pali_text stringlengths 7 23.7k | sinhala_text stringlengths 1 333k |
|---|---|
. මුඤ්චිතුකම්‍යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. | වෘත්තයෙන් මිදෙනු කැමති බව ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම, ත්‍රිලක්ෂණයෙහි මනාව පිහිටීම යන මෙහි පවත්නා ප්‍රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි, |
. බහිද්ධා වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගොත්‍රභුඤාණං. | බාහිරවූ සංඛාර නිමිත්තෙන් නැගිටීමෙහි හා පෙරළීමෙහි වූ ප්‍රඥාව ගොත්‍රභූ ඤාණ නමි. |
. දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං. | දෙයාකාරයකින් සංස්කාරයන් කෙරෙන් නැගිටීමෙහි හා පෙරළීමෙහි පවත්නා ප්‍රඥාව මග්ගඤාණ නමි. |
. පයොගප්පටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං . | ප්‍රයොගයයි කියන ලද වුට්ඨානයාගේ සංසිඳීම් වශයෙන් පවත්නාවූ ප්‍රඥාව ඵලඤාණ නමි. |
. ඡින්නවටුමානුපස්සනෙ (ඡින්නමනුපස්සනෙ (ස්‍යා.), ඡින්නවට්ටමනුපස්සනෙ (සී. අට්ඨ.)) පඤ්ඤා විමුත්තිඤාණං. | ඒ ඒ මාර්ගයෙන් සිඳිනලද ක්ලෙශ සමූහය නැවත බැලීමෙහි වූ ප්‍රඥාව විමුක්තිඤාණ නමි. |
. තදා සමුදාගතෙ (සමුපාගතෙ (ස්‍යා.)) ධම්මෙ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණෙ ඤාණං. | ඒ ඒ මාර්ගඵල ක්ෂණයන්හි අවබෝධ කරන ලද්දාවූ චතුස්සත්‍ය ධර්මයන් මෙනෙහි කිරීමෙහිවූ ප්‍රඥාව පච්ච වෙක්ඛණ නමි. |
. අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං. | ආධ්‍යාත්මිකවූ චක්ඛායතනාදිය පිරිසිඳ දැනීමෙහිවූ ප්‍රඥාව වත්ථුනානත්තඤාණ නමි. |
. බහිද්ධාවවත්ථානෙ පඤ්ඤා ගොචරනානත්තෙ ඤාණං. | පිටත්හිවූ රූපායතනාදිය පිරිසිඳ දැනීමෙහිවූ ප්‍රඥාව ගොචරනානත්තඤාණ නමි. |
. චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තෙ ඤාණං. | ත්‍රිවිධචර්යා අටවැදෑරුම් චර්යාවන්ගේ විශේෂ දැනගන්නාවූ ප්‍රඥාව චරියානානත්තඤාණ නමි. |
. චතුධම්මවවත්ථානෙ පඤ්ඤා භූමිනානත්තෙ ඤාණං. | සතර ධර්මයන් පිරිසිඳ දැන ගැනීමෙහි ප්‍රඥාව භූමිනානත්තඤාණ නමි. |
. නවධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තෙ ඤාණං. | නවවිධ ධර්මයන් පිරිසිඳ දැනීමෙහිවූ ප්‍රඥාව ධම්ම නානත්තඤාණ නමි. |
. අභිඤ්ඤාපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං. | විශේෂ ඤාණයෙන් දැනගන්නාවූ ප්‍රඥාව ඤානට්ඨ ඤාණ නමි. |
. පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං. | පිරිසිඳ දැනගත්තාවූ ප්‍රඥාව තීරණට්ඨ ඤාණ නමි. |
. පහානෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං. | නිත්‍යසංඥා සුඛසංඥාදිය ප්‍රහාණය කිරීමෙහි ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණ නමි. |
. භාවනාපඤ්ඤා එකරසට්ඨෙ ඤාණං. | ඒ ඒ ආකාරයෙන් වැඩියයුතුවූ ප්‍රඥාව එකරසට්ඨ ඤාණ නමි. |
. සච්ඡිකිරියාපඤ්ඤා ඵස්සනට්ඨෙ (ඵුසනට්ඨෙ (ක.)) ඤාණං. | පටිවෙධ පටිලාභ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නාවූ ප්‍රඥාව ඵුසනට්ඨඤාණ නමි. |
. අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං. | නොයෙක් අර්ථයන්හි හා නොයෙක් ඵලයන්හි පවත්නා ප්‍රඥාව අත්ථපටිසම්භිදාඤාණ නමි. |
. ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං. | පෙළ ධර්මයෙහි නානත්වය හා නානා හෙතූන් දක්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදාඤාණ නමි. |
. නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං. | වචන වචනාර්ථයන්ගේ නානත්වය දක්නාවූ ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණ නමි. |
. පටිභානනානත්තෙ පඤ්ඤා (පටිභාණනානත්තෙ (ස්‍යා.)) පටිභානපටිසම්භිදෙ ඤාණං. | පටිභාන නානත්වය දන්නාවූ ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඤාණ නමි. |
. විහාරනානත්තෙ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං. | විදර්ශනා විහාරයන්ගේ නොයෙක් ස්වභාවයන් දන්නාවූ ප්‍රඥාව විහාරට්ඨඤාණ නමි. |
. සමාපත්තිනානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං. | නොයෙක් සමාපත්ති විශේෂයන් දන්නාවූ ප්‍රඥාව සමාපත්තට්ටඤාණ නමි. |
. විහාරසමාපත්තිනානත්තෙ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං. | විපස්සනා විහාර නානත්වයන් හා සමාපත්තීන්ගේ විශේෂ දන්නාවූ ප්‍රඥාව විහාර සමාපත්තට්ඨඤාණ නමි. |
. අවික්ඛෙපපරිසුද්ධත්තා ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිම්හි ඤාණං. | වික්ෂෙපයෙන් තොරවූ පිරිසිදු සමාධියට අනතුරුව ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමෙහි ප්‍රඥාව ආනන්තරික සමාධි ඤාණ නමි. |
. දස්සනාධිපතෙය්‍යං සන්තො ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරෙ ඤාණං. | විදර්ශනා ඥානය අධිපතිකොට ඇත්තාවූද ශාන්තවූ විදර්ශනා විහාරයට පැමිණියාවූද ප්‍රණීතයයි මෙනෙහි කිරීම ඇත්තාවූද ප්‍රඥාව අරණවිහාර ඤාණ නමි. |
. ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණං. | දෙවැදෑරුම්වූ සමථබල විපස්සනා බලයන්ගෙන් සම්පූර්ණවීම හේතුකොට ගෙනද කායසංඛාර වචීසංඛාර චිත්ත සංඛාර යන ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීම හේතුකොට ගෙනද සොළොස්වැදෑරුම් ඤාණයන්ගෙන් යුක්තවීම හේතුකොට ගෙනද, නවවැදෑරුම් සමාධීන්ගෙන් යුක්තවීම හේතුකොට ගෙනද වසී බවට පැමිණියහුගේ බවයයි කියනලද ප්‍රඥාව නිරෝධ සමාපත්ති ඤාණ නමි. |
. සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං. | මනාව ප්‍රකාරයෙන් දන්නහුගේ ක්ලේශයන්ගේද ස්කන්ධයන්ගේද පැවැත්ම අවසාන කිරීමෙහිවූ ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණ නමි. |
. සබ්බධම්මානං සම්මා සමුච්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං. | සියලු ත්‍රෛභූමික ධර්මයන් මනාකොට සිඳීමෙහිද නිරුද්ධ කිරීමෙහිද නැවත නොඉපදීමෙහිද ප්‍රඥාව සමසීසට්ඨ ඤාණ නමි. |
. පුථුනානත්තතෙජපරියාදානෙ පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං. | බොහෝවූද නොයෙක් ස්වභාව ඇත්තාවුද එක ස්වභාවය ඇත්තාවූද ගිනියයි කියනලද දුශ්ශීල්‍යාදීය කෙළවර කිරීමෙහිවූ ප්‍රඥාව සල්ලෙඛඤාණ නමි. |
. අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා වීරියාරම්භෙ ඤාණං. | නොමැලි බව කාය ජීවිත නිරපෙක්ෂතාවය සම්ප්‍රයුක්ත ධර්මයන් එසවීම යන මෙහි පවත්නාවූ ප්‍රඥාව විරියාරම්භ ඤාණ නමි. |
. නානාධම්මප්පකාසනතා පඤ්ඤා අත්ථසන්දස්සනෙ ඤාණං. | නොයෙක් ධර්මයන් ප්‍රකාශ කරන්නාවූ ප්‍රඥාව අත්ථසන්දස්සන ඤාණ නමි. |
. සබ්බධම්මානං එකසඞ්ගහතානානත්තෙකත්තපටිවෙධෙ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං. | සියලු ධර්මයන් එකත්වයෙන් ගෙන සංග්‍රහ කිරීම නානා ස්වභාව ඇති ධර්මයන් නානා ස්වභාවයෙන් දැනගැනීම පිළිබඳවූ ප්‍රඥාව දස්සන විසුද්ධි ඤාණ නමි. |
. විදිතත්තා පඤ්ඤා ඛන්තිඤාණං. | රූපස්කන්ධාදීන්ගේ අනිත්‍යාදි ආකාරයෙන් වැටහීම නම්වූ ප්‍රඥාව ඛන්ති ඤාණ නමි. |
. ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහණෙ (පරියොගාහනෙ (ස්‍යා.)) ඤාණං. | රූපස්කන්ධාදීන්ගේ අනිත්‍යාදි ආකාරයෙන් ස්පර්ශවීම දැනගන්නාවූ ප්‍රඥාව පරියොගාහන ඤාණ නමි. |
. සමොදහනෙ පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං. | ස්කන්ධාදිය අතුරෙන් එක්තරා ධර්ම කොටසක පවත්නා ප්‍රඥාව පදෙසවිහාර ඤාණ නමි. |
. අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං. | නෛෂ්ක්‍රම්‍යාදියට අධිපති භාවයෙන් පවත්නාවූ ප්‍රඥාව සඤ්ඤාවිවට්ට ඤාණ නමි. |
. නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං. | නොයෙක් ස්වභාවයන් පහ කිරීමෙහි ප්‍රඥාව චෙතොවිවට්ට ඤාණ නමි. |
. අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. | නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ වශයෙන් සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්තවිවට්ට ඤාණ නමි. |
. සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං. | සූන්‍ය භාවයෙහි පැවති ප්‍රඥාව ඤාණවිවට්ට ඤාණ නමි. |
. වොසග්ගෙ (වොස්සග්ගෙ (බහූසු)) පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං. | දුරු කිරීමෙහි පවත්නා ප්‍රඥාව විමොක්ඛවිවට්ට ඤාණ නමි. |
. තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං. | වෙනස් නොවන්නාවූ ස්වභාවයෙහි පවත්නා ප්‍රඥාව සච්චවිවට්ට ඤාණ නමි. |
. කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං. | රූප කයද පාදක ධ්‍යාන සිතද එකක් වශයෙන් මෙනෙහි කිරීමෙන් සුඛ සංඥාවද ලහු සංඥාවද අධිෂ්ඨාන කිරීමෙන් සම්පූර්ණ කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව ඉද්ධිවිධ ඤාණ නමි. |
. විතක්කවිප්ඵාරවසෙන නානත්තෙකත්තසද්දනිමිත්තානං පරියොගාහණෙ පඤ්ඤා සොතධාතුවිසුද්ධිඤාණං. | විතර්ක වෙගයෙන් නානා ස්වභාව සහ එක ස්වභාව ඇති ශබ්ද නිමිති දැනගැන්මෙහි ප්‍රඥාව සොතධාතු විසුද්ධි ඤාණ නමි. |
. තිණ්ණන්නං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්‍රියානං පසාදවසෙන නානත්තෙකත්තවිඤ්ඤාණචරියා පරියොගාහණෙ පඤ්ඤා චෙතොපරියඤාණං. | සොමනස්ස දොමනස්ස උපෙක්ඛා සහගත ත්‍රිවිධ චිත්තයන්ගේ වෙගයෙන් චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගේ ප්‍රසාද වශයෙන් නානා ස්වභාව හා එක ස්වභාව ඇති චිත්තයන් දැනගැනීමෙහි ප්‍රඥාව චෙතොපරියාය ඤාණ නමි. |
. පච්චයප්පවත්තානං ධම්මානං නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පරියොගාහණෙ පඤ්ඤා පුබ්බෙනිවාසානුස්සතිඤාණං. | අවිද්‍යා ආදී ප්‍රත්‍යයන් හේතුකොට ගෙන පවත්නාවූ සංස්කාරාදී ප්‍රත්‍යයන්ගෙන් උපදනා ධර්මයන් නොයෙක් ස්වභාව හා එක ස්වභාව ඇති කර්මවෙග වශයෙන් දැනගැන්මෙහි ප්‍රඥාව පුබ්බෙනිවාසානුස්සති ඤාණ නමි. |
. ඔභාසවසෙන නානත්තෙකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං. | කසිණාලෝකයෙන් නොයෙක් ස්වභාව හා එක ස්වභාව ඇති රූප නිමිති දැක්මෙහි ප්‍රඥාව දිබ්බචක්ඛු ඤාණ නමි. |
. චතුසට්ඨියා ආකාරෙහි තිණ්ණන්නං ඉන්ද්‍රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං. | සුසැට ආකාරයකින් අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්ද්‍රිය අඤ්ඤීන්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය යන ත්‍රිවිධ ඉන්ද්‍රියයන්ගේ වසී බැව් ඇතියහුගේ ස්වභාවයවූ ප්‍රඥාව ආසවක්ඛයඤාණ නමි. |
. පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං. | පිරිසිඳ දතයුතු ස්වභාවයෙහි පවත්නා ප්‍රඥාව දුක්ඛ ඤාණ නමි. |
. පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං. | ප්‍රහාණය කටයුතු ස්වභාවයෙහිවූ ප්‍රඥාව සමුදය ඤාණ නමි. |
. සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං. | ප්‍රත්‍යක්ෂ කළයුතු ස්වභාවයෙහි පවත්නා ප්‍රඥාව නිරෝධ ඤාණ නමි. |
. භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං. | වැඩියයුතු ස්වභාවයෙහි පවත්නා ප්‍රඥාව මග්ග ඤාණ නමි. |
. දුක්ඛෙ ඤාණං. | දුක්ඛ සත්‍යයෙහිවූ ඤාණය |
. දුක්ඛසමුදයෙ ඤාණං. | සමුදය සත්‍යයෙහිවූ ඤාණය |
. දුක්ඛනිරොධෙ ඤාණං. | නිරෝධ සත්‍යයෙහිවූ ඤාණය |
. දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. | දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදා සත්‍යයෙහිවූ ඤාණය |
. අත්ථපටිසම්භිදෙ ඤාණං. | අර්ථප්‍රභෙද දන්නා ඤාණය |
. ධම්මපටිසම්භිදෙ ඤාණං. | පාළියෙහි ප්‍රභෙද දන්නා ඤාණය |
. නිරුත්තිපටිසම්භිදෙ ඤාණං. | වචන ප්‍රභෙද දන්නා ඤාණය |
. පටිභානපටිසම්භිදෙ ඤාණං. | ප්‍රඥා ප්‍රභෙද දන්නා ඤාණය |
. ඉන්ද්‍රියපරොපරියත්තෙ ඤාණං. | ඉන්ද්‍රියයන්ගේ මූකල නුමූකල බැව් දන්නා ඤාණය, |
. සත්තානං ආසයානුසයෙ ඤාණං. | සත්වයන්ගේ ආසය අනුසය දන්නා ඤාණය |
. යමකපාටිහීරෙ ඤාණං. | යමක පාටිහාරිය ඤාණය |
. මහාකරුණාසමාපත්තියා ඤාණං. | මහා කරුණා සමාපත්ති ඤාණය |
. සබ්බඤ්ඤුතඤාණං. | සබ්බඤ්ඤුත ඤාණය |
. අනාවරණඤාණං . ඉමානි තෙසත්තති ඤාණානි. ඉමෙසං තෙසත්තතියා ඤාණානං සත්තසට්ඨි ඤාණානි සාවකසාධාරණානි; ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි. | අනාවරණ ඤාණය යන මොහු සැත්තෑ තුනක් ඥානයෝ වෙති. මේ තෙසැත්තෑ ඤාණයන් අතුරෙන් සත් සැටක් ඤාණයෝ ශ්‍රාවකයන්ට සාධාරණ වෙත්. ඤාණසයක් ශ්‍රාවකයන්ට සාධාරණ නොවෙත්. |
කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං? ‘‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්‍යා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං. ‘‘ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං. ‘‘ඉමෙ ධම්මා පහාතබ්බා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං. ‘‘ඉමෙ ධම්මා භාවෙතබ්බා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං. ‘‘ඉමෙ ධම්මා සච්ඡිකාතබ්... | [2] කෙසේනම් සොතද්වාරානුසාරයෙන් දැනගන්නාලද ධර්ම සමූහයෙහිවූ ප්‍රඥාව සුතමය ඤාණය වන්නේද? මේ ධර්මයෝ විශේෂයෙන් දතයුත්තාහයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්ම සමූහය සොතාවධාන නමි. එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම් වෙයි. මේ ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහයි වදාළ ධර්ම සමූහය සොතාවධාන නමි. එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නම් වෙයි. මේ ධර... |
කථං ‘‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්‍යා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? එකො ධම්මො අභිඤ්ඤෙය්‍යො - සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. ද්වෙ ධම්මා අභිඤ්ඤෙය්‍යා - ද්වෙ ධාතුයො. තයො ධම්මා අභිඤ්ඤෙය්‍යා - තිස්සො ධාතුයො. චත්තාරො ධම්මා අභිඤ්ඤෙය්‍යා - චත්තාරි අරියසච්චානි. පඤ්ච ධම්මා අභිඤ්ඤෙය්‍යා - පඤ්ච විමුත්තායතනානි. ඡ ධම්මා අභිඤ්ඤෙය්‍යා ... | [5] කෙසේ නම් මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දත යුක්තාහුයයි වදාළ ධර්ම සමූහය සොතවධාන නම් වේද, එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම් වේද, එක් ධර්මයක් විශේෂ ඥානයෙන් දතයුතුයි. කවරේද, සියලු සත්වයෝ ආහාරය ප්‍රත්‍යකොට පවත්නාහුය, යනුයි. ධර්ම දෙකක් විශේෂ ඤානයෙන් දතයුත්තාහුය. කවරහුද? දෙවදෑරුම් ධාතුහුය. ධර්ම තුනක් විශේෂ ඤානයෙන් දතයුතුය, කවර... |
‘‘සබ්බං, භික්ඛවෙ, අභිඤ්ඤෙය්‍යං. කිඤ්ච, භික්ඛවෙ, සබ්බං අභිඤ්ඤෙය්‍යං? චක්ඛු (චක්ඛුං (ස්‍යා. ක.)), භික්ඛවෙ, අභිඤ්ඤෙය්‍යං; රූපා අභිඤ්ඤෙය්‍යා; චක්ඛුවිඤ්ඤාණං අභිඤ්ඤෙය්‍යං; චක්ඛුසම්ඵස්සො අභිඤ්ඤෙය්‍යො; යම්පිදං (යමිදං (ක.) සං. නි. 4.52 පස්සිතබ්බො) චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අභිඤ... | [6] මහණෙනි, සියල්ල විශේෂඥානයෙන් දතයුතුය. මහණෙනි, කෙසේනම් සියල්ල විශේෂඥානයෙන් දතයුත්තේ ද? මහණෙනි, චක්ෂුස (ඇස) දතයුතුය. රූපයෝ දතයුත්තාහුය චක්ඛුවිඤ්ඤාණය දතයුතුය. චක්ඛුසම්ඵස්සය දතයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද එයද දත යුතුය. ශ්‍රොතය (කණ) දතයුතුය, ශබ්දයෝ දතයුත්තා... |
පථවීධාතු අභිඤ්ඤෙය්‍යා; ආපොධාතු අභිඤ්ඤෙය්‍යා; තෙජොධාතු අභිඤ්ඤෙය්‍යා; වායොධාතු අභිඤ්ඤෙය්‍යා; ආකාසධාතු අභිඤ්ඤෙය්‍යා; විඤ්ඤාණධාතු අභිඤ්ඤෙය්‍යා. පථවීකසිණං අභිඤ්ඤෙය්‍යං; ආපොකසිණං අභිඤ්ඤෙය්‍යං; තෙජොකසිණං අභිඤ්ඤෙය්‍යං; වායොකසිණං අභිඤ්ඤෙය්‍යං; නීලකසිණං අභිඤ්ඤෙය්‍යං; පීතකසිණං අභිඤ්ඤෙය්‍යං; ලොහිතකසිණං අභිඤ්ඤෙය්‍යං; ඔදාතකසිණං අභිඤ... | [14] පඨවි ධාතුව දතයුතුය. ආපොධාතුව දතයුතුය. තෙජො ධාතුව දතයුතුය. වායො ධාතුව දතයුතුය, ආකාස ධාතුව දතයුතුය, විඤ්ඤාණ ධාතුව දතයුතුය, පඨවි කසිණය දතයුතුය, ආපොකසිණය දතයුතුය, තෙජො කසිණය දත යුතුය. වායොකසිණය දතයුතුය, නීලකසිණය දත යුතුය පීත කසිණය දත යුතුය, ලොහිත කසිණය දතයුතුය, ඔදාත කසිණය දත යුතුය, ආකාස කසිණය දත යුතුය. විඤ්ඤාණ කසිණය ද... |
