. “උපෙක්ෂා ස්මෘති දෙකින් පිරිසිදුවූ” යන්නෙහි උපෙක්ෂා නම් යම් චතුර්ථ ධ්‍යානයෙහි උපෙක්ෂාවක් ඇද්ද, එකඟ බවක් ඇද්ද, චිත්ත සමථයක් ඇද්ද, මධ්‍යස්ථකමක් ඇද්ද: එයයි චිත්තයාගේ සතිය යනු යම් සතරවන ධ්‍යානයෙහි උපෙක්ෂා නිසා ස්මෘතියක් වේද, අනුස්මෘතියක් වේද’ සම්‍යක් ස්මෘතියක් වේද, යනුයි. 2. “උපෙක්ෂාව හා ස්මෘතියෙන් පිරිසිදුවූ” යනු... |
කිංසු සංයොජනො ලොකො, කිංසු තස්ස විචාරණං; කිස්සස්ස විප්පහානෙන, නිබ්බානං ඉති වුච්චති. කිංසු සංයොජනො ලොකොති ලොකස්ස සංයොජනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො. කෙන ලොකො යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො ලග්ගො ලග්ගිතො පලිබුද්ධොති - කිංසු සංයොජනො ලොකො. කිංසු තස්ස විචාරණන්ති කිංසු තස්ස චාරණං විචාරණං පටිවිචාරණං. කෙන ලොකො චරති විචරති පටිවි... | (13-4) 1. “ලෝකයෙහි සංයෝජනය නම් කුමක්ද?” ලෝකයේ සංයෝජනය එල්බීම, බන්ධනය, කිලුට කුමක් වේද එයින් ලෝකය යුක්තවූයේ යෙදුනේවේද? යනුයි. එහි විචාරණය කෙසේද? යනු විචාරණය, පටිවිචාරණය යනුයි. කවරකින් ලෝකය හැසිරේද? යමකගේ ප්‍රහානයෙන් කිම නිවනයයි කියනු ලැබේද? යනු යමක ප්‍රහානයෙන් සන්සිඳීමෙන් නිර්වාණයයයි කියයිද, ප්‍රකාශ කරයිද, ව්‍යවහාර කරයි... |
නන්දිසංයොජනො ලොකො, විතක්කස්ස විචාරණා; තණ්හාය විප්පහානෙන, නිබ්බානං ඉති වුච්චති. නන්දිසංයොජනො ලොකොති නන්දී වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං, අයං වුච්චති නන්දී. යා නන්දී ලොකස්ස සංයොජනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො, ඉමාය නන්දියා ලොකො යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො ලග්ගො ලග්ගිතො පලිබුද්ධොති - නන්ද... | 2. “නන්දිය ලෝකයෙහි සංයෝජනයයි” යන්නෙහි නන්දිය යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද මෙය නන්දියයි කියනු ලැබේ. මේ නන්දිය ලෝකයාගේ සංයෝජනයකි. එල්බීමකි. බන්ධනයකි. උපක්ලේශයකි. මේ නන්දියෙන් ලෝකය යුක්තය, ප්‍රයුක්තය, ආයුක්තය, සමායුක්තය, එල්බුනේය යනුයි. 3. “විතර්කය විචාරණයයි” යන්නෙහි... |
කථං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣති; භගවන්තං පුට්ඨුමාගමා, තං සුණොම වචො තව. කථං සතස්ස චරතොති කථං සතස්ස සම්පජානස්ස චරතො විහරතො ඉරියතො වත්තයතො පාලයතො යපයතො යාපයතොති - කථං සතස්ස චරතො. විඤ්ඤාණං උපරුජ්ඣතීති විඤ්ඤාණං නිරුජ්ඣති වූපසම්මති අත්ථං ගච්ඡති පටිප්පස්සම්භතීති - විඤ්ඤාණං උපරුජ්ඣති. භගවන්තං පුට්ඨුමාගමාති බුද්ධං භගවන්තං පු... | (13-5) 1. “කෙසේ සිහි ඇතිව හැසිරෙන්නනහුට” යනු කෙසේ සිහි ඇතිව මනා නුවණැතිව හැසිරෙන්නහුට වාසය කරන්නහුට ඉරියව් පවත්වන්නහුට, පවතින්නහුට පාලනය වන්නහුට, යැපෙන්නහුට යනුයි. විඤ්ඤාණය නිරුද්ධවේද යනු ව්‍යපසමනයවේද, සංසිඳේද යනුයි. 2. “භාග්‍යවතුන් වහන්සේ වෙත මනාකොට පැමිණ” යනු භාග්‍යවත් බුදුන්ගෙන් මනාකොට විචාරන්නට ඉල්වන්නට ආරාධනා කරන්... |
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, වෙදනං නාභිනන්දතො; එවං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣති. අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වෙදනං නාභිනන්දතොති අජ්ඣත්තං වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣොසෙති (න අජ්ඣොසාය තිට්ඨති (ස්‍යා.)), අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති; බහ... | (13-6) 1. “ඇතුළතද පිටතද වේදනාව ගැන සතුටු නොවන්නාවූ” යනු අධ්‍යාත්ම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. නොකියයි. සතුටුවීම, කීම ගැනීම, පරාමර්ශය, ඇතුළුවීම දුරු කරයි. බැහැර කරයි. සම්පූර්ණයෙන් අභාවයට පමුණුවයි. පිටත වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසයකරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. (ii) නොකියයි. ... |
යො අතීතං ආදිසති, [ඉච්චායස්මා පොසාලො] අනෙජො ඡින්නසංසයො; පාරගුං (පාරගූ (ස්‍යා. ක.)) සබ්බධම්මානං, අත්ථි පඤ්හෙන ආගමං. යො අතීතං ආදිසතීති. යොති යො සො භගවා සයම්භූ. අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො, බලෙසු ච වසීභාවං. අතීතං ආදිසතීති භගවා අත්තනො ච පරෙසඤ්ච අතීතම්පි ආදිසති, අන... | (14-1) 1. “යමෙක් අතීතය ප්‍රකාශ කෙරේද?” යන්නෙහි “යමෙක්” යනු තමාම දැනගත් ආචාර්යවරයෙකු නැති, යම් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙර නොඇසූ ධර්මයන්හි තෙමේම සත්‍යයන් අවබෝධකළ සේක්ද? එහිද සර්වඥ භාවයට පැමිණියේ ඵලයන්හි වසඟ බවට පැමිණියේද යනුයි. අතීතය ප්‍රකාශ කෙරෙයි යනු භාග්‍යවතුන් වහන්සේ තමාගේද අනුන්ගේද අතීතයද ප්‍රකාශ කරයි. අනාගතයද ප්‍රකාශ... |
විභූතරූපසඤ්ඤිස්ස, සබ්බකායප්පහායිනො; අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, නත්ථි කිඤ්චීති පස්සතො; ඤාණං සක්කානුපුච්ඡාමි, කථං නෙය්‍යො තථාවිධො. විභූතරූපසඤ්ඤිස්සාති කතමා රූපසඤ්ඤා? රූපාවචරසමාපත්තිං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං - අයං රූපසඤ්ඤා. විභූතරූපසඤ්ඤිස්සාති චතස්සො අරූපසමාපත්තියො පටිලද්... | (14-2) 1. “ප්‍රකටවූ රූප සංඥා ඇත්තහුට” යන්නෙහි රූප සංඥාව කවරීද? රූපාවචර සමාපත්තියට සමවැදුනහුට හෝ උපන්නහුට හෝ මෙලොව සුඛ විහරණ ඇත්තහුට හෝ සංඥාවක් හැඳිනීමක් හැඳිනීම් බවක් ඇද්ද, මේ රූප සංඥාවයි ප්‍රකට රූප සංඥා ඇත්තහුට යනු සතර අරූප සමාපත්තීන් ලද්දාහුට රූප සංඥාවෝ ප්‍රකට වූවාහු වෙත්. වඩන ලද්දාහු වෙත්, ඉක්මවූවාහු වෙත් යනුයි. සිය... |
විඤ්ඤාණට්ඨිතියො සබ්බා, [පොසාලාති භගවා] අභිජානං තථාගතො; තිට්ඨන්තමෙනං ජානාති, ධිමුත්තං තප්පරායණං; විඤ්ඤාණට්ඨිතියො සබ්බාති භගවා අභිසඞ්ඛාරවසෙන චතස්සො විඤ්ඤාණට්ඨිතියො ජානාති, පටිසන්ධිවසෙන සත්ත විඤ්ඤාණට්ඨිතියො ජානාති. කථං භගවා අභිසඞ්ඛාරවසෙන චතස්සො විඤ්ඤාණට්ඨිතියො ජානාති? වුත්තඤ්හෙතං භගවතා - ‘‘රූපුපයං (රූපූපායං (ස්‍යා. ක.) පස... | (14-3) 1. “සියලු විඤ්ඤාණස්ථතීන් යනු භාග්‍යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනියි. කෙසේ භාග්‍යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනීද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරණලදී” මහණෙනි, ඉදින් රූපූපාය (ii) විඤ්ඤාණය සිටිනු ලබන්නේ සිටියි. රූපාරම්මනය රූපප්‍රතිෂ්ඨාව වැඩීම් බවට විපුලත්වයට පැම... |
ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා, නන්දිසංයොජනං ඉති; එවමෙතං අභිඤ්ඤාය, තතො තත්ථ විපස්සති; එතං ඤාණං තථං තස්ස, බ්‍රාහ්මණස්ස වුසීමතො. ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වාති ආකිඤ්චඤ්ඤාසම්භවොති වුච්චති ආකිඤ්චඤ්ඤායතනසංවත්තනිකො කම්මාභිසඞ්ඛාරො. ආකිඤ්චඤ්ඤායතනසංවත්තනිකං කම්මාභිසඞ්ඛාරං ආකිඤ්චඤ්ඤාසම්භවොති ඤත්වා, ලග්ගනන්ති ඤත්වා, බන්ධනන්ති ඤත්වා, පලිබොධොති ... | (14-4) 1. “ආකිඤ්චඤ්ඤායතනය උපදවන කර්මය දැන” යනු ආකිඤ්චඤ්ඤායතනයට හේතුවූ කර්මාභිසංස්කාරයට කියයි. එය ආකිංචඤඤ්ඤායතන හේතුව යයි දැන එල්බීම යයි දැන බන්ධනයයි දැන පලිබොධයයි දැන, සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි. 2. “නන්දි සංයෝජනයයි මෙසේ දැන” යනු නන්දි සංයෝජනයයි අරූප රාගයට කියයි. රූප රාගයෙන් ඒ කර්මයෙහි එල්බුනේය. අරූප රාගය නන්... |
ද්වාහං සක්කං අපුච්ඡිස්සං, [ඉච්චායස්මා මොඝරාජා] න මෙ බ්‍යාකාසි චක්ඛුමා; යාවතතියඤ්ච දෙවීසි (දෙවිසි (ස්‍යා.)), බ්‍යාකරොතීති මෙ සුතං. ද්වාහං සක්කං අපුච්ඡිස්සන්ති සො බ්‍රාහ්මණො ද්වික්ඛත්තුං බුද්ධං භගවන්තං පඤ්හං අපුච්ඡි. තස්ස භගවා පඤ්හං පුට්ඨො න බ්‍යාකාසි - ‘‘තදන්තරා (චක්ඛුසමනන්තරා (ස්‍යා.)) ඉමස්ස බ්‍රාහ්මණස්ස ඉන්ද්‍රියපරිපා... | (15-1) 1. “දෙවරක් මම ප්‍රශ්න කළෙමි” යනු ඒ බ්‍රාහ්මණ තෙම දෙවරක් භාග්‍යවත් බුදුන්ගෙන් ප්‍රශ්න විචාළේය. ප්‍රශ්න විචාළ ඔහුට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ නොකළසේක. මේ අන්තයෙහි ඒ බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය පරිපාකය වන්නේය, එබැවිනි. ශාක්‍ය යනු භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය සේක. (3-3) 8 ශාක්‍ය යන තැන සිට යෙදිය යුතුයි.) දෙවරක් මම ප්‍රශ්න ... |
අයං ලොකො පරො ලොකො, බ්‍රහ්මලොකො සදෙවකො; දිට්ඨිං තෙ නාභිජානාති, ගොතමස්ස යසස්සිනො. අයං ලොකො පරො ලොකොති. අයං ලොකොති මනුස්සලොකො. පරො ලොකොති මනුස්සලොකං ඨපෙත්වා සබ්බො පරො ලොකොති - අයං ලොකො පරො ලොකො. බ්‍රහ්මලොකො සදෙවකොති සදෙවකො ලොකො සමාරකො සබ්‍රහ්මකො සස්සමණබ්‍රාහ්මණී පජා සදෙවමනුස්සාති - බ්‍රහ්මලොකො සදෙවකො. දිට්ඨිං තෙ නාභිජානාත... | (15-2) 1. “මේ ලොවද පරලොවද” යන්නෙහි මේලොව නම් මනුෂ්‍ය ලෝකයයි. පරලෝකය නම් මනුෂ්‍ය ලෝකය හැර සියලු පරලොවයි. දෙවියන් සහිත බ්‍රහ්මලෝකය යනු දෙවියන් සහිත ලෝකය, මරුන් සහිත බඹුන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව යනුයි. “ඔබවහන්සේගේ දෘෂ්ටිය නොදනියි” යනු ඔබවහන්සේගේ දෘෂ්ටිය, රුචිය, කැමැත්ත අදහස, ලෝකය නොදනියි. මේතෙමේ මෙවැනි දෘෂ්ටි ඇත්... |
