pali_text
stringlengths
7
23.7k
sinhala_text
stringlengths
1
333k
‘‘කථඤ්ච, කස්සප, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ, කස්සප, භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පිස්ස හොති සීලසම්පදාය ...පෙ.... (යථා 194 යාව 210 අනුච්ඡෙදෙසු) ‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්...
“කාශ්‍යපය, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? කශ්‍යපය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ, මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර...
‘‘සන්ති, කස්සප, එකෙ සමණබ්‍රාහ්මණා සීලවාදා. තෙ අනෙකපරියායෙන සීලස්ස වණ්ණං භාසන්ති. යාවතා, කස්සප, අරියං පරමං සීලං, නාහං තත්ථ අත්තනො සමසමං සමනුපස්සාමි, කුතො භිය්‍යො! අථ ඛො අහමෙව තත්ථ භිය්‍යො, යදිදං අධිසීලං. ‘‘සන්ති, කස්සප, එකෙ සමණබ්‍රාහ්මණා තපොජිගුච්ඡාවාදා. තෙ අනෙකපරියායෙන තපොජිගුච්ඡාය වණ්ණං භාසන්ති. යාවතා, කස්සප, අරියා පර...
“කාශ්‍යපය, ශීලවාදීවූ සමහර මහණ බමුණු කෙනෙක් වෙත්ද ඔහු නොයෙක් ආකාරයෙන් ශීලයෙහි ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ඉතා පිරිසිදුවූ උතුම් ශීලයෙක් වේද, මම ඒ ශීලයෙහි තමාගේ ශීලය වැනි ශීලයකින් සම වූවෙකු නොදැක්කෙමි. ඊට වැඩි කෙනෙක් කොයින්ද? එසේවූ කල යම් මේ උත්තම ශීලයෙක් වේද ඒ ශීලයෙහි මමම උතුම් වෙමි. කාශ්‍යපය, කෙලෙස් නැතිවීම් ගැරහීම් වා...
‘‘ඨානං ඛො පනෙතං, කස්සප, විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්‍යුං - ‘සීහනාදං ඛො සමණො ගොතමො නදති, තඤ්ච ඛො සුඤ්ඤාගාරෙ නදති, නො පරිසාසූ’ති. තෙ - ‘මා හෙව’න්තිස්සු වචනීයා. ‘සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදතී’ති එවමස්සු, කස්සප, වචනීයා. ‘‘ඨානං ඛො පනෙතං, කස්සප, විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්‍යුං -...
කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද, කෙරෙයි. ඒ නාදය ජනයා නැති ස්ථානයක තනිව හිඳ කෙරෙයි. පිරිස් මැද නොකෙරෙයි. ‘අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුය. යම්කාරණයක් ඇද්ද එසේවූ නමුත් ඔව්හු මෙසේ කියනු හැක්කෝ නොවන්නාහුමය කාශ්‍යපය, ‘ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරේයයි’ මෙසේ කිය යුතු වන්නාහුය. “කාශ්‍යපය, ශ්‍ර...
‘‘එකමිදාහං, කස්සප, සමයං රාජගහෙ විහරාමි ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්‍ර මං අඤ්ඤතරො තපබ්‍රහ්මචාරී නිග්‍රොධො නාම අධිජෙගුච්ඡෙ පඤ්හං අපුච්ඡි. තස්සාහං අධිජෙගුච්ඡෙ පඤ්හං පුට්ඨො බ්‍යාකාසිං. බ්‍යාකතෙ ච පන මෙ අත්තමනො අහොසි පරං විය මත්තායා’’ති. ‘‘කො හි, භන්තෙ, භගවතො ධම්මං සුත්වා න අත්තමනො අස්ස පරං විය මත්තාය? අහම්පි හි, භන්තෙ, භගවතො ධම්ම...
“කාශ්‍යපය, මම එක් කාලයෙක්හි මෙහි රජගහනුවර සමීපයෙහිවූ ගිජු කුළු පර්වතයේ වාසය කෙළෙමි. එහි නිග්‍රොධ නම්වූ තපස් බ්‍රාහ්මණ ගුරුවරයෙක් අධිජෙගුච්ඡ වීර්යය පිළිබඳව මාගෙන් ප්‍රශ්න ඇසුවේය. ඔහු විසින් අධිජෙගුච්ඡ වීර්යයෙහි ප්‍රශ්න අසන ලද්දාවූ මම විසඳුයෙමි. මා විසින් විසඳූ කල්හි ඉතා වැඩියක්ම සතුටු සිත් ඇත්තේ වූයේයයි කීයේය. “ස්වාමීනි...
‘‘යො ඛො, කස්සප, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතා’’ති. ‘‘සචෙ, භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්ති පබ්බජ්ජං, ආකඞ්ඛන්ති උපසම්ප...
කාශ්‍යපය, අන්‍ය තීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි මහණ වීමට කැමති වේද උපසම්පදාවට කැමති වේද ඔහු මාස හතරක් පුරුදුවීම (පිරිවෙස් කෙරේ. හාර මාසයක් ගතවූකල සතුටුකරණු ලැබූ භික්ෂූහු ඔහු මහණ කෙරෙත්, භික්ෂු භාවය පිණිස උපසම්පදා කෙරෙත්. එසේ නමුත් මවිසින් මෙහි පුද්ගල වෙනස දක්නා ලද්දේයයි කීසේක. “ස්වාමිනි, ඉඳින් අන්‍ය තීර්ථකවරු මේ ශාසනයෙහි මහ...
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන පොට්ඨපාදො පරිබ්බාජකො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං තිංසමත්තෙහි පරිබ්බාජකසතෙහි. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි.
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඩු මහසිටාණන් විසින් කරවා පිළිගන්වන ලද දෙව්රම් වෙහෙර වාසය කළහ. එකල්හි පොට්ඨපාද නම් පරිබ්‍රාජක තෙම සමයප්පවාදක*’ නම්වූ (තිඹිරිගස් වලින් වටවූ) තින්දුකාචිර+ ‘එකසාලක’ නම්වූ මල්ලිකා ආරාමයෙහි තුන් දහසක් පරිබ්‍රාජකයන් ඇති මහත් පරිබ...
අථ ඛො භගවතො එතදහොසි - ‘‘අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං. යංනූනාහං යෙන සමයප්පවාදකො තින්දුකාචීරො එකසාලකො මල්ලිකාය ආරාමො, යෙන පොට්ඨපාදො පරිබ්බාජකො තෙනුපසඞ්කමෙය්‍ය’’න්ති. අථ ඛො භගවා යෙන සමයප්පවාදකො තින්දුකාචීරො එකසාලකො මල්ලිකාය ආරාමො තෙනුපසඞ්කමි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිණ්ඩ පාතය පිණිස පිටත්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතක් පහළවිය. සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරීමට කල් වැඩිවෙයි. එබැවින් ඉදින් මම සමයප්පවාදක නම්වූද, තීන්දුකාචිර නම්වූද, එකසාලක නම්වූද මල්ලිකා ආරාමය යම් තැනෙක්හිද පොට්ඨපාද පරිබ...
තෙන ඛො පන සමයෙන පොට්ඨපාදො පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛා...
ඒ කාලයෙහි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම විශාල පරිබ්‍රාජක පිරිසක් සමග උස් මහත් හඬින් මහත්සේ නාද කරමින් නොයෙක් පහත් කථා කරමින් සිටියේය. එනම්:- රජ දරුවන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහ ඇමැතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ඇති කරන කථාය, යුද්ධ ගැන කථාය, ඇඳුම් ගැන කථාය, ඇඳන් ගැන කථාය, මාලාගැන කථාය, සුවඳවර්ග ගැන කථාය, නෑදෑයින් ගැන ක...
අද්දසා ඛො පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං දූරතොව ආගච්ඡන්තං; දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි - ‘‘අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. අයං සමණො ගොතමො ආගච්ඡති. අප්පසද්දකාමො ඛො සො ආයස්මා අප්පසද්දස්ස වණ්ණවාදී. අප්පෙව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්‍යා’’ති. එවං වුත්තෙ තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
පොට්ඨපාද පරිබ්‍රාජක තෙම එහි පැමිණෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ස්වල්ප ශබ්ද ඇත්තෝ වව්, පින්වත්හු ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙම එයි. ඒ ආයුෂ්මත් තෙම ශබ්දයට නොකමැත්තේ ශබ්ද නොකිරීමෙහි ගුණ කියන ස්වභාවය ඇතිවූයේ වෙයි. පිරිස ශබ්ද රහිත වූවා දැන පැමිණිය යුතුයයි සිතන්නේ නම් යහපතැයි” තමන්ගේ පිරිස හික්මවාලුයේය. මෙ...
අථ ඛො භගවා යෙන පොට්ඨපාදො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘එතු ඛො, භන්තෙ, භගවා. ස්වාගතං, භන්තෙ, භගවතො. චිරස්සං ඛො, භන්තෙ, භගවා ඉමං පරියායමකාසි, යදිදං ඉධාගමනාය. නිසීදතු, භන්තෙ, භගවා, ඉදං ආසනං පඤ්ඤත්ත’’න්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. පොට්ඨපාදොපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා...
එවිට භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පරිබ්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. එකල්හි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්නේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙහි වඩිනා සේක්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම යහපත්ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අපට ප්‍රීතියකි ස්වාමීනි, මෙහි යම් මේ පැමි...
