pali_text
stringlengths
7
23.7k
sinhala_text
stringlengths
1
333k
‘‘අථ ඛො, භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස තයො පාසාදෙ කාරාපෙසි, එකං වස්සිකං එකං හෙමන්තිකං එකං ගිම්හිකං; පඤ්ච කාමගුණානි උපට්ඨාපෙසි. තත්‍ර සුදං, භික්ඛවෙ, විපස්සී කුමාරො වස්සිකෙ පාසාදෙ චත්තාරො මාසෙ (වස්සිකෙ පාසාදෙ වස්සිකෙ) නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරයමානො න හෙට්ඨාපාසාදං ඔරොහතී’’ති.
“මහණෙනි, එවිට බන්ධුම රජතුමා විපස්සී කුමාරයාට ප්‍රාසාද තුනක් කරවීය. එක් ප්‍රාසාදයක් වර්ෂා ඍතුවට සුදුසු වේ. එක් ප්‍රාසාදයක් හිමි ඍතුවව සුදුසු වෙයි එක් ප්‍රාසාදයක් ග්‍රීෂ්ම ඍතුවට සුදුසු වෙයි. සියලු පඤ්චකාම සැපද සම්පූර්ණ කෙළේය. මහණෙනි, එක් කලක විපස්සී කුමාරයා වර්ෂා කාලයට සුදුසුවූ ප්‍රාසාදයෙහි වර්ෂා සාරමාසය මුලුල්ලෙහි, පුරු...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සී කුමාරො බහූනං වස්සානං බහූනං වස්සසතානං බහූනං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි - ‘යොජෙහි, සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි උය්‍යානභූමිං ගච්ඡාම සුභූමිදස්සනායා’ති. ‘එවං, දෙවා’ති ඛො, භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි - ...
“මහණෙනි, එකල්හි විපස්සී කුමාර තෙමේ බොහෝ අවුරුදු සිය ගණන් අවුරුදු දහස් ගණන් අවුරුදුගතවීමෙන් පසු රියදුරාට කථාකොට යහලු රියැදුර, හොඳ හොඳ යානාවන් පිළියෙල කරව. උයන දැකීම සඳහා උයනට යන්නෙමුයි කීය. මහණෙනි, ‘දේවයන්වහන්ස, එසේයයි’ රියැදුරු තෙමේ විපස්සී කුමාරයාට පිළිතුරුදී හොඳ හොඳ යානාවන් පිළියෙල කොට විපස්සී කුමාරයාට දැන්වීය. ‘දෙවය...
‘‘අද්දසා ඛො, භික්ඛවෙ, විපස්සී කුමාරො උය්‍යානභූමිං නිය්‍යන්තො පුරිසං ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං (භග්ගං (ස්‍යා.)) දණ්ඩපරායනං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං. දිස්වා සාරථිං ආමන්තෙසි - ‘අයං පන, සම්ම සාරථි, පුරිසො කිංකතො? කෙසාපිස්ස න යථා අඤ්ඤෙසං, කායොපිස්ස න යථා අඤ්ඤෙස’න්ති. ‘එසො ඛො, දෙව, ජිණ්ණො නාමා’ති. ‘කිං පනෙසො, සම්ම ...
“මහණෙනි, උයන් බිමට යන්නාවූ විපස්සී කුමාර තෙමේ ජරාවටගියාවූ ගොනැස්සක් (වකුටුපරාලය) මෙන් නැමූණාවූ මැදින් බිඳුණාවූ සැරයටියක් පිහිට කොට ඇත්තාවූ වෙව්ලමින් යන්නාවූ ලෙඩ සහිතවූ තරුණකම ගතවූ පුරුෂයකු දැක්කේය. දැක රියැදුරාට කථා කළේය. ‘යහළු රියැදුර’ මේ පුරුෂ තෙම කුමක් කරන ලද්දේද, ඔහුගේ කෙස්ද අන්‍යයන්ගේ කෙස් මෙන් නොවෙත්. ඔහුගේ කයද අ...
‘‘අථ ඛො, භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච - ‘කච්චි, සම්ම සාරථි, කුමාරො උය්‍යානභූමියා අභිරමිත්ථ? කච්චි, සම්ම සාරථි, කුමාරො උය්‍යානභූමියා අත්තමනො අහොසී’ති? ‘න ඛො, දෙව, කුමාරො උය්‍යානභූමියා අභිරමිත්ථ, න ඛො, දෙව, කුමාරො උය්‍යානභූමියා අත්තමනො අහොසී’ති. ‘කිං පන, සම්ම සාරථි, අද්දස කුමාරො උය්‍යානභූමිං නිය්‍යන්ත...
“මහණෙනි, රියදුරුතෙමේ ‘දේවයන් වහන්ස, එසේයයි’ පිළිතුරුදී එතනින්ම ඇතුළු නුවරට ආපසු ගියේය. මහණෙනි, එසේ ඇතුළු නුවරට පැමිණියාවූ විපස්සී කුමාර තෙමේ දුක් සහිත වූයේ නොසතුටු සිත් ඇත්තේ කලකිරුණු සිත් ඇතිව මෙසේ සිතයි. කෙසේද? ‘පින්වත්නි, ඉපදීමට නින්දා වේවා, යම් තැනක උපන්නහුගේ ජරාව පෙනේයයි’ කියායි. මහණෙනි, එකල බන්ධුම රජ රියැදුරාට කථ...
‘‘අථ ඛො, භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි - ‘මා හෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි, මා හෙව විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි, මා හෙව නෙමිත්තානං බ්‍රාහ්මණානං සච්චං අස්ස වචන’න්ති. අථ ඛො, භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්‍යොසොමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨාපෙසි - ‘යථා විපස්සී කුමාරො රජ්ජං කරෙය්‍ය, යථා වි...
“මහණෙනි, එකල බන්ධුම රජහට මේ අදහස ඇති විය. ‘කුමාරයා රාජ්‍යය කරන්නෙක්ම වේවා. විපස්සී කුමාරයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙක් නොවේවා. නිමිති දත් බ්‍රාහ්මණයන්ගේ වචනය සත්‍යනොවේවායි’ කියායි. මහණෙනි, එවිට බන්ධුම රජ බොහෝසෙයින්ම විපස්සී කුමාරයාට පඤ්චකාම සම්පත් ගෙනදුන්නේය. එනම්, යම්සේ විපස්සී කුමාරයා රජය කරවන්නේද, යම්සේ වි...
‘‘අද්දසා ඛො, භික්ඛවෙ, විපස්සී කුමාරො උය්‍යානභූමිං නිය්‍යන්තො පුරිසං ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමානං (සයමානං (ස්‍යා. ක.)) අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසියමානං. දිස්වා සාරථිං ආමන්තෙසි - ‘අයං පන, සම්ම සාරථි, පුරිසො කිංකතො? අක්ඛීනිපිස්ස න යථා අඤ්ඤෙසං, සරොපිස්ස (සිරොපිස්ස (ස්‍යා.)) න යථා අඤ්...
“මහණෙනි, විපස්සී කුමරු උද්‍යානයට යන අතර ලෙඩ ඇත්තාවූ දුක් ඇත්තාවූ දැඩිසේ ලෙඩවූ තමාගේ මල මුත්‍රයෙහි සයනය කරන්නාවූ, අනුන් විසින් නැගිටවනු ලබන්නාවූ අනුන් විසින් සයනය කරවනු ලබන්නාවූ අනුන් විසින් කවනු පොවනු ලබන්නාවූ පුරුෂයෙකු දුටුවේය. දැක සාරථියාගෙන් මෙසේ ඇසුවේය. ‘යහලුව සාරථිය, මේ පුරුෂයා කුමක් කරන ලද්දේද? ඔහුගේ ඇස් අනුන්ගේ ...
‘‘අථ ඛො, භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච - ‘කච්චි, සම්ම සාරථි, කුමාරො උය්‍යානභූමියා අභිරමිත්ථ, කච්චි, සම්ම සාරථි, කුමාරො උය්‍යානභූමියා අත්තමනො අහොසී’ති? ‘න ඛො, දෙව, කුමාරො උය්‍යානභූමියා අභිරමිත්ථ, න ඛො, දෙව, කුමාරො උය්‍යානභූමියා අත්තමනො අහොසී’ති. ‘කිං පන, සම්ම සාරථි, අද්දස කුමාරො උය්‍යානභූමිං නිය්‍යන්ත...
“මහණෙනි, එවිට බන්ධුම රජ රියැදුරාට කථාකර මේ කාරණය ඇසුවේය. ‘යහලුව සාරථිය, කිමෙක්ද? කුමාරයා උයනෙහි ඇලුණේද? යහලු සාරථිය, කිමෙක්ද? කුමාරයා උද්‍යානයෙහි සතුටුවූයේදැයි’ ඇසුවේය. ‘දේවයන් වහන්ස, කුමාරයා උයනෙහි නොඇලුණේය. දේවයන් වහන්ස, කුමාරයා උයනෙහිදී සතුටු නොවූයේයයි’ කීවේය ‘යහලුව සාරථිය, කිමෙක්ද කුමාරයා උයනට යන අතර මගදී කුමක් නම්...
‘‘අථ ඛො, භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි - ‘මා හෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි, මා හෙව විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි, මා හෙව නෙමිත්තානං බ්‍රාහ්මණානං සච්චං අස්ස වචන’න්ති. අථ ඛො, භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්‍යොසොමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨාපෙසි - ‘යථා විපස්සී කුමාරො රජ්ජං කරෙය්‍ය, යථා වි...
මහණෙනි, එකල බන්ධුම රජහට මේ අදහස ඇති විය. ‘විපස්සි කුමාරයා රාජ්‍යය කරන්නෙක්ම වේවා. විපස්සී කුමාරයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවන්නෙක් නොවේවා නිමිතිදත් බ්‍රාහ්මණයන්ගේ වචනය සත්‍යනොවේවායි’ කියායි. මහණෙනි, එවිට බන්ධුම රජ බොහෝසෙයින්ම විපස්සී කුමාරයාට පඤ්චකාම සැප ගෙන දුන්නේය. යම්සේ විපස්සී කුමාරයා රාජ්‍යය කරවන්නේද, යම්සේ වි...
‘‘අද්දසා ඛො, භික්ඛවෙ, විපස්සී කුමාරො උය්‍යානභූමිං නිය්‍යන්තො මහාජනකායං සන්නිපතිතං නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරමානං. දිස්වා සාරථිං ආමන්තෙසි - ‘කිං නු ඛො, සො, සම්ම සාරථි, මහාජනකායො සන්නිපතිතො නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරතී’ති? ‘එසො ඛො, දෙව, කාලඞ්කතො නාමා’ති. ‘තෙන හි, සම්ම සාරථි, යෙන සො කාලඞ්කතො තෙන රථං පෙසෙහී...
“මහණෙනි, විපස්සී කුමාරයා උයනට යන කල නොයෙක් රත්නවලින් හා රෙදිවලින් සිවිගෙයක් සාදන්නාවූ මිනිසුන් බොහෝ සමූයක් දුටුවේය. දැක රියැදුරාගෙන් මෙසේ ඇසුවේය. ‘යහලුව සාරථිය, රැස්වූ මේ මහජනයා කුමක් සඳහා නොයෙක් රත්නවලින් හා රෙදිවලින් සිවි ගෙයක් කෙරේදැයි’ ඇසුවේය. ‘දේවයන් වහන්ස, මේ මළමිනියකැයි’ කීය. ‘යහලුව සාරථිය, එමෙන්ම ඒ මලමිනිය යම් ...
