pali_text
stringlengths
7
23.7k
sinhala_text
stringlengths
1
333k
තත්ථ කතමං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. තත්ථ කතමා සම්මාදිට්ඨි? දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං - අයං වුච්චති සම්මාදිට්ඨි. තත්ථ කත...
[22] එහි දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය කවරේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුය. [23] එහි සම්‍යක් දෘෂ්ටිය නම් කවරේද? දුක දන්නා නුවණ, දුකට හේතුව දන්නා නුවණ, දුක් නැ...
කථං සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං? පඤ්ච සීලානි - පරියන්තපාරිසුද්ධිසීලං, අපරියන්තපාරිසුද්ධිසීලං, පරිපුණ්ණපාරිසුද්ධිසීලං, අපරාමට්ඨපාරිසුද්ධිසීලං, පටිප්පස්සද්ධිපාරිසුද්ධිසීලන්ති. තත්ථ කතමං පරියන්තපාරිසුද්ධිසීලං? අනුපසම්පන්නානං පරියන්තසික්ඛාපදානං - ඉදං පරියන්තපාරිසුද්ධිසීලං. කතමං අපරියන්තපාරිසුද්ධිසීලං? උපසම්පන්නානං අපරි...
[32] අසා හික්මීමෙහි ප්‍රඥාව කෙසේ සීලමය ඤාණය වේද? සිල් පසකි. පරියන්ත පාරිසුද්ධි අපරියන්ත පාරිසුද්ධි පරිපුණ්ණ පාරිසුද්ධි සීලය අපරාමට්ඨ පාරිසුද්ධි සීලය පටිපස්සද්ධි පාරිසුද්ධි සීලය යන මොහුයි. නුවණ ශීලය දෘෂ්ටියකින් අල්වා නොගත් පිරිසිදුවීමේ නුවණ ශීලය සියලු කෙලෙස් සංසිඳුන පිරිසිදුවීමේ ශීලය යන පසයි. [33] එහි සීමාවක් එයින් පරිය...
අත්ථි සීලං පරියන්තං, අත්ථි සීලං අපරියන්තං. තත්ථ කතමං තං සීලං පරියන්තං? අත්ථි සීලං ලාභපරියන්තං, අත්ථි සීලං යසපරියන්තං, අත්ථි සීලං ඤාතිපරියන්තං, අත්ථි සීලං අඞ්ගපරියන්තං, අත්ථි සීලං ජීවිතපරියන්තං. කතමං තං සීලං ලාභපරියන්තං? ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථාසමාදින්නං (යථාසමාදිණ්ණං (ක.)) සික්ඛාපදං වීතික්කමති - ඉදං තං ස...
[36] කෙළවරක් ඇති ශීලයක් ඇත්තේය. කෙළවරක් නැති ශීලයක් ඇත්තේය. කෙළවරක් ඇති ශීලය කවරේද? ලාභය කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය. කීර්තිය කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය නෑයන් කෙළවර කොට ඇති ශීලයක් ඇත්තේය. ශරීර අවයව කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය. ජීවිතය කෙළවරකොට ඇති ශීලයක් ඇත්තේය. ලාභය කෙළවරකොට ඇති ශීලය කවරේද? මේ ලෝකයෙහි ඇතැමෙක් ලාභය හේතුකො...
කිං සීලං? කති සීලානි? කිං සමුට්ඨානං සීලං? කති ධම්මසමොධානං සීලං? කිං සීලන්ති චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්කමො සීලං. කති සීලානීති තීණි සීලානි - කුසලසීලං, අකුසලසීලං, අබ්‍යාකතසීලං. කිං සමුට්ඨානං සීලන්ති කුසලචිත්තසමුට්ඨානං කුසලසීලං , අකුසලචිත්තසමුට්ඨානං අකුසලසීලං, අබ්‍යාකතචිත්තසමුට්ඨානං අබ්‍යාකතසීලං. කති ධම්...
[41] සීලය නම් කවරේද? සීලයෝ කෙතෙක්ද? සීලයාගේ හේතු කවරේද? කෙතෙක් ධර්මයන්ගේ එක්වීම සීලයද? සීලය කවරේදැයි යනු චෙතනා ශීලය චෛත්‍යසික ශීලය, සංවර සීලය අව්‍යති ක්‍රම සීලය යන මොහුයි. සීලයෝ කෙතෙක්ද? සීල තුනකි. කුශල සීලය, අකුශල සීලය, අව්‍යාකත සීලය යන මොහුයි. සීලයාගේ හේතුකවරේද? කුසල්සිත හේතුකොට ඇත්තේ කුසල සීලයයි. අකුසල සිත හේතුකොට ඇ...
පාණාතිපාතං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. අදින්නාදානං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. කාමෙසුමිච්ඡාචාරං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. මුසාවාදං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. පිසුණං වාචං (පිසුණාවාචං (ස්‍යා. ක.) දී. නි. 1.9 පස්සිතබ්බා) සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. ඵරුසං වාචං (ඵරුසවාචං (ස්‍ය...
ප්‍රාණඝාතය සංවර කිරීම් අර්ථයෙන් සීල නම් නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. සොරකම් කිරීම සංවර කිරීම් අර්ථයෙන් සීල නමි. නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. කාමයෙහි වරදවා හැසිරීම් සංවර කිරීම් අර්ථයෙන් සීල නම් වෙයි. නොඉක්මවන අර්ථයෙන් සීල නමි. බොරුකීම සංවර කිරීම් අර්ථයෙන් සීල නමි. නොඉක්මවීම් අර්ථයෙන් සීල නමි. කේලාම් කීම සංවර කිරීම් අර්ථ...
නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. අබ්‍යාපාදෙන බ්‍යාපාදං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. ආලොකසඤ්ඤාය ථිනමිද්ධං...පෙ.... අවික්ඛෙපට්ඨෙන උද්ධච්චං... ධම්මවවත්ථානෙන විචිකිච්ඡං... ඤාණෙන අවිජ්ජං... පාමොජ්ජෙන අරතිං.... පඨමෙන ඣානෙන (පඨමජ්ඣානෙන (ස්‍යා.) එවමීදිසෙසු ඨානෙසු) නීවරණෙ...පෙ.... දුතියෙන ඣානෙන...
[කොටසක් අඩුය] ආලෝක සඤ්ඤාවෙන් ථිනමිද්ධයද සමාධියෙන් උද්ධච්චයද, ධර්මයන් පිරිසිඳ දැනීමෙන් විචිකිච්ඡාවද නුවණින් අවිද්‍යාවද ප්‍රමොද්‍යයෙන් නොඇලීමද ප්‍රථමධ්‍යානයෙන් නීවරණද දෙවෙනිධ්‍යානයෙන් විතර්ක හා විචාරද තුන්වෙනි ධ්‍යානයෙන් ප්‍රීතියද, සතරවෙනි ධ්‍යානයෙන් සැපදුක් දෙකද ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥාවද ප්‍රතිඝ සංඥාවද නානත්ත...
එවරූපානං සීලානං සංවරපාරිසුද්ධි අධිසීලං. සංවරපාරිසුද්ධියා ඨිතං චිත්තං අවික්ඛෙපං ගච්ඡති, අවික්ඛෙපපාරිසුද්ධි අධිචිත්තං. සංවරපාරිසුද්ධිං සම්මා පස්සති, අවික්ඛෙපපාරිසුද්ධිං සම්මා පස්සති. දස්සනපාරිසුද්ධි අධිපඤ්ඤා. යො තත්ථ සංවරට්ඨො, අයං අධිසීලසික්ඛා. යො තත්ථ අවික්ඛෙපට්ඨො, අයං අධිචිත්තසික්ඛා. යො තත්ථ දස්සනට්ඨො, අයං අධිපඤ්ඤාසික්...
[43] මෙබඳු සීලයෝ චිත්තයාගේ නොවිපිළිසර බව පිණිස පවතිත්, ප්‍රමොද්‍යය පිණිස පවතිත්, ප්‍රීතිය පිණිස පවතිත්, සංසිඳීම් පිණිස පවතිත්, සොම්නස් බව පිණිස පවතිත්, සෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බොහෝ කොට කිරීම පිණිස පවතිත්, අලංකාරය පිණිස පවතිත්, අවයව පිණිස පවතිත්, පිරිවර පිණිස පවතිත්, සම්පූර්ණවීම පිණිස පවතිත්, එකාන්තයෙන් ...
කථං සංවරිත්වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං? එකො සමාධි - චිත්තස්ස එකග්ගතා. ද්වෙ සමාධී - ලොකියො සමාධි, ලොකුත්තරො සමාධි. තයො සමාධී - සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධි. චත්තාරො සමාධී - හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි, විසෙසභාගියො සමාධි, නිබ්බෙධභාගියො සමාධි. පඤ්ච සමාධී - පීතිඵරණතා, සු...
[45] කෙසේ නම් සංවර වී සිත එකඟ කිරීමේ ප්‍රඥාව සමාධි භාවනාමය ඤාණ නම් වේද, එක්සමාධියකි. සිතේ එකඟකමය, සමාධි දෙකකි. ලෞකිකසමාධිය ලෝකෝත්තර සමාධිය යනුයි. සමාධි තුනකි. විතර්ක සහිත විචාර සහිත සමාධිය, විතර්ක නැති විචාරය පමණක් ඇති සමාධිය, විතර්කයද නැති විචාරයද නැති සමාධියයි යනුයි, සමාධි සතරකි. හානභාගිය සමාධිය, ඨිතිභාගිය සමාධිය විස...
අපි ච, පඤ්චවීසති සමාධිස්ස සමාධිට්ඨා - පරිග්ගහට්ඨෙන සමාධි, පරිවාරට්ඨෙන සමාධි, පරිපූරට්ඨෙන සමාධි, එකග්ගට්ඨෙන සමාධි, අවික්ඛෙපට්ඨෙන සමාධි, අවිසාරට්ඨෙන සමාධි, අනාවිලට්ඨෙන සමාධි, අනිඤ්ජනට්ඨෙන සමාධි, විමුත්තට්ඨෙන සමාධි, එකත්තුපට්ඨානවසෙන චිත්තස්ස ඨිතත්තා සමාධි, සමං එසතීති සමාධි, විසමං නෙසතීති සමාධි, සමං එසිතත්තා සමාධි, විසමං න...
[47] තවද සමාධියගේ සමාධි අර්ථයෝ පස්විස්සකි. වැළඳ ගැනීම් අර්ථයෙන් සමාධි වේ. පරිවාරාර්ථයෙන් සමාධි නමි. සම්පූර්ණවීම් අර්ථයෙන් සමාධි නමි. එක් අරමුණක් ඇති අර්ථයෙන් සමාධි නමි. නොවිසිරයාම් අර්ථයෙන් සමාධි නමි. නොදිවීම් අර්ථයෙන් සමාධි නමි. නොකැළඹීම් අර්ථයෙන් සමාධි නමි. කම්පා නොවීම් අර්ථයෙන් සමාධි නමි. විශේෂයෙන් මිදීම් අර්ථයෙන් ස...
කථං පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං? අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච පවත්තට්ඨිති ච නිමිත්තට්ඨිති ච ආයූහනට්ඨිති ච සඤ්ඤොගට්ඨිති ච පලිබොධට්ඨිති ච සමුදයට්ඨිති ච හෙතුට්ඨිති ච පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති - පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතී...
[48] කෙසේ නම් ප්‍රත්‍ය ප්‍රත්‍යයොත්පන්න ධර්මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණය වේද? අවිද්‍යාව සංස්කාරයන්ගේ ඉපදීමට හේතුවද, පැවැත්මට හේතුවද, නිමිත්ත නම් හේතුවද, ව්‍යාපාර හේතුවද, සම්බන්ධ කිරීමේ හේතුවද, බැඳීමේ හේතුවද, මූල හේතුවද උපස්ථම්භක හේතුවද වෙයි මේ නව ආකාරයෙන් අවිද්‍යාව ප්‍රත්‍යය වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් උපන...
අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති - පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං... අනාගතම්පි අද්ධානං අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති - පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. සඞ්ඛාරා හෙතු, විඤ්ඤාණං හෙතුසමුප්පන්නං...පෙ.... විඤ්ඤාණං හෙතු, නාමරූප...
අවිද්‍යාව හේතුවයි. සංස්කාරයෝ හේතුවෙන් උපන් ධර්මයෝයි මේ ධර්ම දෙකම හේතුවෙන් උපන් ධර්මයෝයයි ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නාවූ ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණයයි. මේ ධර්ම දෙක ප්‍රත්‍යයෙන් හටගත්තෝයයි පිරිසිඳ දැනගන්නා ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණයයි. අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද අවිද්‍යාව හේතුවය. [50] සංස්කාරයෝ හේතුවෙන් උපන් ධර්මයෝය (ii) මේ ධ...
පුරිමකම්මභවස්මිං මොහො අවිජ්ජා, ආයූහනා සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවො. ඉමෙ පඤ්ච ධම්මා පුරිමකම්මභවස්මිං ඉධ පටිසන්ධියා පච්චයා. ඉධ පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා. ඉමෙ පඤ්ච ධම්මා ඉධුපපත්තිභවස්මිං පුරෙකතස්ස කම්මස්ස පච්චයා. ඉධ පරිපක්කත්තා ආයතනානං මොහො අවිජ්ජා, ...
[52] පූර්වකර්ම භවයෙහි මෝහය අවිද්‍යාවයි පූර්ව චෙතනා සංස්කාරයෝයි. නිකන්තිය තෘෂ්ණාවයි දැඩිකොට අල්වා ගැනීම උපාදානයයි චෙතනාව භවයයි පූර්ව කර්ම භවයෙහි මේ ධර්මපස මේ භවයෙහි ප්‍රති සන්ධියට ප්‍රත්‍යයෝයි. මෙහි ප්‍රතිසන්ධියවූ විඤ්ඤාණයයි. මවුගැබට පිවිසීම නාමරූපයයි. ප්‍රසාදය ආයතනයි ස්පර්ශ කිරීම ස්පර්ශයයි. විඳීම් වේදනායි. උප්පත්ති භවය...
කථං අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං? යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං අනිච්චතො වවත්ථෙති එකං සම්මසනං, දුක්ඛතො වවත්ථෙති එකං සම්මසනං, අනත්තතො වවත්ථෙති එකං සම්මසනං. යා කාචි වෙදනා...පෙ.... ...