එවං වුත්තෙ පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘තිට්ඨතෙසා, භන්තෙ, කථා, යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා, භන්තෙ, කථා භගවතො දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය. පුරිමානි, භන්තෙ, දිවසානි පුරිමතරානි, නානාතිත්ථියානං සමණබ්‍රාහ්මණානං කොතූහලසාලාය සන්නිසින්නානං සන්නිපතිතානං අභිසඤ්ඤානිරොධෙ කථා උදපාදි - ‘කථං නු ඛො, භො, අභිසඤ්ඤා...
මෙසේ කීකල පොට්ඨපාද පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය. “ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව උන්නමෝද, ඒ කථාව තිබුණාවේ. ස්වාමීනි මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවත් අසන්ට අපහසු නොවේ. ස්වාමීනි, පසුගිය දවස්වල ‘මෙතෙම කුමක් කියාද මේ තෙම කුමක් කියාදැ’යි අසනු කැමති කථා පවත්නා බැවින් කොතූහලක නම්වූ ශාලාවක රැස්ව උන්...
‘‘තත්‍ර , පොට්ඨපාද, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘අහෙතූ අප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්තිපි නිරුජ්ඣන්තිපී’ති, ආදිතොව තෙසං අපරද්ධං. තං කිස්ස හෙතු? සහෙතූ හි, පොට්ඨපාද, සප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්තිපි නිරුජ්ඣන්තිපි. සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති, සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣති’’.
“පොට්ඨපාදය, යම් ඒ මහණ බමුණෙක් පුරුෂයාගේ ඇඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදිත්යයිද, නිරුද්ධ වෙත්යයි කියත් නම් ඔවුන් විසින් පළමුකොට අපරාධයක් කරණ ලද්දේය. ඊට හේතු කවරේද? පොට්ඨපාදය, පුරුෂයාගේ හැඟීම හේතු ප්‍රත්‍යය සහිතවම උපදින්නාහුද නවතින්නාහුද වෙත්. හික්මීමෙන් සමහර ඇඟීම් උපදිත්. හික්මීමෙන් සමහර ඇඟීම් නවත...
‘‘කා ච සික්ඛා’’ති? භගවා අවොච - ‘‘ඉධ, පොට්ඨපාද, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං, සම්මාසම්බුද්ධො...පෙ.... (යථා 190-212 අනුච්ඡෙදෙසු, එවං විත්ථාරෙතබ්බං). එවං ඛො, පොට්ඨපාද, භික්ඛු සීලසම්පන්නො හොති...පෙ.... තස්සිමෙ පඤ්චනීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං ...
හික්මීම කුමක්දැයි ඇසුවේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීය. “පොට්ඨපාදය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥානය ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මි...
‘‘යතො ඛො, පොට්ඨපාද, භික්ඛු ඉධ සකසඤ්ඤී හොති, සො තතො අමුත්‍ර තතො අමුත්‍ර අනුපුබ්බෙන සඤ්ඤග්ගං ඵුසති. තස්ස සඤ්ඤග්ගෙ ඨිතස්ස එවං හොති - ‘චෙතයමානස්ස මෙ පාපියො, අචෙතයමානස්ස මෙ සෙය්‍යො. අහඤ්චෙව ඛො පන චෙතෙය්‍යං, අභිසඞ්ඛරෙය්‍යං, ඉමා ච මෙ සඤ්ඤා නිරුජ්ඣෙය්‍යුං, අඤ්ඤා ච ඔළාරිකා සඤ්ඤා උප්පජ්ජෙය්‍යුං; යංනූනාහං න චෙව චෙතෙය්‍යං න ච අභිස...
“පොට්ඨපාදය, යම්හේතුවකින් මේ ශාසනයෙහි භික්ෂු තෙම තමන්ගේ ප්‍රථම ධ්‍යාන හැඟීමෙන් හැඟීම ඇත්තේ වේද ඔහු ඒ ප්‍රථම ධ්‍යානයෙන් වෙන්වූ දෙවෙනි ධ්‍යානයෙහිද එයින් වෙන්වූ තුන් වෙනි ධ්‍යානයෙහි දැයි මෙසේ ඒ ඒ ධ්‍යාන හැඟීමෙන් හැඟීම් ඇත්තේ වීද පිළිවෙළින් හැඟීම්වල මුදුනට පැමිණෙයි. හැඟීම් මුදුනෙහි සිටි ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. ධ්‍යානයට ස...
‘‘එකඤ්ඤෙව නු ඛො, භන්තෙ, භගවා සඤ්ඤග්ගං පඤ්ඤපෙති, උදාහු පුථූපි සඤ්ඤග්ගෙ පඤ්ඤපෙතී’’ති? ‘‘එකම්පි ඛො අහං, පොට්ඨපාද, සඤ්ඤග්ගං පඤ්ඤපෙමි, පුථූපි සඤ්ඤග්ගෙ පඤ්ඤපෙමී’’ති. ‘‘යථා කථං පන, භන්තෙ, භගවා එකම්පි සඤ්ඤග්ගං පඤ්ඤපෙති, පුථූපි සඤ්ඤග්ගෙ පඤ්ඤපෙතී’’ති? ‘‘යථා යථා ඛො, පොට්ඨපාද, නිරොධං ඵුසති, තථා තථාහං සඤ්ඤග්ගං පඤ්ඤපෙමි. එවං ඛො අහං,...
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එකම ආකිඤ්චඤ්ඤායතනම හැඟීම් අතුරෙන් කෙළවරට ගිය හැඟීමයයි යම් හැඟීම් පණවනසේක්ද, නොහොත් වෙනත් සමාපත්තීන්හි බොහෝවූ මුදුන් පැමිණි හැඟීම් පණවනසේක්දැ”යි ඇසුවේය. “පොට්ඨපාදය, මම මුදුන් පැමිණි හැඟීම් එකක් ද පණවමි බොහෝවූ මුදුන් පැමිණි හැඟීම්ද පණවමියි” වදාළසේක. “ස්වාමීනි, භාග්‍යවත් තෙම කෙසේ නම් මුදුන් ප...
‘‘සඤ්ඤා නු ඛො, භන්තෙ, පඨමං උප්පජ්ජති, පච්ඡා ඤාණං, උදාහු ඤාණං පඨමං උප්පජ්ජති, පච්ඡා සඤ්ඤා, උදාහු සඤ්ඤා ච ඤාණඤ්ච අපුබ්බං අචරිමං උප්පජ්ජන්තී’’ති? ‘‘සඤ්ඤා ඛො, පොට්ඨපාද, පඨමං උප්පජ්ජති, පච්ඡා ඤාණං, සඤ්ඤුප්පාදා ච පන ඤාණුප්පාදො හොති. සො එවං පජානාති - ‘ඉදප්පච්චයා කිර මෙ ඤාණං උදපාදී’ති. ඉමිනා ඛො එතං, පොට්ඨපාද, පරියායෙන වෙදිතබ්බ...
“ස්වාමීනි, චිත්ත චෛසික නවත්වා එයින් නැගිටින භික්ෂුවට අර්හත්ඵල සිත පළමුව උපදීද, පසුව ප්‍රත්‍යවෙක්ෂා ඥානය උපදීද, නොහොත් ප්‍රත්‍යවෙක්ෂාඥානය පළමු උපදීද, අර්හත්ඵල සිත පසුව උපදීද නොහොත් අර්හත්ඵල සිත හා ප්‍රත්‍යවෙක්ෂාඥානය එක විට උපදීදැයි” විචාළේය. “පොට්ඨපාදය, අර්හත්ඵල සිත පළමු උපදියි. ප්‍රත්‍යවෙක්ෂාඥානය පසුව උපදියි. අර්හත්ඵල ...
‘‘සඤ්ඤා නු ඛො, භන්තෙ, පුරිසස්ස අත්තා, උදාහු අඤ්ඤා සඤ්ඤා අඤ්ඤො අත්තා’’ති? ‘‘කං පන ත්වං, පොට්ඨපාද, අත්තානං පච්චෙසී’’ති ? ‘‘ඔළාරිකං ඛො අහං, භන්තෙ, අත්තානං පච්චෙමි රූපිං චාතුමහාභූතිකං කබළීකාරාහාරභක්ඛ’’න්ති (කබළීකාරභක්ඛන්ති (ස්‍යා. ක.)). ‘‘ඔළාරිකො ච හි තෙ, පොට්ඨපාද, අත්තා අභවිස්ස රූපී චාතුමහාභූතිකො කබළීකාරාහාරභක්ඛො. එවං සන්...
“ස්වාමීනි, හැඟීම් පුරුෂයාගේ ආත්ම වේද නොහොත් හැඟීම් අනිකක් වේද, ආත්මය අනිකක් වේදැයි” ඇසුවේය. “පොට්ඨපාදය, නුඹ කුමක් නම් ආත්මයයි සළකන්නෙහි දැයි?” ඇසූසේක. “ස්වාමීනි, මම මහත්වූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ මේ කය ආත්මයයි සලකමි”යි කීයේය. “පොට්ඨපාදය, මහත්වූ, සතර මහාභූතයන් ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ මේ කය ආත්මයයි නු...
‘‘මනොමයං ඛො අහං, භන්තෙ, අත්තානං පච්චෙමි සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්‍රිය’’න්ති. ‘‘මනොමයො ච හි තෙ, පොට්ඨපාද, අත්තා අභවිස්ස සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්‍රියො, එවං සන්තම්පි ඛො තෙ, පොට්ඨපාද, අඤ්ඤාව සඤ්ඤා භවිස්සති අඤ්ඤො අත්තා. තදමිනාපෙතං, පොට්ඨපාද, පරියායෙන වෙදිතබ්බං යථා අඤ්ඤාව සඤ්ඤා භවිස්සති අඤ්ඤො අත්තා. තිට්ඨතෙව සායං, පොට්ඨපාද...