‘‘අථ ඛො, භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච - ‘කච්චි, සම්ම සාරථි, කුමාරො උය්‍යානභූමියා අභිරමිත්ථ, කච්චි, සම්ම සාරථි, කුමාරො උය්‍යානභූමියා අත්තමනො අහොසී’ති? ‘න ඛො, දෙව, කුමාරො උය්‍යානභූමියා අභිරමිත්ථ, න ඛො, දෙව, කුමාරො උය්‍යානභූමියා අත්තමනො අහොසී’ති. ‘කිං පන, සම්ම සාරථි, අද්දස කුමාරො උය්‍යානභූමිං නිය්‍යන්ත...
“මහණෙනි, එවිට බන්ධුම රජ රියැදුරාට කථාකර මේ කාරණය කීයේය. ‘යහලුව, සාරථිය, කිමෙක්ද? කුමාරයා උයනෙහි ඇලුණේද? යහලුව සාරථිය කිමෙක්ද? කුමාර තෙම උයනෙහි සතුටු වූයේදැයි’ විචාළේය. ‘දේවයන් වහන්ස, කුමාරතෙම උයනෙහි ඇලුම් නොකෙළේය. දෙවයන් වහන්ස, කුමාරතෙම උයනෙහිදී සතුටු නොවූයේ යයි’ කීයේය. ‘යහළු සාරථිය, කුමාරතෙම උයනට යන අතර මගදී කුමක් දුට...
‘‘අථ ඛො, භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි - ‘මා හෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි, මා හෙව විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි, මා හෙව නෙමිත්තානං බ්‍රාහ්මණානං සච්චං අස්ස වචන’න්ති. අථ ඛො, භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්‍යොසොමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨාපෙසි - ‘යථා විපස්සී කුමාරො රජ්ජං කරෙය්‍ය, යථා වි...
“ඉක්බිති බන්ධුම රජහට මේ අදහස වීය. ‘විපස්සී කුමාරතෙම රාජ්‍යය කෙරේවා. විපස්සී කුමාරතෙම ගිහි ගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවේවා. නිමිති කියන බමුණන්ගේ වචනය බොරු වේවා” යි මහණෙනි, ඉක්බිති බන්ධුම රජතෙම විපස්සී කුමාරයාට බොහෝසෙයින්ම පස්කම් ගුණයන් සැලැස්වීය. කෙසේද? යම්සේ විපස්සී කුමාරතෙම රාජ්‍යය කරවන්නේද? යම්සේ විපස්සී කුමාර තෙම ග...
‘‘අද්දසා ඛො, භික්ඛවෙ, විපස්සී කුමාරො උය්‍යානභූමිං නිය්‍යන්තො පුරිසං භණ්ඩුං පබ්බජිතං කාසායවසනං. දිස්වා සාරථිං ආමන්තෙසි - ‘අයං පන, සම්ම සාරථි, පුරිසො කිංකතො? සීසංපිස්ස න යථා අඤ්ඤෙසං, වත්ථානිපිස්ස න යථා අඤ්ඤෙස’න්ති? ‘එසො ඛො, දෙව, පබ්බජිතො නාමා’ති. ‘කිං පනෙසො, සම්ම සාරථි, පබ්බජිතො නාමා’ති? ‘එසො ඛො, දෙව, පබ්බජිතො නාම සාධු ධ...
“විපස්සී කුමාරයා උයනට යන කල හිස මුඩුකළාවූ පැවිදිවූ කහවස්ත්‍ර ඇඳගත් පුරුෂයෙකු දැක, රියැදුරාගෙන් මෙසේ ඇසුවේය. ‘යහලුව සාරථිය, මේ පුරුෂයා කුමක් කරන ලද්දේද, ඔහුගේ හිස සෙසු අයගේ හිස මෙන් නොවේ. ඔහුගේ ඇඳුම් අන්‍යයන්ගේ ඇඳුම් මෙන් නොවේයයි’ කීයේය. ‘දෙවයන් වහන්ස, මොහු ශ්‍රමණයෙක්යයි’ කීයේය. ‘යහලුව සාරථිය, කිමෙක්ද? මොහු ශ්‍රමණයෙක්දැ...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සී කුමාරො සාරථිං ආමන්තෙසි - ‘තෙන හි, සම්ම සාරථි, රථං ආදාය ඉතොව අන්තෙපුරං පච්චනිය්‍යාහි. අහං පන ඉධෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී’ති. ‘එවං, දෙවා’ති ඛො, භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා රථං ආදාය තතොව අන්තෙපුරං පච්චනිය්‍යාසි. විපස්සී ප...
“මහණෙනි, එවිට විපස්සී කුමාරයා රථාචාර්‍ය්‍යයාට කථාකොට (මෙසේ) කීයේය. ‘යහලුව, රියැදුර, එහෙනම් රථය රැගෙණ මෙතැනින්ම ඇතුළුනුවරට ආපසු යව. මම හිසකෙස් රැවුල් කපා දමා කහවස්ත්‍ර ඇඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමියි’ කීයේය. මහණෙනි, ‘ඒ යහපත දේවයන් වහන්සැයි’ සාරථියා විපස්සී කුමාරයාට උත්තර දී රථය රැගෙන එතැනින්ම ඇතුළුනුවරට පෙරළා...
‘‘අස්සොසි ඛො, භික්ඛවෙ, බන්ධුමතියා රාජධානියා මහාජනකායො චතුරාසීති පාණසහස්සානි - ‘විපස්සී කිර කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො’ති. සුත්වාන තෙසං එතදහොසි - ‘න හි නූන සො ඔරකො ධම්මවිනයො, න සා ඔරකා (ඔරිකා (සී. ස්‍යා.)) පබ්බජ්ජා, යත්ථ විපස්සී කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි ...
“මහණෙනි, බන්ධුමති නම් රාජ්‍යයෙහි අසූහාර දහසක් ප්‍රාණීන්වූ ජන සමූහයා විපස්සී කුමාරයා හිස රැවුල් කපාදමා කහ වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේයයි ඇසුයේය. අසා ඔවුන්ට මේ අදහස ඇතිවිය. ‘විපස්සී කුමාරයා හිස රැවුල් කපාදමා කහ වස්ත්‍ර හැඳ ගිහි ගෙයින් නික්ම යම් සස්නෙක පැවිදි වූයේ නම් ඒ ධර්ම විනය ඒකාන්තයෙන් ලාමක නොවන්නේ...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘න ඛො මෙතං (න ඛො පනෙතං (ස්‍යා.)) පතිරූපං යොහං ආකිණ්ණො විහරාමි, යංනූනාහං එකො ගණම්හා වූපකට්ඨො විහරෙය්‍ය’න්ති. අථ ඛො, භික්ඛවෙ, විපස්සී බොධිසත්තො අපරෙන සමයෙන එකො ගණම්හා වූපකට්ඨො විහාසි , අඤ්ඤෙනෙව තානි චතුරාසීති පබ්බජිතසහස්සානි අගමං...
“මහණෙනි, එවිට තනිව විවේකව උන්නාවූ විපස්සී බොධිසත්වයන්හට මෙවැනි කල්පනාවක් පහළ විය. එනම්: ‘මේ සමූහයක් පිරිවරාගෙන වාසය කිරීම මට සුදුසු නොවෙයි මා තනිව සමූහයාගෙන් වෙන්ව වාසය කෙරෙම් නම් යහපති’ කියායි. “මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන් වහන්සේ පසු කලකදී තනිව සමූහයෙන් වෙන්ව වාසය කළේය. ඒ අසූහාර දහසක් පැවිද්දෝ අන් මගකින් ගියාහුය....
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස වාසූපගතස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘කිච්ඡං වතායං ලොකො ආපන්නො, ජායති ච ජීයති ච මීයති ච (ජිය්‍යති ච මිය්‍යති ච (ක.)) චවති ච උපපජ්ජති ච, අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස, කුදාස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා’ති?...
“මහණෙනි, එවිට බෝමැඩ එක් රාත්‍රියක් විසීමට පැමිණියාවූ රහසිගතවූ, තනිව හුන්නාවූ විපස්සී බොධිසත්වයන් වහන්සේට මෙවැනි අදහසක් පහළ වීය. ‘ඒකාන්තයෙන් මේ ලෝවැසි සත්වයා මහත් දුකට පැමිණියේය. උපදින්නේද වෙයි දිරන්නේද වෙයි, මැරෙන්නේද වෙයි. චුතවන්නේද වෙයි, නැවත උපදින්නේද වෙයි. එසේද වුවත් මේ ජරා මරණ දුක් කෙළවර කිරීමක් නොදනී. කෙසේද, කවර ...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි - ‘පච්චුදාවත්තති ඛො ඉදං විඤ්ඤාණං නාමරූපම්හා, නාපරං ගච්ඡති. එත්තාවතා ජායෙථ වා ජිය්‍යෙථ වා මිය්‍යෙථ වා චවෙථ වා උපපජ්ජෙථ වා, යදිදං නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා , තණ්හාපච්චයා උපාදා...
“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවිය. ප්‍රතිසන්ධි සිතත් විදර්ශනා සිතත් යන මේ දෙකම නාමරූප දෙකින් වෙන්ව නොපවතියි. මේ ආකාරයෙන් සත්වයෝ උපදින්නාහුද දිරන්නාහුද මැරෙන්නාහුද චුත වන්නාහුද වෙත්. එහෙයින් නාමරූප දෙක විඤ්ඤාණයට හේතුවේ. මෙසේ යම්සේ නාමරූපයන් හේතුකොටගෙන පිළිසිඳගන්නා සිත ඇතිවේද, පිළිසිඳගන්නාසිත හේතුකොට ගෙන ...
‘‘‘සමුදයො සමුදයො’ති ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
“මහණෙනි, දුක් ඇති කිරීමේ හේතුව දුක් ඇති කිරීමේ හේතුවයයි විපස්සී බොධිසත්වයන් වහන්සේට, මින් පෙර නොඇසූ ධර්මයන් පිළිබඳ දැනීම පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි - ‘කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති, කිස්ස නිරොධා ජරාමරණනිරොධො’ති? අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො - ‘ජාතියා ඛො අසති ජරාමරණං න හොති, ජාතිනිරොධා ජරාමරණනිරොධො’ති. ‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි - ‘කිම්හි නු ඛො අසත...
“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවිය. ‘කුමක් නම් නැති කළ ජරා මරණ දෙක නොවේද. කුමක් නම් නැති කිරීමෙන් ජරා මරණ නැති කිරීම වේදැයි’ කියායි. “මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් කරුණු සහිතව සිතා බැලීම හේතුකොටගෙන ඉපදීම නැති කල ජරා මරණ දෙක නොවෙයි. ඉපදීම නැතිකිරීමෙන් ජරා මරණ නැතිකිරීමෙන් වේයයි යන ප්‍රඥාවගේ ප්‍...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි - ‘අධිගතො ඛො ම්‍යායං මග්ගො සම්බොධාය යදිදං - නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ...
“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවූයේය. “මා විසින් බුදුවීම පිණිස මේ මාර්ගය අවබෝධ කරණ ලද්දේය. එනම් නාමරූප දෙක නැතිවීමෙන් විඥානය නැතිවෙයි විඥානය නැතිවීමෙන් නාමරූප දෙක නැතිවෙයි. නාමරූප දෙක නැතිවීමෙන් (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ, හිත) දොරටු සය නැතිවෙයි. (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ, හිත) දොරටු සය නැතිවීමෙන් ස්පර්ශය...
‘‘‘නිරොධො නිරොධො’ති ඛො, භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
“මහණෙනි, නිදහස්වීම, නිදහස්වීමයයි විපස්සී බොධි සත්වයන්ට පෙර නොඇසූ ධර්මය පිළිබඳ ඇස පහළ විය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සී බොධිසත්තො අපරෙන සමයෙන පඤ්චසු උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහාසි - ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො; ඉති විඤ්...