කාමධාතු අභිඤ්ඤෙය්‍යා; රූපධාතු අභිඤ්ඤෙය්‍යා; අරූපධාතු අභිඤ්ඤෙය්‍යා. කාමභවො අභිඤ්ඤෙය්‍යො; රූපභවො අභිඤ්ඤෙය්‍යො ; අරූපභවො අභිඤ්ඤෙය්‍යො. සඤ්ඤාභවො අභිඤ්ඤෙය්‍යො; අසඤ්ඤාභවො අභිඤ්ඤෙය්‍යො; නෙවසඤ්ඤානාසඤ්ඤාභවො අභිඤ්ඤෙය්‍යො. එකවොකාරභවො අභිඤ්ඤෙය්‍යො; චතුවොකාරභවො අභිඤ්ඤෙය්‍යො; පඤ්චවොකාරභවො අභිඤ්ඤෙය්‍යො. | [19] කාම ධාතුව දතයුතුය. රූප ධාතුව දතයුතුය. අරූප ධාතුව දතයුතුය. කාම භවය දතයුතුය රුප භවය දතයුතුය. අරූප භවය දතයුතුය. සඤ්ඤා භවය දතයුතුය. අසඤ්ඤා භවය දතයුතුය. නෙවසඤ්ඤා නාසඤ්ඤා භවය දතයුතුය. එකවොකාරභවය දතයුතුය. චතුවොකාර භවය දතයුතුය. පඤ්චවොකාරභවය දතයුතුය. |
පඨමං ඣානං (පඨමජ්ඣානං (ස්‍යා.) එවමීදිසෙසු ඨානෙසු) අභිඤ්ඤෙය්‍යං; දුතියං ඣානං අභිඤ්ඤෙය්‍යං; තතියං ඣානං අභිඤ්ඤෙය්‍යං; චතුත්ථං ඣානං අභිඤ්ඤෙය්‍යං. මෙත්තාචෙතොවිමුත්ති අභිඤ්ඤෙය්‍යා; කරුණාචෙතොවිමුත්ති අභිඤ්ඤෙය්‍යා; මුදිතාචෙතොවිමුත්ති අභිඤ්ඤෙය්‍යා; උපෙක්ඛාචෙතොවිමුත්ති අභිඤ්ඤෙය්‍යා. ආකාසානඤ්චායතනසමාපත්ති අභිඤ්ඤෙය්‍යා; විඤ්ඤාණඤ්චා... | [20] පඨමජ්ක්ධානය දතයුතුය. දුතියජක්ධානය දතයුතුය. තතියජ්ක්ධානය දතයුතුය. චතුත්ථජ්ක්ධානය දතයුතුය. [21] මෙත්තා චෙතො විමුක්තිය දතයුත්තීය. කරුණා චෙතො විමුක්තිය දතයුත්තීය. මුදිතා චෙතො විමුක්තිය දතයුත්තීය. උපෙක්ඛා චෙතො විමුක්තිය දතයුත්තීය. ආකාසානඤ්චායතන සමාපත්තිය දතයුත්තීය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය දතයුත්තීය. ආකිඤ්චඤ්ඤායතන සමාප... |
දුක්ඛං අභිඤ්ඤෙය්‍යං; දුක්ඛසමුදයො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛනිරොධො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛනිරොධගාමිනී පටිපදා අභිඤ්ඤෙය්‍යා. රූපං අභිඤ්ඤෙය්‍යං; රූපසමුදයො අභිඤ්ඤෙය්‍යො; රූපනිරොධො අභිඤ්ඤෙය්‍යො; රූපනිරොධගාමිනී පටිපදා අභිඤ්ඤෙය්‍යා. වෙදනා අභිඤ්ඤෙය්‍යා...පෙ.... සඤ්ඤා අභිඤ්ඤෙය්‍යා...පෙ.... සඞ්ඛාරා අභිඤ්ඤෙය්‍යා...පෙ.... විඤ්ඤාණං අභිඤ්ඤෙය්‍ය... | [23] දුක්ඛය දතයුතුය. දුක්ඛ හේතුව දතයුතුය. දුක්ඛ නිරෝධය දතයුතුය. දුක්ඛ නිරෝධයට පැමිණෙන මාර්ගය දතයුතුය. [24] රූපය දතයුතුය. රූපයන්ගේ හේතුව දතයුතුය. රූපයන්ගේ නිරෝධය දතයුතුය. රූප නිරෝධයට පැමිණෙන මාර්ගය දතයුතුය. වේදනාව දතයුතුය. වේදනාවගේ හේතුව දතයුතුය. වේදනා නිරෝධය දතයුතුය. වේදනා නිරෝධයට පැමිණෙන මාර්ගය දතයුතුය. සඤ්ඤාව දතයුතුය... |
දුක්ඛං අභිඤ්ඤෙය්‍යං; දුක්ඛසමුදයො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛනිරොධො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස සමුදයනිරොධො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස ඡන්දරාගනිරොධො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස අස්සාදො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස ආදීනවො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤෙය්‍යං. රූපං අභිඤ්ඤෙය්‍යං; රූපසමුදයො අභිඤ්ඤෙය්‍යො; රූපනිරොධො අභිඤ්ඤෙය්‍යො; රූපස්ස සමුදයනිර... | [30] දුක්ඛය දතයුතුය. දුක්ඛ සමුදය දතයුතුය. දුක්ඛ නිරෝධය දතයුතුය. දුක්ඛනිරෝධ ගාමිනී පටිපදාව දත යුතුය. දුක්ඛයාගේ ආශ්වාදය දතයුතුය. දුක්ඛයාගේ ආදීනවය දතයුතුය. දුක්ඛයාගේ නිශ්ශරණය දතයුතුය. රූපය දතයුතුය. රූප ((i) සමුදය දතයුතුය. (ii) රූප (iii) නිරෝධය දතයුතුය. (iv) රූප (v) නිරෝධගාමිනී පටිපදාව දත යුතුය. (vi) රූපයාගේ (vii) ආශ්වාදය ... |
අනිච්චානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; දුක්ඛානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; අනත්තානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; නිබ්බිදානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; විරාගානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; නිරොධානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; පටිනිස්සග්ගානුපස්සනා අභිඤ්ඤෙය්‍යා. රූපෙ අනිච්චානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; රූපෙ දුක්ඛානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; රූපෙ අනත්තානුපස්සනා අභිඤ්ඤෙය්‍යා; රූපෙ ... | [31] අනිච්චානුපස්සනාව දතයුතුය. දුක්ඛානුපස්සනාව දතයුතුය. අනත්තානුපස්සනාව දතයුතුය. නිබ්බිදානුපස්සනාව දතයුතුය. විරාගානුපස්සනාව දතයුතුය. නිරෝධානුපස්සනාව දතයුතුය. පටිනිස්සග්ගානුපස්සනාව දතයුතුය. රූපයෙහි (i) අනිච්චානුපස්සනාව දතයුතුය (ii) රූපයෙහි (iii) දුක්ඛානුපස්සනාව දතයුතුය. (iv) රූපයෙහි (v) අනත්තානුපස්සනාව දතයුතුය (vi) රූපය... |
උප්පාදො අභිඤ්ඤෙය්‍යො; පවත්තං අභිඤ්ඤෙය්‍යං; නිමිත්තං අභිඤ්ඤෙය්‍යං; ආයූහනා (ආයුහනා (ස්‍යා.) එවමුපරිපි) අභිඤ්ඤෙය්‍යා; පටිසන්ධි අභිඤ්ඤෙය්‍යා; ගති අභිඤ්ඤෙය්‍යා; නිබ්බත්ති අභිඤ්ඤෙය්‍යා; උපපත්ති අභිඤ්ඤෙය්‍යා; ජාති අභිඤ්ඤෙය්‍යා; ජරා අභිඤ්ඤෙය්‍යා; බ්‍යාධි අභිඤ්ඤෙය්‍යො , මරණං අභිඤ්ඤෙය්‍යං; සොකො අභිඤ්ඤෙය්‍යො; පරිදෙවො අභිඤ්ඤෙය්‍යො... | [32] උත්පාදය දතයුතුය. ස්කන්ධයන්ගේ පැවැත්ම දතයුතුය. සංඛාර නිමිත්ත - කර්මය - ප්‍රතිසන්ධිය - ගතිය -ඉපදීම - විපාකයාගේ පැවැත්ම - ජාතිය - ජරාව - ව්‍යාධිය -මරණය - සොකය - හැඬීම - උපායාසය - අනුපාදය -ස්කන්ධයන්ගේ නොපැවැත්ම - නිමිත්තක් සටහනක් නැති බව - ප්‍රතිසන්ධි දෙන කර්මයක් නැති බව - ප්‍රතිසන්ධියක් නැති බව - ගතියක් නැති බව - ඉපද... |