“ස්වාමීනි, මම ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුරන් ගෙන් නොපිරිහුනාවූ හිතෙන් හටගත් දෙයකැයි දැන ගතිමියි” කීයේය. “පොට්ඨපාදය, ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුරන් ගෙන් නොපිරිහුනාවූ හිතින් හටගත් දෙයකැයි කියාත් නුඹේ දැන ගැනීම වේද, පොට්ඨපාදය, එසේ ඇති කලත් ඔබට හැඟීම අනිකක් වන්නීය. ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම් සේ හැඟීම් ...
‘‘අරූපිං ඛො අහං, භන්තෙ, අත්තානං පච්චෙමි සඤ්ඤාමය’’න්ති. ‘‘අරූපී ච හි තෙ, පොට්ඨපාද, අත්තා අභවිස්ස සඤ්ඤාමයො, එවං සන්තම්පි ඛො තෙ, පොට්ඨපාද, අඤ්ඤාව සඤ්ඤා භවිස්සති අඤ්ඤො අත්තා. තදමිනාපෙතං, පොට්ඨපාද, පරියායෙන වෙදිතබ්බං යථා අඤ්ඤාව සඤ්ඤා භවිස්සති අඤ්ඤො අත්තා. තිට්ඨතෙව සායං, පොට්ඨපාද, අරූපී අත්තා සඤ්ඤාමයො, අථ ඉමස්ස පුරිසස්ස අඤ්ඤ...
“ස්වාමීනි, මම ආත්මය රූපයක් නැති හැඟීම් යයි දනිමි”යි කීයේය. “පොට්ඨපාදය, ඔබට ආත්මය රූපයක් නැති හැඟීම් වේද, පොට්ඨපාදය, එසේ ඇති කලද ඔබට හැඟීම අනිකක් වන්නීය. ආත්මය අනිකෙක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැඟීම අනිකක්ම වන්නීද ආත්මය අනිකක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද, ඒ මේ කාරණය දත යුතුය. පොට්ඨපාදය, මේ ආත්මය රූප නැති හැඟීම්ය යනු තිබු...
‘‘සක්කා පනෙතං, භන්තෙ, මයා ඤාතුං - ‘සඤ්ඤා පුරිසස්ස අත්තා’ති වා ‘අඤ්ඤාව සඤ්ඤා අඤ්ඤො අත්තාති වා’ති? ‘‘දුජ්ජානං ඛො එතං (එවං (ක.)), පොට්ඨපාද, තයා අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙන අඤ්ඤත්‍රායොගෙන අඤ්ඤත්‍රාචරියකෙන - ‘සඤ්ඤා පුරිසස්ස අත්තා’ති වා, ‘අඤ්ඤාව සඤ්ඤා අඤ්ඤො අත්තාති වා’’’ති. ‘‘සචෙ තං, භන්තෙ, මයා දුජ්ජානං අඤ්ඤදිට්ඨි...
“ස්වාමීනි, හැඟීම පුරුෂයාගේ ආත්මය දැයි කියා හෝ හැඟීම අනිකක්මය, ආත්මය අනිකෙක් දැයි කියා හෝ මා විසින් දැනගත හැක්කේදැයි” ඇසුයේය. “පොට්ඨපාදය, අන් ආකාරයකින් පැවති ඇදහීම් ඇත්තාවූ, අනිකක් කැමැත්තාවූ අනිකක් රුචිවූ අන්‍ය ප්‍රතිපත්තියක යෙදුනාවූ, අන්‍ය තීර්ථක ඉගැන්වීමක ගුරුවරයෙක්වූ ඔබ විසින් හැඟීම පුරුෂයාගේ ආත්මය දැයි කියා හෝ හැඟී...
අථ ඛො තෙ පරිබ්බාජකා අචිරපක්කන්තස්ස භගවතො පොට්ඨපාදං පරිබ්බාජකං සමන්තතො වාචා (වාචාය (ස්‍යා. ක.)) සන්නිතොදකෙන සඤ්ඣබ්භරිමකංසු - ‘‘එවමෙව පනායං භවං පොට්ඨපාදො යඤ්ඤදෙව සමණො ගොතමො භාසති, තං තදෙවස්ස අබ්භනුමොදති - ‘එවමෙතං භගවා එවමෙතං, සුගතා’ති. න ඛො පන මයං කිඤ්චි (කඤ්චි (පී.)) සමණස්ස ගොතමස්ස එකංසිකං ධම්මං දෙසිතං ආජානාම - ‘සස්සතො ...
එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ කලකින් ඒ පරිව්‍රාජකයෝ පොට්ඨපාද පරිව්‍රාජකයාහට වචන නැමැති කෙවිටවලින් ඇන්නෝය. “ශ්‍රමණ ගෞතම තෙම යමක් කියාද මේ ශ්‍රමණ ගෞතමයින්ගේ ඒ ඒ කීම, ‘භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය, සුගතයන් වහන්ස, ඒ එසේය’ය මේ පින්වත් පොට්ඨපාද තෙම සතුටු වෙයි. එසේම ලෝකය සදාකාලිකයයි කියා හෝ ලෝකය සදාකාලික නොවේයයි කියා හෝ, ල...
අථ ඛො ද්වීහතීහස්ස අච්චයෙන චිත්තො ච හත්ථිසාරිපුත්තො පොට්ඨපාදො ච පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා චිත්තො හත්ථිසාරිපුත්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. පොට්ඨපාදො පන පරිබ්බාජකො භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං එත...
එවිට දෙතුන් දවසක් පසුවූ කල ඇතුන් බලන්නාගේ පුත්‍රවූ චිත්‍රද පොට්ඨපාද පරිබ්‍රාජකයාද භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, ඇතුන් බලන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තකටවී උන්නේය පොට්ඨපාද පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට එක පැත්...
‘‘සබ්බෙව ඛො එතෙ, පොට්ඨපාද, පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා; ත්වංයෙව නෙසං එකො චක්ඛුමා. එකංසිකාපි හි ඛො, පොට්ඨපාද, මයා ධම්මා දෙසිතා පඤ්ඤත්තා; අනෙකංසිකාපි හි ඛො , පොට්ඨපාද, මයා ධම්මා දෙසිතා පඤ්ඤත්තා. ‘‘කතමෙ ච තෙ, පොට්ඨපාද, මයා අනෙකංසිකා ධම්මා දෙසිතා පඤ්ඤත්තා? ‘සස්සතො ලොකො’ති (ලොකොති වා (සී. ක.)) ඛො, පොට්ඨපාද, මයා අනෙකංසිකො ධම්ම...
“පොට්ඨපාදය, මේ සියලු පරිබ්‍රාජකයෝ නුවණ ඇස් නැති අන්ධයෝය. එහෙයින් ඇස් නැත්තෝය. ඔවුන් අතුරෙන් ඔබම (සුභාෂිතය) යහපත පිණිස කියන ලද්ද, (දුර්භාෂිතය) යහපත පිණිස නොවන කියමන දන්නාවූ එකම ඇස් ඇත්තෙහිය පොට්ඨපාදය, මා විසින් ඒකාන්ත කොට (ස්ථිරව) දේශනා කරන ලද්දාවූ පණවන ලද්දාවූ ධර්මයෝද වෙත්. මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා නොකරණ ලද්ද...
‘‘කතමෙ ච තෙ, පොට්ඨපාද, මයා එකංසිකා ධම්මා දෙසිතා පඤ්ඤත්තා ? ඉදං දුක්ඛන්ති ඛො, පොට්ඨපාද, මයා එකංසිකො ධම්මො දෙසිතො පඤ්ඤත්තො. අයං දුක්ඛසමුදයොති ඛො, පොට්ඨපාද, මයා එකංසිකො ධම්මො දෙසිතො පඤ්ඤත්තො. අයං දුක්ඛනිරොධොති ඛො, පොට්ඨපාද, මයා එකංසිකො ධම්මො දෙසිතො පඤ්ඤත්තො. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති ඛො, පොට්ඨපාද, මයා එකංසිකො ධම්මො දෙ...
පොට්ඨපාදය මාවිසින් ඒකාන්ත (ස්ථිර) කොට දේශනා කරණ ලද්දාවූ පණවන ලද්දාවූ ධර්ම කවරහුද? පොට්ඨපාදය, මා විසින් දුක මෙයයි ස්ථිරකොට ධර්මය දේශනාකරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, මා විසින් දුක හටගැනීම මෙයයි ස්ථිරකොට ධර්මය දේශනාකරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, දුක් නැතිකිරීම මෙයයි මා විසින් ස්ථිරකොට ධර්මය දේශනාකරණ ලද්දේ පණ...
‘‘සන්ති, පොට්ඨපාද, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘එකන්තසුඛී අත්තා හොති අරොගො පරං මරණා’ති. ත්‍යාහං උපසඞ්කමිත්වා එවං වදාමි - ‘සච්චං කිර තුම්හෙ ආයස්මන්තො එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘එකන්තසුඛී අත්තා හොති අරොගො පරං මරණා’ති? තෙ චෙ මෙ එවං පුට්ඨා ‘ආමා’ති පටිජානන්ති. ත්‍යාහං එවං වදාමි - ‘අපි පන තුම්හෙ ආයස්මන්තො එකන්තස...
“පොට්ඨපාදය, ආත්මය වෙනස් නොව සදාකාලිකවූ සැප ඇති, මරණින් මතු සදාකාලික වේය යන මත ඇති සමහර මහණ බමුණෝ වෙත්. මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. ආයුෂ්මතුනි, ඔබලා ‘ආත්මය වෙනස් නොව සදාකාලිකව පවත්නා සැප ඇති මරණින් මතු සදාකාලික වූයේ වෙයි’ යන මෙවැනි වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑදැයි මෙසේ මා විසින් අසනු ලැබූ ඒ මහණ බමුණෝ ...