“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයෝ පසුව පංචස්කන්ධයෙහි ඇතිවීම හා නැතිවීම, නැවත නැවත නුවනින් සලකමින් වාසය කළේය. කෙසේදයත්, මේ රූපයයි. මේ රූපය ඇතිවීමට හේතුවයි. මේ රූපයන්ගේ නැතිවීමයි, මේ වේදනාවයි, මේ වේදනාව ඇතිවීමට හේතුවය, මේ වේදනාවේ නැතිවීමයි. මේ සංඥාවයි, මේ සංඥාව ඇතිවීමට හේතුවයි. මේ සංඥාවේ නැතිවීමයි. මේ සංස්කාරයෝයි. මේ සංස්...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි - ‘යංනූනාහං ධම්මං දෙසෙය්‍ය’න්ති. අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි - ‘අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජ...
“මහණෙනි, එවිට අර්හත්වූ සම්මා සම්බුදුවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය එනම්, මම ධර්මය දේශනා කරන්නෙම් නම් යහපත්ය යනුයි. “මහණෙනි, එවිට අර්හත්වූ සම්මා සම්බුදුවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. මා විසින් අවබෝධ කරගත් මේ ධර්මය ගැඹුරුවෙයි, දුකසේ දැක්ක යුතුවෙයි, දුකසේ අවබෝධ කටයුතුවෙයි. සාන්තවෙයි, ප්‍රණීත...
‘‘අපිස්සු, භික්ඛවෙ, විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා - ‘කිච්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං; රාගදොසපරෙතෙහි, නායං ධම්මො සුසම්බුධො. ‘පටිසොතගාමිං නිපුණං, ගම්භීරං දුද්දසං අණුං; රාගරත්තා න දක්ඛන්ති, තමොඛන්ධෙන ආවුටා’ති. ‘‘ඉතිහ , භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්...
“මහණෙනි, තවද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට පෙර නොඇසූ මේ අද්භූත ගාථා ඥානයට ගොචර (අසු) වූහ. “මා විසින් දුකසේඅවබෝධ කර ගන්නාලද මේ ධර්මය දැන් දේශනා කිරීමෙන් ප්‍රයෝජන නැත. රාග ද්‍වෙෂාදීන්ගෙන් පීඩිතවූවන් විසින් මේ ධර්මය හොඳින් අවබෝධ කළ නොහැකි වන්නේය. ලොක වාසීන් යන අතට නොගොස් උඩ අතට, යන්නාවූ සියුම්වූ, ග...
‘‘අථ ඛො, භික්ඛවෙ, අඤ්ඤතරස්ස මහාබ්‍රහ්මුනො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි - ‘නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්‍ර හි නාම විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති (නමි (ස්‍යා. ක.), නමිස්සති (?)), නො ධම්මදෙසනායා’ති. අථ ඛො සො, භික්ඛවෙ, මහාබ්‍රහ්...
“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳවූ අදහස් දැනගත් එක්තරා මහා බ්‍රහ්මයෙකුට මේ අදහස ඇති විය. යම් ලෝකයක අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට උනන්දු නොවේද, ඒ ධර්ම දේශනාව පිණිස සිත නොනැමේද, ඒකාන්තයෙන් ඒ ලෝකය විනාශ වන්නේය. පින්වත්නි, ඒකාන්තයෙන් ඒ...
‘‘එවං වුත්තෙ (අථ ඛො (ක.)), භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තං මහාබ්‍රහ්මානං එතදවොච - ‘මය්හම්පි ඛො, බ්‍රහ්මෙ, එතදහොසි - ‘‘යංනූනාහං ධම්මං දෙසෙය්‍ය’’න්ති. තස්ස මය්හං, බ්‍රහ්මෙ, එතදහොසි - ‘‘අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආ...
“මහණෙනි, මෙසේ ආරාධනා කළ කල අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහා බ්‍රහ්මයාට මේ කාරණය වදාළෝය. බ්‍රහ්මය, මම ධර්මදේශනා කරන්නෙම් නම් යහපත්යයි මට මේ අදහස ඇතිවිය. බ්‍රහ්මය, මා විසින් අවබෝධ කරනු ලැබූ මේ ධර්මය ගැඹුරුවෙයි, එහෙයින්ම දුකසේ අවබෝධ කටයුතුවෙයි. ශාන්තයි, ශ්‍රේෂ්ඨ වෙයි, තර්ක ඥානයෙන් බැසගත නොහැකිවෙය...
‘‘දුතියම්පි ඛො, භික්ඛවෙ, සො මහාබ්‍රහ්මා...පෙ.... තතියම්පි ඛො, භික්ඛවෙ, සො මහාබ්‍රහ්මා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච - ‘දෙසෙතු, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’ති.
“මහණෙනි, දෙවනුවද ඒ මහා බ්‍රහ්මතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සීභාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළකළේය ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මදේශනා කරන සේක්වා. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතුකොටගෙන සත්වයෝ පිරිහෙත්. ධර්මය අවබෝධ කරගන්නෝ ඇති වන්න...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බ්‍රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි. අද්දසා ඛො, භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ (ද...
“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහාබ්‍රහ්මයාගේද ආරාධනාව දැන සත්වයන් කෙරෙහි කරුණාභාවයද නිසා බුද්ධඥානයෙන් ලොව බැලුවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බුද්ධඥානයෙන් ලොව බැලුකල ස්වල්පවූ කෙලෙස් ඇත්තාවූද මහත් ක්ලේශයන් ඇත්තාවූ තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම...
‘‘අථ ඛො සො, භික්ඛවෙ, මහාබ්‍රහ්මා විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ගාථාහි අජ්ඣභාසි - ‘සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො, යථාපි පස්සෙ ජනතං සමන්තතො; තථූපමං ධම්මමයං සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛු. ‘සොකාවතිණ්ණං (සොකාවකිණ්ණං (ස්‍යා.)) ජනතමපෙතසොකො, අවෙක්ඛස්සු ...
“මහණෙනි, එවිට ඒ මහා බ්‍රහ්මතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳව අදහස් දැනගෙන, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් මෙසේ සැලකළේය. “යම්සේ ඝන ගල් පර්වතයක් මුදුනේ සිටියාවූ පුරුෂයෙක් ඒ පර්වතය වටේ සිටියාවූ ජනසමූහයා සුවසේ දකීද, යහපත් ප්‍රඥා ඇත්තාවූ හැමතැනම පෙනෙන ඇසක...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තං මහාබ්‍රහ්මානං ගාථාය අජ්ඣභාසි - ‘අපාරුතා තෙසං අමතස්ස ද්වාරා, යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං; විහිංසසඤ්ඤී පගුණං න භාසිං, ධම්මං පණීතං මනුජෙසු බ්‍රහ්මෙ’ති. ‘‘අථ ඛො සො, භික්ඛවෙ, මහාබ්‍රහ්මා ‘කතාවකාසො ඛොම්හි විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මදෙසනායා’ති විපස්සිං භගවන...
එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහා බ්‍රහ්මයාට ගාථාවකින් උත්තර දුන්නෝය “බ්‍රහ්මය, යම් කෙනෙක් ධර්මය අසන්නෝ නම් ඔවුන්ට අමෘතයට පැමිණෙන දොරටුව මා විසින් ඇර තබන ලද්දේය. සියලු සත්වයෝ ශ්‍රද්ධාව පහළ කෙරෙත්වා බ්‍රහ්මය, ධර්ම දේශනාවට මට (කාය වාක්) වෙහෙස පැමිණේය යන අදහසින් ප්‍රගුණවූ ශ්‍රේෂ්ඨවූ ධර්මය මනු...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි - ‘අයං ඛො ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො බන්ධුමතියා රාජධානියා පටිවසන්ති පණ්ඩිතා වියත්තා මෙධාවිනො දීඝරත්...
“මහණෙනි, එකල අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේට මේ අදහස ඇතිවිය. ‘මම කවරෙකුට නම් මුලින් ධර්මදේශනා කරන්නෙම්ද? කවරෙක් නම් ධර්මය වහා දැනගනීද?” යනුයි. “මහණෙනි, එවිට අර්හත් සම්‍යක්සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘පණ්ඩිතවූ සමත්වූ ප්‍රඥා ඇත්තාවූ බොහෝ කලක් මුළුල්ලෙහි ප්‍රඥා ඇසෙහි ස්වල්පව...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය; එවමෙව බොධිරුක්ඛමූලෙ අන්තරහිතො බන්ධුමතියා රාජධානියා ඛෙමෙ මිගදායෙ පාතුරහොසි. අථ ඛො, භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො දායපාලං (මිගදායපාලං (ස්‍යා.)) ආමන්තෙසි - ‘එහි ත්වං, සම්ම දාය...
“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් නැමුවාවූ අතක් දික්කරන්නේ හෝ යම්සේද දික්කළ අතක් නමන්නේ හෝ යම්සේද එමෙන්ම බෝගහ සමීපයෙහිවූ අජපල් නුගගහ මුලදී නොපෙනී ගොස් බන්ධුමතී රාජ්‍යයෙහිවූ මුවන්ට ජීවිත දානය පිණිස දෙන ලද ඛෙම නම් උයනෙහි පහළවූහ. මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්...
‘‘අථ ඛො, භික්ඛවෙ, ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා භද්දං භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි බන්ධුමතියා රාජධානියා නිය්‍යිංසු. යෙන ඛෙමො මිගදායො තෙන පායිංසු. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකාව (පදිකාව (ස්‍යා.)) යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බ...
“මහණෙනි, එවිට ඛණ්ඩ නම් රාජපුත්‍රයාද තිස්ස නම් පුරෝහිත පුත්‍රයාද යහපත් යහපත් යානාවන් යොදවා යහපත් යානාවකට නැගී යහපත් යහපත් යානාවලින් බන්ධුමතී රාජධානියෙන් පිටත්ව ගියාහුය. මුවන්ට ජීවිත දානය පිණිස දෙනලද ඛෙම නම් උයන යම් තැනකද එතැනට ගියාහුය. යානාවෙන් යාහැකි භූමිය යම්පමණද එපමණ තැන යානාවෙන් ගොස් යානාවෙන් බැස අර්හත් සම්‍යක් සම්බ...
‘‘තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො අනුපුබ්බිං කථං (ආනුපුබ්බිකථං (සී. පී.)) කථෙසි, සෙය්‍යථිදං - දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි - දුක්ඛං සම...
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව කීවෝය. එනම්ත දාන කථාය, ශීල කථාය, ස්වර්ග කථාය, කාමයන්ගේ දෝෂය, ලාමක බවය, කෙලෙසෙන බවය (නෛෂ්ක්‍රම්‍යයෙහි) පැවිදිවීමෙහි අනුසස්ද ප්‍රකාශ කළෝය. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් යහපත් සිත් ඇතියන් බවද, මෘදු සිත් ඇතියන් බවද, (නිවනට) බාධාකරණ කරුණුවලින් පහව...
‘‘තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං - ‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ. සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධක...
“දක්නාලද ධර්ම ඇත්තාවූ, පැමිණි මාර්ග ධර්ම ඇත්තාවූ, දන්නාලද ධර්ම ඇත්තාවූ, සෑම ආකාරයෙන් ඥානයෙන් බැසගත් ධර්ම ඇත්තාවූ, සැක දුරුකළාවූ බය නැති බවට පැමිණියාවූ, අන්‍ය ගුරුවරයන් කෙරෙහි ඇදහීමක් නැත්තාවූ ඔව්හු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූහ. භවද්, ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කර...
‘‘අලත්ථුං ඛො , භික්ඛවෙ, ඛණ්ඩො ච රාජපුත්තො, තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං අලත්ථුං උපසම්පදං. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි; සඞ්ඛාරානං ආදීනවං ඔකාරං සංකිලෙසං නිබ්බානෙ (නෙක්ඛම්මෙ (ස්‍යා.)) ආනිසංසං පකාසෙසි. තෙසං වි...