පරිග්ගහට්ඨො අභිඤ්ඤෙය්‍යො; පරිවාරට්ඨො අභිඤ්ඤෙය්‍යො; පරිපූරට්ඨො (පරිපූරණට්ඨො (ක.), පරිපූරිට්ඨො (සී. අට්ඨ.)) අභිඤ්ඤෙය්‍යො; එකග්ගට්ඨො අභිඤ්ඤෙය්‍යො; අවික්ඛෙපට්ඨො අභිඤ්ඤෙය්‍යො ; පග්ගහට්ඨො අභිඤ්ඤෙය්‍යො; අවිසාරට්ඨො අභිඤ්ඤෙය්‍යො; අනාවිලට්ඨො අභිඤ්ඤෙය්‍යො; අනිඤ්ජනට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තුපට්ඨානවසෙන චිත්තස්ස ඨිතට්ඨො අභිඤ්ඤෙය්‍යො; ... | (1-16 ඡේදවල ඒ ඒ වාක්‍ය අගට “අර්ථය දත යුතුයි” යනු එකතුකළ යුතුයි) [1] හාත්පසින් අල්වා ගතයුතු අර්ථය විශේෂඥානයෙන් දතයුතුයි. පිරිවරා ගැනීම් - සම්පූර්ණ කිරීම් - එකඟ වීම් නොවිසිරයාම් - එසවීම් - නොකැළඹීම් - නොසෙල්වීම් - එක් අරමුණෙක පිහිටීම් වශයෙන් චිත්තයාගේ සිටීම් - අරමුණු කිරීම් -ගොචරය යන - පහකිරීම් - දුරුකිරීම් - නැඟීම් - වෙ... |
සමථස්ස අවික්ඛෙපට්ඨො අභිඤ්ඤෙය්‍යො; විපස්සනාය අනුපස්සනට්ඨො අභිඤ්ඤෙය්‍යො; සමථවිපස්සනානං එකරසට්ඨො අභිඤ්ඤෙය්‍යො; යුගනද්ධස්ස අනතිවත්තනට්ඨො අභිඤ්ඤෙය්‍යො; සික්ඛාය සමාදානට්ඨො අභිඤ්ඤෙය්‍යො; ආරම්මණස්ස ගොචරට්ඨො අභිඤ්ඤෙය්‍යො; ලීනස්ස චිත්තස්ස පග්ගහට්ඨො අභිඤ්ඤෙය්‍යො; උද්ධතස්ස චිත්තස්ස නිග්ගහට්ඨො අභිඤ්ඤෙය්‍යො; උභොවිසුද්ධානං අජ්ඣුපෙක්ඛ... | [2] විසිර යන චිත්තයාගේ සන්හිඳුවීම් - හැකිළීම් විසිරයාම් දෙකින් පිරිසිදුවූ චිත්තයන්ගේ මැදහත්ව බැලීම්, - භාවනා විශේෂයකට පැමිණීම්, - මාර්ගයට පැමිණීම් වශයෙන් අධිකව ප්‍රතිවෙධ කිරීම්, - චතුස්සත්‍යයාගේ අවබෝධ කිරීම්, - ඵල සමාපත්ති වශයෙන් නාමරූප නිරෝධයෙහි පිහිටුවීම්, -සද්ධින්ද්‍රියයාගේ ස්ථිරත්වයට පැමිණීම්, - විරියින්ද්‍රයයාගේ ස... |
ඉන්ද්‍රියානං ආධිපතෙය්‍යට්ඨො අභිඤ්ඤෙය්‍යො; බලානං අකම්පියට්ඨො අභිඤ්ඤෙය්‍යො; බොජ්ඣඞ්ගානං නිය්‍යානට්ඨො අභිඤ්ඤෙය්‍යො; මග්ගස්ස හෙතුට්ඨො අභිඤ්ඤෙය්‍යො; සතිපට්ඨානානං උපට්ඨානට්ඨො අභිඤ්ඤෙය්‍යො; සම්මප්පධානානං පදහනට්ඨො අභිඤ්ඤෙය්‍යො; ඉද්ධිපාදානං ඉජ්ඣනට්ඨො අභිඤ්ඤෙය්‍යො; සච්චානං තථට්ඨො අභිඤ්ඤෙය්‍යො; පයොගානං (මග්ගානං (සබ්බත්ථ) අට්ඨකථා ... | [5] ඉන්ද්‍රියයන්ගේ අධිපති අර්ථය දතයුතුය. බලයන්ගේ නොසැලීම්, - බොධ්‍යංගයන්ගේ පැමිණවීම්, - මාර්ගයාගේ හෙත්වර්ථය, -සතිපට්ඨානයන්ගේ එළඹ සිටීම්, -සම්‍යක්ප්‍රධානයන්ගේ වීර්යකිරීම්, - ඍද්ධිපාදයන්ගේ සමෘද්ධ කිරීම්, - සත්‍යයන්ගේ වෙනස් නොවීම් - මාර්ගයන්ගේ සංසිඳීම හේතුවීම් - ඵලයන්ගේ ප්‍රත්‍යකිරීම් අර්ථය දතයුතුය. [6] විතර්කයාගේ අරමුණට ... |
චිත්තට්ඨො අභිඤ්ඤෙය්‍යො; චිත්තානන්තරියට්ඨො අභිඤ්ඤෙය්‍යො; චිත්තස්ස වුට්ඨානට්ඨො අභිඤ්ඤෙය්‍යො; චිත්තස්ස විවට්ටනට්ඨො අභිඤ්ඤෙය්‍යො; චිත්තස්ස හෙතුට්ඨො අභිඤ්ඤෙය්‍යො; චිත්තස්ස පච්චයට්ඨො අභිඤ්ඤෙය්‍යො; චිත්තස්ස වත්ථුට්ඨො (වත්ථට්ඨො (ස්‍යා.)) අභිඤ්ඤෙය්‍යො; චිත්තස්ස භූමට්ඨො (භුම්මට්ඨො (ස්‍යා. සී. අට්ඨ.) (එකත්තෙ උපනිබන්ධනට්ඨො අභිඤ්ඤෙ... | [8] අරමුණු දැනගැනීම් ස්වභාවය දැනගතයුතුය චිත්තයාගේ අතරක් නැති ස්වභාවය දතයුතුය. චිත්තයාගේ සංඛාර නිමිත්ත කෙරෙන් නැඟිටීම්, අර්ථය දතයුතුය. චිත්තයාගේ නිවනට පෙරළීම්, - චිත්තයාගේ හේතු - චිත්තයාගේ ප්‍රත්‍ය, - චිත්තයාගේ වස්තු යන - චිත්තයාගේ භුමි - චිත්තයාගේ ආරම්මණ, -චිත්තයාගේ හැසිරෙන ස්ථානය යන, - චිත්තයාගේ හැසිරීම්, -චිත්තයාගේ එ... |
එකත්තෙ ආවජ්ජනට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තෙ විජානනට්ඨො අභිඤ්ඤෙය්‍යො ; එකත්තෙ පජානනට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තෙ සඤ්ජානනට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තෙ එකදට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තෙ උපනිබන්ධට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තෙ පක්ඛන්දනට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තෙ පසීදනට්ඨො අභිඤ්ඤෙය්‍යො ; එකත්තෙ සන්තිට්ඨනට්ඨො අභිඤ්ඤෙය්‍යො; එකත්තෙ විමුච්චනට්ඨො අභිඤ්ඤෙ... | [9] එක් අරමුණක් ආවර්ජනය කිරීම්, - එක් අරමුණක් දැනීම්, එක් අරමුණක් ප්‍රකාරයෙන් දැනීම්, - එක් අරමුණක් හැඳිනීම්, - එක් අරමුණක පිහිටීම්, - එක් අරමුණෙක බැඳීම්, -එක් අරමුණෙක බැසගැනීම් - එක් අරමුණෙක පැහැදීම්, - එක් අරමුණෙක්හි මනාව පිහිටිය යුතු තැන යන, - එක් අරමුණෙක්හි මිදීම යන - එක් අරමුණෙක් මෙය ශාන්තයයි දැකීම්, - එක් අරමුණෙක... |
පතාපනට්ඨො (පකාසනට්ඨො (ක.)) අභිඤ්ඤෙය්‍යො; විරොචනට්ඨො අභිඤ්ඤෙය්‍යො; කිලෙසානං සන්තාපනට්ඨො අභිඤ්ඤෙය්‍යො; අමලට්ඨො අභිඤ්ඤෙය්‍යො; විමලට්ඨො අභිඤ්ඤෙය්‍යො; නිම්මලට්ඨො අභිඤ්ඤෙය්‍යො; සමට්ඨො අභිඤ්ඤෙය්‍යො; සමයට්ඨො අභිඤ්ඤෙය්‍යො; විවෙකට්ඨො අභිඤ්ඤෙය්‍යො; විවෙකචරියට්ඨො අභිඤ්ඤෙය්‍යො; විරාගට්ඨො අභිඤ්ඤෙය්‍යො; විරාගචරියට්ඨො අභිඤ්ඤෙය්‍යො; නි... | [10] ප්‍රකාශ කිරීම් අර්ථය දතයුතුය. බැබලීම් - කෙලෙසුන්ගේ තැවීම් - කෙලෙස්මලයන්ගේ පිරිසිදුබැව් - සම්ප්‍රයුක්ත මල රහිතබැව් - අරමුණු කරන්නාවූ මලයන්ගෙන් තොරවීම් -කෙලෙස් සමනය කිරීම් - ප්‍රහාණවිවෙක - නොඇලීම් - නිරුද්ධ කිරීම් - දුක්ඛ නිරෝධයෙහි හැසිරීම් දතයුතුය. අත්හැරීම අත්හැරීමෙහි හැසිරීම් - මිදීම් - මිදීමෙහි හැසිරීම් - ඡන්දයව... |
දුක්ඛට්ඨො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස පීළනට්ඨො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස සඞ්ඛතට්ඨො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස සන්තාපට්ඨො අභිඤ්ඤෙය්‍යො; දුක්ඛස්ස විපරිණාමට්ඨො අභිඤ්ඤෙය්‍යො. සමුදයට්ඨො අභිඤ්ඤෙය්‍යො; සමුදයස්ස ආයූහනට්ඨො (ආයුහනට්ඨො (ස්‍යා.)) අභිඤ්ඤෙය්‍යො; සමුදයස්ස නිදානට්ඨො අභිඤ්ඤෙය්‍යො; සමුදයස්ස සඤ්ඤොගට්ඨො අභිඤ්ඤෙය්‍යො; සමුදයස්ස පලිබොධට... | [14] දුක්ඛ යන අර්ථය දතයුතුය. දුක්ඛයාගේ පෙළීම්, -දුක්ඛයාගේ ප්‍රත්‍යයන් විසින් එක්ව කරනලද, - දුක්ඛයාගේ හාත්පස තැවීම්, - දුක්ඛයාගේ වෙනස්වීම්, - සමුදය යන, -සමුදයාගේ රැස්කිරීම්, - සමුදයාගේ නිදාන, - සමුදයාගේ බැඳීම්, -සමුදයාගේ පලිබොධාර්ථය දත යුතුය. [15] නිරෝධය යන අර්ථය දතයුතුය. නිරෝධයාගේ නිස්සරණ - නිරෝධයාගේ විවේක - නිරෝධයාගේ ... |