එවං අභික්කන්තදස්සාවිං, අත්ථි පඤ්හෙන ආගමං; කථං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සති. එවං අභික්කන්තදස්සාවින්ති එවං අභික්කන්තදස්සාවිං අග්ගදස්සාවිං සෙට්ඨදස්සාවිං විසෙට්ඨදස්සාවිං පාමොක්ඛදස්සාවිං උත්තමදස්සාවිං පරමදස්සාවින්ති - එවං අභික්කන්තදස්සාවිං. අත්ථි පඤ්හෙන ආගමන්ති පඤ්හෙන අත්ථිකො ආගතොම්හි...පෙ.... වහස්සෙතං භාරන්ති, එවම්ප... | (15-3) 1. “මෙසේ ඉදිරියට දක්නාසුළුවූයේ” යනු ඉදිරිය දක්නා ශ්‍රේෂ්ඨත්වය දක්නා, ප්‍රමුඛත්වය දක්නා, උතුම්බව දක්නා යනුයි. ප්‍රශ්න ඇසීමට පැමිණියේ වෙමි යනු (3-1) 5 යෙදිය යුතුයි.) “කෙසේ ලෝකය බලන්නහුට” යනු කෙසේ ලෝකය බලන්නහුට, ප්‍රත්‍යවෙක්ෂා කරන්නහුට සමකොට බලන්නහුට තීරණය කරන්නහුට, ප්‍රකට කරන්නහුට මෘත්‍යු රාජයා නොදකීද” යනු මෘත්‍යු... |
සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු, මොඝරාජ සදා සතො; අත්තානුදිට්ඨිං ඌහච්ච, එවං මච්චුතරො සියා; එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සති. සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති. ලොකොති නිරයලොකො තිරච්ඡානලොකො පෙත්තිවිසයලොකො මනුස්සලොකො දෙවලොකො ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්‍රහ්මලොකො සදෙවකො (සදෙවකො ලොකො (ක.)). අඤ්ඤතරො භික්ඛු භගවන්තං ... | (15-4) 1. ලෝකය ශුන්‍ය වශයෙන් බලව, ‘යන්නෙහි ලෝකය නම් නිරය ලෝකය. තිරිසන් ලෝකය, ප්‍රෙතවිෂය ලෝකය, මනුෂ්‍යලෝකය, දිව්‍යලෝකය, ස්කන්ධලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය මේ ලෝකය, පරලෝකය, බ්‍රහ්ම ලෝකය දෙවියන් සහිත ලෝකය යනුයි. 2. එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්වූහ. ‘ස්වාමීනි, ලෝකය ලෝකය යයි කියයි, කොපමණකින් ලෝකය යයි කියනු ලැ... |
ජිණ්ණොහමස්මි අබලො වීතවණ්ණො (විවණ්ණො (ස්‍යා.)), [ඉච්චායස්මා පිඞ්ගියො] නෙත්තා න සුද්ධා සවනං න ඵාසු; මාහං නස්සං මොමුහො අන්තරාව (අන්තරාය (ස්‍යා. ක.)), ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං; ජාතිජරාය ඉධ විප්පහානං. ජිණ්ණොහමස්මි අබලො වීතවණ්ණොති. ජිණ්ණොහමස්මීති ජිණ්ණො වුඩ්ඪො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො වීසවස්සසතිකො ජාතියා. අබලොති දුබ්බල... | (16-1) 1. “ජරාවට පැමිණියේ දුර්වර්ණවූයේ ශක්ති නැත්තේ වීමි” යනු ජරාවට පැමිණියේ වයසට පැමිණියේ, මහළුවූයේ, කල්ගතවූයේ අන්තිම වයසට පැමිණියේ උත්පත්තියෙන් එක්සිය විසි වයසට පැමිණියේ ස්වල්ප බල ඇත්තේ ස්වල්ප ශක්ති ඇත්තේ යනුයි. ‘දුර්වර්ණවූයේ’ යනු පෙර තිබූ යහපත් වර්ණය පහව ගියේය පැහැපත් බව අතුරුදන්විය, ආදීනවය පහළවූයේය යනුයි. ඇස් අපිරි... |
දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ, [පිඞ්ගියාති භගවා] රුප්පන්ති රූපෙසු ජනා පමත්තා; තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො, ජහස්සු රූපං අපුනබ්භවාය. දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙති. රූපන්ති චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. සත්තා රූපහෙතු රූපප්පච්චයා රූපකාරණා හඤ්ඤන්ති විහඤ්ඤන්ති උපහඤ්ඤන්ති උපඝාතියන්ති (උපඝාතයන්ති (ස්‍යා. ක.)). ... | (16-2) 1. “වෙහෙසෙන්නාවූ රූපයන් දැක” යන්නෙහි රූපය නම් සතර මහා භූතයෝද, සතර මහා භූතයන් නිසා උපදින උපාදාය රූපයෝද යනුයි. රූප ප්‍රවෘත්තියෙන්, රූප හේතුවෙන්, රූප කාරණයෙන්, වෙහෙසෙත්, ගැටෙත්, රූපය ඇති කල්හි නොයෙක් කම්කටොළු කරවනු ලබත්. කසවලින්ද තලවත් (මහා නිද්දේශයේ (7-7) 2 ‘කසවලින්’ යන තැන සිට යොදාගත යුතුයි.) මෙසේ සත්වයෝ රූප හේතු... |
දිසා චතස්සො විදිසා චතස්සො, උද්ධං අධො දස දිසා ඉමායො; න තුය්හං අදිට්ඨං අස්සුතං අමුතං, අථො අවිඤ්ඤාතං කිඤ්චි නමත්ථි ලොකෙ; ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං, ජාතිජරාය ඉධ විප්පහානං. දිසා චතස්සො විදිසා චතස්සො, උද්ධං අධො දස දිසා ඉමායොති දස දිසා. න තුය්හං අදිට්ඨං අස්සුතං අමුතං, අථො අවිඤ්ඤාතං කිඤ්චි නමත්ථි ලොකෙති න තුය්හං අදිට්ඨං අස්සුත... | 4. “සතර දිශාවෙහිද සතර විදිසාවෙහිද උඩද යටද යන දශදිශාවෙහි ඔබවහන්සේ නොදැකී නොඇසූ ස්පර්ශ නොකළ නොදත් කිසිවක් නැත. ආත්මාර්ථයක් හෝ පරාර්ථයක් හෝ නැත. විද්‍යමාන නොවෙත්. මම යම්සේ දැනගන්නෙම් නම් ඒ ධර්මය දේශනා කරණු මැනවි” යන්නෙහි ධර්මය නම් මුල පිරිසිදු මැද පිරිසිදු අවසානය පිරිසිදු අර්ථසහිත, පද සහිත සියල්ල පරිපූර්ණවූ නිර්වාණයද නිර්... |
තණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො, [පිඞ්ගියාති භගවා] සන්තාපජාතෙ ජරසා පරෙතෙ; තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො, ජහස්සු තණ්හං අපුනබ්භවාය. තණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානොති. තණ්හාති රූපතණ්හා...පෙ.... ධම්මතණ්හා. තණ්හාධිපන්නෙති තණ්හාධිපන්නෙ (තණ්හාය අධිපන්නෙ (ක.)) තණ්හානුගෙ තණ්හානුගතෙ තණ්හානුසටෙ තණ්හාය පන්නෙ පටිපන්නෙ අභිභූතෙ පරියාදින්නචි... | (16-3) 1. “භාග්‍යවතුන් වහන්සේ පිංගිය, තෘෂ්ණාවට විශේෂයෙන් පැමිණියාවූ” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තෘෂ්ණා යනුයි විශේෂයෙන් පැමිණි යනු තෘෂ්ණාව අනුව ගියාවූ, පැමිණියාවූ හිඳිනාවූ, මැඩපැවතියාවූ, යටකොටගත් සිත් ඇත්තාවූ යනුයි. 2. “මිනිසා” යනු සත්වයාට අනික් නමකි. “දකිනු ලබන්නේ” යනු බලනුලබන්නේ පරීක්ෂාක... |
ඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ, පරිචාරකසොළසානං (පරිචාරිතසොළසන්නං (ස්‍යා. ක.)) බ්‍රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්‍යාකාසි. ඉදමවොච භගවාති ඉදං පාරායනං අවොච. භගවාති ගාරවාධිවචනමෙතං...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං භගවාති - ඉදමවොච භගවා. මගධෙසු විහරන්තොති මගධනාමකෙ ජනපදෙ විහරන්තො ඉරියන්තො වත්තෙන්තො පාලෙන්... | (17-1) 1. “භාග්‍යවතුන් වහන්සේ මගධ රට පාෂානක චෛත්‍යයෙහි වැඩවසන සේක් පරිචාරිකවූ බ්‍රාහ්මණයින් දහසය දෙනෙකු විසින් ආරාධනා කරණ ලද්දේ ඇසූ ඇසූ ප්‍රශ්නයන් විසඳා වදාළ සේක. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේ “පාරායන”යි වදාළසේක. ‘භගවත් යනු ගෞරව වචනයයි. (මහානිද්දෙසයේ (7-8) 1 යොදාගත යුතුයි.) ප්‍රත්‍යක්ෂ කළ පැනවීමයි. 2. “මෙය භාග්‍ය... |
එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය, ගච්ඡෙය්‍යෙව ජරාමරණස්ස පාරං. පාරඞ්ගමනීයා ඉමෙ ධම්මාති. තස්මා ඉමස්ස ධම්මපරියායස්ස ‘‘පාරායන’’න්තෙව අධිවචනං. එකමෙකස්ස චෙපි පඤ්හස්සාති එකමෙකස්ස චෙපි අජිතපඤ්හස්ස, එකමෙකස්ස චෙපි තිස්සමෙත්තෙය්‍යපඤ්හස්ස, එකමෙකස්ස චෙපි පුණ්ණකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි මෙත්තගූපඤ්හස... | 4. “එක එකම ප්‍රශ්නයාගේ අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මය, පිළිපදනේය.” යන්නෙහි මේ ධර්මයෝ ජරා මරණයේ පරතෙරට යනු සුළුය. මේ ධර්ම ක්‍රමයට පාරායන යයි අනික් නමකි. “එක එක ප්‍රශ්නයකගේ” යනු එක එක අජිත ප්‍රශ්නයකගේ එක එක තිස්ස මෙත්තෙය්‍ය ප්‍රශ්නයකගේ එක එක පුණ්ණක ප්‍රශ්නයකගේ එක එක මෙත්තෙගු ප්‍රශ්නයකගේ එක එක ධොතක ප්‍රශ්නයකගේ එක එක උපස... |
අජිතො තිස්සමෙත්තෙය්‍යො, පුණ්ණකො අථ මෙත්තගූ; ධොතකො උපසීවො ච, නන්දො ච අථ හෙමකො. | 95 |
තොදෙය්‍යකප්පා දුභයො, ජතුකණ්ණී ච පණ්ඩිතො; භද්‍රාවුධො උදයො ච, පොසාලො චාපි බ්‍රාහ්මණො; මොඝරාජා ච මෙධාවී, පිඞ්ගියො ච මහාඉසි. | 96 |
එතෙ බුද්ධං උපාගච්ඡුං, සම්පන්නචරණං ඉසිං; පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ, බුද්ධසෙට්ඨං උපාගමුං. එතෙ බුද්ධං උපාගච්ඡුන්ති. එතෙති සොළස පාරායනියා බ්‍රාහ්මණා. බුද්ධොති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො? බුජ්ඣිතා සච්චානීති... | (17-2) 1. “මොවුහු බුදුන් වෙත පැමිණියහ” යන්නෙහි ‘මොවුහු’ යනු මේ සොළොස් පාරායණික බ්‍රාහ්මණයෝ යනුයි. ‘බුදුන්’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. තමන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක’ ආචාර්යවරයෙක් නැත්තේය. පෙර අවබෝධ නොකළ ධර්මයන් තෙමේ සත්‍යය අවබෝධ කළ සේක. එහිද සර්වඥ බවට පැමිණිසේක, ඵලයන්හිද වසඟ බවට පැමිණි සේක, බුද්ධ යනු කවර අර්ථය... |
තෙසං බුද්ධො පබ්‍යාකාසි, පඤ්හං පුට්ඨො යථාතථං; පඤ්හානං වෙය්‍යාකරණෙන, තොසෙසි බ්‍රාහ්මණෙ මුනි. තෙසං බුද්ධො පබ්‍යාකාසීති. තෙසන්ති සොළසානං පාරායනියානං බ්‍රාහ්මණානං. බුද්ධොති යො සො භගවා...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං බුද්ධොති. පබ්‍යාකාසීති තෙසං බුද්ධො පබ්‍යාකාසි ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාස... | (17-3) 1. “ඔවුන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළසේක’ යන්නෙහි “ඔවුන්ට” යනු සොළොස් පාරායනීය බ්‍රාහ්මණයන්ට යනුයි. ‘බුද්ධ’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. (17-2) 1 බුදුන් යන තැන සිට යෙදිය යුතුයි.) ඔවුන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළසේක. කීසේක, දේශනා කළසේක, පැනවූසේක, තැබූසේක, විවෘත කළසේක, බෙදූසේක, යනුයි. ප්‍රශ්න විචාරණ ලද්දේ ... |