“මහණෙනි, රාජ පුත්‍රවූ ඛණ්ඩ තෙමේද පුරෝහිත පුත්‍රවූ තිස්ස තෙමේද යන දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේගේ සමීපයෙහි මහණකමලැබූහ. උපසම්පදාව ලැබූහ. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ට ධර්ම කථාවෙන් කරුණු දැක්වූවෝය. එය අවබෝධ කරවූහ. එහි තෙද ගැන්වූවෝය. එහි වැඩියක් සතුටු කළාහුය. සංස්කාර...
‘‘අස්සොසි ඛො, භික්ඛවෙ, බන්ධුමතියා රාජධානියා මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි - ‘විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති. ඛණ්ඩො ච කිර රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනග...
“බන්ධුමතී රාජධානියෙහි අසූහාර දාහක් මහජන සමූහයා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියට පැමිණ මුවන්ට ජීවිත දානය පිණිස දෙනලද ඛෙම උයනෙහි වාසය කරන්නේයයිද ඛණ්ඩ රාජ පුත්‍රයාද තිස්ස පුරෝහිත පුත්‍රයාද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හිස කෙස් රැවුල් කපාදමා කහ වස්ත්...
‘‘තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො අනුපුබ්බිං කථං කථෙසි. සෙය්‍යථිදං - දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ , අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි - දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්‍...
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙල කථාව වදාළසේක. ඒ කවරේද යත්, දාන කථාය, සීල කථාය, ස්වර්ග කථාය, කාමයන්ගේ දෝෂය, ලාමක බවය, කිලුටුවන බවය, ගිහිගෙන් නික්මීමේ අනුසස් වදාළසේක. යම් කලක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් යහපත් සිත් ඇත්තන් බවද, මොලොක් සිත් ඇත්තන් බවද, නීවරණයන් කෙරෙන් තොරවූ සිත් ඇත්තන් බවද,...
‘‘තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං - ‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ. සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධක...
“ධර්මය දැක්කාවූ, මාර්ග ධර්මයට පැමිණියාවූ ධර්මය දැනගන්නාවූ, ධර්මයට බැසගත්තාවූ, සැකය දුරු කළාවූ, භය නැති බවට පැමිණියාවූ ශාස්තෘ ශාසනයෙන් පිට පිහිට නොසොයන්නාවූ ඒ අසූහාර දහසක් දෙනා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. ‘ස්වාමීන් වහන්ස, ධර්ම දේශනාව ඉතා හොඳය. ස්වාමීන් වහන්ස, ධර්ම දේශනාව ඉතාම හොඳය...
‘‘අලත්ථුං ඛො, භික්ඛවෙ, තානි චතුරාසීතිපාණසහස්සානි විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි; සඞ්ඛාරානං ආදීනවං ඔකාරං සංකිලෙසං නිබ්බානෙ ආනිසංසං පකාසෙසි. තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධ...
“මහණෙනි, ඒ අසූහාර දහසක් දෙනා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබුවාහූය, උපසම්පදාව ලැබුවාහුය. “අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ට ධර්ම කථාවකින් කරුණු දැක්වූහ. එහි සමාදන්කර වූහ. එහි තියුණු කරවූහ වැඩියක් සතුටු කරවූහ, සංස්කාරයන්ගේ දෝෂයද, ලාමක බවද, කිලුටුවන බවද, ...
‘‘අස්සොසුං ඛො, භික්ඛවෙ, තානි පුරිමානි චතුරාසීතිපබ්බජිතසහස්සානි - ‘විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති, ධම්මඤ්ච කිර දෙසෙතී’ති. අථ ඛො, භික්ඛවෙ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි යෙන බන්ධුමතී රාජධානී යෙන ඛෙමො මිගදායො යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු; උපසඞ්ක...
“මහණෙනි පළමුකොට විපස්සී බොධිසත්වයන් වහන්සේ සමීපයෙහි මහණවූ ඒ අසූහාර දහසක් දෙනාද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සි භාග්‍යවතුන්වහන්සේ බන්ධුමතී රාජධානියට පැමිණ මුවන්ට ජීවිත දානය පිණිස දෙන ලද ඛෙම නම් උයනෙහි වාසය කරති ධර්මයද දේශනා කරතියි ඇසූහ. මහණෙනි, එවිට අසුහාර දහසක් (ප්‍රව්‍රජිතයෝ) මහණහුද බන්ධුමතී රාජධානිය යම් තැනෙකද මිගද...
‘‘තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො අනුපුබ්බිං කථං කථෙසි. සෙය්‍යථිදං - දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි - දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්‍ය...
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව වදාළසේක. ඒ කවරේදයත්? දාන කථාය, සීල කථාය, ස්වර්ග කථාය, කාමයන්ගේ දෝෂය, ලාමක බවය, කිලුටුවන බවය, ගිහිගෙන් නික්මීමේ අනුසස්ද වදාළ සේක. යම් කලක භාග්‍යවතුන් වහන්සේ ඔවුන්යහපත් සිත් ඇත්තන් බවද, මොලොක් සිත් ඇත්තන් බවද, නීවරණයන් කෙරෙන් තොරවූ සිත් ඇත්තන් බවද,...
‘‘තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං - ‘අභික්කන්තං , භන්තෙ, අභික්කන්තං, භන්තෙ. සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධ...
“ධර්මය දැක්කාවූ, මාර්ග ධර්මයට පැමිණියාවූ ධර්මය දැනගත්තාවූ, ධර්මයට බැසගත්තාවූ, සැක දුරුකළාවූ භය නැති බවට පැමිණියාවූ, ශාස්තෘ ශාසනයෙන් පිට පිහිට නොසොයන්නාවූ ඒ අසූහාරදහසක් දෙනා, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ.’ ස්වාමීන් වහන්ස, ධර්මදේශනාව ඉතා හොඳය, ධර්ම දේශනාව ඉතාම හොඳය, ස්වාමීනි, යටිකුරු...
‘‘අලත්ථුං ඛො, භික්ඛවෙ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං අලත්ථුං උපසම්පදං. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි; සඞ්ඛාරානං ආදීනවං ඔකාරං සංකිලෙසං නිබ්බානෙ ආනිසංසං පකාසෙසි. තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙ...
“මහණෙනි, ඒ අසූහාර දහසක් දෙනා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නැවත මහණකම ලැබුවාහුය, උපසම්පදාව ලැබුවාහුය අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට ධර්ම කථාවකින් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ. එහි තියුණු කරවූහ. වැඩියක් සතුටු කරවූහ, සංස්කාරයන්ගේ දෝෂයද, ලාමක බවද, කිලුටුවන බ...
‘‘තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන බන්ධුමතියා රාජධානියා මහාභික්ඛුසඞ්ඝො පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අථ ඛො, භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘මහා ඛො එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං, යංනූනාහං භික්ඛූ අනුජානෙය්‍යං - ‘චරථ...
“මහණෙනි, එකල බන්ධුමතී රාජධානියෙහි අටසැට ලක්ෂයක් මහා භික්ෂුසංඝයා වාසය කරයි. මහණෙනි, එවිට රහසිගතව තනිව වාසය කරන්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙවැනි අදහසක් පහළවූයේය, ‘දැන් බන්ධුමතී රාජධානියෙහි හැටඅට ලක්ෂයක් මහත්වූ භික්ෂු සමූහයක් වාසය කෙරෙයි. මේ භික්ෂූන්ට මෙසේ නියම කරන්නේ නම් ඉතා යහපති. ‘මහණෙන...
‘‘අථ ඛො, භික්ඛවෙ, අඤ්ඤතරො මහාබ්‍රහ්මා විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය. එවමෙව බ්‍රහ්මලොකෙ අන්තරහිතො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුරතො පාතුරහොසි. අථ ඛො සො, භික්ඛවෙ, මහාබ්‍රහ්මා එකංසං උත්තරාසඞ්...
“මහණෙනි, එවිටඑක්තරා මහාබ්‍රහ්මයෙක් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ විතර්කය තමාගේසිතින් දැනගෙන බලවත් පුරුෂයෙක් හකුළුවනලද අතක් දිගහරින්නේ යම්සේද, දික්කළ අතක් හකුළුවන්නේ හෝ යම්සේද එපරිද්දෙන්ම බ්‍රහ්මලෝකයෙන් අතුරුදහන්වී අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ ව...
‘‘අථ ඛො, භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි - ‘ඉධ මය්හං, භික්ඛවෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - මහා ඛො එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං . යංනූනාහං භික්ඛූ අනුජානෙය්‍යං - ‘චරථ, භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජ...
“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකව හිඳීමෙන් නැගී සිට භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “මහණෙනි, මෙහි රහසිගතව විවේකව සිටියාවූ මට සිත පිළිබඳ මෙබඳු විතර්කයක් උපන්නේය. මේ කාලයෙහි බන්ධුමතී රාජධානියෙහි හැට අට ලක්ෂයක්වූ මහා භික්ෂු සංඝයා වාසයකෙරෙයි. මේ භික්ෂූන්ට මෙසේ නියම කරන්නේ නම...
‘‘තෙන ඛො පන සමයෙන ජම්බුදීපෙ චතුරාසීති ආවාසසහස්සානි හොන්ති. එකම්හි හි වස්සෙ නික්ඛන්තෙ දෙවතා සද්දමනුස්සාවෙසුං - ‘නික්ඛන්තං ඛො, මාරිසා, එකං වස්සං; පඤ්ච දානි වස්සානි සෙසානි ; පඤ්චන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානී උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා’ති. ද්වීසු වස්සෙසු නික්ඛන්තෙසු... තීසු වස්සෙසු නික්ඛන්තෙසු... චතූසු වස්සෙස...
මහණෙනි, එකල දඹදිව අසූහතර දහසක් (ආවාසයෝ) භික්ෂූන්ගේ වාසස්ථානය වෙත්. එක් වසක් ඉක්මුණු කල දෙවතාවෝ ශබ්දනගා මෙසේ කීවාහුය. නිදුකාණෙනි, එක් අවුරුද්දක් ඉක්මුණේය. දැන් මින් ඉදිරියට අවුරුදු පහක් ගතවීමෙන් පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී නම් රාජධානියට පැමිණිය යුතුයි’ කියායි. අවුරුදු දෙකක් ඉවරවූ කල දෙවතාවෝ ශබ්දනගා මෙසේ කීවාහුය. නිදුකා...
‘‘තත්‍ර සුදං, භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛුසඞ්ඝෙ එවං පාතිමොක්ඛං උද්දිසති - ‘ඛන්තී පරමං තපො තිතික්ඛා, නිබ්බානං පරමං වදන්ති බුද්ධා; න හි පබ්බජිතො පරූපඝාතී, න සමණො (සමණො (සී. ස්‍යා. පී.)) හොති පරං විහෙඨයන්තො. ‘සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා; සචිත්තපරියොදපනං, එතං බුද්ධානසාසනං. ‘අනූපවාදො අනූපඝාතො (අනු...
“මහණෙනි, එකල අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියෙහිවූ සංඝ සමාගමයෙහි මෙසේ පාමොක් උදෙසති. “අනුන්ගේ තැළීම් පෙළීම් දොස් කීම් ආදිය ඉවසීමයයි කියනලද ක්ෂාන්තිය මේ ශාසනයෙහි උතුම් තපසෙක. සියලු බුදුවරයෝ නිර්වාණය උතුම් සැපයයි කියත්. අනුන්ට හිංසා කරන තැනැත්තා පැවිද්දෙක් නම් නොවේ. අනුන්ට වෙහෙස කරන ...