[53] කෙසේ අතීත අනාගත වර්තමාන ධර්මයන් ලුහුඬු කොට පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව සම්මර්ශන ඥාන නම් වේද? ආධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඔළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සන්තිකවූ හෝ අතීතානාගත වර්තමාන යම්කිසි රූපයක්වේද, ඒ සියලු රූපය (ii) අනිත්‍යය වශයෙන් මෙනෙහි කරයි. මෙය එක් සම්මර්ශනයකි. දුක් වශයෙන් මෙනෙහිකරයි. මෙ...
කථං පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං? ජාතං රූපං පච්චුප්පන්නං, තස්ස නිබ්බත්තිලක්ඛණං උදයො, විපරිණාමලක්ඛණං වයො, අනුපස්සනා ඤාණං. ජාතා වෙදනා...පෙ.... ජාතා සඤ්ඤා... ජාතා සඞ්ඛාරා... ජාතං විඤ්ඤාණං... ජාතං චක්ඛු...පෙ.... ජාතො භවො පච්චුප්පන්නො, තස්ස නිබ්බත්තිලක්ඛණං උදයො, විපරිණාමලක්ඛණං වයො, අන...
[56] කෙසේනම් වර්තමාන ධර්මයන්ගේ විපරිණාමය දන්නා ප්‍රඥාව උදයබ්බයානුපස්සනා ඤාණය වේද? උපන් රූපය වර්තමාන නමි. එම රූපයාගේ (ii) ඉපදීම් ලක්ෂණය උදය නමි. බිඳීම් ලක්ෂණය වය නමි. නැවත නැවත බැලීම ඤාණ නමි. (iii) උපන් වේදනාව වර්තමාන නමි. ඒ වේදනාවගේ (මෙහි (ii) යොදන්න.) උපන් සංඥාව වර්තමාන නමි. ඒ සංඥාවගේ (මෙහි (ii)) උපන් සංස්කාරයෝ වර්තමා...
පඤ්චන්නං ඛන්ධානං උදයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති? පඤ්චන්නං ඛන්ධානං උදයං පස්සන්තො පඤ්චවීසති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්චවීසති ලක්ඛණානි පස්සති ; උදයබ්බයං පස්සන්තො පඤ්ඤාස ලක්ඛණානි පස්සති. රූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, වයං පස...
[57] ස්කන්ධ පඤ්චකයාගේ (ii) ඉපදීම ලක්ෂණය දක්නේ කෙතෙක් ලක්ෂණ දකීද, බිඳීම දක්නේ කෙතෙක් ලක්ෂණ දකීද? උදය හා වය දක්නේ කෙතෙක් ලක්ෂණ දකීද, ස්කන්ධ පඤ්චකයාගේ (ii) ඉපදීම දක්නේ ලක්ෂණ විසිපහක් දකියි. බිඳීම දක්නේ ලක්ෂණ විසිපහක් දකී. ඉපදීම හා බිඳීම දක්නේ ලක්ෂණ පණසක් දකී (iii) රූපස්කන්ධයාගේ (මෙහි (ii) යොදන්න.) වේදනාස්කන්ධයාගේ (මෙහි (i...
කථං ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං? රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති. තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති. අනුපස්සතීති, කථං අනුපස්සති? අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති...
[67] කෙසේ නම් ආරම්මණය උදය වය වශයෙන් දැක බිඳීම දැක්මෙහි ප්‍රඥාව විදර්ශනා ඥානය වේද? රූපය අරමුණු කොට ඇති (ii) සිත ඉපද බිඳෙයි. ඒ අරමුණ මෙනෙහි කොට ඒ චිත්තයාගේ බිඳීම නැවත නැවත බලයි. (iii) කෙසේ නැවත නැවත බලයිද? අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ. දුක්ඛ වශයෙන් බලයි. සැප වශයෙන් නොවෙයි අනාත්ම වශයෙන් බලයි, ආත්ම වශයෙන් නොවෙයි...
අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති. දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති. අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති. නිබ්බින්දන්තො නන්දිං පජහති. විරජ්ජන්තො රාගං පජහති. නිරොධෙන්තො සමුදයං පජහති. පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. වෙදනාරම්මණතා...පෙ.... සඤ්ඤාරම්මණතා... සඞ්ඛාරාරම්මණතා... විඤ්ඤාණාරම්මණතා... චක්ඛු...පෙ.... ජරාමරණාරම්මණත...
අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය සංඥාව දුරු කරයි, දුක් වශයෙන් බලන්නේ, සැප සංඥාව දුරු කරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරු කරයි. කලකිරෙන්නේ තෘෂ්ණාව සතුට දුරු කරයි. නොඇලෙන්නේ රාගය දුරලයි. නැති කරන්නේ පහළවීම දුරු කරයි. අත් හරින්නේ ගැනීම දුරුකරයි. (iv) වේදනාව අරමුණුකොට ඇති (මෙහි (ii) යොදන්න) සංඥාව අරමුණු කොට ඇති (මෙහි (i...
කථං භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං? උප්පාදො භයන්ති - භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං භයන්ති - භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. නිමිත්තං භයන්ති...පෙ.... ආයූහනා භයන්ති...පෙ.... පටිසන්ධි භයන්ති... ගති භයන්ති... නිබ්බත්ති භයන්ති... උපපත්ති භයන්ති... ජාති භයන්ති... ජරා භයන්ති... බ්‍යාධි භයන්ති ... මරණං භයන්ති... සොකො භයන...
[68] කෙසේ නම් භය වශයෙන් වැටහීමේ පවත්නා නුවණ ආදීනව ඤාණය වන්නේද? ඉපදීම (ii) භයකැයි භය වශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනව ඥාන නමි (iii) පැවැත්ම (මෙහි (ii) යොදන්න) සංස්කාරනිමිත්ත (මෙහි (ii) යොදන්න) කර්ම රැස්කිරීම (මෙහි ii) - ප්‍රතිසන්ධිය (මෙහි ii) - ගතිය (මෙහි ii) -ස්කන්ධයන්ගේ පහළවීමද (මෙහි ii) - විපාකයන්ගේ පහළවීම (මෙහි ii) - ජා...
කථං මුඤ්චිතුකම්‍යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා (මුච්චිතුකම්‍යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා (ක.)) පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං? උප්පාදං මුඤ්චිතුකම්‍යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා (උප්පාදමුඤ්චිතුකම්‍යතා... (ස්‍යා.)) පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, පවත්තං මුඤ්චිතුකම්‍යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, නිමිත්තං මුඤ්චිතුකම්‍යතා...පෙ.... ආයූහ...
කෙසේනම් මිදෙනු කැමති භාවයෙන් පරීක්ෂා කොට මැදහත් වීමෙහි ප්‍රඥාව සංස්කාරොපෙක්ෂා ඤාණය වේද? ඉපදීමෙන් (ii) මිදෙනු කැමැත්තෙන් පරීක්ෂා කොට මැදහත්වීමෙහි ප්‍රඥාව සංස්කාරොපෙක්ෂා ඥාන නමි. (iii) (පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න.) පැවැත්මෙන්-, නිමිත්තෙන්-, කර්ම රැස් කිරීමෙන්-, ප්‍රතිසන්ධියෙන්-, ගතියෙන්-, ස්කන්ධයන්ගේ පහළ වීමෙ...
කතිහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති? අට්ඨහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති. පුථුජ්ජනස්ස කතිහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති? සෙක්ඛස්ස කතිහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති? වීතරාගස්ස කතිහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති? පුථුජ්ජනස්ස ද්වීහාකාරෙහි සඞ්...
[87] කෙතෙක් ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන්සිතකට යොමුකරයිද? අට ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන් සිතකට යොමු කිරීම වෙයි. පෘථග්ජනයාහට කෙතෙක් ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන්සිතකට යොමු කිරීමවෙයිද? ශෛක්ෂයාහට කෙතෙක් ආකාරයකින් සංස්කාරොපෙක්ෂා ඥානයෙන් අන්සිතකට යොමුකිරීම වෙයිද? රහතන් වහන්සේට කෙතෙක් ආකාරයකින් සංඛාරුප...
කථං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො එකත්තං හොති? පුථුජ්ජනස්ස සඞ්ඛාරුපෙක්ඛං අභිනන්දතො චිත්තං කිලිස්සති, භාවනාය පරිපන්ථො හොති, පටිවෙධස්ස අන්තරායො හොති, ආයතිං පටිසන්ධියා පච්චයො හොති. සෙක්ඛස්සපි සඞ්ඛාරුපෙක්ඛං අභිනන්දතො චිත්තං කිලිස්සති, භාවනාය පරිපන්ථො හොති, උත්තරිපටිවෙධස්ස අන්තරායො හොති, ආයතිං ප...
[89] කෙසේ නම් පෘථග්ජනයාගේද ශෛක්ෂයාගේද සංඛාරුපෙක්ඛා ඤාණයෙන් අන්සිතකට යොමුවීම සමානවේද? සංඛාරුපෙක්ඛා ඤාණයට ඇලෙන්නාවූ පෘථග්ජනයාගේ සිත කිලුටු වෙයි. භාවනාවට බාධාවෙයි, ප්‍රතිවෙධයට අන්තරායවෙයි, මතු ප්‍රතිසන්ධියට ප්‍රත්‍යවෙයි. සංඛාරුපෙක්ඛා ඤාණයට ඇලෙන්නාවූ ශෛක්ෂයාගේද සිත කිලිටි වෙයි. භාවනාවට බාධාවෙයි. ඉහළ මාර්ගඵල ප්‍රතිවෙධයට අන්...
කති සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති? කති සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති? අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති. දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති. කතමා අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති? පඨමං ඣානං පටිලාභත්ථාය නීවරණෙ පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. දුතියං ඣානං පටිලාභත්ථාය විතක්කවිච...
[95] කෙතෙක් සංඛාරුපෙක්ඛාවෝ සමථ වශයෙන් උපදිත්ද, කෙතෙක් සංඛාරුපෙක්ඛාවෝ විපස්සනා වශයෙන් උපදිත්ද? සංඛාරුපෙක්ඛා අටක් සමථ වශයෙන් උපදිත්. සංඛාරුපෙක්ඛා දසයක් විපස්සනා වශයෙන් උපදිත්. කවර සංඛාරුපෙක්ඛා අටක් සමථ වශයෙන් උපදිත්ද? ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස නීවරණයන් මෙනෙහි කොට මැදහත් ආකාරයෙන් සිටින්නාවූ ප්‍රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි. ද...
කති සඞ්ඛාරුපෙක්ඛා කුසලා, කති අකුසලා, කති අබ්‍යාකතා? පන්නරස සඞ්ඛාරුපෙක්ඛා කුසලා, තිස්සො සඞ්ඛාරුපෙක්ඛා අබ්‍යාකතා. නත්ථි සඞ්ඛාරුපෙක්ඛා අකුසලා. පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා, අට්ඨ චිත්තස්ස ගොචරා; පුථුජ්ජනස්ස ද්වෙ හොන්ති, තයො සෙක්ඛස්ස ගොචරා; තයො ච වීතරාගස්ස, යෙහි චිත්තං විවට්ටති. අට්ඨ සමාධිස්ස පච්චයා, දස ඤාණස්ස ගොචරා; අට්ඨාරස සඞ...
කෙතෙක් සංඛාරුපෙක්ඛා කුසල් වෙත්ද කෙනෙක් අකුසල් වෙද්ද කෙතෙක් අඛ්‍යාකත වෙද්ද? පසලොසක් සංඛාරුපෙක්ඛා කුසල් වෙත්. තුනක් සංඛාරුපෙක්ඛා අඛ්‍යාකත වෙත්. අකුසල සංඛාරුපෙක්ඛාවක් නැත. “යම් සංඛාරුපෙක්ඛා කෙනෙකුන් කරණකොටගෙන සිත උත්පාදාදිය කෙරෙන් වෙනස් වෙයිද සිතට අරමුණුවූ මෙනෙහි කිරීමෙන් මැදහත් ආකාරයෙන් සිටින ප්‍රඥාවයයි කියනලද ඒ සංඛාරුපෙ...
කථං බහිද්ධා වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගොත්‍රභුඤාණං? උප්පාදං අභිභුය්‍යතීති - ගොත්‍රභු. පවත්තං අභිභුය්‍යතීති - ගොත්‍රභු. නිමිත්තං අභිභුය්‍යතීති - ගොත්‍රභු. ආයූහනං අභිභුය්‍යතීති - ගොත්‍රභු. පටිසන්ධිං අභිභුය්‍යතීති - ගොත්‍රභු. ගතිං අභිභුය්‍යතීති - ගොත්‍රභු. නිබ්බත්තිං අභිභුය්‍යතීති - ගොත්‍රභු. උපපත්තිං අභිභුය්‍යතීති - ගොත්‍රභු...
[98] කෙසේනම් බාහිරවූ සංස්කාර නිමිත්තෙන් නැගී නිවන් අරමුණට හැරෙන්නාවූ ප්‍රඥාව ගොත්‍රභූ ඤාණ නම් වේද? ඉපදීම (ii) මැඩ පවත්වන හෙයින් ගොත්‍රභූ නමි. (iii) (පහත දක්වන වාක්‍ය අගට (මෙහි (ii) යොදන්න) පැවැත්ම-, නිමිත්ත-, කර්ම රැස් කිරීම-, ප්‍රතිසන්ධිය-, ගතිය ස්කන්ධයන්ගේ පහළවීම-, විපාකයන්ගේ පහළවීම-, ජාතිය-, ජරාව-, ව්‍යාධිය-, මරණය-,...
කති ගොත්‍රභූ ධම්මා සමථවසෙන උප්පජ්ජන්ති? කති ගොත්‍රභූ ධම්මා විපස්සනාවසෙන උප්පජ්ජන්ති? අට්ඨ ගොත්‍රභූ ධම්මා සමථවසෙන උප්පජ්ජන්ති. දස ගොත්‍රභූ ධම්මා විපස්සනාවසෙන උප්පජ්ජන්ති. කතමෙ අට්ඨ ගොත්‍රභූ ධම්මා සමථවසෙන උප්පජ්ජන්ති? පඨමං ඣානං පටිලාභත්ථාය නීවරණෙ අභිභුය්‍යතීති - ගොත්‍රභු. දුතියං ඣානං පටිලාභත්ථාය විතක්කවිචාරෙ අභිභුය්‍යතීත...
[107] කෙතෙක් ගොත්‍රභූ ධර්මයෝ සමථ වශයෙන් උපදිත්ද, කෙතෙක් ගොත්‍රභූ ධර්මයෝ විදර්ශනා වශයෙන් උපදිත්ද? ගොත්‍රභූ ධර්ම අටක් සමථ වශයෙන් උපදිත්. ගොත්‍රභූ ධර්ම දසයක් විදර්ශනා වශයෙන් උපදිත් කවර ගොතභු ධර්ම අටක් සමථ වශයෙන් උපදිත්ද? ප්‍රථම ධ්‍යානය ලබනු පිණිස නීවරණ ධර්මයන් මැඩපවත්වානුයි ගොත්‍රභූනමි. ද්විතීය ධ්‍යානය ලැබීම පිණිස විතර්ක ...