නෙක්ඛම්මං අභිඤ්ඤෙය්‍යං; අබ්‍යාපාදො අභිඤ්ඤෙය්‍යො; ආලොකසඤ්ඤා අභිඤ්ඤෙය්‍යා; අවික්ඛෙපො අභිඤ්ඤෙය්‍යො; ධම්මවවත්ථානං අභිඤ්ඤෙය්‍යං; ඤාණං අභිඤ්ඤෙය්‍යං; පාමොජ්ජං (පාමුජ්ජං (ස්‍යා.)) අභිඤ්ඤෙය්‍යං. පඨමං ඣානං අභිඤ්ඤෙය්‍යං; දුතියං ඣානං අභිඤ්ඤෙය්‍යං; තතියං ඣානං අභිඤ්ඤෙය්‍යං; චතුත්ථං ඣානං අභිඤ්ඤෙය්‍යං. ආකාසානඤ්චායතනසමාපත්ති අභිඤ්ඤෙය්... | [17] ධ්‍යානය දතයුතුය. ව්‍යාපාද රහිතබව, - ආලෝක සංඥාව - අවික්ෂෙපය, ධර්මයන් පිරිහීම්, - ඤාණය, - සතුටුබව, -ප්‍රථමධ්‍යානය, -ද්විතීයධ්‍යානය, -තෘතියධ්‍යානය, -චතුර්ථධ්‍යානය -ආකාශානඤ්චායතන සමාපත්තිය, -විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය, - ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය, - නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය, -අනිච්චානුපස්සනාව දුක්ඛානු පස්සනාව, - අත්ත... |
සොතාපත්තිමග්ගො අභිඤ්ඤෙය්‍යො; සොතාපත්තිඵලසමාපත්ති අභිඤ්ඤෙය්‍යා; සකදාගාමිමග්ගො අභිඤ්ඤෙය්‍යො; සකදාගාමිඵලසමාපත්ති අභිඤ්ඤෙය්‍යා; අනාගාමිමග්ගො අභිඤ්ඤෙය්‍යො ; අනාගාමිඵලසමාපත්ති අභිඤ්ඤෙය්‍යා; අරහත්තමග්ගො අභිඤ්ඤෙය්‍යො; අරහත්තඵලසමාපත්ති අභිඤ්ඤෙය්‍යා. අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්‍රියං අභිඤ්ඤෙය්‍යං; පග්ගහට්ඨෙන වීරියින්ද්‍රියං අභිඤ්ඤෙය්... | සොතාපත්ති මාර්ගය - සොතාපත්තිඵල සමාපත්තිය - සකෘදාගාමී මාර්ගය - සකෘදාගාමිඵල සමාපත්තිය -අනාගාමි මාර්ගය - අනාගාමීඵල සමාපත්තිය - අර්හත්මාර්ගය දතයුතුය - අර්හත් ඵල සමාපත්තිය දතයුතුය. [18] බැසගැනීම් අර්ථයෙන් සද්ධින්ද්‍රිය දතයුතුය. එසවීම් අර්ථයෙන් විරියින්ද්‍රිය එළඹ සිටීම් අර්ථයෙන් සතින්ද්‍රිය -නොවිසිරයාම් අර්ථයෙන් සමෘධින්ද්‍රි... |
ඡන්දො මූලට්ඨෙන අභිඤ්ඤෙය්‍යො; මනසිකාරො සමුට්ඨානට්ඨෙන අභිඤ්ඤෙය්‍යො; ඵස්සො සමොධානට්ඨෙන අභිඤ්ඤෙය්‍යො; වෙදනා සමොසරණට්ඨෙන අභිඤ්ඤෙය්‍යා; සමාධි පමුඛට්ඨෙන අභිඤ්ඤෙය්‍යො; සති ආධිපතෙය්‍යට්ඨෙන අභිඤ්ඤෙය්‍යා; පඤ්ඤා තතුත්තරට්ඨෙන අභිඤ්ඤෙය්‍යා; විමුත්ති සාරට්ඨෙන අභිඤ්ඤෙය්‍යා; අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන අභිඤ්ඤෙය්‍යං. යෙ යෙ ධම්මා අභිඤ... | ඡන්දය මූලාර්ථයෙන් දතයුතුය. මනසිකාරයෙන් හාත්පස නැහිටුවීම් අර්ථය දතයුතුය. ඵස්සය එක්කිරීම් අර්ථයෙන් දතයුතුය. වේදනාව රැස්වීම් අර්ථයෙන් දතයුතුය. සමාධිය ප්‍රමුඛ අර්ථයෙන් - සතිය අධිපති අර්ථයෙන් - ප්‍රඥාව ඊට වැඩිවූවක් නැති අර්ථයෙන් - විමුක්තිය සාරාර්ථයෙන් - අවසානාර්ථයෙන් - අමෘතයට අයත් නිවන අවසානාර්ථයෙන් - යම් යම් ධර්මකෙනෙක් වි... |
කථං ‘‘ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? එකො ධම්මො පරිඤ්ඤෙය්‍යො - ඵස්සො සාසවො උපාදානියො. ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා - නාමඤ්ච රූපඤ්ච. තයො ධම්මා පරිඤ්ඤෙය්‍යා - තිස්සො වෙදනා. චත්තාරො ධම්මා පරිඤ්ඤෙය්‍යා - චත්තාරො ආහාරා. පඤ්ච ධම්මා පරිඤ්ඤෙය්‍යා - පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ධම්මා පරිඤ්ඤෙය්‍යා - ඡ අජ්ඣත්... | [1] කෙසේ නම් මේ ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහුයයි දේශනා කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම සමූහය සොතාවධාන නම්වේද, එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම්වේද? එක් ධර්මයක් පිරිසිඳ දතයුතුය. එනම් උපාදානයන්ට අරමුණුවූ ආශ්‍රව සහිත ඵස්සයයි. ධර්ම දෙකක් පිරිසිඳ දතයුතුය. නාමයත් රූපයත්ය. ධර්ම තුනක් පිරිසිඳ දතයුතුය. ත්‍රිවිධ වේදනාවෝයි. ධර්ම... |
නෙක්ඛම්මං පටිලාභත්ථාය වායමන්තස්ස නෙක්ඛම්මං පටිලද්ධං හොති. එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච. අබ්‍යාපාදං පටිලාභත්ථාය වායමන්තස්ස අබ්‍යාපාදො පටිලද්ධො හොති. එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච. ආලොකසඤ්ඤං පටිලාභත්ථාය වායමන්තස්ස ආලොකසඤ්ඤා පටිලද්ධා හොති. එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච. අවික්ඛෙපං පටිලාභත්... | [3] යම් යම් ධර්ම කෙනෙකුන් ලැබීම පිණිස උත්සාහ කරන්නහු විසින් ඒ ඒ ධර්මයෝ ලබන ලද්දාහු වෙත්ද මෙසේ ඒ ධර්මයෝ පිරිසිඳ දැනගන්නා ලද්දාහුද තීරණය කරණ ලද්දාහුද වෙත්. ධ්‍යානය ලැබීම පිණිස වීර්ය කරන්නහු විසින් ධ්‍යානය ලබන ලද්දේවෙයිද (i) මෙසේ ඒ ධර්මය තෙම පිරිසිඳ දැනගන්නා ලද්දේද තීරණය කරන ලද්දේද වෙයි. (ii) අව්‍යාපාදය ලැබීම පිණිස වීර්ය ... |
කථං ‘‘ඉමෙ ධම්මා පහාතබ්බා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? එකො ධම්මො පහාතබ්බො - අස්මිමානො. ද්වෙ ධම්මා පහාතබ්බා - අවිජ්ජා ච භවතණ්හා ච. තයො ධම්මා පහාතබ්බා - තිස්සො තණ්හා. චත්තාරො ධම්මා පහාතබ්බා - චත්තාරො ඔඝා. පඤ්ච ධම්මා පහාතබ්බා - පඤ්ච නීවරණානි. ඡ ධම්මා පහාතබ්බා - ඡ තණ්හාකායා. සත්ත ධම්මා පහාතබ්බා - සත්තානුසයා. අ... | [8] කෙසේ නම් මේ ධර්මයෝ පහකළ යුත්තාහයි වදාළ ධර්මය සොතාවධාන නම් වේද, එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම් වේද? එක් ධර්මයක් පහකළ යුතුය. එනම් අස්මිමානයයි. ධර්ම දෙකක් පහකළ යුතුය. අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්ය. ධර්ම තුනක් පහකළ යුතුය. ත්‍රිවිධ තණ්හාවෝය. ධර්ම සතරක් පහකළ යුත්තාහ. සතර ඕඝයෝය. ධර්ම පහක් පහකළ යුත්තාහ. පඤ්චනීවරණයෝය. ධර්ම... |