‘‘එකමිදාහං, භික්ඛවෙ, සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ. තස්ස මය්හං, භික්ඛවෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘න ඛො සො සත්තාවාසො සුලභරූපො, යො මයා අනාවුත්ථපුබ්බො (අනජ්ඣාවුට්ඨපුබ්බො (ක. සී. ක.)) ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසෙහි දෙවෙහි. යංනූනාහං යෙන සුද්ධාවාසා දෙවා තෙනුපසඞ්කමෙය්‍ය’න්ති...
“මහණෙනි, මම එක් කලක උක්කාට්ඨා නුවර සුභග නම් වනයෙහි මහා සල්ගස සමීපයෙහි වාසය කරමි. මහණෙනි, රහසිගතවූ තනිව වාසය කරන්නාවූ ඒ මට සිතෙහි මෙවැනි විතර්කයක් පහළවිය. ‘මා විසින් මේ දීර්ඝ කාලය තුළ සුද්ධාවාස බඹතලය හැර වාසය නොකළ යම් සත්වාවාසයක් ඇත්නම් එවැනි සත්වාවාසයක් සුලභ නොවේ. මම සුද්ධාවාස දෙවියෝ යම් තැනෙක්හිද එතනට පැමිණෙම් නම් ඉතා...
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, අවිහෙහි දෙවෙහි සද්ධිං යෙන අතප්පා දෙවා තෙනුපසඞ්කමිං...පෙ.... අථ ඛ්වාහං, භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සද්ධිං යෙන සුදස්සා දෙවා තෙනුපසඞ්කමිං. අථ ඛ්වාහං, භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සුදස්සෙහි ච දෙවෙහි සද්ධිං යෙන සුදස්සී දෙවා තෙනුපසඞ්කමිං. අථ ඛ්වාහං, භික්ඛවෙ, අවිහෙහි ච දෙව...
“මහණෙනි, එවිට මම අවිහ දෙවියනුත් සමග අතප්ප දෙවියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. මහණෙනි, එකල මම අවිහ දෙවියනුත් අතප්ත දෙවියනුත් සමග සුදස්ස දෙවියෝ යම් තැනකද එතැනට පැමිණියෙමි. මහණෙනි, තවද අවිහ දෙවියනුත් අතප්ප දෙවියනුත් සුදස්ස දෙවියනුත් සමග සුදස්සී දෙවියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. මහණෙනි, තවද අවිහ දෙවියනුත් අතප්ප දෙව...
‘‘තස්මිංයෙව ඛො, භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො, භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං - ‘ඉමස්මිංයෙව ඛො, මාරිසා, භද්දකප්පෙ භගවා එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. භගවා, මාරිසා, ඛත්තියො ජාතියා, ඛත්තියකුලෙ උ...
“මහණෙනි, ඒ දිව්‍ය නිකායෙහිම නොයෙක් දහස් ගණන් දේවතාවෝද, නොයෙක් සියගණන් දේවතාවෝද මම යම්තැනකද එතැනට පැමුණුනාහුය. පැමිණ, මට වැඳ එකපැත්තක සිටියාහුය. මහණෙනි, එකපැත්තක සිටියාවූ ඒ දේවතාවෝ මට මේ කාරණා දැන් නුවාහුය. ‘නිදුකාණන් වහන්ස, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ මේ භද්‍ර කල්පයෙහිම ලොව පහළවූහ. නිදුකාණන් වහන්ස...
‘‘ඉති ඛො, භික්ඛවෙ, තථාගතස්සෙවෙසා ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති ‘එවං...
“මහණෙනි, මෙසේ මේ ඥානය තථාගතයන් වහන්සේ විසින් හොඳාකාර අවබෝධකරන ලද්දේය. එනම්, යම් ඥානයක් අවබෝධ කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑවාවූද, කපාදමනලද ලෝභ මාන දෘෂ්ටි ඇත්තාවූද කපාදමනලද කුසල් අකුසල් කර්ම ඇති කෙළවර කළ සංසාරය ඇති දුක් රාශිය ඉක්මවූ අතීත බුදුවරයන් ජාති වශයෙන් සිහිකෙරේද, ආයුස ප්‍රමාණ වශයෙන් සිහිකෙරේද ශ්‍රාවක දෙදෙන...
එවං මෙ සුතං - එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසධම්මං නාම (කම්මාසදම්මං නාම (ස්‍යා.)) කුරූනං නිගමො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව ගම්භීරො චායං, භන්තෙ, පටිච්චසමුප්පාදො ගම්...
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාසදම්‍ය නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගමක්වීද එහි වාසය කළෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ම...
‘‘‘අත්ථි ඉදප්පච්චයා ජරාමරණ’න්ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා ජරාමරණ’න්ති ඉති චෙ වදෙය්‍ය, ‘ජාතිපච්චයා ජරාමරණ’න්ති ඉච්චස්ස වචනීයං. ‘‘‘අත්ථි ඉදප්පච්චයා ජාතී’ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා ජාතී’ති ඉති චෙ වදෙය්‍ය, ‘භවපච්චයා ජාතී’ති ඉච්චස්ස වචනීයං. ‘‘‘අත්ථි ඉදප්පච්චයා භවො’ති...
“ආනන්දය, යමක් හේතුකොටගෙන ජරාව හා මරණය වේ නම් ඒ හේතුව කිමෙක ඇත්තේදැයි මෙසේ අසනලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඇත්තේම යයි ඔහුට කිය යුතුයි. යමක් හේතුකොටගෙන ජරා මරණ දෙක වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කවරේදැයි කියන්නෙම් නම් ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණු) කොට ගෙන ජරා මරණ දෙක වේයයි කිය යුතුයි. “ආනන්දය, යමක් ප්‍රත්‍යය...
‘‘ඉති ඛො, ආනන්ද, නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති , ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
ආනන්දය, මෙසේ ඇති කල නාම රූප ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වෙයි, විඥානය ප්‍රත්‍යය කොටගෙන නාම රූප දෙක වෙයි. නාම රූප ප්‍රත්‍යය කොට ගෙන ස්පර්ශය වෙයි. ස්පර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනා වෙයි. වේදනාව ප්‍රත්‍යය කොට ගෙන ලෝභය (තණ්හාව) වෙයි. තණ්හාව ප්‍රත්‍යයකොට ගෙන උපාදානය (දැඩිව අල්වා ගැනීම) වෙයි. උපාදානය ප්‍රත්‍යය කොට ගෙන භ...
‘‘‘ජාතිපච්චයා ජරාමරණ’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ජාතිපච්චයා ජරාමරණං. ජාති ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - දෙවානං වා දෙවත්තාය, ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය, යක්ඛානං වා යක්ඛත්තාය, භූතානං වා භූතත්තාය, මනුස්සානං වා මනුස්සත්තාය, චතුප්පදානං ...
ආනන්දය, ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජරාව මරණ වේය. මෙසේ මෙය කියන ලද්දේය. මෙය යම්සේ ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජරාමරණ වෙන බව මේ ආකාරයෙන්ද දැනගත යුතුයි. ආනන්දය, දෙවියන්ගේ දෙව භාවය පිණිස හෝ ගන්ධර්වයන්ගේ ගන්ධර්ව භාවය පිණිස හෝ යක්ෂයන්ගේ යක්ෂභාවය පිණිස හෝ භූතයන්ගේ භූතභාවය පිණිස හෝ මනුෂ්‍යයන්ගේ මනුෂ්‍ය භාවය ...
‘‘‘භවපච්චයා ජාතී’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා භවපච්චයා ජාති. භවො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - කාමභවො වා රූපභවො වා අරූපභවො වා, සබ්බසො භවෙ අසති භවනිරොධා අපි නු ඛො ජාති පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං න...
“භවය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ගෙන ජාතිය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, භවය ප්‍රත්‍යය (අවශ්‍ය කාරණය) කොටගෙන ජාතිය වේද යන මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. ආනන්දය, භවය සියලු ආකාරයෙන් කිසිවෙකු සම්බන්ධව කිසි භවයෙක්හි එනම්: කාම භවය, රූප භවය, අරූප භවය යනුවෙන් නොවන්නේ නම් සියලු ආකාරයෙන් භවය නැති කල භවය නිරුද්ධකිරීම හේතුකොටග...
‘‘‘උපාදානපච්චයා භවො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා උපාදානපච්චයා භවො. උපාදානඤ්ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි , සෙය්‍යථිදං - කාමුපාදානං වා දිට්ඨුපාදානං වා සීලබ්බතුපාදානං වා අත්තවාදුපාදානං වා, සබ්බසො උපාදානෙ අසති උපාදානනිරොධා අපි නු ඛො භවො පඤ්ඤායෙථා’’ති?...
“උපාදානය (දැඩිකොට අල්වාගැනීම) හේතු කොට ගෙන භවය වේයයි මෙසේ මෙය කියන ලදී. “ආනන්දය, යම්සේ උපාදානය (දැඩිකොට අල්වාගැණීම) හේතුකොට ගෙන භවය වේද ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දත යුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කිසිවෙකු සම්බන්ධව කිසි තැනෙක්හි නොවේද එනම් කාම ආශාවෙන් දැඩිසේ අල්වා ගැනීමය, වරදවා ගැනීමෙන් දැඩිස...
‘‘‘තණ්හාපච්චයා උපාදාන’න්ති ඉති ඛො පනෙතං වුත්තං තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා තණ්හාපච්චයා උපාදානං. තණ්හා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, සබ්බසො තණ්හාය අසති තණ්හානිරොධා අපි නු ඛො උපාදානං පඤ්ඤායෙථා’’ති?...
“තණ්හාව හේතුකොටගෙන උපාදානය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, යම්සේ තණ්හාව හේතු කොටගෙන උපාදානය වේද, ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දත යුතුයි. ආනන්දය, කිසිවෙකුට කිසිතැනෙක සියලු ආකාරයෙන් මුළුමනින් එනම්, රූප ආශාවය, ශබ්ද කෙරෙහි ආශාවය, ගන්ධ කෙරෙහි ආශාවය, රස කෙරෙහි ආශාවය, ස්පර්ශ කෙරෙහි ආශාවය, රූප ශබ්දාදියෙන් අන්‍ය දෙයෙහි ආශාවය යන තණ්...
‘‘‘වෙදනාපච්චයා තණ්හා’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා වෙදනාපච්චයා තණ්හා. වෙදනා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා ජිව්හාසම්ඵස්සජා වෙදනා කායසම්ඵස්සජා වෙදනා මනොසම්ඵස්සජා වෙදනා, සබ්බසො වෙ...
“වේදනාව හේතුකොට තණ්හාව වේයයි මෙසේ මෙය කියන ලදී. “ආනන්දය, යම්සේ වේදනාව හේතුකොටගෙන තණ්හාව වේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දතයුතුයි. “ආනන්දය, කිසිවෙකුට කිසිතැනෙක්හි සියලු ආකාරයෙන් මුළුමනින් එනම්, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, කන් ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, ශරීර...
‘‘ඉති ඛො පනෙතං, ආනන්ද, වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො. ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා...
“ආනන්දය, මෙසේ ඇති කල වේදනාව ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍යය කොටගෙන රූප ආදී අරමුණු සෙවීම ඇති වන්නේය. (පරියෙසනා) සෙවීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. රූපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇතිකල (ඡන්ද රාගය) දුර්වල රාගය සහ බලවත් රාගය උපදී. ඡන්දරාගය ඇති කල මමය මාගේය යන අදහස උප...
‘‘‘ආරක්ඛාධිකරණං (ආරක්ඛං පටිච්ච ආරක්ඛාධිකරණං (ස්‍යා.)) දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්තී’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. ආරක්ඛො ...