කථං දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං? සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තෙන වුච්චති - ‘‘දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’’. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන...
[110] කෙසේ නම් දෙයාකාරයකින් නැගිටින්නාවූත් සහ වෙන්වන්නාවූත් ප්‍රඥාව මාර්ගඥාන නම්වේද? ශ්‍රොතා පත්ති මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගිටියි. (ii) ඒ මිථ්‍යාදෘෂ්ටිය ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද නැගිටියි. බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද නැගිටියි. එහෙයින් දෙයාකාරයකින් නැගිටින...
අජාතං ඣාපෙති ජාතෙන, ඣානං තෙන පවුච්චති; ඣානවිමොක්ඛෙ කුසලතා, නානාදිට්ඨීසු න කම්පති. සමාදහිත්වා යථා චෙ විපස්සති, විපස්සමානො තථා චෙ සමාදහෙ; විපස්සනා ච සමථො තදා අහු, සමානභාගා යුගනද්ධා වත්තරෙ. දුක්ඛා සඞ්ඛාරා සුඛො, නිරොධො ඉති දස්සනං (නිරොධොති දස්සනං (ස්‍යා. ක.)); දුභතො වුට්ඨිතා පඤ්ඤා, ඵස්සෙති අමතං පදං. විමොක්ඛචරියං ජානාති, නා...
“පහළවූ ලොකොත්තර ධ්‍යානයෙන් නූපන් ක්ලේශ ධර්මයන් දවයි. එහෙයින් ධ්‍යානයයි කියනු ලැබේ. ආර්ය මාර්ගය හා යෙදුණාවූ විතර්කාදී ධ්‍යානයන්හිද ආර්ය මාර්ග සංඛ්‍යාත විමොක්ෂයෙහිද දක්ෂවීම හේතුකොටගෙන නොයෙක් දෘෂ්ටීන් කරණකොටගෙන කම්පා වෙයි. අර්පණා උපචාර ක්ෂණික සමාධි අතුරෙන් එක්තරා සමාධියකින් සමාහිතව ඉඳින් යම්සේ විදර්ශනා වඩන්නේද, එසේම විදර්...
කථං පයොගප්පටිප්පස්සද්ධිපඤ්ඤා ඵලෙ ඤාණං? සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තංපයොගප්පටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාදිට්ඨි. මග්ගස්සෙතං ඵලං. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පා වුට්ඨාති තදනුවත්තකකිලෙසෙහි ච ඛන...
[112] කෙසේ නම් උත්සාහය සංසිඳීමෙහි ප්‍රඥාව ඵල ඤාණය වන්නේද? සෝවාන් මාර්ග ක්‍ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගිටියි. (ii) ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙනුත් ස්කන්ධයන්ගෙනුත් නැගිටියි. බාහිර සියලු සංස්කාර නිමිති කෙරෙන්ද නැගිටියි. ඒ උත්සාහය සංසිඳුණු හෙයින් (ii) සම්‍යක් දෘෂ්ටිය උපදියි. එය සෝවාන් මාර්ගයාගේ...
කථං ඡින්නවටුමානුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං? සොතාපත්තිමග්ගෙන සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො අත්තනො චිත්තස්ස උපක්කිලෙසා සම්මා සමුච්ඡින්නා හොන්ති. ඉමෙහි පඤ්චහි උපක්කිලෙසෙහි සපරියුට්ඨානෙහි චිත්තං විමුත්තං හොති සුවිමුත්තං. තංවිමුත්ති ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති - ‘‘ඡින...
[114] කෙසේනම් සිඳිනලද කෙලෙස් දැක්මෙහි ප්‍රඥාව විමුක්ති ඤාණ නම්වේද? සොතාපත්ති මාර්ගයෙන් සක්කාය දිට්ඨියද විචිකිච්ඡාවද සීලබ්බත පරාමාසයද දිට්ඨානුසයද විචිකිච්ඡානුසයද, යන තම චිත්තයාගේ දැඩිව පවත්නා මේ ක්ලේශයෝ සිඳින ලද්දාහු වෙත්. හාත්පස එක්ව පැනනඟින්නාවූ ධර්මයන් සහිත මේ පස් වැදෑරුම් උපක්ලේශ ධර්මයන්ගෙන් සිත මිදුණේ වෙයි. (ii) මන...
කථං තදා සමුදාගතෙ ධම්මෙ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණෙ ඤාණං? සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො තදා සමුදාගතො. පරිග්ගහට්ඨෙන සම්මාවාචා තදා සමුදාගතා. සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො තදා සමුදාගතො. වොදානට්ඨෙන සම්මාආජීවො තදා සමුදාගතො. පග්ගහට්ඨෙන සම්මාවායාමො තදා සමුදාගතො. උපට්ඨානට්ඨෙන සම...
[115] කෙසේනම් ඒ මාර්ග ඵල ක්ෂණයන්හි ලැබීම් වශයෙන්ද අවබෝධ කිරීම් වශයෙන්ද එක්ව පහළවූ ධර්මයන් දැක්මෙහි ප්‍රඥාව පච්චවෙක්ඛණ ඤාණ නම්වේද? සෝවාන් මාර්ගක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (ii) ඒ මාර්ග ක්ෂණයෙහි එක්ව පහළවූයේ වෙයි. (iii) අරමුණට නැංවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පය ((ii) යොදන්න.) වැළඳ ගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය (...
කථං අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං? කථං අජ්ඣත්තධම්මෙ වවත්ථෙති? චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති, සොතං අජ්ඣත්තං වවත්ථෙති, ඝානං අජ්ඣත්තං වවත්ථෙති, ජිව්හං අජ්ඣත්තං වවත්ථෙති, කායං අජ්ඣත්තං වවත්ථෙති, මනං අජ්ඣත්තං වවත්ථෙති. කථං චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති? චක්ඛු අවිජ්ජාසම්භූතන්ති වවත්ථෙති, චක්ඛු තණ්හාසම්භූතන්ති වවත්ථෙති, චක්ඛු...
[119] කෙසේ නම් අධ්‍යාත්ම ධර්මයන් මෙනෙහි කිරීමෙහි ප්‍රඥාව වස්තුනානත්ව ඥාන නම් වන්නේද? කෙසේ නම් අධ්‍යාත්ම ධර්මයන් මෙනෙහි කරන්නේද? අධ්‍යාත්ම ඇස මෙනෙහි කරයි. අධ්‍යාත්ම කණ මෙනෙහි කරයි. අධ්‍යාත්ම නාසය මෙනෙහි කරයි. අධ්‍යාත්ම දිව මෙනෙහි කරයි. අධ්‍යාත්ම කය මෙනෙහි කරයි. අධ්‍යාත්ම සිත මෙනෙහි කරයි. [120] අධ්‍යාත්ම ඇස කෙසේ මෙනෙහි ක...
කථං බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා ගොචරනානත්තෙ ඤාණං? කථං බහිද්ධා ධම්මෙ වවත්ථෙති? රූපෙ බහිද්ධා වවත්ථෙති, සද්දෙ බහිද්ධා වවත්ථෙති, ගන්ධෙ බහිද්ධා වවත්ථෙති, රසෙ බහිද්ධා වවත්ථෙති, ඵොට්ඨබ්බෙ බහිද්ධා වවත්ථෙති, ධම්මෙ බහිද්ධා වවත්ථෙති . කථං රූපෙ බහිද්ධා වවත්ථෙති? රූපා අවිජ්ජාසම්භූතාති වවත්ථෙති රූපා තණ්හාසම්භූතාති වවත්ථෙති, රූපා කම්මසම්භ...
[125] කෙසේ නම් බාහ්‍ය ධර්මයන් මෙනෙහි කරන්නාවූ ප්‍රඥාව ගොචර නානත්ත ඤාණය නම් වේද? බාහ්‍ය ධර්මයන් කෙසේ මෙනෙහි කරන්නේද? බාහ්‍යරූපයන් මෙනෙහි කරයි. බාහ්‍ය ශබ්දයන් මෙනෙහි කරයි. බාහ්‍ය ගන්ධයන් මෙනෙහි කරයි. බාහ්‍ය රසයන් මෙනෙහි කරයි. බාහ්‍ය ස්පර්ශයන් මෙනෙහි කරයි. කෙසේ බාහ්‍ය රූපයන් මෙනෙහි කරන්නේද? [126] රූපයෝ අවිද්‍යාවෙන් හටගත්ත...
කථං චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තෙ ඤාණං? චරියාති තිස්සො චරියායො - විඤ්ඤාණචරියා, අඤ්ඤාණචරියා, ඤාණචරියා. කතමා විඤ්ඤාණචරියා? දස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා විඤ්ඤාණචරියා රූපෙසු, දස්සනට්ඨො චක්ඛුවිඤ්ඤාණං විඤ්ඤාණචරියා රූපෙසු, දිට්ඨත්තා අභිනිරොපනා විපාකමනොධාතු (අභිනිරොපනවිපාකමනොධාතු (ස්‍යා.)) විඤ්ඤාණචරියා රූපෙසු, අභිනිරොපිත...
[131] කෙසේ නම් අරමුණෙහි හැසිරීම මෙනෙහි කිරීමෙහි ප්‍රඥාව චරියානානත්තඤාණය නම් වේද? විඤ්ඤාණචරියා අඤ්ඤාණ චරියා ඤාණ චරියායයි අරමුණෙහි හැසිරීම් තුනකි. විඤ්ඤාණ චරියාව (විඤ්ඤාණයෙන් අරමුණෙහි හැසිරීම) කවරීද? දැකීම පිණිස ආවර්ජනය කරන්නාවූ අව්‍යාකෘතවූ ආවර්ජන ක්‍රියා සිත (පඤ්චද්වාරාවර්ජනය) රූපයන්හි විඤ්ඤාණ චරියා නමි. දැකීම් ස්වභාවය ...
විඤ්ඤාණචරියාති කෙනට්ඨෙන විඤ්ඤාණචරියා? නීරාගා චරතීති - විඤ්ඤාණචරියා. නිද්දොසා චරතීති - විඤ්ඤාණචරියා. නිම්මොහා චරතීති - විඤ්ඤාණචරියා. නිම්මානා චරතීති - විඤ්ඤාණචරියා. නිද්දිට්ඨි චරතීති - විඤ්ඤාණචරියා නිඋද්ධච්චා චරතීති - විඤ්ඤාණචරියා. නිබ්බිචිකිච්ඡා චරතීති - විඤ්ඤාණචරියා. නානුසයා චරතීති - විඤ්ඤාණචරියා. රාගවිප්පයුත්තා චරතීත...
[132] විඤ්ඤාණචරියා යන තන්හි කිනම් අර්ථයකින් විඤ්ඤාණචරියා නම් වේද? රාග විරහිතව හැසිරේනුයි. විඤ්ඤාණචරියා නමි. දොස විරහිතව හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. මෝහ විරහිතව හැසිරේනුයි විඤ්ඤාණ චරියා නමි. (ii) මානවිරහිතව හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. දිට්ඨි විරහිතව හැසිරේනුයි විඤ්ඤාණචරියා නමි. උද්ධච්ච විරහිතව හැසිරේනුයි විඤ්ඤාණ චරිය...
අඤ්ඤාණචරියාති කෙනට්ඨෙන අඤ්ඤාණචරියා? සරාගා චරතීති - අඤ්ඤාණචරියා. සදොසා චරතීති - අඤ්ඤාණචරියා. සමොහා චරතීති - අඤ්ඤාණචරියා. සමානා චරතීති - අඤ්ඤාණචරියා. සදිට්ඨි චරතීති - අඤ්ඤාණචරියා. සඋද්ධච්චා චරතීති - අඤ්ඤාණචරියා. සවිචිකිච්ඡා චරතීති - අඤ්ඤාණචරියා. සානුසයා චරතීති - අඤ්ඤාණචරියා . රාගසම්පයුත්තා චරතීති - අඤ්ඤාණචරියා. දොසසම්පයු...
[135] අඤ්ඤාණ චරියා යන තැන කිනම් අර්ථයකින් අඤ්ඤාණ චරියා නම් වේද? රාග සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දොස සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. මෝහ සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. මාන සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. දිට්ඨි සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. උද්ධච්ච සහිතව හැසිරේනුයි අඤ්ඤාණ චරියා නමි. විචිකිච්ඡා සහිත...
කතමා ඤාණචරියා? අනිච්චානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා විඤ්ඤාණචරියා; අනිච්චානුපස්සනා ඤාණචරියා. දුක්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා විඤ්ඤාණචරියා; දුක්ඛානුපස්සනා ඤාණචරියා. අනත්තානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා විඤ්ඤාණචරියා; අනත්තානුපස්සනා ඤාණචරියා. නිබ්බිදානුපස්සනත්ථාය...පෙ.... විරාගානුපස්සනත්ථාය... නිරොධානුපස්සනත...
[136] ඤාණචරියාව කවරේද? අනිත්‍ය වශයෙන් දැකීම සඳහා පවත්නාවූ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. ස අනිත්‍ය වශයෙන් දැකීම ඤාණචරියා නමි. දුක් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. දුක් වශයෙන් දැකීම ඤාණචරියා නමි. අනාත්ම වශයෙන් දැකීම පිණිස (ii) පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත...
කථං චතුධම්මවවත්ථානෙ පඤ්ඤා භූමිනානත්තෙ ඤාණං? චතස්සො භූමියො - කාමාවචරා භූමි, රූපාවචරා භූමි, අරූපාවචරා භූමි, අපරියාපන්නා භූමි. කතමා කාමාවචරා භූමි? හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතවසවත්තී දෙවෙ (පරනිම්මිතවසවත්තිදෙවෙ (ක.)) අන්තොකරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධධාතුආයතනා රූපං වෙදනා ස...
[139] කෙසේනම් සතර ධර්මයන් පිරිසිඳ දන්නා ඤාණය භූමිනානත්ත ඤාණය නම් වේද? කාමාවචර භූමිය රූපාවචර භූමිය අරුපාවචර භූමිය අපරියාපන්න ලොකොත්තර භූමියයි භූමි සතරකි. කාමාවචර භූමිය කවරීද? යටින් අවීචි නිරය කෙළවරකොට උඩින් වසවර්ති දෙව්ලොව ඇතුළත් කොට මේ අතරතුර වන මෙහි හැසිරෙන්නාවූ මෙහි ඇතුළත්වූ යම් ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සඤ්ඤා සංඛාර...