‘‘සෙය්‍යථාපි, පොට්ඨපාද, පුරිසො එවං වදෙය්‍ය - ‘අහං යා ඉමස්මිං ජනපදෙ ජනපදකල්‍යාණී, තං ඉච්ඡාමි තං කාමෙමී’ති. තමෙනං එවං වදෙය්‍යුං - ‘අම්භො පුරිස, යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමෙසි, ජානාසි තං ජනපදකල්‍යාණිං ඛත්තියී වා බ්‍රාහ්මණී වා වෙස්සී වා සුද්දී වා’ති? ඉති පුට්ඨො ‘නො’ති වදෙය්‍ය. තමෙනං එවං වදෙය්‍යුං - ‘අම්භො පුරිස , යං ත...
“පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නේද, මේ ජනපදයෙහි යම් ස්ත්‍රියක් ඉතා රූප ලක්ෂණ වේද මම ඈ ඕනෑ කරමි, කැමති වෙමි’යි ඔහුට මෙසේ කියන්නාහුය. ‘ඔබ කියන ලද ඉතා ලක්ෂණ ඇති ස්ත්‍රිය ජනපද කල්‍යාණිය ඕනෑ කෙරෙහිද කැමැත්තෙහිද? ඒ ජනපද කල්‍යාණිය ක්ෂත්‍රිය කුලයෙහි හෝ බමුණු කුලයෙහි හෝ වෙළඳ කුලයෙහි හෝ සුද්‍රකුලයෙහි හෝ කියා දන්නේදැ”යි ඇස...
‘‘සෙය්‍යථාපි, පොට්ඨපාද, පුරිසො චාතුමහාපථෙ නිස්සෙණිං කරෙය්‍ය පාසාදස්ස ආරොහණාය. තමෙනං එවං වදෙය්‍යුං - ‘අම්භො පුරිස, යස්ස ත්වං (යං ත්වං (සී. ක.)) පාසාදස්ස ආරොහණාය නිස්සෙණිං කරොසි, ජානාසි තං පාසාදං පුරත්ථිමාය වා දිසාය දක්ඛිණාය වා දිසාය පච්ඡිමාය වා දිසාය උත්තරාය වා දිසාය උච්චො වා නීචො වා මජ්ඣිමො වා’ති? ඉති පුට්ඨො ‘නො’ති වදෙ...
‘පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ප්‍රාසාදයකට නගිනු පිණිස සතරමංසන්ධියෙහි හිණිමගක් කරන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, ඔබ යම් ප්‍රාසාදයකට නගිනු පිණිස හිණිමගක් කෙරෙහිද ඒ ප්‍රාසාදය නැගෙනහිර දිසාවෙහිය කියා හෝ, දකුණු දිසාවෙහිය කියා හෝ බස්නාහිර දිසාවෙහිය කියා හෝ, උතුරු දිසාවෙහිය කියා හෝ දන්නෙහිද, උස්ය මිටිය මධ්‍යමය කියා...
‘‘තයො ඛො මෙ, පොට්ඨපාද, අත්තපටිලාභා - ඔළාරිකො අත්තපටිලාභො, මනොමයො අත්තපටිලාභො, අරූපො අත්තපටිලාභො. කතමො ච, පොට්ඨපාද, ඔළාරිකො අත්තපටිලාභො? රූපී චාතුමහාභූතිකො කබළීකාරාහාරභක්ඛො (කබළීකාරභක්ඛො (ස්‍යා. ක.)), අයං ඔළාරිකො අත්තපටිලාභො. කතමො මනොමයො අත්තපටිලාභො? රූපී මනොමයො සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්‍රියො, අයං මනොමයො අත්තපටිලාභො. කත...
පොට්ඨපාදය, කාමභවයෙහි ආත්ම භාවයක් ලැබීම රූපභවයෙහි ආත්ම භාවයක් ලැබීම අරූප භවයෙහි ආත්ම භාවයක් ලැබීමයයි ආත්මභාව ලැබීම් තුනක් වෙත්. පොට්ඨපාදය, කාම භවයෙහි ආත්මභාව ලැබීම කවරේද? රූප සහිතවූ සතර මහාභූතයන්ගෙන් උපන්නාවූ කන බොන ආහාර ගන්නාවූ යම් ආත්මයක් ලැබීමක් වේද? මෙය කාම භවයෙහි ආත්ම ලැබීම වේ. රූපභවයෙහි ආත්ම ලැබීම කුමක්ද? රූපීවූ ස...
‘‘ඔළාරිකස්සපි ඛො අහං, පොට්ඨපාද, අත්තපටිලාභස්ස පහානාය ධම්මං දෙසෙමි - යථාපටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති. සියා ඛො පන තෙ, පොට්ඨපාද, එවමස්ස - සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභ...
පොට්ඨපාදය, මම කාමභවයෙහි ආත්ම ලැබීම නැති කිරීම පිණිස ධර්ම දේශනා කරමි. යම්සේ පිළිපැද්දාවූ තොපගේ ක්ලේශ ධර්ම පහවන්නාහුද ශමථ විදර්ශනා ධ්‍යාන සංඛ්‍යාත සිත පිරිසිදුකරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද මහත්භාවයද මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරන්නාහුයයි පොට්ඨපාදය, ක්ලෙශ සහිත ධර්ම පහවන්න...
‘‘මනොමයස්සපි ඛො අහං, පොට්ඨපාද, අත්තපටිලාභස්ස පහානාය ධම්මං දෙසෙමි යථාපටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති . සියා ඛො පන තෙ, පොට්ඨපාද, එවමස්ස - ‘සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභි...
“පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිතපිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥා වැඩීමද මේ ආත්මයෙහි තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරන්නේ වේද, මම රූප භවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස ධර්ම දේශනා කරමි. “පොට්ඨපාදය, කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙ...
‘‘අරූපස්සපි ඛො අහං, පොට්ඨපාද, අත්තපටිලාභස්ස පහානාය ධම්මං දෙසෙමි යථාපටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති , පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති. සියා ඛො පන තෙ, පොට්ඨපාද, එවමස්ස - ‘සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිව...
“පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරන්නේද, මම අරූපවූ ආත්ම ලැබීම පහකිරීම පිණිස ධර්ම දේශනා කරමි. පොට්ඨපාදය, කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද සිතපිරිසිදු කරන්නාවූ ධර...
‘‘පරෙ චෙ, පොට්ඨපාද, අම්හෙ එවං පුච්ඡෙය්‍යුං - ‘කතමො පන සො, ආවුසො , ඔළාරිකො අත්තපටිලාභො, යස්ස තුම්හෙ පහානාය ධම්මං දෙසෙථ, යථාපටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති, තෙසං මයං එවං පුට්ඨා එවං බ්‍යාක...
“පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද මාර්ගඵල ප්‍රඥා පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව් යයි යම් කාම භවයෙක්හි ආත්ම ලැබීම පහ කිරීම පිණිස ඔබවහන්සේ ධර්ම දේශනා කරණ සේක්ද, ඇවැත්නි, කාම භවයෙහි ආත්ම ලැබීම කවරේදැයි ඉද...
‘‘පරෙ චෙ, පොට්ඨපාද, අම්හෙ එවං පුච්ඡෙය්‍යුං - ‘කතමො පන සො, ආවුසො, මනොමයො අත්තපටිලාභො, යස්ස තුම්හෙ පහානාය ධම්මං දෙසෙථ, යථාපටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති? තෙසං මයං එවං පුට්ඨා එවං බ්‍යාකරෙ...
“පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු වන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥා පිරීමද, මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරව්යයි ඔබවහන්සේ යම් රූප භවයෙක්හි ආත්ම ලැබීමක් දුරුකිරීම පිණිස ධර්ම දේශනා කරණ සේක්ද, ඇවැත්නි, ඒ රූප භවයෙහි ආත්ම ලැබීම කවරේදැයි...
‘‘පරෙ චෙ, පොට්ඨපාද, අම්හෙ එවං පුච්ඡෙය්‍යුං - ‘කතමො පන සො, ආවුසො, අරූපො අත්තපටිලාභො, යස්ස තුම්හෙ පහානාය ධම්මං දෙසෙථ , යථාපටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති, තෙසං මයං එවං පුට්ඨා එවං බ්‍යාකරෙ...
“පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ග ප්‍රඥා පිරීමද මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්යයි යම් අරූප ආත්ම ලැබීම පහකිරීම පිණිස ඔබවහන්සේ ධර්ම දේශනා කරණ සේක්ද? ඇවැත්නි, ඒ අරූපාත්ම ලැබීම කවරේ දැයි, ඉදින් අන්‍යයෝ අ...
‘‘සෙය්‍යථාපි, පොට්ඨපාද, පුරිසො නිස්සෙණිං කරෙය්‍ය පාසාදස්ස ආරොහණාය තස්සෙව පාසාදස්ස හෙට්ඨා. තමෙනං එවං වදෙය්‍යුං - ‘අම්භො පුරිස, යස්ස ත්වං පාසාදස්ස ආරොහණාය නිස්සෙණිං කරොසි, ජානාසි තං පාසාදං, පුරත්ථිමාය වා දිසාය දක්ඛිණාය වා දිසාය පච්ඡිමාය වා දිසාය උත්තරාය වා දිසාය උච්චො වා නීචො වා මජ්ඣිමො වා’ති? සො එවං වදෙය්‍ය - ‘අයං වා සො...
“පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ප්‍රාසාදයකට නගිනු පිණිස ඒ ප්‍රාසදය යට ඉණිමගක් කරන්නේය. ඒ මේ පුරුෂයාහට, පුරුෂය, ඔබ යම් ප්‍රාසාදයකට නගිනු පිණිස ඉණිමගක් කරන්නෙහිද, ඒ ප්‍රාසාදය නැගෙනහිර දිසාවෙහි දැයි කියා හෝ දකුණු දිසාවෙහිදැයි කියා හෝ උතුරු දිසාවෙහි දැයි කියා හෝ උස් දැයි කියා හෝ මිටි දැයි කියා හෝ මධ්‍යම දැයි කියා හෝ දන්නෙහි දැ...
‘‘එවමෙව ඛො, පොට්ඨපාද, පරෙ චෙ අම්හෙ එවං පුච්ඡෙය්‍යුං - ‘කතමො පන සො, ආවුසො, ඔළාරිකො අත්තපටිලාභො...පෙ.... කතමො පන සො, ආවුසො, මනොමයො අත්තපටිලාභො...පෙ.... කතමො පන සො, ආවුසො, අරූපො අත්තපටිලාභො, යස්ස තුම්හෙ පහානාය ධම්මං දෙසෙථ, යථාපටිපන්නානං වො සංකිලෙසිකා ධම්මා පහීයිස්සන්ති, වොදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වෙපුල...
පොට්ඨපාදය, එසේම ඉදින් අපෙන් මෙසේ අසන්නාහුද, ඇවැත්නි, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ සිත කිලුටු කරන්නාවූ ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද, මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරව් යයි ඔබවහන්සේ යම් ආත්ම ලැබීමක් පහකිරීම පිණිස ධර්ම දේශනා කරණසේක්ද, ඇ...
එවං වුත්තෙ චිත්තො හත්ථිසාරිපුත්තො භගවන්තං එතදවොච - ‘‘යස්මිං, භන්තෙ, සමයෙ ඔළාරිකො අත්තපටිලාභො හොති, මොඝස්ස තස්මිං සමයෙ මනොමයො අත්තපටිලාභො හොති, මොඝො අරූපො අත්තපටිලාභො හොති; ඔළාරිකො වාස්ස අත්තපටිලාභො තස්මිං සමයෙ සච්චො හොති. යස්මිං, භන්තෙ, සමයෙ මනොමයො අත්තපටිලාභො හොති, මොඝස්ස තස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො හොති, මොඝො අරූ...
මෙසේ කී කල (හස්ත්‍යාචාර්ය) ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. “යම් කලෙක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල ඔහුට රූපභවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි. අරූපවූ ආත්ම ලැබීමක් නැත්තේ වෙයි. එකල මොහුට කාමභවයෙහි ආත්ම ලැබීම ඇත්තේ වෙයි. ස්වාමීනි, යම් කලක රූපභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාමභවය...
‘‘සචෙ තං, චිත්ත, එවං පුච්ඡෙය්‍යුං - ‘අහොසි ත්වං අතීතමද්ධානං, න ත්වං නාහොසි; භවිස්සසි ත්වං අනාගතමද්ධානං, න ත්වං න භවිස්සසි; අත්ථි ත්වං එතරහි, න ත්වං නත්ථී’ති, එවං පුට්ඨො ත්වං, චිත්ත, කින්ති බ්‍යාකරෙය්‍යාසී’’ති? ‘‘සචෙ මං, භන්තෙ, එවං පුච්ඡෙය්‍යුං - ‘අහොසි ත්වං අතීතමද්ධානං, න ත්වං න අහොසි; භවිස්සසි ත්වං අනාගතමද්ධානං, න ත්ව...
චිත්‍රය, ඉදින් ඔබගෙන් මෙසේ අසන්නාහු නම් ඔබ අතීත කාලයේ වූයෙහිද නුවූයේ නොවෙහිද, ඔබ මතු කාලයෙහි නොවන්නෙහිද, ඔබ නොවන්නේ නොවන්නෙහිද, ඔබ දැන් ඇත්තෙහිද, ඔබ නැත්තේ නොවෙහිදැ”යි චිත්‍රය, මෙසේ අසන ලද්දාවූ ඔබ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?” “ස්වාමීනි, ඉදින් මාගෙන් මෙසේ අසන්නාහු නම් ඔබ, අතීත කාලයෙහි වූයෙහිද ඔබ නුවූයේ නොවෙහිද, ඔබ මතු කා...
‘‘එවමෙව ඛො, චිත්ත, යස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ මනොමයො අත්තපටිලාභොති සඞ්ඛං ගච්ඡති, න අරූපො අත්තපටිලාභොති සඞ්ඛං ගච්ඡති. ඔළාරිකො අත්තපටිලාභො ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති. යස්මිං, චිත්ත, සමයෙ මනොමයො අත්තපටිලාභො හොති...පෙ.... යස්මිං, චිත්ත, සමයෙ අරූපො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ ඔළාරිකො අත්...
“චිත්‍රය, එසේම යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල රූපභවයෙහි ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. අරූපවූ ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. එකල කාමභවයෙහි ආත්ම ලැබීම යන කොටසට පැමිණෙයි. “චිත්‍රය, යම් කලක රූපභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල කාමභවයෙහි ආත්ම ලැබීම නෙවෙයි යන කොටසට පැමිණෙයි. අරූප ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැම...
‘‘සෙය්‍යථාපි, චිත්ත, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො. යස්මිං සමයෙ ඛීරං හොති, නෙව තස්මිං සමයෙ දධීති සඞ්ඛං ගච්ඡති, න නවනීතන්ති සඞ්ඛං ගච්ඡති, න සප්පීති සඞ්ඛං ගච්ඡති, න සප්පිමණ්ඩොති සඞ්ඛං ගච්ඡති; ඛීරං ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති. යස්මිං සමයෙ දධි හොති...පෙ.... නවනීතං හොති... ස...
“චිත්‍රය, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දීද දියෙන් වෙඬරුද, වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයද වෙයි. යම් කලක කිරිවේද, එකල දිය යන කොටසට නොපැමිණේද, වෙඬරුය යන කොටසට නොපැමිණේද ගිතෙල්ය යන කොටසට නොපැමිණේද, ගිතෙල් මණ්ඩය යන කොටසට නොපැමිණේද එකල කිරිය යන කොටසටම පැමිණේද යම් කලක දී වේද, එකල කිරි යන කොටසට නොපැමිණේද, වෙඬරු යන කො...
එවං වුත්තෙ, පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ! අභික්කන්තං, භන්තෙ, සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගව...
මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. “ස්වාමීනි, ධර්ම දේශනාව ඉතා යහපති. ස්වාමීනි, ධර්ම දේශනාව ඉතා යහපති, ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම් සේද, වසන ලද්දක් විවෘත කරන්නේ හෝ යම්සේද, මංමුළා වූවෙකුට මාර්ගය කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ...
චිත්තො පන හත්ථිසාරිපුත්තො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ; අභික්කන්තං, භන්තෙ! සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සර...
ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ස්වාමීනි, ධර්ම දේශනාව ඉතා යහපති. ස්වාමීනි, ධර්මදේශනාව ඉතා යහපති. ස්වාමීනි, යටිකුරු කරණලද්දක් උඩුකුරුකරන්නේ හෝ යම්සේද වසන ලද්දක් විවෘතකරන්නේ හෝ යම්සේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහන් දරන්නේ හෝ යම්සේ...
අලත්ථ ඛො චිත්තො හත්ථිසාරිපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ ව...
ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාවද ලැබූයේය. මෑත උපසම්පදාවූ ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ ආයුෂ්මත් චිත්‍රතෙම සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතුව ආත්ම ආලය දුරුකර වාසය කරමින් කුලපුත්‍රයෝ (යහපත් ගති ඇත්තෝ) යමක් සඳහා හොඳින් ගිහිගෙයින් ගොස් ශාසනයෙහි මහණ වෙත්...
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා ආනන්දො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ අචිරපරිනිබ්බුතෙ භගවති. තෙන ඛො පන සමයෙන සුභො මාණවො තොදෙය්‍යපුත්තො සාවත්ථියං පටිවසති කෙනචිදෙව කරණීයෙන.
“මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා නොබෝකලක් වූ කල ආයුෂ්මත් ආනන්දතෙරුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඩු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරයි. එකල තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ තරුණයා යම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කෙරෙයි.
අථ ඛො සුභො මාණවො තොදෙය්‍යපුත්තො අඤ්ඤතරං මාණවකං ආමන්තෙසි - ‘‘එහි ත්වං, මාණවක, යෙන සමණො ආනන්දො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන සමණං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘සුභො මාණවො තොදෙය්‍යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘සාධු කිර භවං ...
එවිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා එක්තරා තරුණයෙක් තමා ඉදිරියට කැඳවූයේය. “තරුණයා, මෙහෙ එන්න, ඔබ ශ්‍රමණ ආනන්ද තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණෙව, උන්වහන්සේ ඉදිරියට පැමිණ, ‘තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා පින්වත්වූ ආනන්ද තෙරුන් වහන්සේ දුක් නැතුව නිරෝගීව, සැහැල්ලු පැවතුම් ඇතුව ශරීරබල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසන්නේයයි ම...
‘‘එවං, භො’’ති ඛො සො මාණවකො සුභස්ස මාණවස්ස තොදෙය්‍යපුත්තස්ස පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො මාණවකො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘සුභො මාණවො තොදෙය්‍යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහු...