“ආරක්ෂා ඇති කිරීම කරණකොටගෙන දඬු ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම් වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේලාම් කීම, බොරු කීම යනාදීවූ නොයෙක් ලාමක අකුසල් ඇති වෙන්නේයයි මෙසේ මෙය ප්‍රකාශ කරන ලද්දේද. “ආනන්දය, යම්සේ ආරක්ෂා ඇති කිරීම කරණකොට ගෙන දඬුගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම් වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේළාම් කීම, බොරු කීම යනාදීවූ නොයෙක...
‘‘‘මච්ඡරියං පටිච්ච ආරක්ඛො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා මච්ඡරියං පටිච්ච ආරක්ඛො. මච්ඡරියඤ්ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි , සබ්බසො මච්ඡරියෙ අසති මච්ඡරියනිරොධා අපි නු ඛො ආරක්ඛො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස ...
“මසුරුකම නිසා ආරක්ෂාව වේයයි මෙය මෙසේ කියන ලදී. යම්සේ මසුරුකම නිසා ආරක්ෂාව වේද, එයද මේ ආකාරයෙන් දතයුතුයි. සියලු ආකාරයෙන් යම් කෙනෙකුට යම් තැනක මසුරුකම නොවන්නේ නම් සියලු ආකාරයෙන් මසුරුකම නැති කල්හි මසුරුකම සහමුලින් නැති කිරීම හේතුකොටගෙන ආක්ෂාව පෙනෙන්නේදැයි” ඇසුවෝය. “ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය” කීය. “ආනන්දය, එහෙයින් ය...
‘‘‘පරිග්ගහං පටිච්ච මච්ඡරිය’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා පරිග්ගහං පටිච්ච මච්ඡරියං. පරිග්ගහො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො පරිග්ගහෙ අසති පරිග්ගහනිරොධා අපි නු ඛො මච්ඡරියං පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදා...
“පරිග්‍රහණය (අයිතිකර ගැනීම) නිසා මසුරු බව වේයයි මෙසේ මෙය කියන ලදී.” “ආනන්දය, යම්සේ පරිග්‍රහණය (අයිතිකර ගැනීම) නිසා මසුරු බව වේද? ඒ මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් යම් කෙනෙකුට යම් තැනෙක ඉදින් අයිතිකර ගැනීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් අයිතිකර ගැනීම නැති කල්හි, අයිතිකර ගැනීම සහමුලින් නැතිකිරීම හේතුකො...
‘‘‘අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො. අජ්ඣොසානඤ්ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො අජ්ඣොසානෙ අසති අජ්ඣොසානනිරොධා අපි නු ඛො පරිග්ගහො පඤ්ඤායෙථා’’ති ? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං...
“මමය මාගේයයි දැඩිකොට ගැනීම නිසා අයිතිකර ගැන්ම වේයයි මෙසේ මෙය කියනලදී. “ආනන්දය, යම්සේ මමය මාගේයයි දැඩිකොට ගැන්ම නිසා අයිතිකර ගැන්මවේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දතයුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් මමය මාගේයයි දැඩිසේ ගැනීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් මමය මාගේයයි දැඩිසේ ගැනීම සහමුලින් නැති කිරීම හේතුකොට ගෙ...
‘‘‘ඡන්දරාගං පටිච්ච අජ්ඣොසාන’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං. ඡන්දරාගො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ඡන්දරාගෙ අසති ඡන්දරාගනිරොධා අපි නු ඛො අජ්ඣොසානං පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං න...
“දුර්වලවූද බලවත්වූද ඇලීම (ඡන්ද රාගය) නිසා මමය මාගේයයි දැඩිකොට ගැනීම වේයයි මෙය මෙසේ කියන ලදී. “ආනන්දය, දුර්වලවූද බලවත්වූද ඇලීම නිසා මමය මාගේ යයි දැඩිකොට ගැනීම වේද ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දතයුතුයි. සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනෙක්හි ඉදින් දුර්වල රාගය හා බලවත් රාගය නොවන්නේ නම් සියලු ආකාරයෙන් දුර්වල රාගය හා බලවත් රාගය නැති...
‘‘‘විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො. විනිච්ඡයො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො විනිච්ඡයෙ අසති විනිච්ඡයනිරොධා අපි නු ඛො ඡන්දරාගො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං , භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං...
“විනිශ්චය (හොඳ නරක විමසීම) නිසා ඡන්ද රාගය වේයයි මෙසේ මෙය කියන ලදී “ආනන්දය, යම්සේ විනිශ්චය නිසා ඡන්ද රාගය වේද ඒ මේ කාරණයද මෙසේ දතයුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් විනිශ්චයක් නොවේ නම් සියලු ආකාරයෙන් විනිශ්චය නැති කල්හි සියලු ආකාරයෙන් විනිශ්චය නැතිවීම හේතු කොටගෙන දුර්වල රාගය හා බලවත් රාගය පෙණෙන්නේදැයි”...
‘‘‘ලාභං පටිච්ච විනිච්ඡයො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ලාභං පටිච්ච විනිච්ඡයො. ලාභො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ලාභෙ අසති ලාභනිරොධා අපි නු ඛො විනිච්ඡයො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්...
“රූපාදී අරමුණු ලැබීම නිසා ප්‍රිය අප්‍රිය යන විනිශ්චය වේයයි මෙසේ මෙය කියන ලදී. “ආනන්දය, යම්සේ ලැබීම නිසා ප්‍රිය අප්‍රිය යන විනිශ්චය වේද මෙසේ මෙය මේ ආකාරයෙන් දතයුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් රූපාදිය ලැබීම නොවේ නම් සියලු ආකාරයෙන් ලැබීම නැතිවීම හේතුකොටගෙන ප්‍රිය අප්‍රිය යන විනිශ්චය පෙණෙන්නේදැයි” ඇසුව...
‘‘‘පරියෙසනං පටිච්ච ලාභො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා පරියෙසනං පටිච්ච ලාභො. පරියෙසනා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො පරියෙසනාය අසති පරියෙසනානිරොධා අපි නු ඛො ලාභො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදය...
“සෙවීම (පරියෙසන) නිසා ලැබීම වේයයි මෙසේ මෙය කියන ලදී. යම්සේ සෙවීම නිසා ලැබීම වේද යන මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් සෙවීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් සෙවීම නැති කල්හි, සෙවීම නැතිවීම හේතුකොටගෙන ලැබීම පෙණෙන්නේදැයි” ඇසුවෝය. “ස්වාමීනි, මේ කාරණය නොවේමය” “ආනන්දය, මෙහි ලැබීමට යම් මේ ...
‘‘‘තණ්හං පටිච්ච පරියෙසනා’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා තණ්හං පටිච්ච පරියෙසනා. තණ්හා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, සබ්බසො තණ්හාය අසති තණ්හානිරොධා අපි නු ඛො පරියෙසනා පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාත...
“තණ්හාව නිසා සෙවීම වන්නේයයි මෙසේ මෙය කියන ලදී. “ආනන්දය, යම්සේ තණ්හාව නිසා සෙවීම වේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දත යුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසිතැනක තණ්හාව ඉදින් නොවන්නේ නම්, සියලු ආකාරයෙන් තණ්හාව නැතිකම, තණ්හා නැතිවීම හේතුකොට ගෙන සෙවීම පෙණෙන්නේදැයි” ඇසුවෝය. “ස්වාමීනි, මේ කරුණ නොවේමය.” “ආනන්දය, එහෙයින් මෙහ...
‘‘‘ඵස්සපච්චයා වෙදනා’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ‘ඵස්සපච්චයා වෙදනා. ඵස්සො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො, සබ්බසො ඵස්සෙ අසති ඵස්සනිරොධා අපි නු ඛො වෙදනා පඤ්ඤායෙ...
“ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වේයයි මෙසේ කියන ලදී. යම්සේ ස්පර්ශ හේතුවෙන් වේදනාව වේද යන ඒ මේ කරුණද මේ ආකාරයෙන් දත යුතුයි. “ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසි තැනක ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, ශරීරයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය, යන ස්පර්ශ ඉදින් නොවන්නේ නම් සියලු ආකාරයෙන් ස්පර්ශය නැති කල්හි, ස...
‘‘‘නාමරූපපච්චයා ඵස්සො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා නාමරූපපච්චයා ඵස්සො. යෙහි, ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි නාමකායස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො රූපකායෙ අධිවචනසම්ඵස්සො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං...
“නාමරූපයන්, ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, යම්සේ නාම රූපයන් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ස්පර්ශය වේද යන කාරණය මේ ආකාරයෙන් දත යුතුයි. “ආනන්දය, යම් ආකාරයන්ගෙන් යම් හේතූන්ගෙන් යම් යම් කරුණු වලින් යම් (උදෙසුම්වලින්) දැක්වීම් වලින් නාම සමූහයේ (විත්ත චෛතසිකයන්ගේ) ඵස්ස වේදනා යනාදීන් පැණ...
‘‘‘විඤ්ඤාණපච්චයා නාමරූප’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා විඤ්ඤාණපච්චයා නාමරූපං. විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, මාතුකුච්ඡිස්මිං න ඔක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං මාතුකුච්ඡිස්මිං සමුච්චිස්සථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, මාතුකුච්ඡිස්මිං ඔක්කමිත්වා වොක්කමිස්සථ, අපි නු ඛො නාමරූප...
“විඥානය ප්‍රත්‍ය (අවශ්‍ය කරුණ) කොටගෙන නාම රූප වේයයි මෙසේ මෙය කියනලදී. ආනන්දය, යම්සේ විඥානය ප්‍රත්‍යකොටගෙන නාමරූපය වේද යන කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. ආනන්දය, විඥානය මව්කුසට ප්‍රතිසන්ධි වශයෙන් නොපැමිණෙන්නේ නම් කිමෙක් ද මව් කුසෙහි ප්‍රතිසන්ධි විඥානය නැතිකල නාම රූපය කලල රූප ආදී භාවයන් මිශ්‍රව පවත්නේදැයි” ඇසුවෝය. “ස්වාමීන්ව...
‘‘‘නාමරූපපච්චයා විඤ්ඤාණ’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා නාමරූපපච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, නාමරූපෙ පතිට්ඨං න ලභිස්සථ, අපි නු ඛො ආයතිං ජාතිජරාමරණං දුක්ඛසමුදයසම්භවො (ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො (සී. ස්‍යා. පී.)) පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එත...
“නාම රූප ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වේයයි මෙසේ මෙය කියනලදී ආනන්දය, යම්සේ නාම රූප දෙක ප්‍රත්‍යය කොටගෙන විඥානය පවතීද ඒ කාරණයද මේ ආකාරයෙන් දතයුතු, ආනන්දය, මෙහි විඤ්ඤාණය නාම රූප දෙකෙහි පිහිට නොලබන්නේ නම් මත්තෙහි ජාති, ජරා, මරණ, දුක් රාශියේ පහළවීම කිමෙක පෙනෙන්නේදැයි” ඇසුවෝය. “ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.” “ආනන...
‘‘කිත්තාවතා ච, ආනන්ද, අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති? රූපිං වා හි, ආනන්ද, පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති - ‘‘රූපී මෙ පරිත්තො අත්තා’’ති. රූපිං වා හි , ආනන්ද, අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති - ‘රූපී මෙ අනන්තො අත්තා’ති. අරූපිං වා හි, ආනන්ද, පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති - ‘අරූපී මෙ පරිත්තො අත්තා’ති. අරූපිං වා හ...