කථං නවධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තෙ ඤාණං? කථං ධම්මෙ වවත්ථෙති? කාමාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අකුසලතො වවත්ථෙති, අබ්‍යාකතතො වවත්ථෙති. රූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්‍යාකතතො වවත්ථෙති. අරූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්‍යාකතතො වවත්ථෙති. අපරියාපන්නෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්‍යාකතතො වවත්ථෙති. කථං කාමාවචරෙ ධම්මෙ කුසල...
[142] කෙසේනම් ධර්ම නවයක් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධම්ම නානත්ත ඤාණය නම්වේද? කාමාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අකුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. රූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිස...
නව යොනිසො මනසිකාරමූලකා ධම්මා. අනිච්චතො යොනිසො මනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙන චිත්තෙන ‘‘ඉදං දුක්ඛ’’න්ති යථාභූතං පජානාති, ‘‘අයං දුක්ඛසමුදයො’’ති යථාභූතං පජානාති, ‘‘අයං දුක්ඛනිරොධො’’ති යථාභූතං පජානාති, ‘‘අයං දුක්ඛනිරොධගාමින...
[148] යොනිසො මනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) මුල්කොට ඇති ධර්මයෝ නවයක් වෙති. අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාහට දුර්වල ප්‍රීතිය උපදී. දුර්වල ප්‍රීතිය ඇතිවූවහුට බලවත් ප්‍රීතිය උපදී. බලවත් ප්‍රීතියෙන් යුක්තවූවහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි සමාධියට පැමිණි සිතින් මේ දුකය...
කථං අභිඤ්ඤාපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහානෙපඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං, භාවනා පඤ්ඤා එකරසට්ඨෙ ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵස්සනට්ඨෙ ඤාණං? යෙ යෙ ධම්මා අභිඤ්ඤාතා හොන්ති, තෙ තෙ ධම්මා ඤාතා හොන්ති. යෙ යෙ ධම්මා පරිඤ්ඤාතා හොන්ති, තෙ තෙ ධම්මා තීරිතා හොන්ති. යෙ යෙ ධම්මා පහීනා හොන්ති, තෙ තෙ ධම්මා පරිච්චත්තා හොන්ති. යෙ...
[154] කෙසේනම් විශේෂ ඥානයෙන් දන්නාවූ ප්‍රඥාව ඤාතට්ඨ ඤාණය නම්වේද පිරිසිඳ දැනගන්නා ප්‍රඥාව තීරණට්ඨ ඤාණය නම්වේද, ප්‍රහාණය කරණ ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණ නම්වේද භාවනා ප්‍රඥාව එකරසට්ඨ ඤාණය නම්වේද ප්‍රත්‍යක්ෂ කරන්නාවූ ප්‍රඥාව ඵුසනට්ඨ ඤාණය නම්වේද? යම් යම් ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් දන්නා ලද්දාහුද, ඒ ඒ ධර්මයෝ දැනගන්නා ලද්දාහු නම්වෙ...
කථං අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං? සද්ධින්ද්‍රියං ධම්මො, වීරියින්ද්‍රියං ධම්මො, සතින්ද්‍රියං ධම්මො, සමාධින්ද්‍රියං ධම්මො, පඤ්ඤින්ද්‍රියං ධම්මො. අඤ්ඤො සද්ධින්ද්‍රියං ධම්මො, අඤ්ඤො වීරිය...
[155] කෙසේනම් අර්ථනානත්වයෙහි (අර්ථයන් වෙනස් බවෙහි) පවත්නා අර්ථ පටිසම්භිදා ඤාණ නම්වේද ධර්ම නානත්වයෙහි (ධර්මයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව ධම්ම පටිසම්භිදා ඤාණය නම්වේද? නිරුත්ති නානත්වයෙහි (වචනයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණ නම්වේද, පටිභාන නානත්වයෙහි (ඤාණයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව පටිභා...
සද්ධාබලං ධම්මො, වීරියබලං ධම්මො, සතිබලං ධම්මො, සමාධිබලං ධම්මො, පඤ්ඤාබලං ධම්මො. අඤ්ඤො සද්ධාබලං ධම්මො, අඤ්ඤො වීරියබලං ධම්මො, අඤ්ඤො සතිබලං ධම්මො, අඤ්ඤො සමාධිබලං ධම්මො, අඤ්ඤො පඤ්ඤාබලං ධම්මො. යෙන ඤාණෙන ඉමෙ නානා ධම්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ධම්මා පටිවිදිතාති. තෙන වුච්චති - ‘‘ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’’. අස්සද්...
[156] සද්ධා බලය ධම්ම නමි. විරිය බලය ධම්ම නමි. සති බලය ධම්ම නමි. සමාධි බලය ධම්ම නමි. පඤ්ඤා බලය ධම්ම නමි. සද්ධා බල ධර්මය අනිකකි. විරිය බල ධර්මය අනිකකි. සතිබල ධර්මය අනිකකි. පඤ්ඤාබල ධර්මය අනිකකි. [157] යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ධර්මයෝ දන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන්වූ ධර්මයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි එහෙයින්...
කථං විහාරනානත්තෙ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත්තිනානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං, විහාරසමාපත්තිනානත්තෙ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං? නිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති - අනිමිත්තො විහාරො. පණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති - අප්පණිහිතො විහාරො. අභිනිවෙ...
[170] කෙසේ නම් වෙන් වෙන්වූ විසුම්හි ප්‍රඥාව විහාරට්ඨ ඤාණය නම් වේද? වෙන් වෙන්වූ සමවැදුම්හි ප්‍රඥාව සමාපත්තට්ඨඤාණය නම් වේද, වෙන් වෙන්වූ විසුම් සමවැදුම්හි ප්‍රඥාව විහාර සමාපත්තට්ඨ ඤාණය නම් වේද? සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්තයයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇතිහෙයින් (සංස්කාර නිමිත්ත නුවණින්) ස්පර්ශකොට අනිත්‍යය...
රූපනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති - අනිමිත්තො විහාරො. රූපපණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති - අප්පණිහිතො විහාරො. රූපාභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති - සුඤ්ඤතො විහාරො. රූපනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ...
[173] රූප නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත නිර්වාණයෙහි නැමුණු බැවින් (නුවණින් රූප සංස්කාරය) ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අනිමිත්ත විහාර නමි. රූප ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණි හිත නිර්වාණයෙහි නැමුණු බැවින් (රූප සංස්කාරයන් නුවණින්) ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍ය බලයි. මෙය අප්පණිහිත විහාර නමි. රූපය ආත්ම වශයෙන් ග...
කථං අවික්ඛෙපපරිසුද්ධත්තා ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිම්හි ඤාණං? නෙක්ඛම්මවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි. තස්ස සමාධිස්ස වසෙන උප්පජ්ජති ඤාණං. තෙන ඤාණෙන ආසවා ඛීයන්ති. ඉති පඨමං සමථො, පච්ඡා ඤාණං. තෙන ඤාණෙන ආසවානං ඛයො හොති . තෙන වුච්චති - ‘‘අවික්ඛෙපපරිසුද්ධත්තා ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිම්හි ඤාණං’’. ආසවාති කත...
[175] කෙසේ නම් සමාධියගේ පිරිසිදු බව හේතුකොට ගෙන ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි ප්‍රඥාව ආනන්තරික සමාධියෙහි (අනතුරුවම ඵලය උපදවන මාර්ග සමාධියෙහි ඤාණය නම් වේද? කාමයන් කෙරෙන් නික්මීම් වශයෙන් සිතේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්ග ඥානය උපදියි. ඒ ඤාණයෙන් ආශ්‍රවයෝ ක්ෂය වෙත්. මෙසේ සමථය පළමු උපදියි. ඤාණය පසුව උපදියි...
දීඝං අස්සාසවසෙන...පෙ.... දීඝං පස්සාසවසෙන... රස්සං අස්සාසවසෙන... රස්සං පස්සාසවසෙන... සබ්බකායපටිසංවෙදී අස්සාසවසෙන... සබ්බකායපටිසංවෙදී පස්සාසවසෙන... පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසවසෙන... පස්සම්භයං කායසඞ්ඛාරං පස්සාසවසෙන... පීතිපටිසංවෙදී අස්සාසවසෙන... පීතිපටිසංවෙදී පස්සාසවසෙන... සුඛපටිසංවෙදී අස්සාසවසෙන... සුඛපටිසංවෙදී පස්සාසවස...
දීර්ඝ ආශ්වාසයාගේ දීර්ඝ ප්‍රශ්වාසයාගේ වශයෙන් හ්‍රස්ව ආශ්වාසයාගේ වශයෙන් හ්‍රශ්ව ප්‍රශ්වාසයාගේ වශයෙන් සියලු ආශ්වාස කය දැන ගනිමින් කරන ආශ්වාසයාගේ වශයෙන් සියලු ප්‍රශ්වාසකය දැනගනිමින් කරන ප්‍රශ්වාසයාගේ වශයෙන් කාය සංඛාරය සංසිඳවමින් කරන ආශ්වාසයාගේ වශයෙන් කාය සංඛාරය සංසිඳවමින් කරන ප්‍රශ්වාසයාගේ වශයෙන් ප්‍රීතිය දැනගනිමින් පවත්නා...
කථං දස්සනාධිපතෙය්‍යං සන්තො ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරෙ ඤාණං? දස්සනාධිපතෙය්‍යන්ති අනිච්චානුපස්සනා දස්සනාධිපතෙය්‍යං, දුක්ඛානුපස්සනා දස්සනාධිපතෙය්‍යං, අනත්තානුපස්සනා දස්සනාධිපතෙය්‍යං, රූපෙ අනිච්චානුපස්සනා දස්සනාධිපතෙය්‍යං, රූපෙ දුක්ඛානුපස්සනා දස්සනාධිපතෙය්‍යං, රූපෙ අනත්තානුපස්සනා දස්සනාධිපතෙය්‍යං; වෙදනාය....
[178] කෙසේ නම් දැකීම් (විදර්ශනා ඥානය) අධිපති කොට ඇත්තාවූද ශාන්තවූ විදර්ශනා විහාරයට පැමිණීමවූද ප්‍රණීතවූ ඵල සමාපත්තියට නැමී පවත්නාවූද ප්‍රඥාව අරණ විහාර ඤාණය නම් වේද? දැකීම් අධිපතිකොට ඇති යන මෙහි අනිච්චානුපස්සනාව දැකීම අධිපතිකොට ඇත්තේ වෙයි. දුක්ඛානුපස්සනාව දැකීම් අධිපතිකොට ඇත්තේ වෙයි. අනත්තානුපස්සනාව දැකීම් අධිපතිකොට ඇත්...
කථං ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණං? ද්වීහි බලෙහීති ද්වෙ බලානි - සමථබලං, විපස්සනාබලං. කතමං සමථබලං? නෙක්ඛම්මවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං. අබ්‍යාපාදවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං. ආලොකසඤ්ඤාවසෙන චිත්තස්සෙකග්ගත...
[182] කෙසේ නම් දෙවැදෑරුම් බලයන් යුක්තවූ හෙයින් ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමෙන් සොළොස් ඤාණ චරියාවෙන් හා නවවිධ සමාධි චරියාවෙන් වසී බවට (පුරුදු කළ බවට) පැමිණි ප්‍රඥාව නිරෝධ සමාපත්ති ඤාණ නම් වේද? දෙවැදෑරුම් බලයන්ගෙන් යන මෙහි සමථ විදර්ශනා බලයයි බල දෙකකි. සමථබලය කවරේද? නෛෂ්ක්‍රම්‍ය වශයෙන් චිත්තයාගේ එකඟ බවවූ සමාධිය සමථබල නමි...
සොළසහි ඤාණචරියාහීති කතමාහි සොළසහි ඤාණචරියාහි? අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛානුපස්සනා ඤාණචරියා, අනත්තානුපස්සනා ඤාණචරියා, නිබ්බිදානුපස්සනා ඤාණචරියා, විරාගානුපස්සනා ඤාණචරියා, නිරොධානුපස්සනා ඤාණචරියා, පටිනිස්සග්ගානුපස්සනා ඤාණචරියා, විවට්ටනානුපස්සනා ඤාණචරියා, සොතාපත්තිමග්ගො ඤාණචරියා, සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා, සකදාගාමි...
[186] සොළොස් ඤාණ චරියාවන්ගෙන් යන මෙහි කවර සොළොස් ඤාණ චරියාවන්ගෙන්ද? අනිච්චානුපස්සනාව ඤාණචරියා නමි. දුක්ඛානුපස්සනාව ඤාණචරියා නමි. අනත්තානුපස්සනාව ඤාණචරියානමි. නිබ්බිදානුපස්සනාව ඤාණචරියා නමි. විරාගානුපස්සනාව ඤාණචරියා නමි. නිරෝධානුපස්සනාව ඤාණචරියා නමි. පටිනිස්සග්ගානුපස්සනාව ඤාණචරියා නමි. විවට්ටානුපස්සනාව ඤාණචරියා නමි. සොත...
නවහි සමාධිචරියාහීති කතමාහි නවහි සමාධිචරියාහි? පඨමං ඣානං සමාධිචරියා, දුතියං ඣානං සමාධිචරියා, තතියං ඣානං සමාධිචරියා, චතුත්ථං ඣානං සමාධිචරියා, ආකාසානඤ්චායතනසමාපත්ති...පෙ.... විඤ්ඤාණඤ්චායතනසමාපත්ති... ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සමාධිචරියා. පඨමං ඣානං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්...
[187] නවවිධ සමාධිචරියාවන්ගෙන් යන මෙහි කවර නවවිධ සමාධි චරියාවන්ගෙන්ද යත්? ප්‍රථම ධ්‍යානය සමාධි චරියා නමි. ද්විතීය ධ්‍යානය සමාධිචරියා නමි. තෘතිය ධ්‍යානය සමාධිචරියා නමි. චතුර්ථ ධ්‍යානය සමාධිචරියා නමි. ආකාසානඤ්චායතන සමාපත්තිය සමාධිචරියා නමි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය සමාධිචරියා නමි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය සමාධිචරියා නමි. න...
කථං සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං? ඉධ සම්පජානො නෙක්ඛම්මෙන කාමච්ඡන්දස්ස පවත්තං පරියාදියති, අබ්‍යාපාදෙන බ්‍යාපාදස්ස පවත්තං පරියාදියති, ආලොකසඤ්ඤාය ථිනමිද්ධස්ස පවත්තං පරියාදියති, අවික්ඛෙපෙන උද්ධච්චස්ස පවත්තං පරියාදියති, ධම්මවවත්ථානෙන විචිකිච්ඡාය...පෙ.... ඤාණෙන අවිජ්ජාය... පාමොජ්ජෙන අරතියා ... පඨමෙන ඣානෙන...