ද්වෙ පහානානි - සමුච්ඡෙදප්පහානං, පටිප්පස්සද්ධිප්පහානං. සමුච්ඡෙදප්පහානඤ්ච ලොකුත්තරං ඛයගාමිමග්ගං භාවයතො; පටිප්පස්සද්ධිප්පහානඤ්ච ඵලක්ඛණෙ. තීණි පහානානි - කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං; රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං; යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, නිරොධො තස්ස නිස්සරණං. නෙක්ඛම්මං පටිලද්ධස්ස කාමා පහීනා ච... | [9] ප්‍රහාණ දෙකකි. තදංග ප්‍රහාණයත් පටිපස්සද්ධි ප්‍රහාණයත්ය. ආශ්‍රව ධර්මයන් ක්ෂයකරන්නාවූ ලොකොත්තර මාර්ගය වඩන්නහුට සමුච්ඡෙද ප්‍රහාණයද ඵල ක්ෂණයෙහි පටිපස්සද්ධි ප්‍රහාණයද වෙයි. ප්‍රහාණ තුනකි. යම් ඒ රූප ධ්‍යානයක් ඇද්ද, එය කාමයන් කෙරෙන් නික්මීමයි යම් ඒ අරූපධ්‍යානයක් ඇද්ද එය රූපයන් කෙරෙන් නික්මීමයි. හටගන්නාවූ ප්‍රත්‍යයන් විසින... |
කථං ‘‘ඉමෙ ධම්මා භාවෙතබ්බා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? එකො ධම්මො භාවෙතබ්බො - කායගතාසති සාතසහගතා. ද්වෙ ධම්මා භාවෙතබ්බා - සමථො ච විපස්සනා ච. තයො ධම්මා භාවෙතබ්බා - තයො සමාධී. චත්තාරො ධම්මා භාවෙතබ්බා - චත්තාරො සතිපට්ඨානා. පඤ්ච ධම්මා භාවෙතබ්බා - පඤ්චඞ්ගිකො සමාධි (සම්මාසමාධී (ස්‍යා.)). ඡ ධම්මා භාවෙතබ්බා - ඡ අනු... | [1] කෙසේනම් මේ ධර්මයෝ වැඩිය යුත්තාහයි වදාළ ධර්ම සමූහය සොතාවධාන නම්වේද? එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඥාන නම්වේද? එක් ධර්මයක් වැඩිය යුතුයි. එනම්, සුඛ වේදනාව සමග යෙදුනාවූ කාය ගතා සති ධ්‍යානයයි. ධර්ම දෙකක් වැඩිය යුත්තාහ. සමථයත් විදර්ශනාවත්ය. ධර්ම තුනක් වැඩිය යුත්තාහ. ත්‍රිවිධ සමාධියයි. ධර්ම සතරක් වැඩිය යුත්තාහ. සතර සතිපට්ඨා... |
ද්වෙ භාවනා - ලොකියා ච භාවනා, ලොකුත්තරා ච භාවනා. තිස්සො භාවනා - රූපාවචරකුසලානං ධම්මානං භාවනා, අරූපාවචරකුසලානං ධම්මානං භාවනා, අපරියාපන්නකුසලානං ධම්මානං භාවනා. රූපාවචරකුසලානං ධම්මානං භාවනා අත්ථි හීනා, අත්ථි මජ්ඣිමා, අත්ථි පණීතා. අරූපාවචරකුසලානං ධම්මානං භාවනා අත්ථි හීනා , අත්ථි මජ්ඣිමා, අත්ථි පණීතා. අපරියාපන්නකුසලානං ධම්මා... | [2] භාවනා දෙකකි. ලෞකික භාවනාවත් ලෝකොත්තර භාවනාවත්ය. භාවනා තුනකි. රූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීමද, අරූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීමද, ලෝකොත්තර කුශල ධර්මයන්ගේ වැඩීමද වෙයි. රූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීම හීනවූ වැඩීමක්ද ඇත. මධ්‍යමවූ වැඩීමක්ද ඇත. ප්‍රණීතවූ වැඩීමක් ද ඇත. අරූපාවචර කුශල ධර්මයන්ගේ වැඩීම හීනවූ වැඩීමක්ද ඇත. මධ්‍යමවූ වැඩ... |
චතස්සො භාවනා - දුක්ඛසච්චං පරිඤ්ඤාපටිවෙධං පටිවිජ්ඣන්තො භාවෙති, සමුදයසච්චං පහානප්පටිවෙධං පටිවිජ්ඣන්තො භාවෙති, නිරොධසච්චං සච්ඡිකිරියාපටිවෙධං පටිවිජ්ඣන්තො භාවෙති, මග්ගසච්චං භාවනාපටිවෙධං පටිවිජ්ඣන්තො භාවෙති. ඉමා චතස්සො භාවනා. අපරාපි චතස්සො භාවනා - එසනාභාවනා, පටිලාභාභාවනා, එකරසාභාවනා, ආසෙවනාභාවනා. කතමා එසනාභාවනා? සබ්බෙසං සමා... | [3] භාවනා සතරකි. දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනීම් ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරමින් වඩයි. සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම් ප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කරමින් වඩයි. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම් ප්‍රතිවේධයෙන් ප්‍රතිවෙධ කරමින් වඩයි. මාර්ග සත්‍යය වැඩීම් (භාවනා) ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරමින් වඩයි. මේ සතර භාවනාවෝයි. තවද භාවනා සතරකි. එසන... |
අපරාපි චතස්සො භාවනා - තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්‍රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවීරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනට්ඨෙන භාවනා. කථං තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා? කාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති - තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා. බ්‍යාපාදං පජහතො අබ්‍යාපාද... | [15] තවද භාවනා සතරකි. ඒ භාවනාවෙහි උපන් ධර්මයන් ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍ය ඇති අර්ථයෙන් භාවනා ඒ සමාන කෘත්‍ය ඇතිබවට පැමිණීමේ හේතුවවූ වීර්ය දැරීම් අර්ථයෙන් භාවනා දැඩිව සේවනය කිරීම් අර්ථයෙන් භාවනා යන මොහුය. කෙසේ නම් භාවනාවෙහි උපන් ධර්මයන් ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා වෙයිද? කාමච්ඡ... |