“ආනන්දය, කොපමණකින්ම ආත්මය පණවන තැනැත්තේ පණවාද යත්, ආනන්දය, යමෙක් නොවඩනලද කසිණ නිමිත්ත ආත්මයයි ගනීද, ඔහු රූප සහිත ස්වල්ප ආත්මයක් පණවන්නේ රූප සහිතවූ මගේ ස්වල්ප ආත්ම යයි ප්‍රකාශ කරයි. ආනන්දය යමෙක් වඩනලද කසිණ නිමිත්ත ආත්මයයි ගනීද, ඔහු රූප සහිතවූ කෙලවරක් නැති ආත්මයක් ප්‍රකාශ කරන්නේ රූප සහිතවූ මාගේ කෙලවරක් නැති ආත්මයයි ප්‍රක...
‘‘තත්‍රානන්ද, යො සො රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. එතරහි වා සො රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති, තත්ථ භාවිං වා සො රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති, ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හොති. එවං සන්තං ඛො, ආනන්ද, රූපිං (රූපී (ක.)) පරිත්තත්තානුදිට්ඨි අනුසෙතීති ඉච්චාලං වචනා...
“ආනන්දය, ඒ සතරදෙනාගෙන් යම් කෙනෙක් රූප සහිතවූ ස්වල්පවූ ආත්මයක් ප්‍රකාශ කරමින් පණවාද ඔහු මෙලොව පමණක් ඇති පරලොවට නොයන රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ ප්‍රකාශ කරමින් පණවයි. පරලොවට යන්නාවූ රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ පණවයි. කෙසේදයත්, ඔවුනොවුන් ඔවුනොවුන්ගේ (විද්‍යමාන) සත්‍ය නොවූවක් සත්‍යබවට පමුණුවන්නෙමියි කියායි. “ආනන්දය, මෙවැ...
‘‘කිත්තාවතා ච, ආනන්ද, අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති? රූපිං වා හි, ආනන්ද, පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති - ‘රූපී මෙ පරිත්තො අත්තා’ති. රූපිං වා හි, ආනන්ද, අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති - ‘රූපී මෙ අනන්තො අත්තා’ති. අරූපිං වා හි, ආනන්ද, පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති - ‘අරූපී මෙ පරිත්තො අත්තා’ති...
“ආනන්දය, කොපමණකින් නම් ආත්මය නො පණවන්නේ නොපණවාද, යතහොත්, ආනන්දය, රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ නොපණවන්නේ රූප ඇත්තාවූ මාගේ ස්වල්පවූ ආත්මයයි ප්‍රකාශ නොකරයි. “ආනන්දය, රූප සහිතවූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ‘රූප සහිතවූ මාගේ කෙලවරක් නැතිවූ ආත්මයයි’ ප්‍රකාශ නොකරයි. “ආනන්දය, රූප නැත්තාවූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ න...
‘‘තත්‍රානන්ද, යො සො රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. එතරහි වා සො රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති, තත්ථ භාවිං වා සො රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති, ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හොති. එවං සන්තං ඛො, ආනන්ද, රූපිං පරිත්තත්තානුදිට්ඨි නානුසෙතීති ඉච්චාලං ව...
“ආනන්දය, යම් ඒ අයෙක් රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, ඔහු මෙලොව පමණක් ඇති රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි ද, පරලොවට යන්නාවූ රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. අසත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමි යන අදහසක් ඔහුට නැත්තේය. “ආනන්දය, මෙවැනිවූ ...
‘‘කිත්තාවතා ච, ආනන්ද, අත්තානං සමනුපස්සමානො සමනුපස්සති? වෙදනං වා හි, ආනන්ද, අත්තානං සමනුපස්සමානො සමනුපස්සති - ‘වෙදනා මෙ අත්තා’ති. ‘න හෙව ඛො මෙ වෙදනා අත්තා, අප්පටිසංවෙදනො මෙ අත්තා’ති ඉති වා හි, ආනන්ද, අත්තානං සමනුපස්සමානො සමනුපස්සති. ‘න හෙව ඛො මෙ වෙදනා අත්තා, නොපි අප්පටිසංවෙදනො මෙ අත්තා, අත්තා මෙ වෙදියති, වෙදනාධම්මො හි ම...
“ආනන්දය, කොපමණකින් නම් ආත්මය දෘෂ්ටි වශයෙන් දකින්නා දකීද යතහොත්ත ආනන්දය, වේදනාව හෝ ආත්මයයි දකින්නා වේදනාව මාගේ ආත්මයයි’ දකී. ආනන්දය, ‘වේදනාව මගේ ආත්මය නොවෙයි, මාගේ ආත්මය නොවිඳින ස්වභාව ඇත්තේය’යයි මෙසේත් ආත්මයයි දකින්නා දකී. ආනන්දය, ‘වේදනාව මාගේ ආත්මය නොවේමය, නොවිඳින ස්වභාවයද මගේ ආත්මය නොවේ. මාගේ ආත්මය විඳිනු ලබයි. මාගේ ...
‘‘තත්‍රානන්ද, යො සො එවමාහ - ‘වෙදනා මෙ අත්තා’ති, සො එවමස්ස වචනීයො - ‘තිස්සො ඛො ඉමා, ආවුසො, වෙදනා - සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමාසං ඛො ත්වං තිස්සන්නං වෙදනානං කතමං අත්තතො සමනුපස්සසී’ති? යස්මිං, ආනන්ද, සමයෙ සුඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ දුක්ඛං වෙදනං වෙදෙති, න අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති; සුඛංයෙව තස්මිං ස...
“ආනන්දය, එහි යමෙක් ‘වේදනාව මගේ ආත්ම යයි’ කියාද, ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, මේ මේ වේදනා තුණක් වෙත්. සැප වේදනාවය, දුක් වේදනාවය උපෙක්ෂා (සැප හෝ දුක නුවූ) වේදනාවය යන මොව්හුයි. මේ තුන් වේදනා අතුරෙන් කවර නම් වේදනාවක් ආත්ම වශයෙන් දකීදැයි’ ඇසිය යුතුය. ආනන්දය, යම් කලක සැප විඳීමක් ලබාද එකල දුක් විඳීමක් නොලබයි. උපෙක්ෂා ව...
‘‘සුඛාපි ඛො, ආනන්ද, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. දුක්ඛාපි ඛො, ආනන්ද, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. අදුක්ඛමසුඛාපි ඛො, ආනන්ද, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. තස්ස සුඛං වෙදනං වෙදියමාන...
“ආනන්දය, සැප විඳීමද අනිත්‍යයි. (සැමදාම නොපවතී.) ඒ ඒ කාරණයන්ගෙන් රැස්වන ලද්දිය. ප්‍රත්‍යය හේතුවෙන් උපන්නීය. ගෙවීයාම ස්වභාවකොට ඇත්තීය. වැනසීම ස්වභාවකොට ඇත්තීය. නොඇලීම ස්වභාවකොට ඇත්තීය. නිරෝධය (නැතිවීම) ස්වභාවකොට ඇත්තීය. ආනන්දය, දුක් විඳීමද අනිත්‍යයි. (හැමදා එකසේ නොපවනී) ඒ ඒ කාරණයන්ගෙන් රැස්වන ලද්දීය. ප්‍රත්‍යය කරණ කොට උප...
‘‘තත්‍රානන්ද , යො සො එවමාහ - ‘න හෙව ඛො මෙ වෙදනා අත්තා, අප්පටිසංවෙදනො මෙ අත්තා’ති, සො එවමස්ස වචනීයො - ‘යත්ථ පනාවුසො, සබ්බසො වෙදයිතං නත්ථි අපි නු ඛො, තත්ථ ‘‘අයමහමස්මී’’ති සියා’’’ති ? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එතෙන පෙතං නක්ඛමති - ‘න හෙව ඛො මෙ වෙදනා අත්තා, අප්පටිසංවෙදනො මෙ අත්තා’ති සමනුපස්සිතුං.
“ආනන්දය, යම් ඒ කෙනෙක් වේදනාව මගේ ආත්මය නොවේමය. මගේ ආත්මය විඳින ස්වභාවයක් නැත්තේයයි මෙසේ කියයිද, ඔහු මෙසේ කියයුතු වන්නේය. ඇවැත්නි, යම් තැනක සියලු ආකාරයෙන් විඳීමක් නැත්තේද, කිමෙක්ද? එහි මම වෙමියි යන මේ අදහස වන්නේදැයි” කියායි. “ස්වාමීනි මේ කාරණය නොවේමය.” “ආනන්දය, එහෙයින් මෙහි මේ කාරණයෙන්ද වේදනාව මගේ ආත්මය නොවේමය. මගේ ආත්ම...
‘‘තත්‍රානන්ද , යො සො එවමාහ - ‘න හෙව ඛො මෙ වෙදනා අත්තා, නොපි අප්පටිසංවෙදනො මෙ අත්තා, අත්තා මෙ වෙදියති, වෙදනාධම්මො හි මෙ අත්තා’ති. සො එවමස්ස වචනීයො - වෙදනා ච හි, ආවුසො, සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසා නිරුජ්ඣෙය්‍යුං. සබ්බසො වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තත්ථ ‘අයමහමස්මී’ති සියා’’ති? ‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන...
“ආනන්දය, යම් ඒ කෙනෙක් මෙසේ කියයිද, විඳීම මගේ ආත්මය නොවෙයි. මගේ ආත්මය නොවිඳින ස්වභාවයද නොවේ. මගේ ආත්මය විඳිනු ලබයි. මගේ ආත්මය විඳීම ස්වභාවකොට ඇත්තේය’ කියායි. ඔහු මෙසේ කියයුතු වන්නේය. ඇවැත්නි, විඳීම සියලු ස්වභාවයෙන්, සියලු ආකාරයෙන් සම්පූර්ණයෙන් නිරුද්ධ (නැති) වන්නේ නම් සියලු ආකාරයෙන් මිදීම නැති කල්හි වේදනා නිරෝධයෙන් ඒ වි...
‘‘යතො ඛො, ආනන්ද, භික්ඛු නෙව වෙදනං අත්තානං සමනුපස්සති, නොපි අප්පටිසංවෙදනං අත්තානං සමනුපස්සති, නොපි ‘අත්තා මෙ වෙදියති, වෙදනාධම්මො හි මෙ අත්තා’ති සමනුපස්සති. සො එවං න සමනුපස්සන්තො න ච කිඤ්චි ලොකෙ උපාදියති, අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං (අපරිතස්සනං (ක.)) පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති, ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කර...
“ආනන්දය, යම් හෙයකින් භික්ෂුතෙම වේදනාව ආත්මයයි නොදකීද, නොවිඳින ස්වභාව ආත්මයයි නොදකීද, ආත්මය විඳිනු ලබයි, ‘මාගේ ආත්මය විඳීම ස්වභාවකොට ඇත්තේය’ කියා නොදකීද, මෙසේ නොදක්නාවූ හෙතෙමේ ස්කන්ධ සමූහයක්වූත් මේ ලෝකයෙහි රූපාදී කිසිවක් ආත්මයයි වරදවා නොගනී. එසේ නොගන්නා තැනැත්තේ කිසිවක නොඇලෙයි. නොඇලෙන්නේ තමන්ම ක්ලේශයන්ගෙන් මිදිමකෙරේ. ජා...
‘‘සත්ත ඛො, ආනන්ද (සත්ත ඛො ඉමා ආනන්ද (ක. සී. ස්‍යා.)), විඤ්ඤාණට්ඨිතියො, ද්වෙ ආයතනානි. කතමා සත්ත? සන්තානන්ද, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි මනුස්සා , එකච්චෙ ච දෙවා, එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති. සන්තානන්ද, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා ...