තෙ තොසිතා චක්ඛුමතා, බුද්ධෙනාදිච්චබන්ධුනා; බ්‍රහ්මචරියමචරිංසු, වරපඤ්ඤස්ස සන්තිකෙ. තෙ තොසිතා චක්ඛුමතාති. තෙති සොළස පාරායනියා බ්‍රාහ්මණා. තොසිතාති තොසිතා විතොසිතා පසාදිතා ආරාධිතා අත්තමනා කතාති - තෙ තොසිතා. චක්ඛුමතාති භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා - මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා, පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා, බුද්ධච... | 6. “භාග්‍යවතුන් වහන්සේ ඇස් පසක් ඇති බැවින් ඇස් ඇත්තේනමි (මහානිද්දෙසයේ (14-7) 1 ‘පසැස්වලින්’ යන තැන සිට යෙදිය යුතුයි.) මෙසේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥානය ඇති බැවින්ද ඇස් ඇත්තේ නම් ‘බුද්ධ’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. (17-2) 1 ‘බුදුන්’ යන තැන සිට යෙදිය යුතුයි.) ආදිච්ච බන්ධු යන්නෙහි ආදිච්ච යනු සූර්යයාට කියයි. සූර්යයාද... |
එකමෙකස්ස පඤ්හස්ස, යථා බුද්ධෙන දෙසිතං; තථා යො පටිපජ්ජෙය්‍ය, ගච්ඡෙ පාරං අපාරතො. එකමෙකස්ස පඤ්හස්සාති එකමෙකස්ස අජිතපඤ්හස්ස, එකමෙකස්ස තිස්සමෙත්තෙය්‍යපඤ්හස්ස...පෙ.... එකමෙකස්ස පිඞ්ගියපඤ්හස්සාති - එකමෙකස්ස පඤ්හස්ස. යථා බුද්ධෙන දෙසිතන්ති. බුද්ධොති යො සො භගවා සයම්භූ...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං බුද්ධොති. යථා බුද්ධෙන දෙසිතන්... | (17-4) 1. “එක එකම ප්‍රශ්නයකගේද” යනු එක එකද අජිත ප්‍රශ්නයකගේ තිස්ස මෙත්තෙය්‍ය, පුණ්ණ මානවක, මෙත්තගු ධොතක, උපසීව, නන්ද, හෙමක, තොදෙය්‍ය, කප්ප මානවක, ජතුකණ්ණි, භද්‍රාවුධ, උදය, පොසාල, මොඝරාජ යන මොවුන්ගේ එක එක ද ප්‍රශ්නයකගේ යම්සේ බුදුන් විසින් දේශනා කරණලද’ යන්නෙහි, 2. “බුද්ධ” යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. “යම්සේ බුදුන් විස... |
අපාරා පාරං ගච්ඡෙය්‍ය, භාවෙන්තො මග්ගමුත්තමං; මග්ගො සො පාරං ගමනාය, තස්මා පාරායනං ඉති. අපාරා පාරං ගච්ඡෙය්‍යාති අපාරං වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච; පාරං වුච්චති අමතං නිබ්බානං...පෙ.... තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අපාරා පාරං ගච්ඡෙය්‍යාති අපාරා පාරං ගච්ඡෙය්‍ය, පාරං අධිගච්ඡෙය්‍ය, පාරං ඵස්සෙය්‍ය, පාරං සච්ඡිකරෙය... | (17-5) 1. “මෙතරින් එතරට යන්නේය” යනු ක්ලේශයෝද ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද මෙතර නමි. එතෙරයයි අමෘතවූ නිර්වාණයට කියයි. තෘෂ්ණා ක්ෂය නම්වූ විරාග නම්වූ නිරෝධ නම් වූ නිර්වාණයයි. 2. “උතුම් මාර්ගය” යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියයි. (මෙහි 17-3) 7 ඡේදය යෙදිය යුතුයි.) “උතුම්” යනු, අග්‍රවූ, ශ්‍රේෂ්ඨවූ ප්‍රමුඛවූ යනුයි. වඩන්නේ යනු වඩන්නේ... |
පාරායනමනුගායිස්සං , [ඉච්චායස්මා පිඞ්ගියො] යථාද්දක්ඛි තථාක්ඛාසි, විමලො භූරිමෙධසො; නික්කාමො නිබ්බනො නාගො, කිස්ස හෙතු මුසා භණෙ. පාරායනමනුගායිස්සන්ති ගීතමනුගායිස්සං කථිතමනුකථයිස්සං (කථිතමනුගායිස්සං (ස්‍යා.) එවං සබ්බපදෙසු අනුගායිස්සන්ති ආගතං) භණිතමනුභණිස්සං ලපිතමනුලපිස්සං භාසිතමනුභාසිස්සන්ති - පාරායනමනුගායිස්සං. ඉච්චායස්මා ... | 4. “පාරායනය අනුව ගායනා කළෙමි.” යනු ගායනයට අනුව ගායනා කළෙමි. කීමට අනුව කීවෙමි යනුයි. “මෙසේ ආයුෂ්මත් පිංගිය” යන්නෙහි (ඉති ආයස්මා) යනු පද ගැලපීමයි. පදයන්ගේ පිළිවෙල දැක්වීමයි මේ ඉති යනුයි. “ආයුෂ්මත්” යනු ප්‍රිය වචනයයි, ගරු වචනයයි ගරු කටයුතු සැලකියයුතු වචනයයි, මේ ආයුෂ්මත් යනුයි. ‘ආයුෂ්මත් පිංගිය’ යනු ඒ තෙරුන් වහන්සේගේ නාමයය... |
පහීනමලමොහස්ස, මානමක්ඛප්පහායිනො; හන්දාහං කිත්තයිස්සාමි, ගිරං වණ්ණූපසංහිතං. පහීනමලමොහස්සාති . මලන්ති රාගො මලං, දොසො මලං, මොහො මලං, මානො මලං, දිට්ඨි මලං, කිලෙසො මලං, සබ්බදුච්චරිතං මලං, සබ්බභවගාමිකම්මං මලං. මොහොති යං දුක්ඛෙ අඤ්ඤාණං...පෙ.... අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං. අයං වුච්චති මොහො. මලඤ්ච මොහො ච බුද්ධස්ස භගවතො පහීනා උච... | (17-6) 1. “ප්‍රහීන කෙලෙස්මල හා මෝහය ඇති බුදුරජාණන් වහන්සේගේ” යන්නෙහි මලය නම් රාගමලය, ද්වේෂමලය, මොහමලය, මානමලය දෘෂ්ටිමලය, ක්ලේශමලය, සියලු දුශ්චරිතමලය, සියලු භවගාමී කර්මමලය, යනුයි මෝහය නම් යම්දුකෙහි නොදැනීමක් ඇද්ද, දුක් හේතුවෙහි, දුක්ඛ නිරෝධයෙහි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවෙහි, ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි නොදැනීමක් ඇද්ද, අවි... |
තමොනුදො බුද්ධො සමන්තචක්ඛු, ලොකන්තගූ සබ්බභවාතිවත්තො; අනාසවො සබ්බදුක්ඛප්පහීනො, සච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතො මෙ. තමොනුදො බුද්ධො සමන්තචක්ඛූති. තමොනුදොති රාගතමං දොසතමං මොහතමං මානතමං දිට්ඨිතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං නුදි පනුදි පජහි විනොදෙසි බ්‍යන්තීඅකාසි අනභාවං ගම... | (17-7) 1. “අන්ධකාරය දුරුකරන්නාවූ,” යනු රාග අන්ධකාරය ද්වේෂ අන්ධකාරය, මෝහ අන්ධකාරය, මාන අන්ධකාරය දෘෂ්ටි අන්ධකාරය, ක්ලෙශ අන්ධකාරය, දුශ්චරිත අන්ධකාරය, අඥාන කරණය, ප්‍රඥානිරුද්ධිය, විනාශපක්ෂය, දුරුකළේය. සම්පූර්ණ අභාවයට පැමිණවූයේය. 2. “බුද්ධ” යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. (17-2) 1 ‘බුදුන්’ යන තැන සිට යෙදිය යුතුයි.) ප්‍රත්‍ය... |
දිජො යථා කුබ්බනකං පහාය, බහුප්ඵලං කානනමාවසෙය්‍ය; එවමහං අප්පදස්සෙ පහාය, මහොදධිං හංසොරිව අජ්ඣපත්තො (අජ්ජ පත්තො (ක.)) . දිජො යථා කුබ්බනකං පහාය, බහුප්ඵලං කානනමාවසෙය්‍යාති . දිජො වුච්චති පක්ඛී. කිංකාරණා දිජො වුච්චති පක්ඛී? ද්වික්ඛත්තුං ජායතීති දිජො, මාතුකුච්ඡිම්හා ච අණ්ඩකොසම්හා ච. තංකාරණා දිජො වුච්චති පක්ඛීති - දිජො. යථා කුබ... | (17-8) 1. “යම්සේ ද්විජයා (පක්ෂියා) ආහාර නැති වනය හැර බොහෝ ගෙඩි ඇති වනයෙහි වසන්නේද” යන්නෙහි ‘ද්විජ’ යනු පක්ෂියායි කවර කරුණකින් ද්විජයයි පක්ෂියාට කියයිද දෙවරක් උපදින බැවින් ද්විජ නමි. මවුකුසින්ද අණ්ඩ කොෂයෙන්ද යනුයි. ඒ කාරණයෙන් ද්විජයයි කියයි. ‘ආහාර නැති වනය’ යනු ස්වල්ප ගෙඩි ඇති ස්වල්ප දිය ඇති වනය හැර දුරුකොට ඉක්මවා වෙනින... |
යෙ මෙ පුබ්බෙ වියාකංසු, හුරං ගොතමසාසනා ‘ඉච්චාසි ඉති භවිස්සති’; සබ්බං තං ඉතිහීතිහං, සබ්බං තං තක්කවඩ්ඪනං. යෙ මෙ පුබ්බෙ වියාකංසූති. යෙති යො ච බාවරී බ්‍රාහ්මණො යෙ චඤ්ඤෙ තස්ස ආචරියා, තෙ සකං දිට්ඨිං සකං ඛන්තිං සකං රුචිං සකං ලද්ධිං සකං අජ්ඣාසයං සකං අධිප්පායං බ්‍යාකංසු ආචික්ඛිංසු දෙසයිංසු පඤ්ඤපිංසු පට්ඨපිංසු විවරිංසු විභජිංසු උ... | (17-9) 1. “මට යමෙක් පූර්වයෙහි කියන ලද්දාහුද” යන්නෙහි යමෙක් යනු බාවාරි බ්‍රහ්මණයාද අනික් යම් ඒ ආචාර්යවරුද ඔවුහු ස්වකීය දෘෂ්ටිය, ස්වකීය කැමැත්ත ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අධ්‍යාශය, ස්වකීය අභිප්‍රාය, ප්‍රකාශ කළහ. කීහ දෙසූහ, පැනවූහ, තැබූහ, බෙදූහ, විවෘත කළහ, ප්‍රකට කළහ යනුයි. 2. “ගෞතම ශාසනයෙන් පෙර” යනු ගෞතම ශාසනයෙන... |
එකො තමොනුදාසීනො, ජුතිමා සො පභඞ්කරො; ගොතමො භූරිපඤ්ඤාණො, ගොතමො භූරිමෙධසො. එකො තමොනුදාසීනොති. එකොති භගවා පබ්බජ්ජසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගං ගතොති එකො, එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති එකො. කථං භග... | (17-10) 1. “තනිවූයේ අන්ධකාරය දුරුකොට සිටියේ” යන්නෙහි තනිවූයේ යනු භාග්‍යවතුන් වහන්සේ පැවිදිවූ බැවින් තනිවූ සේක. දෙවැන්නෙක් නැත. තෘෂ්ණාව දුරු කළ බැවින් තනිවූ සේක. ඒකාන්ත වීතරාග බැවින් තනිවූ සේක. ඒකාන්ත වීතදෝෂ බැවින් තනිවූ සේක. ඒකාන්ත වීතමොහ බැවින් තනිවූ සේක. ඒකාන්ත කෙලෙස් රහිත බැවින් තනිවූ සේක. ඒකායන මාර්ගයට ගියේනුයි තන... |
යො මෙ ධම්මමදෙසෙසි, සන්දිට්ඨිකමකාලිකං; තණ්හක්ඛයමනීතිකං, යස්ස නත්ථි උපමා ක්වචි. යො මෙ ධම්මදෙසෙසීති. යොති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. ධම්මමදෙසෙසීති. ධම්මන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිප... | (17-11) 1. “යමෙක් මට ධර්මය දේශනා කළසේක්ද?” යනු යම් ඒ භාග්‍යවත් ස්වයම්භූඥානයෙන් අවබෝධ කළ ආචාර්යවරයෙක් නැති භාග්‍යවතුන් වහන්සේ පෙර අවබෝධ නොකළ ධර්මයන්හි තෙමේ සත්‍යයන් මනාව අවබෝධ කළ සේක. එහිද සර්වඥතාඥානයට පැමිණිසේක. ඵලයන්හිද වසඟභාවයට පැමිණියේ ධර්මය දේශනා කළසේක යනුයි. ධර්මය යනු මුල යහපත්, මැද යහපත්, අග යහපත් අර්ථ සහිත ව්‍යඤ... |
කිං නු තම්හා විප්පවසි, මුහුත්තමපි පිඞ්ගිය; ගොතමා භූරිපඤ්ඤාණා, ගොතමා භූරිමෙධසා. කිං නු තම්හා විප්පවසීති කිං නු බුද්ධම්හා විප්පවසි අපෙසි අපගච්ඡි (අපගච්ඡසි (ස්‍යා. ක.)) විනා හොසීති - කිං නු තම්හා විප්පවසි. මුහුත්තමපි පිඞ්ගියාති මුහුත්තම්පි ඛණම්පි ලයම්පි වයම්පි අද්ධම්පීති - මුහුත්තමපි. පිඞ්ගියාති බාවරී තං නත්තාරං නාමෙන ආලප... | (17-12) 1. “පිංගිය, කිමෙක්ද? උන්වහන්සේගෙන් වෙන්ව වසන්නෙහිද?” යනු කිමෙක්ද බුදුන්ගෙන් වෙන්වන්නෙහිද? ඉවත් වන්නෙහිද? යනුයි පිංගිය, “මොහොතක්වත්” යනු මොහොතක්වත් ක්ෂණයක්වත් යනුයි. ‘පිංගිය’ ගෞතමවූ උසස්ඥාන ඇත්තාගෙන් යනු ‘ප්‍රඥාධජය ඇත්තාගෙන්’ ප්‍රඥා කේතුව ඇත්තාගෙන්, ප්‍රඥාව අධිපතිකොට ඇත්තාගෙන්, සෙවීම් බහුලකොට ඇත්තාගෙන්, යටබැලීම්... |