ඒ තරුණයා, “පින්වත එසේය”යි කියා තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් තරුණයාගේ වචන පිළිගෙණ, ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. එසේ පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද සිහිකටයුතු වූද කථාව කොට නිමවා එක පැත්තකටවී උන්නේය. එක පැත්තකටව උන්නාවූ ඒ තරුණයා ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේට මේ කා...
එවං වුත්තෙ, ආයස්මා ආනන්දො තං මාණවකං එතදවොච - ‘‘අකාලො ඛො, මාණවක . අත්ථි මෙ අජ්ජ භෙසජ්ජමත්තා පීතා. අප්පෙවනාම ස්වෙපි උපසඞ්කමෙය්‍යාම කාලඤ්ච සමයඤ්ච උපාදායා’’ති. ‘‘එවං, භො’’ති ඛො සො මාණවකො ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා උට්ඨායාසනා යෙන සුභො මාණවො තොදෙය්‍යපුත්තො තෙනුපසඞ්කමි ; උපසඞ්කමිත්වා සුභං මාණවං තොදෙය්‍යපුත්තං එතදවොච, ‘‘අවොච...
මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ ඔහුට මෙසේ කීයේය. “තරුණය, මෙය කාලය නොවෙයි. මා විසින් අද සුලු බෙහෙතක් බොන ලද්දේය. පැමිණිය යුතු කල් වේලා නුවණින් සලකාගෙණ හෙටවත් පැමිණෙම් නම් යහපතැ”යි කීයේය. එකල ඒ තරුණයා, පින්වතුන් වහන්ස, එසේය”යි කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ වචන පිළිගෙණ ආසනයෙන් නැගිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණ...
අථ ඛො ආයස්මා ආනන්දො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය චෙතකෙන භික්ඛුනා පච්ඡාසමණෙන යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍යපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුභො මාණවො තොදෙය්‍යපුත්තො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං...
එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ ඒ රාත්‍රිය පසුවී පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු පාත්‍රා ගෙණ පසු මහණවූ චෙතක නම්වූ භික්ෂුව හා සමග තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ පණවනලද ආසනයෙහි වැඩහුන්නේය. එවිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ආනන්ද තෙරුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය එසේ පැමිණ ආයුෂ්ම...
‘‘තිණ්ණං ඛො, මාණව, ඛන්ධානං සො භගවා වණ්ණවාදී අහොසි; එත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. කතමෙසං තිණ්ණං? අරියස්ස සීලක්ඛන්ධස්ස, අරියස්ස සමාධික්ඛන්ධස්ස, අරියස්ස පඤ්ඤාක්ඛන්ධස්ස. ඉමෙසං ඛො, මාණව, තිණ්ණං ඛන්ධානං සො භගවා වණ්ණවාදී අහොසි; එත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී’’ති.
තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ආකාර ස්කන්ධයන්ගේ ගුණ කියන ස්වභාව ඇත්තේය. මෙහිම මේ ජනසමූහයා යෙදවූයේය. තැන්පත් කරවූයේය. පිහිටුවූයේය. මොන ස්කන්ධයන්ගේද යතහොත්, උතුම් ශීල ස්කන්ධයේද, උතුම් සමාධි ස්කන්ධයේද උතුම් ප්‍රඥා ස්කන්ධයේද, යන තුන් වැදෑරුම් ස්කන්ධයන්ගේය. තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ස්කන්ධයන්ගේ ගුණ කියන ස්වභාව ඇ...
‘‘කතමො පන සො, භො ආනන්ද, අරියො සීලක්ඛන්ධො, යස්ස සො භවං ගොතමො වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී’’ති? ‘‘ඉධ, මාණව, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්ම...
එකල තරුණයා ‘ආනන්ද තෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ශීල ස්කන්ධයක් ගැන ගුණ කියන ස්වභාව ඇතිවූයේද, යම් ශීල ස්කන්ධයක මේ ජනසමූහයා යෙදවූයේද, තැන්පත් කරවූයේද පිහිටුවූයේද ඒ උතුම්වූ ශීල ස්කන්ධය කවරේදැයි” ඇසුවේය. “තරුණය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඤාණ ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා...
‘‘කථඤ්ච, මාණව, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ, මාණව, භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරති. යම්පි, මාණව, භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරති; ඉදම්පිස්ස හොති සීලස්මිං...
“තරුණය, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? තරුණය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුධ ඇත්තේ, පව්කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් ව...
‘‘ස ඛො සො (අයං ඛො සො (ක.)), මාණව, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති, යදිදං සීලසංවරතො. සෙය්‍යථාපි, මාණව, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති, යදිදං පච්චත්ථිකතො. එවමෙව ඛො, මාණව, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති, යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාග...
“තරුණය, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීලසංවරය හේතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදනේය, කුමක් මෙන්ද යත්: තරුණය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, තරුණය, ශීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙ...
‘‘අයං ඛො සො, මාණව, අරියො සීලක්ඛන්ධො යස්ස සො භගවා වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. අත්ථි චෙවෙත්ථ උත්තරිකරණීය’’න්ති. ‘‘අච්ඡරියං, භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! සො චායං, භො ආනන්ද, අරියො සීලක්ඛන්ධො පරිපුණ්ණො, නො අපරිපුණ්ණො. එවං පරිපුණ්ණං චාහං, භො, ආනන්ද, අරියං සීලක්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙසු සමණබ...
“ඒ භාග්‍යවතුන් වහන්සේ යම් සීල සමූහයක ගුණ කියන ස්වභාව ඇතිවූයේද, යම් සීලයක මේ ජනසමූහයා යෙදෙව්වේද, තැන්පත් කරවූයේද, පිහිටුවූයේද, මේ ඒ උතුම් සීල සමූහයයි. මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ වෙන දෙයක්ද ඇත්තේමය.” “පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, පුදුමයක් වේ. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඉතා පුදුමයක් වේ, පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඒ මේ උතු...
‘‘කතමො පන සො, භො ආනන්ද, අරියො සමාධික්ඛන්ධො, යස්ස සො භවං ගොතමො වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී’’ති? ‘‘කථඤ්ච, මාණව, භික්ඛු ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ, මාණව, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී; යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්...
“පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයාණන් වහන්සේ යමෙකුගේ ගුණ කියන ස්වභාව ඇත්තේද, යම් දෙයක මේ ජනසමූහයා යෙදෙව්වේද තැන්පත් කරවූයේද, පිහිටුවූයේද ඒ උතුම් සමාධි සමූහය කවරේද?” “තරුණය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? තරුණය, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේද එහි නොපෙළඹෙන්නේද ඇස් ඉන්ද්‍රි...
‘‘කථඤ්ච, මාණව, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ, මාණව, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්...
“තරුණය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද? “තරුණය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා...
‘‘කථඤ්ච, මාණව, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ, මාණව, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති. සෙය්‍යථාපි, මාණව, පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති ; එවමෙව ඛො, මාණව, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන ය...
“තරුණය, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද? “තරුණය, භික්ෂුතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. තරුණය, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, ත...
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්ව...
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරේද, ඔහු පසුබත් ...
‘‘සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී බ්‍යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්...
“ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේද ලෝභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද, ක්‍රොධ දෝෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේද, කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හ...
‘‘සෙය්‍යථාපි, මාණව, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්‍ය. තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්‍යුං. සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්‍යන්තිං කරෙය්‍ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං . තස්ස මෙ තෙ කම්මන්තා සමිජ්ඣිංසු. සොහං යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්‍යන්තිං අකාස...
“තරුණය, යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹුදරුවන්...
‘‘සෙය්‍යථාපි, මාණව, පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො; භත්තඤ්චස්ස නච්ඡාදෙය්‍ය, න චස්ස කායෙ බලමත්තා. සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්‍ය, භත්තඤ්චස්ස ඡාදෙය්‍ය, සියා චස්ස කායෙ බලමත්තා. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො, භත්තඤ්ච මෙ නච්ඡාදෙසි, න ච මෙ ආසි කායෙ බලමත්තා. සොම්හි එතරහි තම්...
“තරුණය, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඔහුට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති,...
‘‘සෙය්‍යථාපි, මාණව, පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස. සො අපරෙන සමයෙන තම්හා බන්ධනාගාරා මුච්චෙය්‍ය සොත්ථිනා අබ්භයෙන, න චස්ස කිඤ්චි භොගානං වයො. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සොම්හි එතරහි තම්හා බන්ධනාගාරා මුත්තො සොත්ථිනා අබ්භයෙන, නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්‍ය ...
“තරුණය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය එනම්, මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිම...
‘‘සෙය්‍යථාපි, මාණව, පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමංගමො. සො අපරෙන සමයෙන තම්හා දාසබ්‍යා මුච්චෙය්‍ය, අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමංගමො. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමංගමො. සොම්හි එතරහි තම්හා දාසබ්‍යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමංගමො’ති. සො තතොනිදානං ලභෙ...
“තරුණය, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත්වූ, තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් (දාසයෙක්) වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්, මම පෙර සිය කැමැති පරිදි ය...
‘‘සෙය්‍යථාපි, මාණව, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්‍ය දුබ්භික්ඛං සප්පටිභයං. සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්‍ය, සොත්ථිනා ගාමන්තං අනුපාපුණෙය්‍ය ඛෙමං අප්පටිභයං. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සොම්හි එතරහි කන්තාරං නිත්ථිණ්ණො, සොත්ථිනා ගාමන්තං අනුප්...
“තරුණය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්: මම පෙර ධනවත් වූයෙම්. භොග සම්පත් සහිත වූයෙම්. දුර්ලභ භික්ෂා ඇති භය සහිත...