කෙසේ නම් වනාහි දන්නා නුවණින් යුක්තවූවහුගේ ක්ලේශයන්ගේ හා ස්කන්ධයන්ගේ පැවැත්ම කෙළවර කිරීමෙහි ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණ නම් වේද? [190] මේ ශාසනයෙහි මනා නුවණින් යුක්තවූ තැනැත්තේ ධ්‍යානයෙන් කාමච්ඡන්දයාගේ පැවැත්ම කෙළවර කරයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ පැවැත්ම කෙළවර කරයි. ආලෝක සංඥාවෙන් ථිනමිද්ධයාගේ පැවැත්ම කෙළවර කරයි. සමාධියෙන් උ...
කථං සබ්බධම්මානං සම්මා සමුච්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං? සබ්බධම්මානන්ති - පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො , කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්‍යාකතා ධම්මා, කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා, අපරියාපන්නා ධම්මා. සම්මා සමුච්ඡෙදෙති නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සම්මා සමුච්ඡින්දති. අබ්‍යාපාදෙන...
[191] කෙසේනම් සියලු ධර්මයන් මනාකොට සිඳීමෙහිද නිරුද්ධ කිරීමෙහිද නැවත නොඉපදීමෙහිද ප්‍රඥාව සමසීසට්ඨ ඤාණය නම්වේද, සියලු ධර්මයෝ නම් පඤ්චස්කන්ධයෝය. දොළොස් ආයතනයෝය, අටලොස් ධාතුහුය, කුශල ධර්මයෝය. අකුශල ධර්මයෝය, අබ්‍යාකත ධර්මයෝය, කාමාවචර ධර්මයෝය, රූපාවචර ධර්මයෝය. අරූපාවචර ධර්මයෝය, ලෝකොත්තර ධර්මයෝය යන මොහුය. [192] මනාකොට සිඳියි ...
කථං පුථුනානත්තෙකත්තතෙජපරියාදානෙ පඤ්ඤා සල්ලෙඛට්ඨෙ (පුථුනානත්තෙකත්තතෙජපරියාදානෙ (ක.)) ඤාණං? පුථූති - රාගො පුථු, දොසො පුථු, මොහො පුථු, කොධො...පෙ.... උපනාහො... මක්ඛො... පළාසො... ඉස්සා... මච්ඡරියං... මායා... සාඨෙය්‍යං... ථම්භො... සාරම්භො... මානො... අතිමානො... මදො... පමාදො... සබ්බෙ කිලෙසා... සබ්බෙ දුච්චරිතා... සබ්බෙ අභිසඞ්ඛා...
[195] කෙසේ නම් ලොකොත්තර ධර්මයන් හා මිශ්‍ර නොවූ හෙයින් පුථු නම්වූ ක්ලේශයන්ගේද නොයෙක් ස්වභාව ඇති ධර්මයන්ගේ හා එකම ස්වභාව ඇති ධර්මයන්ගේද (තැවීම් අර්ථයෙන්) තෙජ (ගිනි) නම්වූ දුශ්ශීල භාවාදීන්ගේද ක්ෂය කිරීමෙහි ප්‍රඥාව සල්ලෙඛ ඤාණ නම්වේද? පුථු යන මෙහි රාගය පුථු ධර්මයකි. දෝසය පුථු ධර්මයකි. මෝහය පුථු ධර්මයකි. ක්‍රෝධය පුථු ධර්මයක...
කථං අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා වීරියාරම්භෙ ඤාණං? අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා වීරියාරම්භෙ ඤාණං. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා වීරියාරම්භෙ ඤාණං. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා ...
[197] කෙසේනම් නොහැකුළුණු බව කාය ජීවිත දෙක්හි දුරුකරන ලද අපේක්ෂා ඇති බව සිත එසවීම යන මෙහි පවත්නා ප්‍රඥාව විරියාරම්භ ඤාණය නම්වේද? නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිසවූ (ii) නොහැකුළුණු බවෙහිද කාය ජීවිත දෙක්හි දුරුකළ අපෙක්ෂා ඇති බවෙහිද සිත එසවීමෙහිද පවත්නා වීර්ය විරියාරම්භ ඤාණ නමි. (ii) උපන් අකුසල ධර්මයන්ගේ පහකිරීම පිණිස (...
කථං නානාධම්මප්පකාසනතා පඤ්ඤා අත්ථසන්දස්සනෙ ඤාණං? නානාධම්මාති පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්‍යාකතා ධම්මා, කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා, අපරියාපන්නා ධම්මා. පකාසනතාති රූපං අනිච්චතො පකාසෙති, රූපං දුක්ඛතො පකාසෙති, රූපං අනත්තතො පකාසෙති. වෙදනං...පෙ.... සඤ්ඤං... සඞ්...
[198] කෙසේනම් නොයෙක් ධර්මයන් ප්‍රකාශ කිරීමෙහි ප්‍රඥාව අත්ථ සංදස්සන ඤාණ නම්වේද? නොයෙක් ධර්ම යනු පඤ්චස්කන්ධයෝ ද දොළොස් ආයතනයෝද අටළොස් ධාතූහුද කුශල ධර්මයෝද අකුශල ධර්මයෝද අව්‍යාකෘත ධර්මයෝද කාමාවචර ධර්මයෝද රූපාවචර ධර්මයෝද අරූපාවචර ධර්මයෝද ලෝකොත්තර ධර්මයෝද වෙත්. (iii) ප්‍රකාශ කිරීම යනු රූපය (ii) අනිත්‍ය වශයෙන් ප්‍රකාශ කරයි. ...
කථං සබ්බධම්මානං එකසඞ්ගහතානානත්තෙකත්තපටිවෙධෙ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං? සබ්බධම්මානන්ති පඤ්චක්ඛන්ධා...පෙ.... අපරියාපන්නා ධම්මා. එකසඞ්ගහතාති ද්වාදසහි ආකාරෙහි සබ්බෙ ධම්මා එකසඞ්ගහිතා. තථට්ඨෙන, අනත්තට්ඨෙන, සච්චට්ඨෙන, පටිවෙධට්ඨෙන, අභිජානනට්ඨෙන, පරිජානනට්ඨෙන, ධම්මට්ඨෙන, ධාතුට්ඨෙන, ඤාතට්ඨෙන, සච්ඡිකිරියට්ඨෙන, ඵුසනට්ඨෙන, අභිසමයට්ඨෙ...
[199] කෙසේනම් සියලු ධර්මයන් එකක් වශයෙන් සංග්‍රහ කරනලද බව නානත්වය (වෙනස් බව) එකත්වය (සමාන බව) ප්‍රතිවෙධ කරන ප්‍රඥාව දස්සන විසුද්ධි ඤාණය නම්වේද? (මෙහි 198 (ii) යෙදිය යුතුයි.) එකක් වශයෙන් සංග්‍රහ කරනලද බව යනු සියලු ධර්මයෝ දොළොස් ආකාරයකින් එකක් කොට සංග්‍රහ කරනලදහ. විද්‍යාමානාර්ථයෙන් අනාත්මාර්ථයෙන් සත්‍යාර්ථයෙන් ප්‍රතිවෙධ ක...
කථං විදිතත්තා පඤ්ඤා ඛන්තිඤාණං? රූපං අනිච්චතො විදිතං , රූපං දුක්ඛතො විදිතං, රූපං අනත්තතො විදිතං. යං යං විදිතං තං තං ඛමතීති - විදිතත්තා පඤ්ඤා ඛන්තිඤාණං. වෙදනා...පෙ.... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං... චක්ඛු...පෙ.... ජරාමරණං අනිච්චතො විදිතං, ජරාමරණං දුක්ඛතො විදිතං, ජරාමරණං අනත්තතො විදිතං. යං යං විදිතං තං තං ඛමතීති - විදිතත...
[201] කෙසේනම් ප්‍රකට කොට දන්නා ප්‍රඥාව ඛන්ති ඤාණය නම්වේද? රූපය (ii) අනිත්‍ය වශයෙන් ප්‍රකටකොට දැනගන්නා ලදී. දුක් වශයෙන් ප්‍රකට කොට දැනගන්නා ලදී. අනාත්ම වශයෙන් ප්‍රකට කොට දැනගන්නා ලදී. යමක් යමක් ප්‍රකට කොට දැනගන්නා ලද්දේද එය දනිනුයි ප්‍රකට කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව ඛන්ති ඤාණ නමි. (iii) වේදනාව (මෙහි (ii) යොදන්න.) සඤ්ඤා...
කථං ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහණෙ ඤාණං? රූපං අනිච්චතො ඵුසති, රූපං දුක්ඛතො ඵුසති, රූපං අනත්තතො ඵුසති. යං යං ඵුසති තං තං පරියොගාහතීති - ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහණෙ ඤාණං. වෙදනං...පෙ.... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං... චක්ඛුං...පෙ.... ජරාමරණං අනිච්චතො ඵුසති, දුක්ඛතො ඵුසති, අනත්තතො ඵුසති. යං යං ඵුසති තං තං පරියොගාහතීති - ඵුට්ඨත...
[202] කෙසේනම් ස්පර්ශ කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව පරියොගහණ (බැස ගැන්මෙහි) ඤාණ නම්වේද? රූපය (ii) අනිත්‍ය වශයෙන් (නුවණින්) ස්පර්ශ කරයි. දුක් වශයෙන් ස්පර්ශ කරයි. අනාත්ම වශයෙන් ස්පර්ශ කරයි. යමක් යමක් ස්පර්ශ කරයිද, එහි නුවණින් බැසගන්නා හෙයින් ස්පර්ශ කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව පරියොගහණ ඤාණ නමි. (ii) වේදනාව ((ii) යොදන්න.) ස...
කථං සමොදහනෙ පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං? මිච්ඡාදිට්ඨිපච්චයාපි වෙදයිතං, මිච්ඡාදිට්ඨිවූපසමපච්චයාපි වෙදයිතං. සම්මාදිට්ඨිපච්චයාපි වෙදයිතං, සම්මාදිට්ඨිවූපසමපච්චයාපි වෙදයිතං. මිච්ඡාසඞ්කප්පපච්චයාපි වෙදයිතං, මිච්ඡාසඞ්කප්පවූපසමපච්චයාපි වෙදයිතං. සම්මාසඞ්කප්පපච්චයාපි වෙදයිතං, සම්මාසඞ්කප්පවූපසමපච්චයාපි වෙදයිතං...පෙ.... මිච්ඡාවිමුත්තිපච්...
[203] කෙසේ නම් ස්කන්ධයන්ගේ එක් කොටසක් පිඬු කිරීම් වශයෙන් පවත්නා ප්‍රඥාව පදෙස විහාර ඤාණය නම් වේද? මිථ්‍යාදෘෂ්ටිය හේතුකොටගෙනද වේදනාව උපදියි. මිථ්‍යාදෘෂ්ටිය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් දෘෂ්ටිය හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් දෘෂ්ටිය සංසිඳීම හේතුකොටගෙනද වේදනාව උපදියි. සම්‍යක් දෘෂ්ටිය සංසිඳීම හේතුකොටගෙනද ව...
කථං අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං? නෙක්ඛම්මාධිපතත්තා පඤ්ඤා කාමච්ඡන්දතො සඤ්ඤාය විවට්ටතීති - අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං. අබ්‍යාපාදාධිපතත්තා පඤ්ඤා බ්‍යාපාදතො සඤ්ඤාය විවට්ටතීති - අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං. ආලොකසඤ්ඤාධිපතත්තා පඤ්ඤා ථිනමිද්ධතො සඤ්ඤාය විවට්ටතීති - අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං. අවික්ඛෙපා...
[204] කෙසේ නම් අධිපති භාවයෙන් පවත්නා ප්‍රඥාව සඤ්ඤා විවට්ට ඤාණ නම් වේද? නෛෂ්ක්‍රම්‍යය අධිපති කොට ඇති ප්‍රඥාව කාමච්ඡන්දයට හේතුවූ සංඥාව කෙරෙන් පෙරළානුයි. (ii) අධිපති භාවයෙන් පවත්නා ප්‍රඥාව සඤ්ඤා විවට්ට ඤාණ නමි. (iii) අව්‍යාපාදය අධිපතිකොට ඇති ප්‍රඥාව ව්‍යාපාදයට හේතු වූ සංඥාවෙන් පෙරළානුයි. ((ii) යොදන්න) ආලෝක සඤ්ඤාව අධිපතිකො...
කථං නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං? කාමච්ඡන්දො නානත්තං, නෙක්ඛම්මං එකත්තං. නෙක්ඛම්මෙකත්තං චෙතයතො කාමච්ඡන්දතො චිත්තං විවට්ටතීති - නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං. බ්‍යාපාදො නානත්තං, අබ්‍යාපාදො එකත්තං. අබ්‍යාපාදෙකත්තං චෙතයතො බ්‍යාපාදතො චිත්තං විවට්ටතීති - නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං. ථිනමිද්ධං නානත්තං, ආලොකසඤ්ඤා එකත්තං....
[205] කෙසේනම් (ශාන්ත ස්වභාවයක් නැති හෙයින් එකම ස්වභාවයක් නැති) නානත්ත ධර්මයන්හි ප්‍රඥාව චෙතොවිවට්ට ඤාණ නම්වේද? කාමච්ඡන්දය අශාන්ත හෙයින් නානත්ත නමි. නෛෂ්ක්‍රම්‍යය ශාන්ත හෙයින් එකත්ත (එකම ස්වභාවයක් ඇත්තේ) නම් වෙයි. නෛෂ්ක්‍රම්‍යය එකත්වය පවත්වන්නාහට කාමච්ඡන්දයෙන් සිත වෙන්වේනුයි. නානත්වයෙහි ප්‍රඥාව චෙතො විවට්ට ඤාණ නමි. ව්‍ය...
කථං අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං? කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං අධිට්ඨාතීති - අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. බ්‍යාපාදං පජහන්තො අබ්‍යාපාදවසෙන චිත්තං අධිට්ඨාතීති - අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං අධිට්ඨාතීති - අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං...පෙ.... සබ්බකිලෙස...
[206] කෙසේනම් සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නම්වේද? කාමච්ඡන්දය දුරු කරන්නේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත පිහිටුවානුයි සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නමි. ව්‍යාපාදය දුරු කරන්නේ අව්‍යාපාද වශයෙන් සිත පිහිටුවානුයි සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්ත විවට්ට ඤාණ නමි. ථිනමිද්ධය දුරු කරන්නේ ආලෝක සඤ්ඤා වශයෙන් සිත පි...