කථං ‘‘ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? එකො ධම්මො සච්ඡිකාතබ්බො - අකුප්පා චෙතොවිමුත්ති. ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා - විජ්ජා ච විමුත්ති ච. තයො ධම්මා සච්ඡිකාතබ්බා - තිස්සො විජ්ජා. චත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා - චත්තාරි සාමඤ්ඤඵලානි. පඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා - පඤ්ච ධම්මක්ඛන්ධා. ඡ ධම්මා සච්ඡිකාතබ්බා... | [1] කෙසේ නම් මේ ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කළයුත්තාහයි වදාළ ධර්මය සොතාවධාන නම්වේද? එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම්වේද? එක් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. එනම් නොපිරිහෙන චෙතොවිමුක්තියයි කියනලද අර්හත් ඵලයයි. ධර්ම දෙකක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. විද්‍යාවත් විමුක්තියත්ය. ධර්මතුනක් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ත්‍රිවිද්‍යාවෝයි. ධර්ම සතරක් ... |
කථං ‘‘ඉමෙ ධම්මා හානභාගියා, ඉමෙ ධම්මා ඨිතිභාගියා, ඉමෙ ධම්මා විසෙසභාගියා, ඉමෙ ධම්මා නිබ්බෙධභාගියා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? පඨමස්ස ඣානස්ස ලාභිං කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති - හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති - ඨිතිභාගියො ධම්මො. අවිතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති - විසෙසභාගියො ධම්මො. න... | [5] කෙසේ නම් මේ ධර්මයෝ පිරිහීම් පක්ෂයෙහි වූහ, මේ ධර්මයෝ ස්ථිති පක්ෂයෙහි වූහ, මේ ධර්මයෝ විශේෂ පක්ෂයෙහි වූහ, මේ අවබෝධ කිරීම් පක්ෂයෙහි වූහයි වදාළ ධර්මයෝ සොතාවධාන නම් වේද, එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම්වේද, ප්‍රථම ධ්‍යානය ලැබූ පුද්ගලයන්හට කාමයන් අරමුණු කොට ඇති සංඥාවෙන් යුත් මනසිකාරයෝ පවතිත්ද, මෙය පිරිහීම් පක්ෂයෙහිවූ ධ... |
කථං ‘‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? ‘‘රූපං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනා’’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං. ‘‘වෙදනා...පෙ.... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං... චක්ඛු...පෙ.... ජරාමරණං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, ... | [7] කෙසේ නම් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු සංස්කාරයෝ දුක්ඛයහ. සියලු සංස්කාරයෝ අනාත්මයහයි වදාළ ධර්මය සොතාවධාන නම් වේද, එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ නම් වේද, රූපය (i) ක්ෂය වීම් අර්ථයෙන් අනිත්‍ය නමි. භය සහිත අර්ථය දුක්ඛ නමි. ආත්ම සාරයක් නැති අර්ථයෙන් අනාත්ම නමැයි වදාළ ධර්මය සොතාවධාන නමි. එය දැනගන්නා ප්‍රඥාව සුතමය ඤාණ ... |
කථං ‘‘ඉදං දුක්ඛං අරියසච්චං, ඉදං දුක්ඛසමුදයං අරියසච්චං, ඉදං දුක්ඛනිරොධං අරියසච්චං, ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්ච’’න්ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං? | [8] කෙසේ නම්, මෙය දුඃක්ඛාර්යසත්‍ය නමි. මෙය දුඃඛ සමුදයාර්ය සත්‍ය නමි. මෙය දුඃඛ නිරෝධාර්ය සත්‍ය නමි. මෙය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය නමැයි වදාළ ධර්මය සොතාවධාන නම් වේද? එය දැනගන්නාවූ ප්‍රඥාව සුතමය ඤාණ නම් වේද? |
තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (ක.) සතිපට්ඨානසුත්තෙ සච්චවිභඞ්ගෙ ච පස්සිතබ්බං) දුක්ඛා. තත්ථ කතමා ජාති? යා ත... | ඒ ආර්ය සත්‍ය සතර අතුරෙන් දුඃඛාර්ය සත්‍ය නම් කවරේද? ඉපදීමද දුකය, ජරාවද දුකය, මරණයද, දුකය, සොකය හැඬීම කායික දුක මානසික දුක සොකයෙන් ඇතිවන දැඩි වෙහෙස යන මොහුද දුක්යහ. අප්‍රියයන් සමග එක්වීමද දුකය. ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකය. යමක් කැමති නම් එය නොලැබීමද දුකය. සැකෙවින් උපාදානස්කන්ධ පසම දුක්යහ. [9] ඔවුන් අතුරෙන් එහි ඉපදීම නම් ... |
තත්ථ කතමං දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පොනොභවිකා (පොනොබ්භවිකා (ස්‍යා.)) නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං - කාමතණ්හා භවතණ්හා විභවතණ්හා , සා ඛො පනෙසා තණ්හා කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති, කත්ථ නිවිසමානා නිවිසති? යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. කිඤ්ච ලොක... | [18] එහි දුක්ඛසමුදය ආර්යසත්‍යය නම් කවරේද? නැවත ඉපදීම ඇතිකරන්නාවූ නන්දියයි කියනලද රාගයෙන් යුත් ඒ ඒ තැන ඇලෙන්නාවූ යම් මේ තෘෂ්ණාවක්වේද ඒ මෙසේයි කාම තණ්හාවද, භව තණ්හාවද, විභව තණ්හාවද වෙත්. මහණෙනි, මේ තෘෂ්ණාව කිනම් තැනෙක්හි උපදිනුයේ උපදීද කිනම් තැනෙක්හි වැදගනුයේ වැදගනීද? ලෝකයෙහි යම් ප්‍රිය ස්වභාවයක් හෝ මිහිරි ස්වභාවයක් ඇත්ත... |
තත්ථ කතමං දුක්ඛනිරොධං අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, සා ඛො පනෙසා තණ්හා කත්ථ පහීයමානා පහීයති, කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති? යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛුලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හ... | [20] එහි දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නම් කවරේද? ඒ තෘෂ්ණාවගේම යම් සම්පූර්යෙන් වෙන්වීමක් ඇද්ද නිරුද්ධ කිරීමක් ඇද්ද අත්හැරීමක් ඇද්ද දුරුකිරීක් ඇද්ද, මිදීමක් ඇද්ද, ආලය හැරීමක් ඇද්ද, ඒ මේ තෘෂ්ණා තොමෝ කවර තැනෙක්හි ප්‍රහීනවනුයේ ප්‍රහීනවේද, කවර තැනෙක්හි නැතිවන්නේ නැතිවේද ලෝකයෙහි යම් ප්‍රිය ස්වභාවයක් මිහිරි ස්වභාවයක් ඇත්තේවේද, මෙහි ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.