‘‘එවමෙව ඛො, මාණව, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්‍යං යථා කන්තාරද්ධානමග්ගං, එවං ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති.
“මාණවකය ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වලක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකීද
‘‘සෙය්‍යථාපි, මාණව, යථා ආණණ්‍යං යථා ආරොග්‍යං යථා බන්ධනාමොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං. එවමෙව භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සති.
මාණවකය, ණය නැති බව යම්සේද, නිරෝගි බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම මාණවකය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.
‘‘තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති.
“පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.
‘‘සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. ‘‘සෙය්‍යථාපි, මාණව, දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ...
“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරෙයි. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් යම් (...
‘‘පුන චපරං, මාණව, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. ‘‘සෙය්‍යථාපි , මාණව, උදකරහදො ගම්භීරො...
“තරුණය, නැවතද භික්ෂුතෙමේ අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, සම්පූ...
‘‘පුන චපරං, මාණව, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො , සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’’ති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති...
“නැවතද තරුණය, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නො ඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේ, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂු තෙමේ මේ සියලු තැන පැතිර පව...
‘‘පුන චපරං, මාණව, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති; නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. ‘‘සෙය්‍යථාපි, මාණව, පුරිසො...
“නැවතද තරුණය, ඒ මහණ තෙමේ සැප දුරුකිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්ද, පළමුකොටම සැපදුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහණ තෙමේ මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂූන්ගේ ස...
‘‘අයං ඛො සො, මාණව, අරියො සමාධික්ඛන්ධො යස්ස සො භගවා වණ්ණවාදී අහොසි , යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. අත්ථි චෙවෙත්ථ උත්තරිකරණීය’’න්ති. ‘‘අච්ඡරියං, භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! සො චායං, භො ආනන්ද, අරියො සමාධික්ඛන්ධො පරිපුණ්ණො, නො අපරිපුණ්ණො. එවං පරිපුණ්ණං චාහං, භො ආනන්ද, අරියං සමාධික්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙස...
“තරුණය, භාග්‍යවතුන් වහන්සේ යම් සමාධි සමූහයක ගුණ කියනසේක්ද මේ වනාහි ඒ සමාධි සමූහයයි. මෙහි මේ ජනසමූහයා යෙදවූසේක, තැන්පත් කරවූසේක. මෙහි මෙයින් මත්තෙහි කටයුතු අනිකක්ද ඇත්තේය. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, පුදුමයක්වේ. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඉතා පුදුමයක්වේ. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, මේ උතුම් සමාධි සමූහය සම්පූර්ණ වෙයි. අසම...
‘‘කතමො පන සො, භො ආනන්ද, අරියො පඤ්ඤාක්ඛන්ධො, යස්ස භො භවං ගොතමො වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී’’ති? ‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති - ‘අයං ඛො මෙ කායො රූපී චාතුමහ...
පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් ප්‍රඥා සමූහයක ගුණකියනසේක්ද මේ ජනසමූහයා පිහිටුවනසේක්ද තැන්පත් කරනසේක්ද ඒ උතුම්වූ ප්‍රඥා සමූහය කවරේද? “නැවතද, තරුණය, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට ...
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මානාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්‍රියං. ‘‘සෙය්‍යථාපි , මාණව, පුරිසො මුඤ්ජම්හා ඊසිකං පවාහෙය්‍ය. තස්ස එවමස්ස - ‘අයං...
“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාර වත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අ...
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති. එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති. ආවිභාවං තිරොභාවං තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ. පථ...
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහ...
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ...පෙ.... ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච. සෙය්‍යථාපි, මාණව, පුරිසො අද්ධානමග්ගප්පටිපන්නො. සො සුණෙය්‍ය භෙරිසද්දම්පි මුදිඞ්ගසද්දම්පි සඞ්ඛපණවදින්දිමසද්දම්පි. තස්ස එව...
ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍යමය කණ සම්බ...
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති, ‘සරාගං වා චිත්තං සරාගං චිත්ත’න්ති පජානාති, ‘වීතරාගං වා චිත්තං වීතරාගං චිත්ත’න්ති පජානාති, ‘සදොසං වා චිත්තං සදොසං චිත්ත...
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් ...
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ...පෙ.... ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං, එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජ...
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙෂයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි...
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ...පෙ.... ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා ...
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ...
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති; ඉමෙ ආසවාති යථාභූතං...
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදු කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයය...
‘‘අයං ඛො, සො මාණව, අරියො පඤ්ඤාක්ඛන්ධො යස්ස සො භගවා වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. නත්ථි චෙවෙත්ථ උත්තරිකරණීය’’න්ති. ‘‘අච්ඡරියං , භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! සො චායං, භො ආනන්ද, අරියො පඤ්ඤාක්ඛන්ධො පරිපුණ්ණො, නො අපරිපුණ්ණො. එවං පරිපුණ්ණං චාහං, භො ආනන්ද, අරියං පඤ්ඤාක්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙස...
තරුණය, ඒ භාග්‍යවතුන්වහන්සේ යම් ප්‍රඥාවකගේ ගුණ කියන ස්වභාව ඇත්තේද, තරුණය, ඒ මේ උතුම්වූ ප්‍රඥාරාශිය වෙයි මෙහිද මේ ජනසමූහයා යෙදවූයේය. තැන්පත් කරවූයේය, පිහිටුවූයේය මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ අන් දෙයක් නැත්තේය’යි කීයේය. “පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, පුදුමයි, පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඉතා පුදුමයි. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස,...
එවං මෙ සුතං - එකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො කෙවට්ටො ගහපතිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කෙවට්ටො ගහපතිපුත්තො භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, නාළන්දා ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා භගවති අභිප්පසන්නා. සාධු, භන්තෙ, භගවා එකං භික්ඛ...
“මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයේවූ පාවාරික සිටාණන්ගේ අඹවනයේ වාසය කරනසේක. එවිට කේවට්ට තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූ ගෘහපතිපුත්‍ර කේවට්ට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය. “ස්ව...
දුතියම්පි ඛො කෙවට්ටො ගහපතිපුත්තො භගවන්තං එතදවොච - ‘‘නාහං, භන්තෙ, භගවන්තං ධංසෙමි; අපි ච, එවං වදාමි - ‘අයං, භන්තෙ, නාළන්දා ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා භගවති අභිප්පසන්නා. සාධු, භන්තෙ, භගවා එකං භික්ඛුං සමාදිසතු, යො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති; එවායං නාළන්දා භිය්‍යොසො මත්තාය භගවති අභිප්පසීදිස්සතී’’’...
දෙවනුවද, කේවට්ට ගෘහපතිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ගුණ නොනසමි. නැවතද, මෙසේ කියමි. ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුවට පැමිණියේය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් ඔව්හු පැහැදුණාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ය...
‘‘තීණි ඛො ඉමානි, කෙවට්ට, පාටිහාරියානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි තීණි? ඉද්ධිපාටිහාරියං, ආදෙසනාපාටිහාරියං , අනුසාසනීපාටිහාරියං.
කේවට්ටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරනලද මේ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනම් (ඍද්ධි) නොයෙක් මැවීම් ආදිය කිරීමේ ප්‍රාතිහාර්යය (ආදේශනා) අනුන්ගේ සිත් දැක්වීමේ ප්‍රාතිහාර්යය (අනුසාසනී) අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යය යන තුනයි.
‘‘කතමඤ්ච, කෙවට්ට, ඉද්ධිපාටිහාරියං? ඉධ, කෙවට්ට, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති. එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං තිරොභාවං තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්‍යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්‍යථාපි පථවියං; ආකාසෙ...
කේවට්ටය එයින් ඍද්ධි ප්‍රාතිහාර්යය කවරේද? “කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපෙමින්යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය න...
‘‘කතමඤ්ච, කෙවට්ට, ආදෙසනාපාටිහාරියං? ඉධ, කෙවට්ට, භික්ඛු පරසත්තානං පරපුග්ගලානං චිත්තම්පි ආදිසති, චෙතසිකම්පි ආදිසති, විතක්කිතම්පි ආදිසති, විචාරිතම්පි ආදිසති - ‘එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති. ‘‘තමෙනං අඤ්ඤතරො සද්ධො පසන්නො පස්සති තං භික්ඛුං පරසත්තානං පරපුග්ගලානං චිත්තම්පි ආදිසන්තං, චෙතසිකම්පි ආදිසන්තං, ...
කෙවට්ටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද? “කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂූතෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබේ හිත මේ ආකාරද වෙයි. ඔබේ හිත මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි. මෙසේ අනුන්ගේ සිත ...
‘‘කතමඤ්ච, කෙවට්ට, අනුසාසනීපාටිහාරියං? ඉධ, කෙවට්ට, භික්ඛු එවමනුසාසති - ‘එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ, එවං මනසිකරොථ, මා එවං මනසාකත්ථ, ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථා’ති. ඉදං වුච්චති, කෙවට්ට, අනුසාසනීපාටිහාරියං. ‘‘පුන චපරං, කෙවට්ට, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො ...පෙ.... (යථා 190-212 අනුච්ඡෙදෙසු එවං විත්...
“කේවට්ටය, (අනුශාසනී) අනුශාසනාකිරීමේ ප්‍රාතිහාර්යය කවරේද? කෙවට්ටය, භික්ෂුතෙම මෙසේ අනුශාසනා කෙරෙයි. “මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්. මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්. මෙය දුරු කරව්, මීට පැමිණ වාසය කරව් කියයි” මෙයද කේවට්ටය, අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ. “කේවට්ටය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්...