කථං සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං? ‘‘චක්ඛු සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා’’ති යථාභූතං ජානතො (පජානතො (ස්‍යා.)) පස්සතො චක්ඛාභිනිවෙසතො (කාමාභිනිවෙසතො (ස්‍යා.) අට්ඨකථා ඔලොකෙතබ්බා) ඤාණං විවට්ටතීති - සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං. ‘‘සොතං සුඤ්ඤං...පෙ.... ඝානං සුඤ්ඤං... ජිව්හා ස...
[207] කෙසේනම් සූන්‍ය භාවයෙහි පවත්නා ප්‍රඥාව විවට්ට ඤාණ නම්වේද? ඇස (ii) තමාගෙන්ද තමා සතු බවෙන්ද, නිත්‍ය බවෙන්ද ස්ථිර බවෙන්ද, සදාකාලික බවෙන්ද, වෙනස් නොවන බවෙන්ද හිස්යයි තත්වාකාරයෙන් දන්නාහුගේ දක්නහුගේ (iii) ඇස (iv) මම යයි වදරවා ගැනීමෙන් ඤාණය වෙන්වේනුයි සූන්‍යත්වය දක්නා ප්‍රඥාව ඤාණ විවට්ට ඤාණනමි. කණ (මෙහි (ii)) කණ (මෙහි (...
කථං වොසග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං? නෙක්ඛම්මෙන කාමච්ඡන්දං වොසජ්ජතීති - වොසග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං. අබ්‍යාපාදෙන බ්‍යාපාදං වොසජ්ජතීති - වොසග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං. ආලොකසඤ්ඤාය ථිනමිද්ධං වොසජ්ජතීති - වොසග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං . අවික්ඛෙපෙන උද්ධච්චං වොසජ්ජතීති - වොසග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං. ධම්...
[208] කෙසේනම් අත්හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නම්වේද? (ii) නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය අත්හරිනුයි අත් හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය අත්හරිනුයි අත් හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි (iii) ආලෝක සඤ්ඤාවෙන් ථිනමිද්ධය අත්හරිනුයි අත් හැරීමෙහි ප්‍රඥාව විමොක්ඛ විවට්ට ඤාණ නමි. සමාධ...
කථං තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං? දුක්ඛස්ස පීළනට්ඨං සඞ්ඛතට්ඨං සන්තාපට්ඨං විපරිණාමට්ඨං පරිජානන්තො විවට්ටතීති - තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං. සමුදයස්ස ආයූහනට්ඨං නිදානට්ඨං සඤ්ඤොගට්ඨං පලිබොධට්ඨං පජහන්තො විවට්ටතීති - තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං. නිරොධස්ස නිස්සරණට්ඨං විවෙකට්ඨං අසඞ්ඛතට්ඨං අමතට්ඨං සච්ඡිකරොන්තො විවට්ටතීති -...
[209] කෙසේනම් සත්‍යාර්ථයන් දක්නාවූ ප්‍රඥාව සච්ච විවට්ට ඤාණ නම්වේද? දුක්ඛ සත්‍යයාගේ පිළින ස්වභාවය සකස්කළයුතු ස්වභාවය තැවීම් ස්වභාවය වෙනස්වීම් ස්වභාවය පිරිසිඳ දැනගන්නේ වෙන්වේනුයි. සථ්‍යාර්ථය දක්නා ප්‍රඥාව සච්ච විවට්ට ඤාණ නමි. සමුදය සත්‍යයාගේ රැස්කිරීම් ස්වභාවය හේතුවීම් ස්වභාවය බැඳීම් ස්වභාවය බාධා ස්වභාවය පහ කරන්නේ වෙන්වේ...
කථං කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං? ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතූසු ඉද...
[210] කෙසේනම් කයද සිතද සමාන කොට මෙනෙහි කිරීමෙන් සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් අධිෂ්ඨාන කිරීම් වශයෙන් සමෘද්ධ කිරීමෙහි පවත්නා ප්‍රඥාව ඍද්ධිවිධ ඥාන නම්වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය (ii) අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය (iii) වඩයිද වීර්යය (මෙහි (ii) යොදන්න.) සිත (මෙහි (ii) විමංසාව (ම...
එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං තිරොභාවං; තිරොකුට්ටං (තිරොකුඩ්ඩං (ස්‍යා.)) තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති, සෙය්‍යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති, සෙය්‍යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති, සෙය්‍යථාපි පථවියං ; ආකාසෙපි පල්ලඞ්කෙන කමති (චඞ්කමති (ස්‍යා.) දී. නි. 1.238 පස්සිතබ්බා...
එක්කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝදෙනෙක්ව එක්කෙනෙක් වෙයි. ප්‍රකට බව සැඟවුණු බවට පැමිණෙයි. බිත්තියෙන් පිටතට ප්‍රකාරයෙන් පිටතට පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් නොගැටී ගමන් කරයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම මතුකරයි. පොළොවෙහි මෙන් ජලයෙහි නොගිලී ගමන් කරයි. පක්ෂියකු මෙන් අහසෙහි පළක් බැඳ ගමන් කරයි. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇත...
කථං විතක්කවිප්ඵාරවසෙන නානත්තෙකත්තසද්දනිමිත්තානං පරියොගාහණෙ පඤ්ඤා සොතධාතුවිසුද්ධිඤාණං ? ඉධ භික්ඛු ඡන්දසමාධි...පෙ.... වීරියසමාධි... චිත්තසමාධි... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතූසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති පරිදමෙති, මුදුං කරොති කම්මනියං. සො ඉමෙසු චතූසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙත්වා පරිදම...
[211] කෙසේනම් විතර්ක වේගයෙන් නොයෙක් ස්වභාව ඇත්තාවූ එක ස්වභාව ඇත්තාවූද ශබ්ද නිමිති කෙරෙහි බැසගන්නාවූ ප්‍රඥාව සොත ධාතු විසුද්ධි ඤාණ නම්වේද මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන්ද (ii) සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද, වීර්ය අධිපතිකොට ඇති සමාධියෙන්ද (මෙහි (ii) සිත අධිපති කොට ඇති සමාධියෙන්ද (මෙහි (ii) විමංසාව අධිපතිකො...
කථං තිණ්ණං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්‍රියානං පසාදවසෙන නානත්තෙකත්තවිඤ්ඤාණචරියාපරියොගාහණෙ පඤ්ඤා චෙතොපරියඤාණං? ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතූසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති පරිදමෙති, මුදුං කරොති ...
[212] කෙසේ නම් (සොමනස්ස සහගත දොමනස්ස සහගත උපෙක්ඛා සහගත යන) ත්‍රිවිධ චිත්තයන් පිළිබඳ වෙගයන්ගේ වශයෙන් ඉන්ද්‍රියයන්ගේ පැහැදීමට අනුව නොයෙක් ස්වභාව ඇත්තාවූද සමාන ස්වභාව ඇත්තාවූද චිත්තයන්ගේ පැවැත්ම බැස ගැනීමෙහි ප්‍රඥාව චෙතො පරිය ඤාණ නම් වේද? මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන්ද (ii) සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යු...
කථං පච්චයපවත්තානං ධම්මානං නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පරියොගාහණෙ පඤ්ඤා පුබ්බෙනිවාසානුස්සතිඤාණං? ඉධ භික්ඛු ඡන්දසමාධි...පෙ.... මුදුං කරිත්වා කම්මනියං එවං පජානාති - ‘‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච...
[213] කෙසේ නම් නොයෙක් ස්වභාව හා එක ස්වභාව ඇති කර්මයන්ගේ වෙගයෙන් ප්‍රත්‍යයන්ට අනුව පවත්නා ධර්මයන්ට බැස ගැන්මෙහි ප්‍රඥාව පුබ්බේ නිවාසානුස්සති ඤාණය නම් වේද? මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකෙට ඇති (මෙහි 210 ඡේදයේ (ii) යොදන්න.) වීර්ය අධිපතිකොට ඇති (210 යේ ii) සිත අධිපතිකොට ඇති (210 යේ (ii) විමංසාව අධිපතිකොට ඇති (210 යේ ii) ...
කථං ඔභාසවසෙන නානත්තෙකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං? ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි...පෙ.... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතූසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති පරිදමෙති, මුදුං කරොති කම්මනියං. සො ඉමෙසු චතූසු ඉද්ධිපාදෙසු ච...
[214] කෙසේ නම් කසිණාලෝකයාගේ වශයෙන් නොයෙක් ස්වභාවයන් ඇත්තාවූද, එක ස්වභාවය ඇත්තාවූද රූප සටහන් දැක්මෙහි ප්‍රඥාව දිබ්බ චක්ඛුඤාණ නම් වේද? මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇත්තාවූ සමාධියෙන්ද, (ii) සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. වීර්ය අධිපතිකොට ඇති සමාධියෙන්ද, (මෙහි (ii) යොදන්න) චිත්තය අධිපතිකොට ඇති සමාධියෙ...
කථං චතුසට්ඨියා ආකාරෙහි තිණ්ණන්නං ඉන්ද්‍රියානං වසිභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං? කතමෙසං තිණ්ණන්නං ඉන්ද්‍රියානං? අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියස්ස අඤ්ඤින්ද්‍රියස්ස අඤ්ඤාතාවින්ද්‍රියස්ස. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤින්ද්‍රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤාතාවින්ද්‍රියං කති ඨානානි ගච්ඡති? අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍...
[215] කෙසේ නම් සූසැට ආකාරයකින් ත්‍රිවිධ ඉන්ද්‍රියන්ගේ පුරුදු කිරීමෙහි ප්‍රඥාව ආසවක්ඛය ඤාණ නම් වේද? කවර නම් ඉන්ද්‍රිය තුනක්හුගේද අනඤ්ඤතඤ්ඤස්ස්සාමිතින්ද්‍රියගේද අඤ්ඤින්ද්‍රියගේද අඤ්ඤතාවින්ද්‍රියගේද වෙයි. අන්ඤඤාතඤ්ඤාස්සාමිතින්ද්‍රිය කෙතෙක් ස්ථානයන්ට පැමිණෙයිද අඤ්ඤන්ද්‍රිය කෙතෙක් ස්ථානයන්ට පැමිණෙයිද, අඤ්ඤාතාවින්ද්‍රිය කෙතෙ...
කථං පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං, පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං, සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං, භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං? දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො පරිඤ්ඤාතට්ඨො; සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සඤ්ඤොගට්ඨො පලිබොධට්ඨො පහානට්ඨො; නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො සච්ඡිකිරියට්ඨො; මග්ග...
[221] කෙසේ නම් පිරිසිඳ දැකීමෙහි ප්‍රඥාව දුක්ඛයෙහි ඤාණය පහ කිරීමෙහි ප්‍රඥාව සමුදයයෙහි ඤාණයවේද, වැඩීමෙහි ප්‍රඥාව මාර්ගයෙහි ඤාණය ප්‍රත්‍යක්ෂ කිරීමෙහි නිරෝධයෙහි ඤාණය නම් වේද? දුක්ඛ සත්‍යයාගේ ෂීළනාර්ථය සංඛතාර්ථය සන්තාපාර්ථය විපරිණාමාර්ථය පිරිසිඳ දතයුතු අර්ථය වෙයි. සමුදය සත්‍යයාගේ ආයුහනාර්ථය නිදානාර්ථය සංයොශාර්ථය පලිබොධාර්ථය...
කථං දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං? මග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙ පෙතං ඤාණං, දුක්ඛසමුදයෙ පෙතං ඤාණං, දුක්ඛනිරොධෙ පෙතං ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය පෙතං ඤාණං. තත්ථ කතමං දුක්ඛෙ ඤාණං? දුක්ඛං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්...
[222] කෙසේ නම් දුක්ඛයෙහි ඤාණය දුක්ඛ සමුදයයෙහි ඤාණය දුක්ඛනිරෝධයෙහි ඤාණය දුක්ඛනිරෝධගාමිනි ප්‍රතිපදාවෙහි ඤාණය වේද? මාර්ගයෙන් යුක්තවූවහුගේ යම් ඤාණයක් වේ නම් එය දුක්ඛයෙහි ඤාණයද වෙයි. දුක්ඛ සමුදයෙහි ඤාණයද වෙයි දුක්ඛනිරෝධයෙහි ඤාණයද වෙයි. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඤාණයද වෙයි. එහි දුක්ඛයෙහි ඤාණය නම් කවරේද? දුක්ඛ සත්‍යය අරම...
කථං අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං? අත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා, පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා. අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තෙ පඤ්ඤා...
[223] කෙසේ අර්ථ ප්‍රතිසම්භිදාවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවෙහි ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාවෙහි ඤාණය ප්‍රතිභාණ ප්‍රතිසම්භිදාවෙහි ඤාණය වේද? අර්ථයන්හි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදා නමි. ධර්මයන්හි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදා නමි. නිරුක්තීන්හි ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදා නමි. ඤාණයන්හි ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදා නමි. අර්ථ නානත්වයෙහි ...
කතමං තථාගතස්ස ඉන්ද්‍රියපරොපරියත්ත ඤාණං? ඉධ තථාගතො සත්තෙ පස්සති අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො. අප්පරජක්ඛෙ මහාරජක්ඛෙති සද්ධො පුග්ගලො අප්පරජක්ඛො, අස්සද්ධො පුග්ගලො මහාරජක්ඛො. ආරද්ධවීරියො පුග්ගලො ...
[224] කෙසේ නම් තථාගතයන් වහන්සේ සත්වයන් තුළ ඉන්ද්‍රියන්ගේ උතුම්බව හීන බව දැනගන්නා ඤාණය වේද? තථාගතයන් වහන්සේ ස්වල්ප රාගාදිරජස් ඇත්තාවූද මහත් රාගාදි රජස් ඇත්තාවූද තියුණු ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදු ඉන්ද්‍රිය ඇත්තාවූද යහපත් ආකාර ඇත්තාවූද අයහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් අවබෝධ කළහැක්කාවූද, පහසුවෙන් අවබෝධ නොකළහැක්කාවූද, ඇතැම් පරලොව...
ලොකොති - ඛන්ධලොකො, ධාතුලොකො, ආයතනලොකො, විපත්තිභවලොකො , විපත්තිසම්භවලොකො, සම්පත්තිභවලොකො, සම්පත්තිසම්භවලොකො. එකො ලොකො - සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. ද්වෙ ලොකා - නාමඤ්ච, රූපඤ්ච. තයො ලොකා - තිස්සො වෙදනා. චත්තාරො ලොකා - චත්තාරො ආහාරා. පඤ්ච ලොකා - පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ලොකා - ඡ අජ්ඣත්තිකානි ආයතනානි. සත්ත ලොකා - සත්ත විඤ්ඤාණට්ඨි...