“ආනන්දය, විඥාන පිහිටන තැන් හතක් වෙත්. ආයතන (සත්ව වාසස්ථාන) දෙකක් වෙත්. ඒ විඥාන පිහිටන තැන් හත නම්, ආනන්දය, නොයෙක් ශරීර ඇත්තාවූද නොයෙක් ප්‍රතිසන්ධිවිඤ්ඤාණ ඇත්තාවූද සත්වයෝ ඇත්තාහ. එනම්, මනුෂ්‍යයෝද සමහර දෙවියෝද සමහර (විනිපාතික) සැපයෙන් අඩුවූ ප්‍රෙතයෝද යන මොව්හුය. මේ පළමුවෙනි විඥාන පිහිටන තැනයි. ආනන්දය නොයෙක් ශරීර ඇති එක ස...
‘‘තත්‍රානන්ද, යායං පඨමා විඤ්ඤාණට්ඨිති නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි මනුස්සා, එකච්චෙ ච දෙවා, එකච්චෙ ච විනිපාතිකා. යො නු ඛො, ආනන්ද, තඤ්ච පජානාති, තස්සා ච සමුදයං පජානාති, තස්සා ච අත්ථඞ්ගමං පජානාති, තස්සා ච අස්සාදං පජානාති, තස්සා ච ආදීනවං පජානාති, තස්සා ච නිස්සරණං පජානාති, කල්ලං නු තෙන තදභිනන්දිතු’’න්ති? ‘‘නො හෙතං, ...
“ආනන්දය, ඒ විඥාන පිහිටන තැන් හත අතුරෙන් නොයෙක් ශරීර හා නොයෙක් සංඥා ඇත්තාවූ යම් මේ ප්‍රථම විඥාන පිහිටන තැනක් වේද ඒ නම් මනුෂ්‍යයෝද සමහර දෙවියෝද සමහර (විනිපාතික) සැපයෙන් අඩු ප්‍රෙතයෝද යන මොව්හුයි. “ආනන්දය, යමෙක් ඒ පළමුවැනි විඥාන පිහිටන තැන් දනීද, ඒ විඥාන පිහිටන තැන පහළවීමට හේතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ නැතිවීම දනීද, ඒ ව...
‘‘අට්ඨ ඛො ඉමෙ, ආනන්ද, විමොක්ඛා. කතමෙ අට්ඨ? රූපී රූපානි පස්සති අයං පඨමො විමොක්ඛො. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, අයං දුතියො විමොක්ඛො. සුභන්තෙව අධිමුත්තො හොති, අයං තතියො විමොක්ඛො. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං චතු...
“ආනන්දය, මේ විමොක්ෂ ධර්ම (සතුරු ධර්ම කෙරෙන් මිදීම්) අටක් වෙත්. කවර නම් අටක්ද යත් තමාගේ හිස කෙස්වල වර්ණාදියෙන් ලබනලද නීල කසිණාදියෙන් උපදවා ගත් රූප ධ්‍යාන ඇත්තෙක්ව බාහිර රූපයන් දකීද මේ පළමුවැනි විමොක්ෂය (සතුරු ධර්මවලින් මිදීම) යි. තමාගේ හිස කෙස් ආදියේ වර්ණයෙන් උපදවාගත් රූප ධ්‍යාන නැත්තෙක්ව බාහිර රූපයන් දකීද මේ දෙවෙනි විම...
‘‘යතො ඛො, ආනන්ද, භික්ඛු ඉමෙ අට්ඨ විමොක්ඛෙ අනුලොමම්පි සමාපජ්ජති, පටිලොමම්පි සමාපජ්ජති, අනුලොමපටිලොමම්පි සමාපජ්ජති, යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජතිපි වුට්ඨාතිපි. ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චතානන්ද, භික්ඛු උභතොභාගවිමුත්තො. ඉමාය ච...
“ආනන්දය, භික්ෂුතෙමේ මේ විමොක්ෂ අටට මුල සිට අග දක්වාද සමවදියි (පැමිණ වාසය කරයි) අග සිට මුල දක්වාද සමවදියි. මුල සිට අග දක්වාද අග සිට මුල දක්වාද සමවදියි. කැමති තැනක කැමති සමාපත්තියකට කැමතිතාක් කල් සමවදින්නේද වෙයි. නැගිටින්නේද වෙයි. ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව නැති සමාධි සිතින් විඳීමද ප්‍රඥාවෙන් මිදීම වන අර්හත්ඵලය ...
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ...
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දම...
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහ...
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද ...
‘‘එවං, භො’’ති ඛො වස්සකාරො බ්‍රාහ්මණො මගධමහාමත්තො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා භද්දං භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි රාජගහම්හා නිය්‍යාසි, යෙන ගිජ්ඣකූටො පබ්බතො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා, යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන භගවා තෙනුපස...
“පින්වතුන් වහන්ස, එසේ යහපතැයි’ මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍රවූ අජාසත් රජහට උත්තරදී යහපත් යහපත් යානාවන් යොදවා යහපත් යහපත් යානාවකට නැගී යහපත් යහපත් යානාවලින් රජගහ නුවරින් පිටත්විය. පිටත්ව, ගිජ්ජකූට පර්වතය යම්තැනකද එතැනට ගියේය. යානාවෙන් යායුතු භූමිය දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස, එතැ...
තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං බීජයමානො (වීජයමානො (සී.), වීජියමානො (ස්‍යා.)). අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘කින්ති තෙ, ආනන්ද, සුතං, ‘වජ්ජී අභිණ්හං සන්නිපාතා සන්නිපාතබහුලා’ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජී අභිණ්හං සන්නිපාතා සන්නිපාතබහුලා’’ති. ‘‘යාවකීවඤ්ච, ආනන්ද, වජ්ජී අභිණ්හං සන්...
ඒ කාලයේදී ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස වැඩ උන්නේය, එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකොට, ‘ආනන්දය, වැදැරජහු නිතර රැස්වන්නාහුය, රැස්වීම් බහුලව ඇත්තාහුය යන මේ කාරණය කිමෙක තොප විසින් අසන ලදදැයි” ඇසූසේක. “ස්වාමීන් වහන්ස, වැදැරජහු නිතර රැස්වීම් ...
අථ ඛො භගවා වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එකමිදාහං, බ්‍රාහ්මණ, සමයං වෙසාලියං විහරාමි සාරන්දදෙ (සානන්දරෙ (ක.)) චෙතියෙ. තත්‍රාහං වජ්ජීනං ඉමෙ සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙසිං. යාවකීවඤ්ච, බ්‍රාහ්මණ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා වජ්ජීසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු වජ්ජී සන්දිස්සිස්සන්ති, වුද්ධියෙව,...
ඊට පසුව ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ මගධ දෙශයෙහි මහාමාත්‍ය ධුරය දරණ වස්සකාර නම් බ්‍රාහ්මණයාට කථාකොට, “බ්‍රාහ්මණය, මම එක කාලයක විසාලා මහනුවර සාරන්දද නම් යක්ෂයාගේ වාසස්ථානයෙහි කළ චෛත්‍යයෙහි වාසය කෙළෙමි. මම එහිදී මේ වැදැ රජුන්හට පිරිහීමක් නොවන කරුණු හතක් දේශනා කෙළෙමි. බ්‍රාහ්මණය, යම්තාක් කල් මේ නොපිරිහීමට හේතුවන කරුණු...
අථ ඛො භගවා අචිරපක්කන්තෙ වස්සකාරෙ බ්‍රාහ්මණෙ මගධමහාමත්තෙ ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ගච්ඡ ත්වං, ආනන්ද, යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන...
මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා බැහැර ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කථාකළෝය. කථාකර, “ආනන්දය, ඔබ යව, රජගහ නුවර ඇසුරු කොට යම් පමණ භික්ෂුහු වාසය කෙරෙත්ද ඒ සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවෙහි රැස්කරවයි” කීවෝය. “ස්වාමීන් වහන්ස, එය යහපතැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්...
‘‘අපරෙපි වො, භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ න කම්මාරාමා භවිස්සන්ති න කම්මරතා න කම්මාරාමතමනුයුත්තා, වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. ‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, ...
“මහණෙනි, තවත් පිරිහීම නැතිකරන කරුණු සතක් දේශනා කරන්නෙමි. ඒ ධර්මයන් අසව්. යහපත් ලෙස සිත්හි දරාගනිව්. කියන්නෙමියි” කීවෝය. “ස්වාමීන් වහන්ස, ඒ යහපතැයි” භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. උන්වහන්සේ මේ ධර්මය දේශනා කළසේක, “මහණෙනි, භික්ෂූහු යම්තාක් කාලයක් සිවුරු පිරිකර මැසීම් හැඳීම් ආදි කර්මාන්තයන්හි ඇලී වාසය නොකරද්ද, කර...
‘‘අපරෙපි වො, භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි...පෙ.... ‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ සද්ධා භවිස්සන්ති...පෙ.... හිරිමනා භවිස්සන්ති... ඔත්තප්පී භවිස්සන්ති... බහුස්සුතා භවිස්සන්ති... ආරද්ධවීරියා භවිස්සන්ති... උපට්ඨිතස්සතී භවිස්සන්ති... පඤ්ඤවන්තො භවිස්සන්ති, වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. යාවකී...
“මහණෙනි, තවත් නොපිරිහෙන ධර්ම හතක් දේශනා කරන්නෙමි. ඒ අසව්, හොඳින් සිත්හි දරාගනිව්. කියන්නෙමියි” කීවෝය. “ස්වාමීන්වහන්ස, එය යහපතැයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළ සේක. “මහණෙනි, භික්ෂුහු යම්තාක් කාලයක් ශ්‍රද්ධා ඇත්තෝ වන්නාහුද, පව්කිරීමෙහි ලජ්ජා ඇත්තෝ වන්නාහුද පාපයට භය ඇත්ත...
‘‘අපරෙපි වො, භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති...පෙ.... ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්...
“මහණෙනි, පිරිහීම නැතිකරන (අපරිහාණිය) වෙනත් ධර්ම හතක් දේශනා කරන්නෙමි. ඒ ධර්ම හත අසව්, හොඳින් සිතෙහි දරාගනිව්, කියන්නෙමියි” වදාළේය. “ස්වාමීන්වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය. “මහණෙනි, යම්තාක් කල් භික්ෂූහු සති සංබොජ්ජංගය (බොධියට අංගවන සිහිය) වඩන්නාහුද, ...
‘‘අපරෙපි වො, භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ අනිච්චසඤ්ඤං භාවෙස්සන්ති...පෙ.... අනත්තසඤ්ඤං භාවෙස්සන්ති... අසුභසඤ්ඤං භාවෙස්සන්ති... ආදීනවසඤ්ඤං භාවෙස්සන්ති... පහානසඤ්ඤං භාවෙස්සන්...
“මහණෙනි, වෙනත් පිරිහීම නැතිකරන ධර්ම හතක් දේශනා කරන්නෙම්, ඒ ධර්ම අසව් හොඳින් සිතෙහි දරා ගනිව්. කියන්නෙමියි” පැවසුවෝය “ස්වාමීන්වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය. “මහණෙනි, භික්ෂූහු යම්තාක් අනිත්‍ය සංඥාව (අනිත්‍ය දැකීම) වඩන්නාහුද, අනාත්ම සංඥාව (අනාත්ම දැක...
‘‘ඡ, වො භික්ඛවෙ, අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘යාවකීවඤ්ච , භික්ඛවෙ, භික්ඛූ මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්‍රහ්මචාරීසු ආවි චෙව රහො ච, වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. ‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ...
“මහණෙනි, පිරිහීම නැති කරන වෙනත් ධර්ම හයක් දේශනා කරන්නෙමි. එය අසව් හොඳින් සිත්හි දරා ගනිව් කියන්නෙමියි” වදාළෝය. “ස්වාමීන් වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය. “මහණෙනි, භික්ෂුහු යම්තාක් කල් එකට මහණ දම් පුරන්නන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රියෙන් යුත් ක...