‘‘භූතපුබ්බං, කෙවට්ට, ඉමස්මිඤ්ඤෙව භික්ඛුසඞ්ඝෙ අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘කත්ථ නු ඛො ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති?
කෙවට්ටය, පෙරවූ දෙයක් කියමි. මේ භික්ෂුසංඝයා අතුරෙහිමවූ එක්තරා භික්ෂුවක්හට මෙවැනි අදහසක් පහළ වූයේය. පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය.
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු තථාරූපං සමාධිං සමාපජ්ජි, යථාසමාහිතෙ චිත්තෙ දෙවයානියො මග්ගො පාතුරහොසි. අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන චාතුමහාරාජිකා දෙවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා චාතුමහාරාජිකෙ දෙවෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? ‘‘එවං ව...
“කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම යම් ආකාරයකින් සිත එකඟවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද ඍද්ධිවිධඥානය පහළවන්නේද එවැනි සමාධියකට සමවැදුනේය. කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම චාතුර්මහාරාජික දෙවියෝ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ චාතුර්මහාරාජික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුයේය. “ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර කවර ...
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන චත්තාරො මහාරාජානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා චත්තාරො මහාරාජෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? එවං වුත්තෙ, කෙවට්ට, චත්තාරො මහාරාජානො තං භික්ඛුං එතදවොචුං - ‘මයම්පි ඛො, භික්ඛු, න ජානාම, යත්ථිමෙ චත්තාරො ම...
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම සතර වරම් රජහු යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ සතර වරම් රජුන්ගෙන් මේ කාරණය ඇසුවේය. (“ඇවැත්නි, පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට සම්පූර්ණයෙන්(ඉතුරු නැතුව) නැවත නොපවතින පරිදි විනාශවන්නාහුදැයි කියාය.) කෙවට්ටය, මෙසේ ඇසූ කල සතරව...
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන තාවතිංසා දෙවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තාවතිංසෙ දෙවෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? එවං වුත්තෙ, කෙවට්ට, තාවතිංසා දෙවා තං භික්ඛුං එතදවොචුං - ‘මයම්පි ඛො, භික්ඛු, න ජානාම, යත්ථිමෙ චත්තාරො මහාභූතා අපර...
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම තව්තිසා වැසි දෙවියෝ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ තව්තිසා වැසි දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතිනා ආකාරයෙන් විනාශ වන්නාහුදැයි’ කියාය.) කෙවට්ටය, මෙසේ ඇසූ කල ...
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන සක්කො දෙවානමින්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා සක්කං දෙවානමින්දං එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? එවං වුත්තෙ, කෙවට්ට, සක්කො දෙවානමින්දො තං භික්ඛුං එතදවොච - ‘අහම්පි ඛො, භික්ඛු, න ජානාමි, යත්ථිමෙ චත්තාරො ...
“කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම ශක්‍ර දෙවි තෙම යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ ශක්‍ර දෙවියාගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතුව, වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතිනා අන්දමින් විනාශ වන්නාහු දැයි’ කියාය.) කෙවට්ටය, මෙසේ ඇසූ කල ශක්‍රදෙවියා ...
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන වසවත්තී දෙවපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා වසවත්තිං දෙවපුත්තං එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? එවං වුත්තෙ , කෙවට්ට, වසවත්තී දෙවපුත්තො තං භික්ඛුං එතදවොච - ‘අහම්පි ඛො, භික්ඛු, න ජානාමි යත්ථිමෙ චත්තාරො...
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම වසවත්තී නම් දිව්‍ය පුත්‍රයා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වසවත්තී දිව්‍ය පුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැයි කියාය. කෙවට්ටය, මෙසේ ඇසූ කල ඒ වසවත්තී දිව්‍යපුත්‍රයා ඒ භික්ෂුවට මේ වචන කීයේ...
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු තථාරූපං සමාධිං සමාපජ්ජි, යථාසමාහිතෙ චිත්තෙ බ්‍රහ්මයානියො මග්ගො පාතුරහොසි. අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන බ්‍රහ්මකායිකා දෙවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා බ්‍රහ්මකායිකෙ දෙවෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? එවං...
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම යම්සේ සිත එකඟවූ කල්හි බඹලොවට යන මාර්ගය පහළ වූයේද එබඳුවූ සමාධියට සමවැදුනේය. කෙවට්ටය, ඉක්බිති ඒ භික්ෂුතෙම බ්‍රහ්ම කායික නම් දෙවියන් යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ, ඒ බ්‍රහ්මකායික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරු නොවී නැවත නූපද...
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන සො මහාබ්‍රහ්මා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං මහාබ්‍රහ්මානං එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’’ති? එවං වුත්තෙ, කෙවට්ට, සො මහාබ්‍රහ්මා තං භික්ඛුං එතදවොච - ‘අහමස්මි, භික්ඛු, බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූත...
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම ඒ මහාබ්‍රහ්මයා යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ, බ්‍රහ්මයාගෙන් මේ කාරණය ඇසුවේය. “ඇවැත්නි, (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරු නොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි’) කියාය. “කෙවට්ටය, මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්ෂුවට ...
‘‘අථ ඛො සො, කෙවට්ට, මහාබ්‍රහ්මා තං භික්ඛුං බාහායං ගහෙත්වා එකමන්තං අපනෙත්වා තං භික්ඛුං එතදවොච - ‘ඉමෙ ඛො මං, භික්ඛු, බ්‍රහ්මකායිකා දෙවා එවං ජානන්ති, ‘‘නත්ථි කිඤ්චි බ්‍රහ්මුනො අඤ්ඤාතං, නත්ථි කිඤ්චි බ්‍රහ්මුනො අදිට්ඨං, නත්ථි කිඤ්චි බ්‍රහ්මුනො අවිදිතං, නත්ථි කිඤ්චි බ්‍රහ්මුනො අසච්ඡිකත’’න්ති. තස්මාහං තෙසං සම්මුඛා න බ්‍යාකාසි...
“කෙවට්ටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්ෂුව අතින් අල්වාගෙන එක්පැත්තකට පමුණුවා, ඒ භික්ෂුවට මේ කාරණය කීයේය. ‘මහණ, මේ බ්‍රහ්මකායික දෙවියෝ මා මෙසේ දනිත්: මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය. මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරන ලද කිසිවකුත් නැත්තේයයි කියායි. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මේ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි...
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව බ්‍රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො සො, කෙවට්ට, භික්ඛු මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො, කෙවට්ට, සො භික්ඛු මං එතදවොච - ‘කත්ථ නු ඛො, භන්තෙ, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිර...
“කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිඟුකරන්නේ හෝ යම්සේද, දිඟුකළ අතක් හකුළන්නේ හෝ යම්සේද, ඒ ආකාරයෙන් බ්‍රහ්මලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියෙහි පහළවූයේය. කෙවට්ටය එවිට ඒ භික්ෂුතෙම වැඳ එකපැත්තක උන්නේය. කෙවට්ටය, එකපැත්තක උන්නාවූ ඒ භික්ෂුතෙම මා මෙසේ ප්‍රශ්නකළේය.” “ස්වාමීනි (පස්ධාතු, දියධාතු, ගිනිධාතු...
‘‘එවං වුත්තෙ, අහං, කෙවට්ට, තං භික්ඛුං එතදවොචං - ‘භූතපුබ්බං, භික්ඛු, සාමුද්දිකා වාණිජා තීරදස්සිං සකුණං ගහෙත්වා නාවාය සමුද්දං අජ්ඣොගාහන්ති. තෙ අතීරදක්ඛිනියා නාවාය තීරදස්සිං සකුණං මුඤ්චන්ති. සො ගච්ඡතෙව පුරත්ථිමං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති උද්ධං දිසං, ගච්ඡති අනුදිසං. සචෙ සො ස...
“කෙවට්ටය, මෙසේ ඇසූ කල මම ඒ භික්ෂුවට මේ කාරණය කීවෙමි. “මහණ, පෙර පැවැති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍රා කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිද්ද, ඔව්හු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඒ කුරුල්ලා නැගෙනහිර දිසාවට යයි, දකුණු දිසාවට යයි, ...
‘‘එවඤ්ච ඛො එසො, භික්ඛු, පඤ්හො පුච්ඡිතබ්බො - ‘කත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති; කත්ථ දීඝඤ්ච රස්සඤ්ච, අණුං ථූලං සුභාසුභං; කත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣතී’ති.
මහණ මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය:- කුමකට පැමිණ කුමක් හේතුකොටගෙන පස්, දිය, වතුර වායු යන සතර මහාභූතයෝ නොපිහිටත්ද හෙවන් පිහිටීම නොලබත්ද කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටීම නොලබාද කවර තැනක කුමකට පැ...
‘‘තත්‍ර වෙය්‍යාකරණං භවති - ‘විඤ්ඤාණං අනිදස්සනං, අනන්තං සබ්බතොපභං; එත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති. එත්ථ දීඝඤ්ච රස්සඤ්ච, අණුං ථූලං සුභාසුභං; එත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති; විඤ්ඤාණස්ස නිරොධෙන, එත්ථෙතං උපරුජ්ඣතී’ති.
‘එහි විවරණය මෙසේ වෙයි.’ ‘නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ පස්, දිය, ගිනි, වායු යන සතර මහාභූතයෝ පිහිටීම නොලබත්. මෙහි දීර්ඝවූ හෝ කොටවූ හෝ කුඩාවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්...
ඉදමවොච භගවා. අත්තමනො කෙවට්ටො ගහපතිපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටු සිත් ඇති කෙවට්ට නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව සතුටින් පිළිගත්තේය.