යො තෙ ධම්මමදෙසෙසි, සන්දිට්ඨිකමකාලිකං; තණ්හක්ඛයමනීතිකං, යස්ස නත්ථි උපමා ක්වචි. යො තෙ ධම්මමදෙසෙසීති යො සො භගවා...පෙ.... තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. ධම්මමදෙසෙසීති ධම්මන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං...පෙ.... නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසීති ... | 110 |
නාහං තම්හා විප්පවසාමි, මුහුත්තමපි බ්‍රාහ්මණ; ගොතමා භූරිපඤ්ඤාණා, ගොතමා භූරිමෙධසා. නාහං තම්හා විප්පවසාමීති නාහං බුද්ධම්හා විප්පවසාමි අපෙමි අපගච්ඡාමි විනා හොමීති - නාහං තම්හා විප්පවසාමි. මුහුත්තමපි බ්‍රාහ්මණාති මුහුත්තම්පි ඛණම්පි ලයම්පි වයම්පි අද්ධම්පීති මුහුත්තමපි. බ්‍රාහ්මණාති ගාරවෙන මාතුලං ආලපති. ගොතමා භූරිපඤ්ඤාණාති ගො... | 111 |
යො මෙ ධම්මමදෙසෙසි, සන්දිට්ඨිකමකාලිකං; තණ්හක්ඛයමනීතිකං , යස්ස නත්ථි උපමා ක්වචි. යො මෙ ධම්මමදෙසෙසීති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. ධම්මමදෙසෙසීති. ධම්මන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණ... | 112 |
පස්සාමි නං මනසා චක්ඛුනාව, රත්තින්දිවං බ්‍රාහ්මණ අප්පමත්තො; නමස්සමානො විවසෙමි (නමස්සමානොව වසෙමි (සී. අට්ඨ.) ... විවසාමි (ස්‍යා.)) රත්තිං, තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං. පස්සාමි නං මනසා චක්ඛුනාවාති යථා චක්ඛුමා පුරිසො ආලොකෙ රූපගතානි පස්සෙය්‍ය දක්ඛෙය්‍ය ඔලොකෙය්‍ය නිජ්ඣායෙය්‍ය උපපරික්ඛෙය්‍ය, එවමෙවාහං බුද්ධං භගවන්තං මනසා පස්සාමි ... | (17-14) 1. “සිතින්ද ඇසින්ද දකිමි” යනු යම්සේ ඇස් ඇති පුරුෂයෙක් එලිය ඇතිකල්හි රූපයන් දකින්නේද බලන්නේද, පරීක්ෂා කරන්නේද, එපරිද්දෙන්ම මම භාග්‍යවත්වූ බුදුරදුන් සිතින් දකින්නෙමි, බලන්නෙමි, පරීක්ෂා කරන්නෙමි. 2. “බ්‍රාහ්මණය, උන්වහන්සේ සිතින් හෝ ඇසින් හෝ රෑ දාවල් අප්‍රමාදවූයේ” යනු රෑද දාවල්ද බුද්ධානු ස්මෘතිය වඩන්නේ යනුයි. 3. “ව... |
සද්ධා ච පීති ච මනො සති ච, නාපෙන්තිමෙ ගොතමසාසනම්හා; යං යං දිසං වජති භූරිපඤ්ඤො, ස තෙන තෙනෙව නතොහමස්මි. සද්ධා ච පීති ච මනො සති චාති. සද්ධාති යා ච භගවන්තං ආරබ්භ සද්ධා සද්දහනා (සද්ධහනා (ක.)) ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්‍රියං සද්ධාබලං. පීතීති යා භගවන්තං ආරබ්භ පීති පාමොජ්ජං (පාමුජ්ජං (ස්‍යා.)) මොදනා ආමොදනා පමොදනා හාසො ප... | (17-15) 1. “ශ්‍රද්ධාද, ප්‍රීතියද, මනසද ස්මෘතියද” යන්නෙහි ශ්‍රද්ධා නම් භාග්‍යවතුන් වහන්සේ නිසා ඇතිවූ සද්දහන ඔකප්පනාදී ශ්‍රද්ධාවයි. එනම් ශ්‍රද්ධාව ශ්‍රධෙන්ද්‍රිය, ශ්‍රද්ධාබලය යනුයි. ‘ප්‍රීතිය’ යනු භාග්‍යවතුන් වහන්සේ නිසා යම් ප්‍රීතියක්, ප්‍රමුදිත භාවයක්, සතුටක්, සිතේ ඔදවැඩීමක් ඇද්ද එයයි. ‘මනස’ යනු භාග්‍යවතුන් වහන්සේ අරබය... |
ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස, තෙනෙව කායො න පලෙති තත්ථ; සඞ්කප්පයන්තාය වජාමි නිච්චං, මනො හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො. ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්සාති ජිණ්ණස්ස වුඩ්ඪස්ස මහල්ලකස්ස අද්ධගතස්ස වයොඅනුප්පත්තස්ස. දුබ්බලථාමකස්සාති දුබ්බලථාමකස්ස අප්පථාමකස්ස පරිත්තථාමකස්සාති - ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස. තෙනෙව කායො න පලෙති තත්ථාති කායො යෙන... | (17-16) 1. “දුර්වලවූ ශරීර ඇති වයස්ගතවූ මාගේ” යනු දිරුනාවූ, වෘද්ධවූ අස්තයට ගියාවූ, අන්තිම වයසට පැමිණියේ යනුයි. “දුර්වල ශරීර ඇත්තහුගේ යනු’ ස්වල්ප ශක්තිය ඇත්තහුගේ යනුයි. 2. “එහෙයින්ම ශරීරය එහි නොයයි” යනු බුදුන් යම් තැනකද, එහි නොයයි, ගමන් නොකරයි, ඉදිරියට නොයයි, යනුයි. කල්පනා කරමින් යමි යනු විතර්ක ගමනින්, ඥාන ගමනින්, ප්‍රඥා... |
පඞ්කෙ සයානො පරිඵන්දමානො, දීපා දීපං උපල්ලවිං; අථද්දසාසිං සම්බුද්ධං, ඔඝතිණ්ණමනාසවං. පඞ්කෙ සයානො පරිඵන්දමානොති. පඞ්කෙ සයානොති කාමපඞ්කෙ කාමකද්දමෙ කාමකිලෙසෙ කාමබළිසෙ කාමපරිළාහෙ කාමපලිබොධෙ සෙමානො සයමානො වසමානො ආවසමානො පරිවසමානො (අවසෙමානො පරිසෙමානො (ස්‍යා.)) ති - පඞ්කෙ සයානො. පරිඵන්දමානොති තණ්හාඵන්දනාය ඵන්දමානො, දිට්ඨිඵන්දනාය... | (17-17) 1. “මඩෙහි නිදන්නේ” යනු කාම මඩෙහි කාම ක්ලේශයෙහි, කාම පරිලාභයෙහි, නිදන්නේ වැදහෝනේ යනුයි. 2. “සැලෙන්නේ” යනු තෘෂ්ණා සැලීමෙන් සැලෙන්නේ දෘෂ්ටි සැලීමෙන් සැලෙන්නේ ක්ලේශ සැලීමෙන්, සැලෙන්නේ, සංයොග සැලීමෙන් සැලෙන්නේ, විපාක සැලීමෙන් සැලෙන්නේ, දුශ්චරිත සැලීමෙන් සැලෙන්නේ, රාගයෙන් රත්ව සැලෙන්නේ, ද්වේෂයෙන් දූෂිතව සැලෙන්නේ, මෝහ... |
යථා අහූ වක්කලි මුත්තසද්ධො, භද්‍රාවුධො ආළවිගොතමො ච; එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං, ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං. යථා අහූ වක්කලි මුත්තසද්ධො, භද්‍රාවුධො ආළවිගොතමො චාති යථා වක්කලිත්ථෙරො (වක්කලි (ස්‍යා.)) සද්ධො සද්ධාගරුකො සද්ධාපුබ්බඞ්ගමො සද්ධාධිමුත්තො සද්ධාධිපතෙය්‍යො අරහත්තප්පත්තො, යථා භද්‍රාවුධො ථෙරො සද්ධො සද... | (17-18) 1. “යම්සේ වක්කලී තෙරුන් වහන්සේවීද” යනු (ii) ශ්‍රද්ධා ඇති ශ්‍රද්ධාගරුකවූ ශ්‍රද්ධාපූර්වාංගමවූ ශ්‍රද්ධාමුක්තවූ, ශ්‍රද්ධා අධිපතිකොට ඇති රහත් බවට පැමිණිසේක්ද, (iii) යම්සේ භද්‍රවුධ ස්ථවිරතෙම (මෙහි (ii) යෙදිය යුතුයි.) යම්සේ ආලවිගොතම ස්ථවිරතෙම (මෙහි (ii) යෙදිය යුතුයි.) එපරිද්දෙන්ම ඔබද ශ්‍රද්ධාව මුදව, සියලු සංස්කාරයෝ අන... |
එස භිය්‍යො පසීදාමි, සුත්වාන මුනිනො වචො; විවටච්ඡදො (විවටච්ඡදනො (ක.) සද්දනීතිපදමාලා ඔලොකෙතබ්බා) සම්බුද්ධො, අඛිලො පටිභානවා (පටිභාණවා (ස්‍යා.)) . එස භිය්‍යො පසීදාමීති එස භිය්‍යො පසීදාමි, භිය්‍යො භිය්‍යො සද්දහාමි, භිය්‍යො භිය්‍යො ඔකප්පෙමි, භිය්‍යො භිය්‍යො අධිමුච්චාමි; ‘‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’’ති භිය්‍යො භිය්‍යො පසීදාමි, භිය... | (17-19) 1. “මෙහිලා වැඩියක් පහදිමි” යනු වැඩියක් පහදිමි. (ii) වැඩි වැඩියත් විශ්වාසකරමි. වැඩි වැඩියත් ඇලෙමි. සියලු සංස්කාරයෝ අනිත්‍යයයි වැඩි වැඩියත් ඇලෙමි. වැඩි වැඩියත් අදහමි, වැඩි වැඩියත් විශ්වාස කරමි. වැඩි වැඩියත් ඇලෙමි. මෙහි (ii) යෙදිය යුතුයි) සියලු ධර්මයෝ අනාත්මයයි වැඩි වැඩියත් පහදිමි මෙහි (ii) යෙදිය යුතුයි.) යම්කිසි ... |
අධිදෙවෙ (අතිදෙවෙ (ක.)) අභිඤ්ඤාය, සබ්බං වෙදි පරොපරං (පරොවරං (සී. අට්ඨ.)) ; පඤ්හානන්තකරො සත්ථා, කඞ්ඛීනං පටිජානතං. අධිදෙවෙ අභිඤ්ඤායාති. දෙවාති තයො දෙවා - සම්මුතිදෙවා (සම්මභිදෙවා (ස්‍යා.)), උපපත්තිදෙවා, විසුද්ධිදෙවා. කතමෙ සම්මුතිදෙවා? සම්මුතිදෙවා වුච්චන්ති රාජානො (කතමෙ සම්මතිදෙවා රාජානො (ස්‍යා.) එවමුපරිපි) ච රාජකුමාරො ච දෙ... | (17-20) 1. “උසස් දෙවියන් කරන්නාවූ ධර්මය දැන” යන්නෙහි දෙවි යනු සම්මුතිදෙව උත්පත්තිදේව, විශුද්ධිදේව, යනුවෙන් දෙවියෝ තුන් කොටසකි. (5-3) (i) යෙදිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ සම්මුති දෙවියන්ට වඩා උසස් දෙවියයි දැන, උත්පත්ති දෙවියන්ටත් උසස් දෙවියන් යයි දැන, විශුද්ධි දෙවියන්ටත් වඩා උසස් දෙවියයි දැන, සමකොට බලා තීරණයකොට ප්‍රකටකො... |
අසංහීරං අසංකුප්පං, යස්ස නත්ථි උපමා ක්වචි; අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා, එවං මං ධාරෙහි අධිමුත්තචිත්තං. අසංහීරං අසංකුප්පන්ති අසංහීරං වුච්චති අමතං නිබ්බානං. යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අසංහීරන්ති රාගෙන දොසෙන මොහෙන කොධෙන උපනාහෙන මක්ඛෙන පළාසෙන ඉස්සාය මච්ඡරියෙන මායාය සාඨෙය්‍යෙ... | (17-21) 1. “ස්ථිරවූ වෙනස් නොවෙන්නාවූ නිර්වාණය” යන්නෙහි ‘වෙනස් නොවන්නාවූ’ යනු නිර්වාණයට කියයි. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද තෘෂ්ණාව දුරු කළ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයයි. එය රාගයෙන් වෙනස් නොවෙත්. ද්වේෂයෙන් වෙනස් නොවෙත්. මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් මකු ගුණයෙන් උතුමන් හා සම ගුණ ඇතැයි සිතීමෙන්, ඊර්ෂ්‍ය... |
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං; න පුත්තමිච්ඡෙය්‍ය කුතො සහායං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති. සබ්බෙසූති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං - සබ්බෙසූති. භූතෙසූති භූතා වුච්චන්ති තසා ච ථාවරා ච. තසාති යෙසං තසිතතණ්හා අප්පහීනා, යෙසඤ්ච භයභෙරවා අප්පහීනා. කිංකා... | (18-1) 1. “තෘෂ්ණාව ප්‍රහීණවූද නොවූද සියලු භූතයන් කෙරෙහි දඬුවම් බහා තබා” යන්නෙහි සියලු යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරි නොකොට වටකොට ගන්නා වචනයකි. මේ සියලු යනුයි. ‘භූතයෝ’ යනු තසයෝද ථාවරයෝද යනුයි. තසයෝ නම් යම් කෙනෙකුන්ගේ ත්‍රස්තවන්නාවූ තෘෂ්ණාව ප්‍රහීන නොවූයේද යම් කෙනෙකුන්ගේ භය භෙවරයෝ අප්‍රහීනද, ඔව්හ... |
සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා, ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති; ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහාති. සංසග්ගාති ද්වෙ සංසග්ගා - දස්සනසංසග්ගො ච සවනසංසග්ගො ච. කතමො දස්සනසංසග්ගො? ඉධෙකච්චො පස්සති ඉත්ථිං වා කුමාරිං වා අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං. දිස්වා පස්සිත්වා ... | (18-2) 1. “සංසර්ගය ඇත්තහුට ස්නෙහයෝ ඇතිවෙත්” යන්නෙහි සංසර්ග දෙකක් වෙති. දර්ශන සංසර්ගයද ශ්‍රවණ සංසර්ගයද යනුයි. දර්ශන සංසර්ගය කවරේද? (ii) මෙහි ඇතැම් පුද්ගලයෙක් දැකුම් කළුවූ සතුට උපදවන්නාවූ උතුම්වූ පැහැසපුවෙන් යුක්තවූ ස්ත්‍රියක් හෝ කුමාරියක් හෝ දකීද, දැක ඒ ඒ ලකුණු නිමිති වශයෙන් ගනීද? (iii) කෙස් හෝ ශොභනය, මුඛය හෝ ශෝභනය, ඇස්... |
මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො, හාපෙති අත්ථං පටිබද්ධචිත්තො (පටිබන්ධචිත්තො (ක.)) ; එතං භයං සන්ථවෙ (සන්ධවෙ (ක.)) පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො, හාපෙති අත්ථං පටිබද්ධචිත්තොති. මිත්තාති ද්වෙ මිත්තා - අගාරිකමිත්තො ච අනාගාරිකමිත්තො (පබ්බජිතමිත්තො (ක.) එවමුපරිපි) ච. කතමො අගාරිකමිත්තො? ඉධෙකච්චො දුද්ද... | (18-3) 1. “මිත්‍රයන් කෙරෙහිද යහළුවන් කෙරෙහිද අනුකම්පා කරන්නේ පිළිබඳ සිත් ඇත්තේ” යන්නෙහි ‘මිත්‍රයෝ’ යන්නෙහි මිත්‍රයෝ දෙකොටසෙකි. ගිහි මිත්‍රයෝද පැවිදි මිත්‍රයෝද යනුයි. ගිහි මිත්‍රයෝ කවරහුද? මෙහි ඇතැම් පුද්ගලයෙක් දීමට දුෂ්කර දෙයක් දේද, බැහැර කිරීමට දුෂ්කර දෙයක් බැහැර කෙරේද, කිරීමට දුෂ්කර දෙයක් කෙරේද, ඉවසීමට දුෂ්කර දෙයක් ඉ... |
වංසො විසාලොව යථා විසත්තො, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා; වංසක්කළීරොව (වංසෙ කළීරොව (ක.)) අසජ්ජමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. වංසො විසාලොව යථා විසත්තොති වංසො වුච්චති වෙළුගුම්බො. යථා වෙළුගුම්බස්මිං පොරාණකා වංසා සත්තා (වෙළුගුම්බස්මිං කණ්ටකා ජටිතා සංසිබ්බිතා (ස්‍යා.)) විසත්තා ආසත්තා ලග්ගා ලග්ගිතා පලිබුද්ධා, එවමෙව විසත්තිකා වු... | (18-4) 1. “උණ පඳුර විශාලවූයේ පළල්වූයේ යන්නෙහි,” වංස යනු උණ පඳුරට කියයි. උණ පඳුරෙහි යම්සේද පෞරාණික වංශයෙහි සත්වයෝ ඇළුනාහ, ලැගුනාහ, එපරිද්දෙන්ම විසත්තිකා යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද යෙදීමක් ඇද්ද නන්දියක් ඇද්ද, නන්දි රාගයක් ඇද්ද තෘෂ්ණාවගේ යම් ඇලීමක් ආශාවක් ප්‍රශ්න කිරීමක් ඇද්ද, මේ විසත්තිකා නමි. රූපයෙහි, ශබ්දයෙහි,... |
මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො (අබන්ධො (ස්‍යා. ක.)), යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය; විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙනිච්ඡකං ගච්ඡති ගොචරායාති. මිගොති ද්වෙ මිගා - එණිමිගො ච පසදමිගො ච. යථා ආරඤ්ඤිකො (ආරඤ්ඤකො (ස්‍යා. ක.)) මිගො අරඤ්ඤෙ පවනෙ චරමානො (අරඤ්ඤෙ වසමානො (ස්‍යා.)) විස්සත්ථො ගච්ඡත... | (18-5) 1. “අරණ්‍යයෙහි මුවා නොබැඳුනේ කැමතිසේ ගොදුරු පිණිස යයි” මුවා නම් මුවෝ දෙකොටසකි. ඒනී මුවාද පසද මුවාද යනුයි. වනයෙහි වූ මුවා වනයෙහි වාතාවරණයෙහි හැසිරෙන්නේ නිදහස්ව යයි. නිදහස්ව සිටියි, නිදහස්ව ලගියි, නිදහස්ව නිදයි. එයට හේතු කවරේද, මහණෙනි, වැද්දාට ඉදිරිපත් නොවන බැවිනි. මහණෙනි, එමෙන්ම මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්ම... |
ආමන්තනා හොති සහායමජ්ඣෙ, වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය; අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ආමන්තනා හොති සහායමජ්ඣෙ, වාසෙ ඨානෙ ගමනෙ චාරිකායාති සහායා වුච්චන්ති යෙහි සහ ආගමනං ඵාසු ගමනං ඵාසු ගමනාගමනං ඵාසු ඨානං ඵාසු නිසජ්ජනං ඵාසු සයනං ඵාසු ආලපනං ඵාසු සල්ලපනං ඵාසු උල්ලපනං ඵාසු සමුල්ලපනං ඵාසු. ආමන්තනා හොති සහායමජ්ඣෙ,... | (18-6) 1. “යහළුවන් මැද විසීමේද, සිටීමේද, හිඳීමේද, ඇවිදීමේද ඇමතීම (අඬ ගැසීම) වෙයි.” යන්නෙහි ‘යහළුවෝ, නම් යම් කෙනෙකුන් සමග පැමිණීම පහසුවේද, යාම පහසුවේද, යාම, ඊම, පහසුවේද, හිඳගැනීම, නිදීම, කථා කිරීම, සාකච්ඡා කිරීම පහසුවේද, ඔවුහු යහළුවෝ වෙති. විසීමේද සිටීමේද ගමනෙහිද යන මේ ආදියෙහි තමහට වැඩ පිණිස පවත්නා කථා කිරීම්, අනුන්ට වැ... |
ඛිඩ්ඩා (ඛිට්ටා (ක.)) රතී හොති සහායමජ්ඣෙ, පුත්තෙසු ච විපුලං හොති පෙමං; පියවිප්පයොගං (විප්පයොගම්පි (ක.)) විජිගුච්ඡමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙති. ඛිඩ්ඩාති ද්වෙ ඛිඩ්ඩා - කායිකා ච ඛිඩ්ඩා වාචසිකා ච ඛිඩ්ඩා. කතමා කායිකා ඛිඩ්ඩා? හත්ථීහිපි කීළන්ති, අස්සෙහිපි කීළන්ති, රථෙහිපි කීළන්ති, ධනූහිපි කීළන්ති, ... | (18-7) 1. “යහළුවන් මැද ක්‍රීඩාවෙහි ඇල්මද වෙයි” යන්නෙහි ක්‍රීඩා යනු ක්‍රීඩා දෙකකි, කායික ක්‍රීඩාවද වාචසික ක්‍රීඩාවද යනුයි. කායික ක්‍රීඩාව කවරේද, ඇතුන්ගෙන් ක්‍රීඩා කරත් අසුන්ගෙන් ක්‍රීඩා කරත්, දුනුවලින් ක්‍රීඩා කරත්, කඩුවලින් ක්‍රීඩා කරත්, (කට්ටි අටක් ඇති) දාන් ලෑලි ආදියෙන් ක්‍රීඩා කරත්, අහසෙහිද ක්‍රීඩා කරත්, ශරීරයෙහි එක... |
චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන; පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. චාතුද්දිසො අප්පටිඝො ච හොතීති. චාතුද්දිසොති සො පච්චෙකසම්බුද්ධො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙ... | (18-8) 1. “සතර දිශාවෙහි සත්වයන් සමග ක්‍රොධ නොවූයේ වෙයි.” යනු ඒ පසේ බුදුන්වහන්සේ මෛත්‍රී සහගත සිතින් (ii) එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, තුන්වන දිශාවද, සතරවන දිශාව හා උඩ යටද සරසද යන සියලු තන්හි සියලු ලෝකය විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ මෛත්‍රී සහගත සිතින් අප්‍රමාණවූ වෛර නැති සිතින් පතුරුවා වාසය කරයි. කරුණ... |
දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ, අථො ගහට්ඨා ඝරමාවසන්තා; අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙති පබ්බජිතාපි ඉධෙකච්චෙ නිස්සයෙපි දිය්‍යමානෙ උද්දෙසෙපි දිය්‍යමානෙ පරිපුච්ඡායපි (පරිපුච්ඡෙපි (ක.)) දිය්‍යමානෙ චීවරෙපි දිය්‍යමානෙ පත්තෙපි දිය්‍යමානෙ ලොහථාලකෙපි දිය්‍යමානෙ ධම්මකරණෙපි (ධම්මකරකෙ... | (18-9) 1. “ඇතැම් පැවිද්දෝද අමාරුවෙන් සංග්‍රහ කටයුතුය” යනු මෙහි ඇතැම් පැවිද්දෝ නිස දෙන කල්හිද පෙළ කියවන කල්හිද ප්‍රශ්නයන්ට පිළිතුරු දෙන කල්හිද සිවුරු දෙන කල්හිද පාත්‍රයන් දෙන කල්හිද ලෝහ තලි දෙන කල්හිද, පැන් කෙන්ඩිය දෙන කල්හිද, පෙරහන දෙන කල්හිද, පසුම්බිය දෙන කල්හිද, සෙරෙප්පු දෙන කල්හිද, පටි දෙන කල්හිද ඒ ගැන කන් යොමු නොකර... |
ඔරොපයිත්වා (වොරොපයිත්වා (ස්‍යා.)) ගිහිබ්‍යඤ්ජනානි, සඤ්ඡින්නපත්තො (සංසීනපත්තො (සී. අට්ඨ.)) යථා කොවිළාරො; ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ඔරොපයිත්වා ගිහිබ්‍යඤ්ජනානීති ගිහිබ්‍යඤ්ජනානි වුච්චන්ති කෙසා ච මස්සූ ච මාලා ච ගන්ධඤ්ච විලෙපනඤ්ච ආභරණඤ්ච පිලන්ධනඤ්ච වත්ථඤ්ච පාරුපනඤ්ච වෙඨනඤ්ච උච්ඡාදනං පරිමද්දනං න්හාපන... | (18-10) 1. “ගිහිලක්ෂණ බහා තබා” යන්නෙහි ගිහිලක්ෂණ නම් කෙස් රැවුල් මල් ගඳ විලවුන්, නොයෙක් ආභරණ පළඳනාද පොරෝනා හිස් වෙළුම්, ඇඟඋලන දේ, මදින දේ, කණ්ණාඩි අඳුන්, මුහුණේගාන වත්සුනු ආදිය, හිසකේ සිළුව, කඩුව, සේසත විසිතුරු සෙරෙප්පු, නළල්පට, වල්විදුනා යනාදිය බහාතබා යනුයි ගිහි ලක්ෂණ බහාතබා යනු ගිහිලක්ෂණ බහා තබා අත්හැරදමා, ඉවත්කොට යන... |
සචෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරි ධීරං; අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි, චරෙය්‍ය තෙනත්තමනො සතීමා. සචෙ ලභෙථ නිපකං සහායන්ති සචෙ නිපකං පණ්ඩිතං පඤ්ඤවන්තං බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්‍ය පටිලභෙය්‍ය අධිගච්ඡෙය්‍ය වින්දෙය්‍යාති - සචෙ ලභෙථ නිපකං සංහායං. සද්ධිං චරං සාධුවිහාරි ධීරන්ති. සද්ධිං චරන්ති එකතො චර... | (18-11) 1. “ප්‍රඥාවෙන් යුත් යහළුවකු ඉදින් ලබන්නේ නම්” යනු ඉදින් පණ්ඩිතවූ ප්‍රඥාවත්වූ, බුද්ධිමත්වූ ඥානය ඇති විභාවීවූ යහළුවකු ලබන්නේ නම් යනුයි. 2. “යහපත් විහරණ ඇති ඔහු සමග හැසිරෙන්නේය.” යනු කරුණාවෙන්ද මුදිතාවෙන්ද උතුම්වූයේ යනුයි. “යහපත් හැසිරීම් ඇති” යනු (ii) ප්‍රථමධ්‍යානයෙන්ද යහපත් විහරණ ඇත්තේ ද්විතීය ධ්‍යානයෙන්ද, තෘතීය... |