[228] ලොක යන මෙහි ලොක නම් ස්කන්ධ ලෝකයද ධාතු ලෝකයද ආයතන ලෝකයද විපත්ති භව ලෝකයද (අපාය ලෝකය) විපත්ති සම්භව ලෝකයද (අපායෙහි උපදවන කර්මය) සම්පත්ති ලෝකයද (සුගති ලෝකය) සම්පත්ති සම්භව ලෝකයද (සුගති ලෝකයෙහි උපදවන කර්මය) එක් ලෝකයකි. සියලු සත්වයෝ ආහාරය නිසා පවත්නාහ. ලොක දෙකකි. නාමයද රූපයද වෙයි. ලොක තුනකි ත්‍රිවිධ වේදනාවෝයි ලොක සතරක...
කතමං තථාගතස්ස සත්තානං ආසයානුසයෙ ඤාණං? ඉධ තථාගතො සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති , අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බෙ සත්තෙ පජානාති. කතමො (කතමො ච (ස්‍යා. ක.)) සත්තානං ආසයො? ‘‘සස්සතො ලොකො’’ති වා, ‘‘අසස්සතො ලොකො’’ති වා, ‘‘අන්තවා ලොකො’’ති වා, ‘‘අනන්තවා ලොකො’’ති වා, ‘‘තං ජීවං තං සරීර’’න්ති වා, ‘‘අඤ්ඤං ජීවං අඤ්ඤං...
[229] කුමක් නම් තථාගතයන් වහන්සේගේ සත්වයන්ගේ ආසය අනුසය දන්නා ඤාණය වේද? තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි සත්වයන්ගේ ආසය (පුරුද්ද) දන්නාහ. අනුසයද සිත්හි ලැගගෙන පවත්නා (බලවත් කෙලෙස්) දන්නාහ. චරිතයද දන්නාහ. බලවත් කැමැත්තද දන්නාහ. සුදුසු නුසුදුසු සත්වයන්ද දන්නාහ. සත්වයන්ගේ ආසය නම් කුමක්ද? ලෝකය (ආත්මය) නිත්‍යයයි හෝ ලෝකය නිත්‍ය නොවේය...
කතමො ච සත්තානං අනුසයො? සත්තානුසයා - කාමරාගානුසයො, පටිඝානුසයො, මානානුසයො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො, භවරාගානුසයො , අවිජ්ජානුසයො. යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථ සත්තානං කාමරාගානුසයො අනුසෙති. යං ලොකෙ අප්පියරූපං අසාතරූපං , එත්ථ සත්තානං පටිඝානුසයො අනුසෙති. ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසු අවිජ්ජා අනුපතිතා, තදෙකට්ඨො මානො ච දිට්ඨි ...
[234] සත්වයන්ගේ අනුසය නම් කවරේද? කාමරාගානුසය පටිඝානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසයයයි අනුසය සතකි. [235] ලෝකයෙහි යම් ප්‍රිය රූපයක් මිහිරි රූපයක් වෙයිද මෙහි සත්වයන්ගේ කාමරාගානුසය (ඉපදීමට සුදුසු කරුණු ලැබ) උපදියි. ලෝකයෙහි යම් අප්‍රිය රූපයක් අමිහිරි රූපයක් වෙයිද මෙහි සත්වයන්ගේ පටිඝානුසය උ...
කතමා ච සත්තානං අධිමුත්ති? සන්ති සත්තා හීනාධිමුත්තිකා, සන්ති සත්තා පණීතාධිමුත්තිකා. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති. පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති. අතීතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු භජිංසු පයිරුපාසිංසු; පණීතා...
සත්වයන්ගේ අධිමුක්ති (අදහස) නම් කවරේද? හීන අදහස් ඇති සත්වයෝද ඇත්තාහ. උතුම් අදහස් ඇති සත්වයෝද ඇත්තාහ. හීන අදහස් ඇති සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් සෙවනය කරත්, භජනය කරත්, පයිරුපාසනය කරත්, උතුම් අදහස් ඇති සත්වයෝ උතුම් අදහස් ඇති සත්වයන් සෙවනය කරත්, භජනය කරත්, පයිරුපාසනය කරත්, අතීත කාලයෙහිදු හීන අදහස් ඇති සත්වයෝ හීන අදහස් ඇති ...
කතමං තථාගතස්ස යමකපාටිහීරෙ ඤාණං? ඉධ තථාගතො යමකපාටිහීරං කරොති අසාධාරණං සාවකෙහි. උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති; හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තති; පුරත්ථිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පච්ඡිමකායතො උදකධාරා පවත්තති; පච්ඡිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පුරත්ථිමකායතො උදක...
[238] කුමක් නම් තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය වේද? මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට අසාධාරණවූ යමක ප්‍රාතිහාර්ය දක්වයි. උඩුකයින් ගිනිකඳ පවතියි. යටිකයින් දිය දහර පවතියි. යටිකයින් ගිනිකඳ පවතියි. උඩුකයින් දිය දහර පවතියි. පෙර කයින් ගිනිකඳ පවතියි. පසුකයින් දිය දහර පවතියි. පසු කයින් ගිනිකඳ පවතියි. පෙර කයින් ගි...
කතමං තථාගතස්ස මහාකරුණාසමාපත්තියා ඤාණං? බහුකෙහි ආකාරෙහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ආදිත්තො ලොකසන්නිවාසොති - පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. උය්‍යුත්තො ලොකසන්නිවාසොති - පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. පයාතො ලොකසන්නිවාසොති - පස්සන්තානං බුද්ධානං භ...
තථාගතයන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියෙහි ඤාණය නම් කවරේද? නොයෙක් ආකාරයෙන් ලොව දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි. ලොක සන්නිවාසය (රාගාදි ගිනි වලින්) ගිනිගෙන දන්නේයයි දක්නාවූ (ii) භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි. (iii) ලෝක සන්නිවාසය නිතර කටයුතුවල යෙදී ...
ද්වීහි දිට්ඨිගතෙහි පරියුට්ඨිතො ලොකසන්නිවාසොති - පස්සන්තානං...පෙ.... තීහි දුච්චරිතෙහි විප්පටිපන්නො ලොකසන්නිවාසොති - පස්සන්තානං...පෙ.... චතූහි යොගෙහි යුත්තො ලොකසන්නිවාසො චතුයොගයොජිතොති - පස්සන්තානං...පෙ.... චතූහි ගන්ථෙහි (ගණ්ඨෙහි (ස්‍යා.)) ගන්ථිතො ලොකසන්නිවාසොති - පස්සන්තානං...පෙ.... චතූහි උපාදානෙහි උපාදියති ලොකසන්නිවාසො...
[243] ලොකසන්නිවාසයතෙම දෙවැදෑරුම් දෘෂ්ටියෙන් අල්වාගැනීමට පැමිණියේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම ත්‍රිවිධ දුශ්චරිතයන්ට බැසගත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම සතර යොගයන්ගෙන් යුක්තවූයේය. සතර යොගයන්ගෙන් බැඳුනේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම සතර උපාදානයන්ගෙන් අල්වාගන...
කතමං තථාගතස්ස සබ්බඤ්ඤුතඤ්ඤාණං? සබ්බං සඞ්ඛතමසඞ්ඛතං අනවසෙසං ජානාතීති - සබ්බඤ්ඤුතඤ්ඤාණං. තත්ථ ආවරණං නත්ථීති - අනාවරණඤාණං (අනාවරණං ඤාණං (ස්‍යා.) එවමුපරිපි).
[246] තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය නම් කවරේද? සංඛතවූද අසංඛතවූද සියල්ල නිරවශෙෂ කොට දනීනුයි සර්වඥතාඥාන නම්වේ. ඒ සියල්ල දැනීමෙහි ආවරණයක් නැත්තහුයි (ඒ සර්වඥතාඥානය) අනාවරණ ඤාණ නම් වෙයි.
අතීතං සබ්බං ජානාතීති - සබ්බඤ්ඤුතඤ්ඤාණං. තත්ථ ආවරණං නත්ථීති - අනාවරණඤාණං. අනාගතං සබ්බං ජානාතීති - සබ්බඤ්ඤුතඤ්ඤාණං. තත්ථ ආවරණං නත්ථීති - අනාවරණඤාණං. පච්චුප්පන්නං සබ්බං ජානාතීති - සබ්බඤ්ඤුතඤ්ඤාණං. තත්ථ ආවරණං නත්ථීති - අනාවරණඤාණං. චක්ඛු චෙව රූපා ච, එවං තං සබ්බං ජානාතීති - සබ්බඤ්ඤුතඤ්ඤාණං. තත්ථ ආවරණං නත්ථීති - අනාවරණඤාණං. ස...
අතීතවූ සියල්ල දනීනුයි. සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්හුයි අනාවරණ ඥාන නමි. අනාගත සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි. ප්‍රත්‍යුත්පන්න සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාවරණ ඥාන නමි. චක්ෂුවද රූපයෝද ඇත්තාහ. (ii) ඒ සියල්ල දනීනුයි සර්වඥතාඥාන නමි. එහි ආවරණයක් නැත්නුයි අනාව...
න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි, අථො අවිඤ්ඤාතමජානිතබ්බං. සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං, තථාගතො තෙන සමන්තචක්ඛූති (මහානි. 156; චූළනි. මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85). සමන්තචක්ඛූති කෙනට්ඨෙන සමන්තචක්ඛු? චුද්දස බුද්ධඤාණානි. දුක්ඛෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ...
[247] “උන්වහන්සේ විසින් මේ වර්තමාන කාලයෙහි නුවණැසින් නොදක්නාලද කිසිවක් නැත. එසේම අතීත කාලයෙහි නොදක්නා ලද කිසිවක්ද නැත. අනාගත කාලයෙහිදු නොදතයුතු (නොදන්නා) කිසිවක් නැත, කාලත්‍රය පිළිබඳවූ දතයුතු යමක් ඇත්නම් ඒ සියල්ල දැන වදාළේය. එහෙයින් තථාගතයන් වහන්සේ සමන්ත චක්ඛු (හාත්පස සියල්ල දක්නා නුවණැස ඇත්තේ) නම් වනසේක. [248] සමන්ත ච...
කා දිට්ඨි, කති දිට්ඨිට්ඨානානි, කති දිට්ඨිපරියුට්ඨානානි, කති දිට්ඨියො, කති දිට්ඨාභිනිවෙසා, කතමො දිට්ඨිට්ඨානසමුග්ඝාතොති? [1] කා දිට්ඨීති අභිනිවෙසපරාමාසො දිට්ඨි. [2] කති දිට්ඨිට්ඨානානීති අට්ඨ දිට්ඨිට්ඨානානි. [3] කති දිට්ඨිපරියුට්ඨානානීති අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි. [4] කති දිට්ඨියොති සොළස දිට්ඨියො. [5] කති දිට්ඨාභිනිවෙසා...
[1] දිට්ඨි යනු කුමක්ද? දෘෂ්ටි හේතු කෙතෙක්ද? දෘෂ්ටීන්ගේ පැනනැඟීම් කෙතෙක්ද? දෘෂ්ටීහු කෙතෙක්ද? දෘෂ්ටියෙන් වරදවා ගන්නා ප්‍රභෙද කෙතෙක්ද? දෘෂ්ටි හේතූන් සිඳ දැමීම් නම් කුමක්ද? යනු මොහු ප්‍රශ්නයෝයි. [2] දිට්ඨි යනු කුමක්ද යන ප්‍රශ්නයෙහි වරදවා දැඩි කොට අල්වාගැනීම සත්‍යයට විරුද්ධව ගැනීම දිට්ඨි නමි. දෘෂ්ටි හේතු කෙතෙක්ද යන ප්‍රශ්නය...
කථං අභිනිවෙසපරාමාසො දිට්ඨි? (කති අභිනිවෙසපරාමාසො දිට්ඨීති (ස්‍යා.)) රූපං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති - අභිනිවෙසපරාමාසො දිට්ඨි. වෙදනං එතං මම...පෙ.... සඤ්ඤං එතං මම... සඞ්ඛාරෙ එතං මම... විඤ්ඤාණං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති - අභිනිවෙසපරාමාසො දිට්ඨි. චක්ඛුං එතං මම...පෙ.... සොතං එතං මම... ඝානං එතං මම... ජිව්හං එත...
[3] වරදවා දැඩිකොට ගැනීම් සත්‍යයට විරුද්ධ ගැනීම් කෙසේ නම් දිට්ඨි වන්නේද? රූපස්කන්ධය (ii) මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, සත්‍යයට විරුද්ධව වරදවා ගැනීම දිට්ඨි නමි, (iii) වේදනාස්කන්ධය මෙය මගේය, (මෙහි (ii) යෙදිය යුතුයි) සඤ්ඤාස්කන්ධය මෙය මගේය (මෙහි (ii) යෙදිය යුතුයි) සංස්කාරස්කන්ධය මෙය මගේය (මෙහි (ii) යෙදිය යුතුයි) ව...
කතමානි අට්ඨ දිට්ඨිට්ඨානානි? ඛන්ධාපි දිට්ඨිට්ඨානං, අවිජ්ජාපි දිට්ඨිට්ඨානං, ඵස්සොපි දිට්ඨිට්ඨානං, සඤ්ඤාපි දිට්ඨිට්ඨානං, විතක්කොපි (විතක්කාපි (ස්‍යා.)) දිට්ඨිට්ඨානං, අයොනිසො මනසිකාරොපි දිට්ඨිට්ඨානං, පාපමිත්තොපි දිට්ඨිට්ඨානං, පරතොඝොසොපි දිට්ඨිට්ඨානං. ඛන්ධා හෙතු ඛන්ධා පච්චයො දිට්ඨිට්ඨානං උපාදාය සමුට්ඨානට්ඨෙන - එවං ඛන්ධාපි ද...
[19] දිට්ඨි හේතු අට නම් කවරහුද? ස්කන්ධයෝද දිට්ඨි හේතු නමි. අවිද්‍යාවද දිට්ඨි හේතු නමි. ඵස්සයද දිට්ඨි හේතු නමි. සඤ්ඤාවද දිට්ඨි හේතු නමි. විතර්කයද දිට්ඨි හේතු නමි. අයොනිසොමනසිකාරයද දිට්ඨි හේතු නමි. පාපමිත්‍රයාද දිට්ඨි හේතු නමි. පරතොඝොෂය (අන්‍යයන්ගේ කීම) ද දිට්ඨි හේතු නමි. (ii) පහළවීමට ජනක වශයෙන්ද උපස්තම්භක වශයෙන්ද හේතුවන...
කතමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි? යා දිට්ඨි දිට්ඨිගතං, දිට්ඨිගහනං, දිට්ඨිකන්තාරං, දිට්ඨිවිසූකං, දිට්ඨිවිප්ඵන්දිතං, දිට්ඨිසඤ්ඤොජනං, දිට්ඨිසල්ලං, දිට්ඨිසම්බාධො, දිට්ඨිපලිබොධො, දිට්ඨිබන්ධනං, දිට්ඨිපපාතො, දිට්ඨානුසයො, දිට්ඨිසන්තාපො, දිට්ඨිපරිළාහො , දිට්ඨිගන්ථො, දිට්ඨුපාදානං, දිට්ඨාභිනිවෙසො, දිට්ඨිපරාමාසො - ඉමානි අට්ඨාරස ...
[21] අටලොස් දෘෂ්ටි පැනනැගීම් නම් කවරහුද? යම් දෘෂ්ටියක් දෘෂ්ටි කටුවක් දෘෂ්ටි වනයක් දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි හුලක් දෘෂ්ටි සංකලනයක් දෘෂ්ටි සංයෝජනයක් දෘෂ්ටි සම්බන්ධයක් දෘෂ්ටි පලිබොධයක් දෘෂ්ටි බන්ධනයක් දෘෂ්ටි ප්‍රපාතයක් දෘෂ්ටි අනුසයක් දෘෂ්ටි සන්තාපයක් දෘෂ්ටි පරිළාහයක් දෘෂ්ටි ග්‍රන්ථයක් දෘෂ්ටියෙන් දැඩිකොට ගැනීමක් දෘෂ්ටියෙන්...
කතමා සොළස දිට්ඨියො? අස්සාදදිට්ඨි, අත්තානුදිට්ඨි, මිච්ඡාදිට්ඨි, සක්කායදිට්ඨි, සක්කායවත්ථුකා සස්සතදිට්ඨි, සක්කායවත්ථුකා උච්ඡෙදදිට්ඨි, අන්තග්ගාහිකාදිට්ඨි, පුබ්බන්තානුදිට්ඨි, අපරන්තානුදිට්ඨි, සඤ්ඤොජනිකා දිට්ඨි, අහන්ති මානවිනිබන්ධා දිට්ඨි, මමන්ති මානවිනිබන්ධා දිට්ඨි, අත්තවාදපටිසංයුත්තා දිට්ඨි, ලොකවාදපටිසංයුත්තා දිට්ඨි, භවදි...
[22] සොළොස් දෘෂ්ටීහු නම් කවරහුද? අස්සාද දිට්ඨිය අත්තානුදිට්ඨිය මිච්ඡාදිට්ඨිය සක්කාය දිට්ඨිය සක්කාය වත්ථුක සස්සත දිට්ඨිය සක්කාය වත්ථුක උච්ඡෙද දිට්ඨිය අන්තග්ගාහික දිට්ඨිය පුබ්බන්තානුදිට්ඨිය අපරන්තානු දිට්ඨිය සඤ්ඤොජනික දිට්ඨිය අහන්තිමාන විනිබන්ධ දිට්ඨිය මමන්තිමාන විනිබන්ධ දිට්ඨිය අත්තවාද පටිසංයුක්ත දිට්ඨිය ලොකවාද පටිසංයුත...
කතමෙ තීණි සතං දිට්ඨාභිනිවෙසා? අස්සාදදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති? අත්තානුදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති? මිච්ඡාදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති? සක්කායදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති? සක්කායවත්ථුකාය සස්සතදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති? සක්කායවත්ථුකාය උච්ඡෙදදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති? අන...
[23] තුන්සියයක් දෘෂ්ටියෙන් දැඩිකොට අල්වා ගැනීම් නම් කවරහුද? අස්සාද දිට්ඨියෙන් කෙතෙක් ආකාරයකින් දැඩිකොට අල්වා ගැනීම වේද, අත්තානු දිට්ඨියෙන් කෙතෙක් ආකාරයකින් දැඩිව අල්වා ගැනීම වේද, මිච්ඡාදිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිකොට අල්වා ගැනීම් වේද සක්කායදිට්ඨියෙන් කෙතෙක් ආකාරයෙන් දැඩිකොට අල්වා ගැනීම වේද, සක්කාය වත්ථුක සස්සත දිට්ඨ...
අස්සාදදිට්ඨියා කතමෙහි පඤ්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති? යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපස්ස අස්සාදොති - අභිනිවෙසපරාමාසො දිට්ඨි. දිට්ඨි න අස්සාදො, අස්සාදො න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤො අස්සාදො. යා ච දිට්ඨි යො ච අස්සාදො - අයං වුච්චති අස්සාදදිට්ඨි. අස්සාදදිට්ඨි මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති. තාය දිට්ඨිවිපත්ති...
[24] අස්සාද දිට්ඨියෙන් කිනම් පන්තිස් ආකාරයකින් දැඩිව ගැනීම වේද? රූපස්කන්ධය නිසා යම් සුඛයක් සොම්නසක් උපදීද මෙය රූපස්කන්ධයාගේ ආශ්වාදයයි දැඩිකොට ගැනීම වරදවා ගැනීම දිට්ඨිනමි. දෘෂ්ටිය ආශ්වාදය නොවේ. ආශ්වාදය දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි, ආශ්වාදය අනිකකි. යම් දෘෂ්ටියක්වේද, යම් ආශ්වාදයක් වේද, මෙය ආශ්වාද දෘෂ්ටියයි, මිථ්‍යාදෘෂ්ටිය...
අත්ථි සඤ්ඤොජනානි චෙව දිට්ඨියො ච, අත්ථි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. කතමානි සඤ්ඤොජනානි චෙව දිට්ඨියො ච? සක්කායදිට්ඨි, සීලබ්බතපරාමාසො - ඉමානි සඤ්ඤොජනානි චෙව දිට්ඨියො ච. කතමානි සඤ්ඤොජනානි, න ච දිට්ඨියො? කාමරාගසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං, මානසඤ්ඤොජනං, විචිකිච්ඡාසඤ්ඤොජනං, භවරාගසඤ්ඤොජනං, ඉස්සාසඤ්ඤොජනං, මච්ඡරියසඤ්ඤොජනං, අනුනයසඤ්ඤොජනං, ...
[27] (i) සංයෝජන වන්නාවූද දෘෂ්ටි වන්නාවූද ධර්මයෝ ඇත්තාහ. සංයෝජන වන්නාවූද දෘෂ්ටි නොවන්නාවූද ධර්මයෝ ඇත්තාහ. සංයෝජන වන්නාවූද දෘෂ්ටි නොවන්නාවූද ධර්මයෝ කවරහුද? සක්කායදිට්ඨියද සීලබ්බත පරාමාසයද වෙත්. මොව්හු සංයෝජනද වෙත්. දිට්ඨිද වෙත්. සංයෝජනවන්නාවූ දිට්ඨි නොවන්නාවූ ධර්මයෝ කවරහුද? කාමරාග සංයෝජනය පටිඝ සංයෝජනය මාන සංයෝජනය විච...
අත්තානුදිට්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති? ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං; වෙදනං...පෙ.... සඤ්ඤං...පෙ.... සඞ්ඛාරෙ...ප...
[30] අත්තානු දිට්ඨියෙන් කිනම් විසි ආකාරයකින් දැඩිව ගන්නේද? මේ ලෝකයෙහි ආර්ය පුද්ගලයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපස්කන්ධය (ii) ආත්මය වශයෙන් දකියි. රූපස්කන්ධය ඇතියකු හෝ ආත්මය වශයෙන් දකිය...
කථං රූපං අත්තතො සමනුපස්සති? ඉධෙකච්චො පථවීකසිණං අත්තතො සමනුපස්සති - ‘‘යං පථවීකසිණං, සො අහං; යො අහං, තං පථවීකසිණ’’න්ති. පථවීකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්‍යථාපි තෙලප්පදීපස්ස ඣායතො ‘‘යා අච්චි සො වණ්ණො, යො වණ්ණො සා අච්චී’’ති - අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙවං ඉධෙකච්චො පථවීකසිණං අත්තතො සමනුපස්සති - ‘‘යං ප...
[31] කෙසේ රූපය ආත්මය වශයෙන් දකීද? මේ ලෝකයෙහි ඇතමෙක් (ii) පඨවි කසිණය ආත්මය වශයෙන් දකියි. පඨවි කසිණය යමක්ද ඒ මම වෙමි. යමක් මම වෙම්ද එය පඨවි කසිණ නමැයි පඨවි කසිණයද ආත්මයද එකක් කොට දකියි. (iii) යම්සේ දැල්වෙන්නාවූ තෙල් පහනේ යම් පහන් සිළුවක් වේද එයට වර්ණය වෙයි යමක් වර්ණය වේද, එය පහන් සිළුව වේයයි පහන් සිළුවද වර්ණයද එකක්කොට දක...
කථං වෙදනං අත්තතො සමනුපස්සති? ඉධෙකච්චො චක්ඛුසම්ඵස්සජං වෙදනං සොතසම්ඵස්සජං වෙදනං ඝානසම්ඵස්සජං වෙදනං ජිව්හාසම්ඵස්සජං වෙදනං කායසම්ඵස්සජං වෙදනං මනොසම්ඵස්සජං වෙදනං අත්තතො සමනුපස්සති. ‘‘යා මනොසම්ඵස්සජා වෙදනා සො අහං, යො අහං සා මනොසම්ඵස්සජා වෙදනා’’ති - මනොසම්ඵස්සජං වෙදනඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්‍යථාපි තෙලප්පදීපස්ස ඣායතො...
[38] කෙසේ වේදනාව ආත්මය වශයෙන් දකීද? මේ ලෝකයෙහි ඇතමෙක් චක්ඛුසම්ඵස්සජ වේදනාව සොත සම්ඵස්සජ වේදනාව ඝානසම්ඵස්සජ වේදනාව ජිව්හා සම්ඵස්සජ වේදනාව කාය සම්ඵස්සජ වේදනාව (ii) මනො සම්ඵස්සජ වේදනාව ආත්මය වශයෙන් දකියි. ‘යම් මනො සම්ඵස්සජ වේදනාවක්වේද ඒ මම වෙමි. යමක් මම වෙම්ද එය මනොසම්ඵස්සජ වේදනාවයයි මනොසම්ඵස්සජ වේදනාවද ආත්මයද එකක්කොට දකි...
කථං සඤ්ඤං අත්තතො සමනුපස්සති? ඉධෙකච්චො චක්ඛුසම්ඵස්සජං සඤ්ඤං...පෙ.... සොතසම්ඵස්සජං සඤ්ඤං... ඝානසම්ඵස්සජං සඤ්ඤං... ජිව්හාසම්ඵස්සජං සඤ්ඤං... කායසම්ඵස්සජං සඤ්ඤං... මනොසම්ඵස්සජං සඤ්ඤං අත්තතො සමනුපස්සති. යා මනොසම්ඵස්සජා සඤ්ඤා සො අහං, යො අහං සා මනොසම්ඵස්සජා සඤ්ඤා’’ති. මනොසම්ඵස්සජං සඤ්ඤඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්‍යථාපි ...
[43] කෙසේ සඤ්ඤාව ආත්මය වශයෙන් දකීද, මේ ලෝකයෙහි ඇතමෙක් චක්ඛුසම්ඵස්සජ සඤ්ඤාව, සොතසම්ඵස්සජ සඤ්ඤාව ඝානසම්ඵස්සජ සඤ්ඤාව, ජිව්හාසම්ඵස්සජ සඤ්ඤාව, කායසම්ඵස්සජ සඤ්ඤාව, මනොසම්ඵස්සජ සඤ්ඤාව ආත්මය වශයෙන් දකියි. (ii) මනොසම්ඵස්සජ සඤ්ඤාව ‘යමක්ද එය මම වෙමි. යමක් මම වෙම්ද, එය මනොසම්ඵස්සජ සඤ්ඤාව වේයයි මනොසම්ඵස්සජ සඤ්ඤාවද, ආත්මයද එකක් වශයෙ...
කථං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති? ඉධෙකච්චො චක්ඛුසම්ඵස්සජං චෙතනං සොතසම්ඵස්සජං චෙතනං ඝානසම්ඵස්සජං චෙතනං ජිව්හාසම්ඵස්සජං චෙතනං කායසම්ඵස්සජං චෙතනං මනොසම්ඵස්සජං චෙතනං අත්තතො සමනුපස්සති. ‘‘යා මනොසම්ඵස්සජා චෙතනා, සො අහං; යො අහං සා මනොසම්ඵස්සජා චෙතනා’’ති - මනොසම්ඵස්සජං චෙතනඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්‍යථාපි තෙලප්පදීපස්ස ඣා...
[49] කෙසේ සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි දකියිද? මේ ලෝකයෙහි (ii) ඇතමෙක් සංඛාරයන් විඤ්ඤාණයන් රූපය වේදනාව ආත්මය වශයෙන් දකියිද ඔහුට මෙසේ සිතෙයි. ‘මේ මගේ ආත්මය වෙයි. ඒ මගේ ආත්මය මේ සඤ්ඤාවෙහි ඇතැයි’ දකියි. (iii) යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයි. ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය මැණික අනිකකි. කරඬුව අනිකකි. ඒ ...
කථං විඤ්ඤාණං අත්තතො සමනුපස්සති? ඉධෙකච්චො චක්ඛුවිඤ්ඤාණං... සොතවිඤ්ඤාණං... ඝානවිඤ්ඤාණං... ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං... මනොවිඤ්ඤාණං අත්තතො සමනුපස්සති. ‘‘යං මනොවිඤ්ඤාණං, සො අහං; යො අහං, තං මනොවිඤ්ඤාණ’’න්ති - මනොවිඤ්ඤාණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්‍යථාපි තෙලප්පදීපස්ස ඣායතො ‘‘යා අච්චි සො වණ්ණො, යො වණ්ණො සා අච්චී’’ති -...
[59] කෙසේ විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියිද? මේ ලෝකයෙහි ඇතමෙක් චක්ඛුවිඤ්ඤාණය සොතවිඤ්ඤාණය ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය කාය විඤ්ඤාණය මනො විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි. (ii) යමක් මනො විඤ්ඤාණයක් වේද, ඒ මමය. යමක් මම වෙමිද, ඒ මනො විඤ්ඤාණයයි මනො විඤ්ඤාණයත් ආත්මයත් එකක් වශයෙන් දකියි. (iii) යම්සේ දැල්වෙන තෙල් පහනේ යම් සිළුවක්වේද, එයම ...