නො චෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරි ධීරං; රාජාව රට්ඨං විජිතං පහාය, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. නො චෙ ලභෙථ නිපකං සහායන්ති නො චෙ නිපකං පණ්ඩිතං පඤ්ඤවන්තං බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්‍ය පටිලභෙය්‍ය අධිගච්ඡෙය්‍ය වින්දෙය්‍යාති - නො චෙ ලභෙථ නිපකං සහායං. සද්ධිං චරං සාධුවිහාරි ධීරන්ති. සද්ධිං චරන්ති එකතො ච... | (18-12) 1. “ප්‍රඥාවත් යහළුවකු ඉදින් නොලබන්නේ නම්” යනු ප්‍රඥාවත්, බුද්ධිමත්, ඥානය ඇති, විභාවීවූ අයකු නොලබන්නේ නම් යනුයි. ‘එකට හැසිරෙන්නේ’ යනු සමග හැසිරෙන්නේ යනුයි. ධෛර්‍ය්‍යවත්වූ “යහපත් විහරණ ඇති” යනු ප්‍රථමධ්‍යානයෙන්ද යහපත් විහරණ ඇති (19-11) 2 (ii) යෙදිය යුතුයි) යනුයි. ‘ධෛර්‍ය්‍යවත්’ යනු උත්සාහවත් පණ්ඩිතවූ ප්‍රඥාවත් බු... |
අද්ධා පසංසාම සහායසම්පදං, සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා; එතෙ අලද්ධා අනවජ්ජභොජී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. අද්ධා පසංසාම සහායසම්පදන්ති. අද්ධාති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අපණ්ණකවචනං අවිරද්ධවචනං අවත්ථාපනවචනමෙතං - අද්ධාති. සහායසම්පදන්ති සහායසම්පදා වුච්චති යො සො සහායො අසෙක්ඛෙන සීලක්ඛන්... | (18-13) 1. “සහාය සම්පත්තියට ඒකාන්තයෙන් ප්‍රශංසා කරමි.” යන්නෙහි ‘ඒකාන්තයෙන්’ යනු ඒකාන්ත වචනයයි, සැක නැති වචනයයි. දෙකක් නොසිතන වචනයයි. නියෝග වචනයයි. මේ ඒකාන්තයෙන් යනුයි. ‘සහාය සම්පදාව’ යනු යම් ඒ සහායයෙක් රහතුන්ට අයත් සිල් සමූහයෙන් යුක්තවේද, රහතුන්ට අයත් සමාධි සමූහයෙන් යුක්තවේද, රහතුන්ට අයත් ප්‍රඥා සමූහයෙන් යුක්ත වේද, රහත... |
දිස්වා සුවණ්ණස්ස පභස්සරානි, කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි; සඞ්ඝට්ටයන්තානි (සංඝට්ටමානානි (සු. නි. 48)) දුවෙ භුජස්මිං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. දිස්වා සුවණ්ණස්ස පභස්සරානීති දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සුවණ්ණස්සාති ජාතරූපස්ස. පභස්සරානීති පරිසුද්ධානි පරියොදාතානීති - දිස්වා සුවණ්ණස්ස පභස්සරානි... | (19-14) 1. “බබළන රන් වළලු දැක” යනු දැක, බලා, තීරණය කොට, ප්‍රකටකොට යනුයි. ‘ස්වර්ණ’ යනු රත්රන්වලට කියයි. බබළන යනු පිරිසුදු නියම වර්ණවත් යනුයි. 2. “කර්මාර පුත්‍රයා විසින් මනාකොට නිමවනලද” යනු කර්මාර පුත්‍රයා යයි රන්කරුවාට කියයි. රන්කරුවා විසින් මනාකොට සාදනලද, නිමවනලද, කරණලද යනුයි. ‘දෑතෙහි ගැටෙන’ යන්නෙහි ‘භුජ’ යයි අතට කියයි... |
එවං දුතීයෙන සහා මමස්ස, වාචාභිලාපො අභිසජ්ජනා වා; එතං භයං ආයතිං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. එවං දුතීයෙන සහා මමස්සාති තණ්හාදුතියො වා හොති පුග්ගලදුතියො වා. කථං තණ්හාදුතියො හොති? තණ්හාති රූපතණ්හා...පෙ.... ධම්මතණ්හා. යස්සෙසා තණ්හා අප්පහීනා, සො වුච්චති තණ්හාදුතියො. තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධාන සංසරං; ඉත්ථභාවඤ්ඤථාභාවං,... | (18-15) 1. “මෙසේ දෙවැන්නෙකු හා මාගේ එක්වීම” යනු තෘෂ්ණාව දෙවෙනි කොට ඇත්තේ හෝ වෙයි. පුද්ගලයකු දෙවෙනි කොට ඇත්තේ හෝ වෙයි. කෙසේ තෘෂ්ණාව දෙවෙනි කොට ඇත්තේ වේද? මෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තෘෂ්ණා යනුයි” යමෙකුගේ තෘෂ්ණාව ප්‍රහීන නොවූයේද, හෙතෙම තෘෂ්ණාව දෙවැන්නා කොට ඇත්තේ යයි කියයි. 2. “තෘෂ්ණාව දෙවැන්නෙක... |
කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන්ති චිත්තං; ආදීනවං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. කාමා හි චිත්‍රා මධුරා මනොරමාති. කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච...පෙ.... ඉමෙ වුච්චන්ති වත්ථුකාමා...පෙ.... ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. චිත්‍රාති නානාවණ්ණා රූපා නානාවණ්ණා සද්දා නානාවණ්ණා ගන්ධා නානාවණ... | (18-16) 1. “කාමයෝ විචිත්‍රය, මධුරය, සිත් අලවන්නේයයි” යන්නෙහි ‘කාමයෝ’ නම් ප්‍රකට වශයෙන් කාම දෙකොටසෙකි. වස්තුකාමද ක්ලේශ කාමද යනුයි. (මහානිද්දෙසයේ (1) 1 (ii) 2-3 ඡේද යොදාගත යුතුයි.) “විචිත්‍රය” යනු (ii) නානා වර්ණ රූපයෝ, නානාවර්ණ ගන්ධයෝ නානාවර්ණ ශබ්දයෝ නානාවර්ණ රසයෝ නානා වර්ණ ස්පර්ශයෝ, ඉෂ්ටවූ මධුරවූ යනුයි. 2. මෙය භාග්‍යවතු... |
ඊතී ච ගණ්ඩො ච උපද්දවො ච, රොගො ච සල්ලඤ්ච භයඤ්ච මෙතං; එතං භයං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ඊතී ච ගණ්ඩො ච උපද්දවො ච, රොගො ච සල්ලඤ්ච භයඤ්ච මෙතන්ති වුත්තඤ්හෙතං භගවතා - ‘‘භයන්ති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං. දුක්ඛන්ති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං. රොගොති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං. ගණ්ඩොති, භික්ඛවෙ, කාමානමෙතං අධි... | (18-17) 1. “විපතද, කඩුවද, උපද්‍රවද, රෝගයද, හුලද යන මේ භය” යනු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණලදී. “මහණෙනි, භය යන මෙය කාමයන්ට අනික් නමකි. ‘දුක’ යන මෙය කාමයන්ට අනික් නමකි. මහණෙනි, ‘රෝගය’ යන මෙය කාමයන්ට අනික් නමකි. ‘ගඩුව’ යන මෙය කාමයන්ට අනික් නමකි. මහණෙනි, හුල යන මෙය කාමයන්ට අනික් නමකි. සංකය යනු කාමයන්ට මේ අනික් න... |
සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං, වාතාතපෙ ඩංසසරීසපෙ (ඩංසසිරිංසපෙ (ස්‍යා.), ඩංසමකසසරීසපෙ (ක.)) ච; සබ්බානිපෙතානි අභිසම්භවිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසන්ති. සීතන්ති ද්වීහි කාරණෙහි සීතං හොති - අබ්භන්තරධාතුප්පකොපවසෙන වා සීතං හොති බහිද්ධා උතුවසෙන වා සීතං හොති. උණ්හන්ති ද්වීහි කාරණෙහි උණ්හං හොති - අබ්භන්ත... | (18-18) 1. “සීතයද උෂ්ණයද බඩගින්නද පිපාසයද, යන කරුණු දෙකකින් ශීතලවෙයි. අභ්‍යන්තර ධාතු කැළඹීම වශයෙන් ශීතලවෙයි. බාහිර ඍතු වශයෙන් ශීතලවෙයි. ‘උෂ්ණ’ යනු කරුණු දෙකකින් උෂ්ණයවෙයි අභ්‍යන්තර ධාතු කැළඹීම් වශයෙන් හෝ උෂ්ණයවෙයි. බාහිර ඍතු වශයෙන් හෝ වෙයි. ‘ක්ෂුධා’, යයි බඩගින්නට කියයි. පිපාසයයි ජලය බීමේ කැමැත්තට කියයි. 2. “වාතයෝ” නම් ... |
නාගොව යූථානි විවජ්ජයිත්වා, සඤ්ජාතඛන්ධො පදුමී උළාරො; යථාභිරන්තං විහරෙ (වීහරං (සු. නි. 53)) අරඤ්ඤෙ, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. නාගොව යූථානි විවජ්ජයිත්වාති නාගො වුච්චති හත්ථිනාගො. පච්චෙකසම්බුද්ධොපි නාගො. කිංකාරණා පච්චෙකසම්බුද්ධො නාගො? ආගුං න කරොතීති නාගො; න ගච්ඡතීති නාගො; න ආගච්ඡතීති නාගො. කථං සො පච්චෙකසම්බුද්ධො ආගුං න කරොතී... | (18-19) 1. “හස්තිනාගතෙම රංචුව අත්හැර” යන්නෙහි ‘නාග’ යනු හස්තිනාගයාට කියයි. පසේ බුදුන් වහන්සේද නාග නම්වෙයි. කවර කරුණකින් පසේ බුදුන් වහන්සේ නාග නම් වනසේක්ද? වැරදි නොකරණ බැවින් නාගනම් වේ. ‘නොයානුයි’ නාගනම් ‘පැමිණේනුයි’ නාගනමි. කෙසේ ඒ පසේ බුදුන්වහන්සේ වැරදි නොකරණ බැවින් නාගනම්වේද? වැරදියයි කෙලෙස් ඇති කරවන, නැවත භවයක් ඇති ක... |
අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, යං ඵස්සයෙ (ඵුස්සයෙ (ස්‍යා. ක.)) සාමයිකං (ආසාමායිකං (ක.)) විමුත්තිං; ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, යං ඵස්සයෙ සාමයිකං විමුත්තින්ති වුත්තඤ්හෙතං භගවතා - ‘‘යාවතානන්ද (සො වතානන්ද (ම. නි. 3.186)), භික්ඛු සඞ්ගණිකාරාමො සඞ්ගණිකරතො සඞ්ගණිකාරාමතං අනුයුත්තො, ගණාරා... | (18-20) 1. “සමූහයා සමග ඇලීමෙහි සාමායික චිත්ත විමුක්තිය සිදුනොවන්නකි.” යනු භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ‘ආනන්දය, යම්පමණ කල් මහණතෙම සමූහයා සමග එක් වූයේ සමූහය සමග ඇළුනේ සමූහයා සමග ඇලීමෙහි යෙදුනේ ගණයා සමග ඇලීමෙහි යුක්තවූයේවේද, යම් ඒ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය සම්බොධි සුඛය, ඔහුට පහසුවෙන් ලැබිය හැකි වන්නේයයි, නිද... |
දිට්ඨීවිසූකානි උපාතිවත්තො, පත්තො නියාමං පටිලද්ධමග්ගො; උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්‍යො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. දිට්ඨිවිසූකානි උපාතිවත්තොති දිට්ඨිවිසූකානි වුච්චන්ති වීසතිවත්ථුකා සක්කායදිට්ඨී. ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම... | (18-21) 1. “දෘෂ්ටි නමැති කටු ඉක්මවූයේය” යන්නෙහි දෘෂ්ටි කටුයයි විසිවැදෑරුම් ආත්ම දෘෂ්ටියට කියයි. මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ නූගත් පෘථග්ජනතෙම රූපය ආත්මය වශයෙන් බලයි. ආත්මය රූපවත්යයි කියා හෝ සිතයි. ආත්මය කෙරෙහි රූ... |
නිල්ලොලුපො නික්කුහො නිප්පිපාසො, නිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො; නිරාසසො (නිරාසයො (සී. අට්ඨ.) සු. නි. 56) සබ්බලොකෙ භවිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. නිල්ලොලුපො නික්කුහො නිප්පිපාසොති ලොලුප්පං වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. සා ලොලුප්පා තණ්හා තස්ස පච්චෙකසම්බුද්ධස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා... | (18-22) 1. “නිල්ලොපවූයේ, කුහක නැත්තේ පිපාස නැත්තේ” යන්නෙහි නිල්ලොපයයි තෘෂ්ණාව නැතිවීමට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ලෝභයක් ඇද්ද, අකුසල මූලයක් ඇද්ද ඒ ලොලුප්ප නම් තෘෂ්ණාව ඒ පසේ බුදුන් වහන්සේගේ ප්‍රහීනය, මුලින් උපුටා දැම්මේය අග සිඳි තල් ගසක් මෙන් කරණ ලද්දේය සම්පූර්ණ අභාවයට පමුණුවනලදී නැවත නූපදනා බවට පමුණ... |
පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං; සයං න සෙවෙ පසුතං පමත්තං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. පාපං සහායං පරිවජ්ජයෙථාති. පාපසහායො වුච්චති යො සො සහායො දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතො - නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්... | (18-23) 1. “පාප මිත්‍රයන් දුරුකරන්නේ” යන්නෙහි පාප සහාය යනු යම් සහායයෙක් (මිත්‍රයෙක්) දශ වැදෑරුම් මිත්ථ්‍යා දෘෂ්ටියෙන් යුක්තවූයේද, (ii) දුන් දෙයෙහි විපාක නැත. යාග වශයෙන් දුන් දෙයෙහි විපාක නැත. පිදූ දෙයෙහි විපාක නැත. යහපත්ව කළ යහපත්ව නොකළ කර්මයන්ගේ ඵල විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත, ඔපපාතික සත්වයෝ ... |
බහුස්සුතං ධම්මධරං භජෙථ, මිත්තං උළාරං පටිභානවන්තං; අඤ්ඤාය අත්ථානි විනෙය්‍ය කඞ්ඛං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. බහුස්සුතං ධම්මධරං භජෙථාති බහුස්සුතො හොති මිත්තො සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථං සබ්‍යඤ්ජනං (සත්ථා සබ්‍යඤ්ජනා (ස්‍යා.) පස්ස ම. නි. 3.82) කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ... | (18-24) 1. “බහුශ්‍රැතවූ ධර්මධරවූ (මිත්‍රයා) භජනය කරයි” යනු මිත්‍රයා බහුශ්‍රැතවූයේ වේද, රැස්කළ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල පිරිසිදුවූ මැද පිරිසිදුවූ අග පිරිසිදුවූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ සියල්ල සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන්නේද, එබඳුවූ වචනයෙන් පුරුදු කළ සිතින් මෙනෙහි කරණලද දෘෂ්ටියෙන් ... |
ඛිඩ්ඩං රතිං (රතී (ස්‍යා.)) කාමසුඛඤ්ච ලොකෙ, අනලඞ්කරිත්වා අනපෙක්ඛමානො; විභූසට්ඨානා (විභූසනට්ඨානා (ස්‍යා. ක.), විභූසණට්ඨානා (සී. අට්ඨ.)) විරතො සච්චවාදී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලොකෙති. ඛිඩ්ඩාති ද්වෙ ඛිඩ්ඩා - කායිකා ඛිඩ්ඩා ච වාචසිකා ඛිඩ්ඩා ච...පෙ.... අයං කායිකා ඛිඩ්ඩා...පෙ.... අයං වාචසිකා ඛිඩ්ඩා. රතීත... | (18-25) 1. “ක්‍රීඩාවද රතියද ලෝකයෙහි කාමගුණයද” යන තැන්හි ‘ක්‍රීඩාව නම්’ ක්‍රීඩා දෙකකි. කායික ක්‍රීඩාවද වාචසික ක්‍රීඩාවද යනුයි. (මහා නිද්දේසයේ (14-12) 6 ඡේදයේ වාචසික ක්‍රීඩාවයි යන තැනට යොදාගත යුතුයි.)) ‘රතිය’ යනු නොකළකිරීමට මේ අනික් නමකි, ‘කාම සුඛය’ යනු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. ‘මහණෙනි, මේ කාමගුණ පසෙකි. ඒ... |
පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං, ධනානි ධඤ්ඤානි ච බන්ධවානි; හිත්වාන කාමානි යථොධිකානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරන්ති. පුත්තාති චත්තාරො පුත්තා - අත්‍රජො පුත්තො, ඛෙත්තජො (ඛෙත්‍රජො (ස්‍යා. ක.)) පුත්තො, දින්නකො පුත්තො, අන්තෙවාසිකො පුත්තො. දාරා වුච්චන්ති භරියායො. පිතාති යො සො ජනකො. මාතාති යා සා ජනිකාති - ... | (18-26) 1. “පුත්‍රයාද, භාර්යාවද, පියාද, මවද” යන තැන්හි පුත්‍රයෝ නම් පුත්‍රයෝ සතර දෙනෙකි. තමාගෙන් උපන් පුත්‍රයාය. ක්ෂෙත්‍රයෙන්, උපන් පුත්‍රයාය, හදාගත් පුත්‍රයාය. අතවැස්සාය යනුයි. ‘දාර’ යනු භාර්යාවට කියයි, ‘පියා’ යනු යම් ඒ ඇතිකළ පියතෙමේයි, ‘මව’ යනු ඉපදවූ මව යනුයි. 2. “ධනයන්ද ධාන්‍යද වධ බන්ධනයන්ද” යනු හිරණ්‍ය ස්වර්ණ, මුතු... |
සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යං, අප්පස්සාදො දුක්ඛමෙත්ථ භිය්‍යො; ගළො එසො ඉති ඤත්වා මතිමා (මුතීමා (සු. නි. 61)), එකො චරෙ ඛග්ගවිසාණකප්පො. සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යන්ති සඞ්ගොති වා බළිසන්ති වා ආමිසන්ති වා ලග්ගනන්ති වා පලිබොධොති වා, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. පරිත්තමෙත්ථ සොඛ්‍යන්ති වුත්තඤ්හෙතං භගවතා - ‘‘පඤ්චිමෙ, භික්ඛවෙ,... | (18-27) 1. “මෙය ඇලීමකි, ස්වල්ප සැපයක් ඇත්තේය.” යන්නෙහි ‘ඇලීම’ යනු හෝ බිලිය යනු හෝ ආමිසය යනු හෝ මෙය පඤ්චකාම ගුණයෝ නම් වෙති. මහණෙනි, මේ පඤ්චකාම ගුණයන් නිසා සැපත උපදියි, සොම්නස උපදියි, මෙය කාම සුඛයයි කියයි. මේ සැපය ස්වල්පය, මේ සැපය ටිකය, මේ සැපය ලාමකය, මේ සැපය පහත්ය, මේ සැපය දුක්ය, යනුයි “මෙය ඇලීමකි මෙහි සැපය ස්වල්පය” මෙහ... |
සන්දාලයිත්වාන සංයොජනානි, ජාලංව භෙත්වා සලිලම්බුචාරී; අග්ගීව දඩ්ඪං අනිවත්තමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. සන්දාලයිත්වාන සංයොජනානීති දස සංයොජනානි - කාමරාගසංයොජනං, පටිඝසංයොජනං, මානසංයොජනං, දිට්ඨිසංයොජනං, විචිකිච්ඡාසංයොජනං, සීලබ්බතපරාමාසසංයොජනං, භවරාගසංයොජනං, ඉස්සාසංයොජනං, මච්ඡරියසංයොජනං, අවිජ්ජාසංයොජනං. සන්දාලයිත්වාන සංයොජනා... | (18-28) 1. “සංයෝජනයන් (බැඳීම්) දුරුකොට” යනු සංයෝජනයෝ දශයක් වෙති. කාම රාග සංයෝජනය, ප්‍රතිඝ සංයෝජනය, මාන සංයෝජනය, දෘෂ්ටි සංයෝජනය විචිකිච්ඡා සංයෝජනය, ශීලව්‍රත පරාමාශ සංයෝජනය, භවරාග සංයෝජනය, ඊර්ෂ්‍යා සංයෝජනය, මාත්සර්ය සංයෝජනය, අවිද්‍යා සංයෝජනය යනුයි. ‘සංයෝජනයන් දුරුකොට’ යනු දශ සංයෝජනයන් දුරුකොට, බැහැර කොට, සංසිඳීමකොට, සම්ප... |
ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො, ගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානො; අනවස්සුතො අපරිඩය්හමානො (අපරිදය්හමානො (ක.)), එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලොති කථං ඛිත්තචක්ඛු හොති? ඉධෙකච්චො භික්ඛු (නත්ථි ස්‍යා. පොත්ථකෙ මහානි. 157) චක්ඛුලොලො චක්ඛුලොලියෙන සමන්නාගතො හොති. අදිට්ඨං දක්ඛිතබ්බං දිට්ඨං සමතික්කමිතබ්බන්ති - ආරාමෙන ආරා... | (18-30) 1. “යට බලාගත් ඇස් ඇත්තේ පාද ලොලත්වය නැත්තේ යනු විහිදවූ ඇස් ඇත්තේ වේද, (මහා නිද්දෙසයේ (14-8) 1 යෙදිය යුතුයි.) කෙසේ පාද ලොලත්වය ඇත්තේ වේද, මෙහි ඇතැම් පුද්ගලයෙක් පාද ලොලත්වයෙන් යුක්තවූයේ වේද, (මහා නිද්දෙසයේ (14-11) 2 යෙදිය යුතුයි.) ගුප්ත වූ ඉන්ද්‍රිය ඇත්තේ ආරක්ෂා කළ මනස ඇත්තේ යනු ඒ පසේ බුදුන් වහන්සේ ගුප්තවූ ඉන්ද්... |
ඔහාරයිත්වා ගිහිබ්‍යඤ්ජනානි, සඤ්ඡන්නපත්තො යථා පාරිඡත්තකො; කාසායවත්ථො අභිනික්ඛමිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ඔහාරයිත්වා ගිහිබ්‍යඤ්ජනානීති ගිහිබ්‍යඤ්ජනානි වුච්චන්ති කෙසා ච මස්සූ ච...පෙ.... දීඝදසානි ඉති වා. ඔහාරයිත්වා ගිහිබ්‍යඤ්ජනානීති ගිහිබ්‍යඤ්ජනානි ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භිත්වාති - ඔහාරයිත්වා ග... | (18-31) 1. “ගිහි ලකුණු බැහැරකොට” යනු ගිහිලකුණු අත්හැර, ගිහිලකුණු බැහැරකොට, නික්ම සන්සිඳුවා, යනුයි. 2. “වැසුන කොළ ඇති පරසතු රුක මෙන්” යනු ඒ කොවිලාර නම් පරසතු රුක වැසුන සෙවන ඇත්තේ හටගත් කොළ ඇත්තේවේද, එමෙන්ම ඒ පසේ බුදුන් වහන්සේ සම්පූර්ණ පාත්‍රසිවුරු දැරුවේ යනුයි. කාෂාය වස්ත්‍ර ඇත්තේ ගිහිගෙන් නික්ම යනු ඒ පසේ බුදුන් වහන්සේ ... |
රසෙසු ගෙධං අකරං අලොලො, අනඤ්ඤපොසී සපදානචාරී; කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. රසෙසු ගෙධං අකරං අලොලොති. රසොති මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො, අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලම්බිකං (ලම්බිලං (ස්‍යා. ක.) පස්ස ආයතනවිභඞ්ගෙ) කසාවො සාදු අසාදු සීතං උණ්හං. සන්තෙකෙ සමණබ්‍රාහ්මණා රසගිද්ධා... | (18-32) 1. “රසයන්හි ගිජුකම නොකරන්නේ ලොල් නොවූයේ” යන්නෙහි ‘රසය’ නම් (මහානිද්දෙසයේ (10-7) 4 යෙදිය යුතුයි.) 2. “යම්දේ කෙරෙහි ඇළුනාවූ, ගැළුනාවූ, මූර්ඡාවූ, බැස ගත්තාවූ, ඒ රසතෘෂ්ණාව ඒ පසේ බුදුන් වහන්සේගේ ප්‍රහීනය, මුලිනුපුටන ලද්දේය. අගසිඳි තල්ගසක්මෙන් කරණලදී. සම්පූර්ණ අභාවයට පමුණුවන ලදී. නැවත නූපදනා බවට පමුණුවනලදී. එහෙයින් ඒ... |
පහාය පඤ්චාවරණානි චෙතසො, උපක්කිලෙසෙ බ්‍යපනුජ්ජ සබ්බෙ; අනිස්සිතො ඡෙත්ව (ඡෙත්වා (ස්‍යා. ක.)) සිනෙහදොසං (ස්නෙහදොසං (ස්‍යා. ක.)), එකො චරෙ ඛග්ගවිසාණකප්පො. පහාය පඤ්චාවරණානි චෙතසොති සො පච්චෙකසම්බුද්ධො කාමච්ඡන්දනීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, බ්‍යාපාදනීවරණං... ථිනමිද්ධනීවරණං... උද්ධච්චකුක්කුච්චනී... | (18-33) 1. “සිතින් පඤ්චනීවරණයන් හැර” යනු ඒ පසේබුදුන් වහන්සේ කාමච්ඡන්ද නීවරණය (ii) දුරුකොට බැහැර කොට සංසිඳුවා සම්පූර්ණ අභාවයට පමුණුවා (iii) ව්‍යාපාද නීවරණය (මෙහි (ii) යෙදිය යුතුයි) ථිනමිද්ධ නීවරණය (මෙහි (ii) යෙදිය යුතුයි) උද්ධච්ච කුක්කුච්ච නීවරණය (මෙහි (ii) යෙදිය යුතුයි.) විචිකිච්චා නීවරණය (මෙහි (ii) යෙදිය යුතුයි.) කාමය... |
විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච, පුබ්බෙව ච සොමනස්සදොමනස්සං; ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච, පුබ්බෙව ච සොමනස්සදොමනස්සන්ති සො පච්චෙකසම්බුද්ධො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරතීති - ... | (18-34) 1. “මුලින්ම සොම්නස් දොම්නස් දෙකද සැප දුක් දෙකද බහාතබා” යනු ඒ පසේබුදුන් වහන්සේ සැපයාගේද ප්‍රහාණයෙන් දුක්ඛයාගේද ප්‍රහාණයෙන් මුලින්ම සොම්නස් දොම්නස් දෙක අස්තයට පමුණුවා දුක් නොවූ සුව නොවූ උපෙක්ෂාව හා සිහියෙන් පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට සමවැද වාසය කරයි. 2. “පිරිසිදුවූ උපෙක්ෂාවද සමථයද ලැබ” යනු යම් සතරවන ධ්‍යානයෙහි උපෙ... |
ආරද්ධවීරියො පරමත්ථපත්තියා, අලීනචිත්තො අකුසීතවුත්ති; දළ්හනික්කමො ථාමබලූපපන්නො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ආරද්ධවීරියො පරමත්ථපත්තියාති පරමත්ථං වුච්චති අමතං නිබ්බානං. යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. පරමත්ථස්ස පත්තියා ලාභාය පටිලාභාය අධිගමාය ඵස්සනාය සච්ඡිකිරියාය ආරද්ධවීරියො විහරති අක... | (18-35) 1. “පරමාර්ථයට පැමිණීම පිණිස පටන්ගත් වීර්ය ඇත්තේ” යනු පරමාර්ථය යයි අමෘතවූ නිර්වාණයට කියයි. යම් ඒ යමක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු උපධීන් බැහැර කළේ, තෘෂ්ණාව ක්ෂයකළේ විරාගනම්වූ නිරෝධ නම්වූ නිර්වාණය යනුයි. පරමාර්ථයට පැමිණීම පිණිස එය ලැබීම පිණිස අධිගමය පිණිස, ස්පර්ශ කිරීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස, අකුශල ධර... |
පටිසල්ලානං ඣානමරිඤ්චමානො, ධම්මෙසු නිච්චං අනුධම්මචාරී; ආදීනවං සම්මසිතා භවෙසු, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. පටිසල්ලානං ඣානමරිඤ්චමානොති සො පච්චෙකසම්බුද්ධො පටිසල්ලානාරාමො හොති පටිසල්ලානරතො අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්‍රූහෙතා සුඤ්ඤාගාරං ඣායී ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති පටිසල්ලානං. ඣානමරිඤ... | (18-36) 1. “විවේකයෙන් යුක්තව ධ්‍යානයෙහි යෙදෙන්නේ” යනු ඒ පසේබුදුන් වහන්සේ විවේකයෙන් යුක්තවූයේ වෙයි. විවේකයෙහි ඇළුනේ වෙයි. අධ්‍යාත්මයෙහි චිත්ත සමථයෙහි යෙදුනේ, දුරුනොකළ ධ්‍යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්තවූයේ ශුන්‍යාගාරයෙහි ධ්‍යානය කරන්නේ, ධ්‍යානයෙහි ඇළුනේ එක් නිශ්චයක යෙදුනේ පදාර්ථය ගරුකළේ විවේකවූ ධ්‍යානය ආශ්‍රය කළේ වෙයි. 2. ... |
තණ්හක්ඛයං පත්ථයමප්පමත්තො, අනෙළමූගො (අනෙලමූගො (ස්‍යා. ක.)) සුතවා සතීමා; සඞ්ඛාතධම්මො නියතො පධානවා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. තණ්හක්ඛයං පත්ථයමප්පමත්තොති. තණ්හාති රූපතණ්හා...පෙ.... ධම්මතණ්හා. තණ්හක්ඛයන්ති රාගක්ඛයං දොසක්ඛයං මොහක්ඛයං ගතික්ඛයං උපපත්තික්ඛයං පටිසන්ධික්ඛයං භවක්ඛයං සංසාරක්ඛයං වට්ටක්ඛයං පත්ථයන්තො ඉච්ඡන්තො සාදියන්තො ... | (18-37) 1. “අප්‍රමාදවූයේ තෘෂ්ණාක්ෂය ප්‍රාර්ථනා කරන්නේ” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තෘෂ්ණා යනුයි. ‘තෘෂ්ණාක්ෂය’ යනු රාගක්ෂය, ද්වේෂක්ෂය, මොහක්ෂය, ගතික්ෂය, උත්පත්තික්ෂය, ප්‍රතිසන්ධික්ෂය, භවක්ෂය, සංසාරක්ෂය වට්ටක්ෂය, කැමතිවන්නේ බලාපොරොත්තුවන්නේ, ආශාකරන්නේ, යනුයි. 2. ඒ පසේබුදුන් වහන්සේ සකස්ව කටයු... |
සීහොව සද්දෙසු අසන්තසන්තො, වාතොව ජාලම්හි අසජ්ජමානො; පදුමංව තොයෙන අලිම්පමානො (අලිප්පමානො, සු. නි. 71), එකො චරෙ ඛග්ගවිසාණකප්පො. සීහොව සද්දෙසු අසන්තසන්තොති යථා සීහො මිගරාජා සද්දෙසු අසන්තාසී අපරිසන්තාසී අනුත්‍රාසී අනුබ්බිග්ගො අනුස්සඞ්කී (අනුස්සුකී (ස්‍යා.)) අනුත්‍රාසො අභීරූ අච්ඡම්භී අනුත්‍රාසී අපලායී, පච්චෙකසම්බුද්ධොපි සද්ද... | (18-38) 1. “ශබ්දයන්හි සන්ත්‍රාස නොවූ සිංහයා මෙන්” යනු යම්සේ මෘගරාජවූ සිංහයා ශබ්දයන්හි සන්ත්‍රාස නොවූයේ උත්‍රාස නොවූයේ, බිය නොවූයේ, පලා නොයන්නේවේද, 2. “දැලෙහි නොබැඳෙන වාතය මෙන්” යන්නෙහි වාතය නම් පෙරදිග, වාතය බටහිර දිග වාතය, උතුරුදිග වාතය, දකුණු දිග වාතය, ධූලි සහිත වාතය, ධූලි රහිත වාතය, ශීතල වාතය, උෂ්ණ වාතය, ස්වල්ප වාතය,... |
සීහො යථා දාඨබලී පසය්හ, රාජා මිගානං අභිභුය්‍ය චාරී; සෙවෙථ පන්තානි සෙනාසනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. සීහො යථා දාඨබලී පසය්හ, රාජා මිගානං අභිභුය්‍ය චාරීති යථා සීහො මිගරාජා දාඨබලී දාඨාවුධො සබ්බෙ තිරච්ඡානගතෙ පාණෙ අභිභුය්‍ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා චරති විහරති ඉරියති වත්තෙති පාලෙති යපෙති යාපෙති, පච්ච... | (18-39) 1. “දළ බලයකොට ඇති සිංහතෙම (තිරිසනුන්) මැඩ හැසිරේද” යනු යම්සේ මෘග රාජවූ සිංහයා දළ බලයකොට ඇත්තේ දළ ආයුධකොට ඇත්තේ සියලු තිරිසන් ගත ප්‍රාණීන් මැඩපවත්වා යටපත්කොට වාසය කෙරේද, ඉරියව් පවත්වාද, පාලනය කෙරේද යැපේද, පසේබුදුන් වහන්සේද, ප්‍රඥාව බලයකොට ඇත්තේ ප්‍රඥාව ආයුධකොට ඇත්තේ බලයකොට ඇත්තේ සියලු ප්‍රාණය ඇති පුද්ගලයන් ප්‍රඥ... |
මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙ; සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙති සො පච්චෙකසම්බුද්ධො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාස... | (18-40) 1. “මෛත්‍රීයද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද සුදුසු කාලයෙහි වඩන්නේ” යනු ඒ පසේබුදුන් වහන්සේ මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසයකරයි. එසේ දෙවන දිශාවද, එසේ තුන්වන දිශාවද, එසේ සතරවන දිශාවද මෙසේ උඩද යටද සරසද යන සියලු ලෝකය පතුරුවා වාසය කරයි, උපෙක්ෂා සහගත සිතින් විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරයෙන් අව්‍යාපාදයෙ... |
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සන්දාලයිත්වාන සංයොජනානි (සංයොජනානි (ක.)) ; අසන්තසං ජීවිතසඞ්ඛයම්හි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. රාගඤ්ච දොසඤ්ච පහාය මොහන්ති. රාගොති යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. දොසොති යො චිත්තස්ස ආඝාතො...පෙ.... චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස. මොහොති දුක්ඛෙ අඤ්ඤාණං...පෙ.... අවිජ්ජාලඞ්ගී මොහො ... | (18-41) 1. “රාගයද, ද්වේෂයද, මෝහයද දුරුකොට” යනු රාගය නම් යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. ද්වේෂ යනු යම් චිත්තයාගේ වෛරයක් චණ්ඩ ගතියක් කඳුළුහෙලීමක් නොසතුටු බවක් ඇද්ද එයයි. මෝහය යනු දුකෙහි නොදැනීම, දුක් හේතුව නොදැනීම, නිරෝධයේ නොදැනීම, නිරෝධගාමිනී ප්‍රතිපදාවේ නොදැනීම, අවිද්‍යාව, ඉදිරු... |
භජන්ති සෙවන්ති ච කාරණත්ථා, නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා; අත්තත්ථපඤ්ඤා (අත්තට්ඨපඤ්ඤා (ක.)) අසුචී මනුස්සා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො. භජන්ති සෙවන්ති ච කාරණත්ථාති අත්තත්ථකාරණා පරත්ථකාරණා උභයත්ථකාරණා දිට්ඨධම්මිකත්ථකාරණා සම්පරායිකත්ථකාරණා පරමත්ථකාරණා භජන්ති සම්භජන්ති සෙවන්ති නිසෙවන්ති සංසෙවන්ති පටිසෙවන්තීති - භජන්ති සෙවන්ති ච... | (18-42) 1. “ආත්මාර්ථ කාරණයෙන් භජනය කරත් සේවනය කරත්” යනු ආත්මාර්ථ කාරණයෙන් පරාර්ථ කාරණයන් උභයාර්ථ කාරණයෙන් මෙලොව අර්ථය පිළිබඳ කාරණයෙන් පරලොව අර්ථය පිළිබඳ කාරණයෙන් පරමාර්ථය පිළිබඳ කාරණයෙන් සේවනය කරත්, භජනය කරත් යනුයි. 2. “කරුණක් නැති මිත්‍රයෝ අද දුර්ලභයහ. යනු මිත්‍රයෝ දෙදෙනෙකි. ගිහි මිත්‍රයාය පැවිදි මිත්‍රයාය යනුයි. හේතු... |
. සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං. | සොතද්වාරානුසාරයෙන් (කණින් අසා) දැනගන්නාලද ධර්ම සමූහයෙහිවූ ප්‍රඥාව සුතමය ඤාණ නමි. |
. සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං. | සුතමය ඤාණයෙහි වදාළාවූ ධර්ම සමූහය අසා සතර සංවර සීලයෙහි පවත්නා ප්‍රඥාව සීලමය ඤාණ නමි. |
. සංවරිත්වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං. | සීලමය ඤාණයෙන් සංවරයෙහි පිහිටා එක් අරමුණක සිත මනාකොට පිහිටුවීමෙහි ප්‍රඥාව සමාධි භාවනාමය ඤාණනමි. |
. පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. | අවිද්‍යාදීප්‍රත්‍ය සංස්කාරාදි ප්‍රත්‍යුත්පන්න ධර්මයන් පිරිසිඳ දැන ගැනීමෙහි ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණ නමි. |
. අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං. | අතීතානාගත, දැන් පවත්නා පඤ්චස්කන්ධයන් අතුරෙන් එකි එකී ස්කන්ධයක්හුගේ ලක්ෂණ හකුළුවා පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව සම්මසන ඤාණ නමි. |
. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං. | දැන් පවත්නා පඤ්චස්කන්ධයන්ගේ වෙනස්වන ස්වභාවය නැවත නැවත බැලීමෙහි ප්‍රඥාව උදයබ්බයානුපස්සනාඤාණ නමි. |
. ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං. | ඒ ඒ ආරම්මණයන්හි පවත්නා ධර්මසමූහය මෙනෙහි කොට ඉපදීම හා නැතිවීම නැවත නැවත බැලීමෙහිවූ ප්‍රඥාව විපස්සනා ඤාණ නමි. |
. භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. | භය වශයෙන් දක්නා අරමුණෙහි පවත්නා ප්‍රඥාව ආදීනව ඤාණ නමි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.